News Category
From Date
To Date
Maximum Number of Result

චීනයට ‘නව මිලිටරිවාදය’ මැඩපැවැත්වීමට තවත් ප්‍රතිචාරාත්මක පියවර තිබේ.. – ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

Jun 30, 2026 at 01:46 PM
|

ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීනය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි කතුවැකිය මගින් තොරතුරු අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි පළකර ඇති කතුවැකිය පහළින්..

ඊයේ(29) චීනය තවත් ක්‍රියාමාර්ගයක් ගනු ලැබීය. ඒ අනුව චීන වාණිජ අමාත්‍යාංශය ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (National Institute for Defense Studies) ඇතුළු ජපාන ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කළ අතර, MITSUI E&S Co., Ltd. ඇතුළු තවත් ආයතන 20ක් නිරීක්ෂණ (Watch List) ලැයිස්තුවට එක් කළේය. පෙබරවාරි 24 දින ප්‍රකාශයට පත් කළ පළමු ලැයිස්තු දෙකෙන් පසුව නිකුත් කළ මෙම දෙවන පියවරේ අරමුණ වන්නේ ජපානයේ නොසැලකිලිමත් “නව මිලිටරිවාදී” ක්‍රියාමාර්ග දැඩි ලෙස පාලනය කිරීමයි.

මෙම පියවර මඟින් “නව මිලිටරිවාදය” ඉදිරියට ගෙන යන ඕනෑම අවදානම් සහගත ක්‍රියාමාර්ගයකට ජපානයට සැබෑ මිලක් ගෙවීමට සිදුවන බව චීනය පැහැදිලි කරයි. එමෙන්ම සෑම ප්‍රකෝපකාරී ක්‍රියාවක්ම අවසානයේ ජපානයටම අවාසිදායක වන පරිදි බලපෑමක් ඇති කිරීමද මෙහි අරමුණයි. චීනය තම ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට නොසැලී කැපවී සිටින අතර, ඒ සඳහා සම්පූර්ණ හැකියාවක් තමන් සතු බවද අවධාරණය කරයි.

නිෂ්පාදන ක්ෂේත්‍රය ඉලක්ක කරගත් පළමු පියවරට වඩා, මෙවර ක්‍රියාමාර්ගය යොමුව ඇත්තේ යුද පර්යේෂණ ආයතන සහ ආරක්ෂක කර්මාන්තයට මූලික සහාය සපයන සමාගම් වෙතය. එමඟින් ජපානයේ සමස්ත ආරක්ෂක කර්මාන්ත පද්ධතියේ “මොළය” ලෙස සැලකෙන පර්යේෂණ, සැලසුම්, සංවර්ධන සහ තාක්ෂණික නවීකරණ ක්‍රියාවලියම ඉලක්ක කරමින් ප්‍රහාරාත්මක අවි සංවර්ධනය මුල සිටම සීමා කිරීමට උත්සාහ කරනු ලබයි. පළමු ලැයිස්තුව අනතුරු ඇඟවීමක් වූයේ නම්, මෙම නව පියවරෙන් චීනය පෙන්වා දෙන්නේ ජපානයේ ඉදිරි ක්‍රියාකාරකම් අනුව තවත් යුද සම්බන්ධ ආයතන ඕනෑම අවස්ථාවක ලැයිස්තුවට එක් කළ හැකි බවත්, එමඟින් දිගුකාලීන සහ තිරසාර පාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ හැකි බවත්ය.ඒ අනුව, ජපානය මේ පිළිබඳ පූර්ණ අවබෝධයෙන් සිටිය යුතුය.

