News Category
From Date
To Date
Maximum Number of Result

මගේ බඩින් වදාපු දරුවා වෙනුවෙන් මම ගිනිගොඩකට වුණත් පනිනවා - සුරේෂ් සලේ ගේ මව කියන කතාව

Jun 30, 2026 at 08:33 AM
|

යුද හමුදාවේ හිටපු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාගේ රැඳවුම් නියෝග මතය. සිර මැදිරියේදී රෝගාතුර වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුරේෂ් සලේ ගැන හොඳින්ම දන්නේ ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටනන්ට් සලේ ය. සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ සත්‍යග්‍රහයටද ඇය එක්වූවාය. සුරේෂ් පුතු ගැන ඔහුගේ අම්මා සමග කළ කතාබහකි මේ.

ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවාද?

මට ඉන්නෙ පුතාලම හතර දෙනෙක්. ඒ අයගෙන් තුන් දෙනෙක්ම යුද හමුදා නිලධාරින්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ කියන්නේ දෙවැනි පුතා. තුන්වෙනියා මේජර් සෙල්වින් සලේ. ඔහු රාජකාරි කළේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ. බාලයා මේජර් ජෙනරාල් රමේෂ් සලේ. ඔහු යුද හමුදා විනයාරක්ෂක රෙජිමේන්තුවේ තවමත් රාජකාරී කරනවා. මගේ මහත්තයා නැතිවෙලා. මහත්තයා වැඩ කළේ පෙට්‍රෝලියම් එකේ දත්ත පාලක නිලධාරියෙක් විදියට. පුතාලා පොඩි කාලේ මහත්තයා ගොඩක්ම වැඩ කළේ පිටරට.

පවුලේ පිරිමි දරුවන් තුන් දෙනෙක්ම යුද හමුදාවට බැඳෙන්න විශේෂ හේතුවක් තිබුණද?

නැහැ. එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. සුරේෂ් පුතා නම් පොඩි කාලේ ඉඳලම යුද හමුදාවට බැඳෙන්න කැමැත්තෙන් හිටියා. කාටවත් කොන්ද නමන්න ඕන නැති නිසාත් නිල ඇඳුමේ තරු පලඳින්න කැමැති නිසාත් යුද හමුදාවට බැඳෙන්න පුතා හරිම ආසාවෙන් හිටියේ. එයාගේ ආසාවට අපි බලපෑම් කළේ නැහැ. සුරේෂ්ට අපි ආදරේට කතා කළේ රොෂාන් කියලා. රොෂාන් කොහොමත් වෙනස් චරිතයක්. පොඩි කාලේ පාඩම් කරන්න වුණත් අපි බල කළේ නෑ. එයාම කැමැත්තෙන් කළා. සෙල්වින් පුතාට නම් පාඩම් කරන්න ෆ්‍රිජ් එකේ කෑම තියෙන්නම ඕන. සුරේෂ් පුතා ටිකක් ලොකු වෙද්දි මල්ලිලාට සැර කරලා පාඩම් කෙරෙව්වා.

සුරේෂ් පුතා යුද හමුදාවට බැඳෙන්න හදද්දී ගුරුවරු පවා කීවේ ඒකට ඉඩ දෙන්න එපා කියලා. ඒත් පුතා කැමති නිසා කැමති දේ කරන්න අපි ඉඩ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට හොඳම ප්‍රතිඵල අරගෙන හිටියත් උසස් පෙළ විභාගය ලියන්න කලින් වයස අවුරුදු දහඅට වෙද්දිම පුතා යුද හමුදාවට බැඳුණා. බාල පුතත් එහෙමයි. සෙල්වින් පුතා හමුදාවට බැඳෙද්දි ටිකක් පරක්කු වුණා. ඒ වෙද්දි ලොකු පුතා පිටරට පදිංචියට ගිහිල්ලා. ඒත් මම අකැමැති වුණා මගේ ළඟ හිටිය පුතාලා තුන්දෙනාම හමුදාවට බැඳෙනවට. භාරකාරයා වෙනුවට සර් කෙනෙක්ගෙන් අත්සන් අරගෙනයි සෙල්වින් පුතා යුද හමුදාවට බැඳුණේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද කාලයේ පුතාලා තුන්දෙනාම යුද හමුදාවේ රාජකාරි කරද්දී අම්මා කොහොමද දරාගෙන හිටියේ?

