ඉන්දියන් පොන්නි සම්බා..
පොළොන්නරැ දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ශ්‍රී ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් ඇති ප්‍රදේශයකි. මහසෙන් රජුගේ අනුග්‍රහයෙන් ඔහුගේ නැගණිය වූ බිසෝබණ්ඩාර කුමරිය වසර 1700කට පෙර කර වූ කවුඩුළු වැව මැදිරිගිරි මහා ගොවි ජනපදයට දියවර සපයයි.
රට පුරා පැන නැගෙමින් ඇති වී ගොවිතැනේ ප්‍රශ්නය ගැන දැන ගැනීමට ඊයේ අපි එහි ගියෙමු. ප්‍රශ්නය ගොවීයාට වී සඳහා නිසි මිලක් නොලැබීමයි. වී සඳහා නිසි මිලක් නොලැබීම යනු බොහෝ පැරණි සටන් පාඨයකි. එහෙත් අද ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කෘත්‍රිමව නිර්මාණය කළ ප්‍රශ්නයකි.
මැද පෙරදිග ඇති වූ යුධමය තත්ත්වය නිසා පොහොර මිල ඉහළ යෑමත් ට්‍රැක්ටර් සහ වී කැපුම් ගාස්තු ඉහළ යාමත් නිසා වී නිෂ්පාදන මිල ඉහළ යෑම තේරුම් ගත හැකි කරුණකි. ගොවි නායකයන් පවසන පරිදි අද වන විට වී කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 135 ඉක්මවා ඇත. ප්‍රශ්නය ඇත්තේ පෙර කන්නවල වී ගැනුම් මිල වූ රුපියල් 100-120 අගය පහළ ගොස් රුපියල් 80-90 ත් අතර අගයකට ඇද වැටීමයි. වී නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා ගැනුම් මිල වැඩිවිය යුතු වුවද සිදු වී ඇත්තේ තිබුණු මිලටත් වඩා ගැණුම් මිල අඩුවීමයි. එසේ සිදු වූයේ ඇයි?
ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුව උත්සව සමයට යැයි පවසමින් අතිවිශාල ඉන්දියන් පොන්නි සම්බා ප්‍රමාණයක් මෙරටට ආනනය කිරීමට ඉඩ සැලසීමයි. දැනගන්නට ඇති පරිදි එම ප්‍රමාණය මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාර ඉක්මවා ඇත. එසේ ගෙන්වූ හාල් රජය සතොස මගින් ද රට පුරා බෙදා හැරීමට කටයුතු යොදන ලදි. සැබවින්ම සිංහල අවුරුද්ද කිට්ටුව හිඟයක් පැවතියේ කීරි සම්බා පමණි. මිල පාලනය නමින් කවරක් පැවසුවද වෙළඳපොලේ කීරි සම්බා කිලෝවක් රුපියල් 360ක පමණ මිලකට අලෙවි විය. රජය කළ යුතුව තිබුණේ කීරි සම්බා පරිභෝජනය ගණනය කර ඊළඟ කන්නයේ අස්වැන්න පැමිණෙන තෙක් අඩුපාඩුවට පොන්නි කීරි සම්බා ආනයනය කිරීමට ඉඩ සැලසීමයි.
ඒ වෙනුවට අවිචාරවත් ලෙස මුළු සහල් වෙළඳපොළම ඉන්දියන් පොන්නි කීරි සම්බාවලින් වසා දැමීමට ආණ්ඩුව ඉඩ සැලසීය. එහි කිලෝවක මිල රැපියල් 229කි. පාරිභෝගික ජනතාව නාඩු සහ සම්බා වෙනුවටද ඉන්දියන් පොන්නි කීරි සම්බා වෙත යොමු විය.
සිය මෝල්වල පැවති වීවලට ඉල්ලුම අඩුවීම නිසා වී මෝල් හිමියෝ වී මිලදී ගැනීම අඩු/ නතර කළහ. ප්‍රධාන වී මෝල් හිමියන් දේශීය සහල් වෙළඳපොළට නිදහස් කිරීම 40% කින් පමණද කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දේශීය සහල් වෙළඳපොළට නිදහස් කිරීම 60%කින් පමණ ද අඩු විය. දේශීය සහල්වලට ඉල්ලුමක් නැති නිසා වී මිල පහත වැටිණි.
ඊයේ මැදිරිගිරියේදී මුණගැසුණු පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරැණකීර්ති මහතා පැවසූයේ මෙතරම් වී නිෂ්පාදනය කරන මැදිරිගිරියේ සතොසේ ද පොන්නි කීරි සම්බා ඇති බවයි. බොරැනම් ගිහින් බලන ලෙස ඒ මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ ඇත්තකි මා මැදිරිගිරියේ ලක් සතොස වෙළඳ සැලට ගොස් ඉන්දියන් පොන්නි සම්බා කිලෝ දෙකක් මිලදී ගතිමි. මේ එම බිල්පතයි.
ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් ඇති මැදිරිගිරියේ සතොසට ඉන්දියන් පොන්නි සබ්බා යවන පිරිසකගෙන් ගොවියාගේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද?
(අචාර්ය චන්න ජයසුමනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..