ජපාන මාධ්‍ය වාර්තා අනුව, ඉහළ කාර්යසාධන චුම්බක නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ඩිස්ප්‍රෝසියම් (dysprosium) සහ ටර්බියම් (terbium) වැනි දුර්ලභ මූලද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, ටංස්ටන් ආශ්‍රිත නිෂ්පාදන සැපයුමද බාධා වී ඇත. ජපාන ආයතන ගණනය කර ඇත්තේ, චීනයෙන් දුර්ලභ භූ මූලද්‍රව්‍ය ආනයනය වසරක කාලයක් නතර වුවහොත් සහ අමතර කොටස්වලටද සීමා පැනවුවහොත්, ජපානයේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 1.3කින්, එනම් යෙන් ට්‍රිලියන 7ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 43ක් පමණ) අඩුවිය හැකි බවයි. මෙම සංඛ්‍යා දත්ත මඟින් ජපානයේ ආරක්ෂක හා උසස් නිෂ්පාදන කර්මාන්ත චීන සැපයුම් දාමයන් මත දැඩි ලෙස රඳා පවතින බව පැහැදිලි වේ. එම රඳාපැවැත්ම “චීනයෙන් එල්ල වන ආරක්ෂක තර්ජනයක්” ලෙස ජපානය විසින්ම අර්ථකථනය කර ඇත්නම්, චීනය තවදුරටත් කොන්දේසි විරහිතව සැපයුම් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. තම ස්වෛරී ආරක්ෂාවට තර්ජනයක් වන යුද යන්ත්‍රණයක් පෝෂණය කිරීමට තම සම්පත් සහ වෙළඳපොළ භාවිතා කිරීමට චීනය කිසිසේත්ම ඉඩ නොදෙන බව එය අවධාරණය කරයි.

චීනය තම අරමුණ විවෘතව ප්‍රකාශ කර ඇත. අපනයන පාලන පියවර දෙකේම අරමුණ එකමය. එනම් ජපානයේ “නැවත මිලිටරිකරණය” සහ න්‍යෂ්ටික හැකියාවන් ලබාගැනීමේ උත්සාහයන් පාලනය කිරීමයි. පෙබරවාරි මාසයේදී චීනය පළමු වරට මෙම පියවර ගත් විට එය ජපානයට දැඩි බලපෑමක් ඇති කළ බව පැහැදිලිය. එහෙත් ජපානය තම ප්‍රතිපත්ති සංශෝධනය කිරීම වෙනුවට, සනාඑ තකයිචි (Sඅනෑ ඨකඉචී පරිපාලනය යටතේ “නව මිලිටරිවාදය” තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, දේශසීමා ඉක්මවා ප්‍රහාරාත්මක අවි සහ මිසයිල ස්ථාපනය කිරීම හරහා නැවත මිලිටරිකරණය වේගවත් කර ඇත. ජාත්‍යන්තර වේදිකාවේදීද ජපානය බහුපාර්ශ්වික සංවිධාන භාවිතා කරමින් සත්‍ය විකෘති කර “චීනය විසින් බලපෑම් එල්ල කරනු ලබන රටක්” යන ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සාහ කර ඇති අතර, චීනයෙන් තොර සැපයුම් දාම ගොඩනැගීමද සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇත. ජපානයේ ක්‍රියාමාර්ග සහ චීනයේ ප්‍රතිචාර අතර හේතු-ඵල සම්බන්ධතාවය ඉතා පැහැදිලිය.

ඉතිහාසයේ ජපාන මිලිටරිවාදය යනු දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ජනතාවගේ ජීවිත පවා යුද කටයුතු හා විදේශීය ආක්‍රමණවලට යටත් කළ රාජ්‍ය පද්ධතියක් විය. එමඟින් ආසියාවට සහ ලෝකයට මහත් විනාශයක් සිදු විය. අද ජපානය නැවත මිලිටරිවාදය කරා ගමන් කරන්නේද යන්න තීරණය වන්නේ නැවත “උදාවන සූර්යයාගේ ධජය” එසවීමෙන් නොව, රාජ්‍ය යන්ත්‍රණය මුළු ජපාන සමාජයම යුද සූදානමක් කරා ගෙන යාම සඳහා යොදා ගන්නේද යන්න අනුවය. මෙම “නව මිලිටරිවාදය” පෙර පැවති “මහා නැගෙනහිර ආසියානු සමෘද්ධි කලාපය” වැනි ආක්‍රමණශීලී සටන් පාඨ භාවිතා නොකරයි. ඒ වෙනුවට “යුද ශක්තිය වැඩි කිරීම” වෙනුවට “ස්වයං ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම” යන වචන භාවිතා කරයි. “විදේශයන්හි යුද බලය ප්‍රක්ෂේපණය කිරීම” වෙනුවට “ජපාන-ඇමරිකානු සන්ධානය” අවධාරණය කරයි. “බාහිර ව්‍යාප්තිය” වෙනුවට “පොදු තර්ජනවලට මුහුණදීම” යන අදහස ඉදිරිපත් කරයි. එලෙස යුදයට පෙර පැවති ජාතික බලමුලු ගැන්වීමේ තර්කය නව පශ්චාත් යුද භාෂාවකින් නැවත ඉදිරිපත් කරමින් ක්‍රමානුකූලව තම අරමුණු ඉදිරියට ගෙන යයි.