යුද්ධ කාලේ නිවුස් යනකොට මගේ යටි බඩ රිදෙනවා. මං හැමතිස්සෙම බාත්රූම් දුවනවා. පුතාලට තනතුරු හම්බ වෙනකොට මම ගොඩක් බයයි. මොකද එල්ටීටීඊ එකට මං බය හින්දා. යුද කාලේ වැඩිපුරම මම බය වුණේ සෙල්වින් පුතා ගැන. මොකද එයා ​ෙකා්මාන්ඩෝ බළකායේ හිටපු නිසා. නිවාඩුවට ගෙදර ආවහම මම පුතාට යන්න එපා කියනවා. ඒ ගැන මම සුරේෂ් පුතාට කීවම පුතා මට කියන්නේ මමී, මල්ලිව අධෛර්යමත් කරන්න එපා කියලයි. මොරාල් ඩවුන් කරන්න එපා කියනවා. යුද්දෙට යන්න ඕන කියනවා. ඒ කාලෙ සුරේෂ් පුතා යුද හමුදා මූලස්ථානෙ හිටියෙ. හමුදාවේ මරණ ලැයිස්තුව එන්නෙ සුරේෂ් පුතාටලු. එයාට ඔක්කොටම වැඩිය දුකයිලු. අවුරුදු තිහක් යනතුරු මම හැම අතින්ම තැළණා. මට මිග්‍රේන් පවා හැදුණා. අන්තිමේදී මාන්කුලම් පිපිරීමෙන් සෙල්වින් පුතා තුවාල වුණා. එදා අසූ ගාණක් නැතිවෙලා. වාසනාවට පුතා බේරුණා. එත් ඔහුගේ කන් ඇසිම දුර්වල වුනා.

බුද්ධි අංශයේ සේවය කළ සුරේෂ් පුතා ගැන බයවෙන්න හේතුවක් තිබුණෙ නැද්ද?

සුරේෂ් පුතාට පෞද්ගලික ජීවිතයක් තිබුණෙ නැති තරම්. අපිත් එක්ක ෆොටෝ එකක්වත් ගන්න ඉන්නෙ නෑ. අපිත් එක්ක ගමනක් එනවත් හරිම අඩුයි. අපේ පෞද්ගලික දේවල් කිසිම දෙයක් පුතාගෙ ඔළුවට අපි දාන්නෙ නෑ, එයා හරියට අපේ ළමයෙක් නෙවෙයි යුද හමුදාවේ ළමයෙක් වගේ හිටියේ. වෙඩින් එකකටවත් ගියාම පුතා පැත්තකටවෙලා ෆෝන් එකේ ඉන්නෙ. දුව ගමන් ගියෙත් රියැදුරු එක්කයි. අපිට දුකයි. ඒත් කරන්න දෙයක් නෑනෙ. දුව අපේ පුතත් එක්ක යාළුවෙලා ඉන්නකොටත් මම දුවට කිව්වා ගොඩක් දුක් විඳින්න වෙයි කියලා. අඩුම තරමෙ පුතාට ඉක්මනට බඳින්නවත් වුවමනාවක් තිබුණෙ නෑ. පවුලෙ දෙවැනි දරුවා වුණාට බැන්දෙ හැමෝටම පස්සෙ. බුද්ධි නිලධාරියෙක් කිව්වාම නිකන්ම හමුදා නිලධාරියෙක් නෙවෙයි. පුතාගෙ හැම වැඩක්ම වගේ කෙරුණේ රහසිගතව. එයාට කෝල් එනකොට සමහරවෙලාවට මමවත් ළඟ ඉන්නෙ නෑ. මොකද මං ඉන්න එක පුතාට හිරිහැරයක් නිසා මම පැත්තකට යනවා. එයා ජීවිතේ අවුරුදු ගාණක්ම කැප කරපු ළමයෙක්. කිසිම සැපක් විඳලා නෑ. නාට්‍යයක්, චිත්‍රපටයක් බලන්න යන්නෙ නෑ. දරුවො දෙන්නගෙ වැඩ කළෙත් දුව. රෑට ගෙදරින් ගියොත් එනකල් මම බයේ ඉන්නෙ. යුද්ධ කරන්නත් එයාල තමයි හැම තොරතුරක්ම හොයල දුන්නෙ. ඒකයි මට ගොඩක්ම දුක.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණ කාලයේ සුරේෂ් පුතා හිටියෙ කොහෙද?

ඒ කාලෙ පුතා හිටියෙ ඉන්දියාවෙ පුහුණුවීමක. ඒ කාලෙ දවස් කිහිපයකට පුතා ලංකාවට ආවා. 2018 දෙසැම්බර් ලංකාවට ඇවිත් හිටියා. ජනවාරි 4 වැනිදා ආයෙ ගියා. ඒ කාලෙ පුතා ලංකාවෙ හිටියෙම නැති තරම්. ප්‍රහාරය එල්ල වුණ දවසෙ පුතා එහේ ඉඳලා මට කතා කරල තිබුණා. මම ගෙදර හිටියෙ නෑ. මම නැති නිසා පුංචිට කතා කරලා. කොච්චිකඩේ දේවස්ථානයට මෙහෙම ප්‍රහාරයක් එල්ලවෙලා කියලා. මාව හොයලා. මොකද මමත් කොච්චිකඩේ දේවස්ථානයට යනවා. මම සාමාන්‍යයෙන් ඉරිදා දවස්වලට කොච්චිකඩේ යන්නෙ නෑ. මීසමේ පල්ලියටයි යන්නේ. පුතා ප්‍රහාරය ගැන දැනගත්ත ගමන් මාවයි හොයල තියෙන්නෙ. පුතාලා නිසා තමයි මමත් වැඩිපුර පල්ලියට යන්නෙ. සෙල්වින් පුතාලා ජයසිකුරු මෙහෙයුමේ ඉන්න වෙලාවෙත් මම හිටියෙ පල්ලියේ.

ඒ කියන්නෙ අම්මා කතෝලික ආගමේද?

ඔව්. මම ආගමේ. මගේ මහත්තයා මුස්ලිම්. සුරේෂ් පුතා හැම ආගමකටම ගරු කළා. පුතා අලුතින් වාහනයක් ගත්තාම මුලින්ම ගියේ කොච්චිකඩේ පල්ලියට. හමුදාවේ ඉන්නකොට මුලින්ම අදහන්නේ බුද්ධාගම.

මගෙන් සමහරු අහනවා ඔයාලා මොනවටද දැන් පල්ලි යන්නෙ කියලා. මම එහෙම හිතන්නෙ නෑ. මේ හැමෝම මිනිස්සුනේ. පල්ලියට විතරක් නෙවෙයි පන්සලටත් මම දායිකාවක් විදියට සහභාගී වෙනවා.