මෙය “නව මිලිටරිවාදය” වඩාත් භයානක වීමට හේතුවයි. එය සැඟවුණු, ක්‍රමානුකූල සහ සාමාන්‍යකරණය වූ ක්‍රමයකින් සිදු වන බැවින්, පෙර පැවති ප්‍රකාශිත මිලිටරිවාදයට වඩා රැවටිලිකාරී මෙන්ම විනාශකාරීද වේ. අද ජපානයේ යුද ශක්තිය වර්ධනය වන්නේ බහු ක්ෂේත්‍ර ඔස්සේ ආයතනික හා පද්ධතිමය ක්‍රමවේදයකිනි. එබැවින්, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව හෝ සංවර්ධන අවශ්‍යතා අඩපණ කරන ඕනෑම රටක් හෝ සන්ධානයක් තමන්ට කිසිදු පිරිවැයක් නොගෙවා චීනය පමණක් එහි බර දරනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු බව අවධාරණය කිරීම වැදගත්ය. ජපානය ඒ සඳහා හොඳම උදාහරණයකි.

චීනයේ මෙම පියවර නීත්‍යානුකූල, ඉලක්කගත සහ සීමාසහිත බැවින් ඒවා සාධාරණ වේ. අපනයන පාලන ලැයිස්තුවක් සහ නිරීක්ෂණ ලැයිස්තුවක් ස්ථාපිත කිරීම මඟින් දැඩි සීමා සහ අඛණ්ඩ නියාමන පීඩනය එකට යොදා ගනිමින් අදාළ සමාගම් හා ආයතන යුද්දයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමටත් සාමය ආරක්ෂා කිරීමටත් දිරිමත් කෙරේ. එමඟින් ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන අතරම යුද්දයට සම්බන්ධ ගැටලු සහ නීත්‍යානුකූල වාණිජ කටයුතු අතර පැහැදිලි වෙනසක්ද පවත්වාගෙන යයි. මෙම ලැයිස්තුගත කිරීම් බලපාන්නේ ජපානයේ සීමිත ආයතන සංඛ්‍යාවකට පමණක් වන අතර, අදාළ සීමා ද්විත්ව භාවිත (dual-use) භාණ්ඩවලට පමණක් අදාළ වේ. සාමාන්‍ය චීන-ජපාන ආර්ථික හා වෙළඳ සබඳතා වලට එමඟින් බාධා නොවන අතර, නීත්‍යානුකූලව සහ යහපත් විශ්වාසයෙන් කටයුතු කරන ජපාන ව්‍යාපාරවලට සැලකිලිමත් විය යුතු හේතුවක් නොමැත. සැබවින්ම “නව මිලිටරිවාදය” වඩාත් ඵලදායී ලෙස පාලනය කළ හැකි තරමට චීන-ජපාන ජනතා සබඳතා සහ සාමාන්‍ය වාණිජ සබඳතාද වඩාත් ආරක්ෂා වන බව අවධාරණය කළ යුතුය.

“නව මිලිටරිවාදය” මැඩපැවැත්වීමේදී සම්මුතියකට හෝ ලිහිල් ප්‍රතිපත්තියකට ඉඩක් නොමැත. ආසියා-පැසිෆික් කලාපයේ දශක ගණනාවක් පුරා පැවති සාමය සහ සමෘද්ධිය සියලු රටවල් එක්ව ගොඩනැගූ වටිනා උරුමයකි. එය කිහිප දෙනෙකුගේ යුද වික්‍රමාන්විත ප්‍රතිපත්ති නිසා අනතුරට පත් කළ නොහැක. ජපානය සිය ප්‍රතිපත්ති වෙනස් කර අවංකව තම ක්‍රියාමාර්ග පිළිබඳ ආවර්ජනය කර නිවැරදි මාර්ගයට යළි පැමිණෙන්නේ නම්, චීන-ජපාන සබඳතා යළි වර්ධනය කිරීමට තවමත් ඉඩ තිබේ. එහෙත් ජපානය “නව මිලිටරිවාදය” දිශාවටම ඉදිරියට ගමන් කළහොත්, චීනයේ ප්‍රතිචාරාත්මක පියවර තවදුරටත් ඉලක්කගත සහ වඩාත් දැඩි වනු ඇත. එබැවින් ජපානය විචක්ෂණශීලීව කටයුතු කිරීම සුදුසු බව අවසාන වශයෙන් අවධාරණය කරමු.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.