පුතාට එල්ල වෙන චෝදනා ගැන මට මොකුත් හිතාගන්නවත් බෑ. මොකද පුතාවත් කවදාවත් හිතුවෙ නෑ එහෙම චෝදනාවක් එයාට එයි කියලා. මගේ පුතා වචනයකින්වත් මනුස්සයෙක්ට කරදරයක් කරන්න හිතන කෙනෙක් නෙවෙයි. එයා ගොඩක් මිනිස්සුන්ව විශ්වාස කරනවා. අපි නම් කවුරුහරි දැක්කාම පොඩ්ඩක් අමුතුයි නේද කියල අහනවනෙ. එහෙම කිව්වාම පුතා බනිනවා. මිනිස්සුන්ට අනවශ්‍ය කතා කියන්න එපාලු. එයා වෙනමම චරිතයක්. අඩු තරමෙ පුතාව අත්අඩංගුවට ගන්න හදනකොටවත් එයා මොකුත් කළේ නෑ. උදේ වැඩට ගිය ගමන්නෙ පුතාව ගත්තේ. පුතා තනතුරේ ඉන්නකොට විමර්ශන කරන්න බැරි නිසා අයින් වෙන්න කියල තිබුණා. ඒ නිසා පුතා, හරි මං අයින් වෙන්නම් කියල අයින්වෙලා ඔක්කොම බඩු භාර දීලා අයියගෙ ගෙදරට ආව.

දෙවියන්ට මං දැන් පුතාව භාර දීලා ඉන්නෙ. හැමදාම මම පාන්දර දෙකට තුනට නැගිටිනවා. නින්ද යන්නෙ නෑ. මම නැගිටලා ඇවිත් යාච්ඥා කරල නිදාගන්නවා. සමහරවෙලාවට මට පුතා ඇවිත් කතා කරනවා ඇහෙනවා. මං දුවගෙන එනවා. එතකොටයි මතක් වෙන්නෙ පුතා නැහැනෙ කියලා.

පුතාලා හතර දෙනාගෙන් වැඩිපුරම අම්මාව තේරුම් ගත් කෙනා සුරේෂ් නේද?

ඔව්. සුරේෂ් පුතා තමයි මාත් එක්ක ඉන්න පුළුවන් හොඳම කෙනා. කාටවත් කරදරයක් නැති සංවර කෙනෙක්. ඒ නිසායි මම පුතාව ළඟම තියාගත්තෙ. සහෝදරයො අතරත් තද බැඳීමක් තිබුණා. මහ රෑ දහයට ආවත් ආප්ප එහෙම ගෙනත් දීලා කන්න කියනවා. මට හරිම ආදරෙයි. මට කෑම ටික පවා ගෙනත් දෙනවා. පුතා හැමතිස්සෙම කළේ රාජකාරිය විතරයි. ඔෆිස් එකේ අය මට කියනවා සර් හරියට වේදනානාශක ඉල්ලනව කියල. තිබුණත් නෑ කියනවලු. වැඩ කරලා කරලා මහන්සි වුණාම හැදෙන ඔළුවෙ කැක්කුමට බෙහෙත් පෙති දෙකක් බීල ඉන්නවා. මට වගේම පුතාටත් මිග්‍රේන් තියෙනවා. පුතාට කෑම බීම ගැන වැඩි කැමැත්තක් නෑ. කෑම නොකා ඉඳලා ඔළුව රිදෙනකොට ඒකට බෙහෙත් බොනවා. රෑට ආවාම මගේ කෑම තමයි කන්න කැමැති. කෝකියෙකුත් හිටියත් ඒ අයගෙ කෑමවලට කැමැති නෑ.

පුතාව අන්තිමට දැක්කෙ කවදද?

පුතාව අරගෙන ගියාට පස්සෙ මම දැක්කෙම නෑ. පුතා හොස්පිට්ල් ඉන්නකොට මම එනවට එයා කැමැති නෑ. එයා බට ගහගෙන ඉන්නවා දකිනකොට අම්මට දැනෙන වේදනාවට එයා කැමැති නෑ. පුතා කැමැති නැති බව දන්න නිසාමයි මමත් යන්න බල කරන්නෙ නැත්තෙ. දැන් මාස හතරක් වෙනවා මගෙ පුතාව දැකලා. හැබැයි කෑම ටිකක් හදල යැව්වා සෙල්වින් පුතා අතේ. සතියට එක කෑමවේලක් අරන් යන්න දුන්නා.

පුතා එදා අත්අඩංගුවට අරගෙන ගෙදර එක්කගෙන ආවනේ. මොකක්ද වෙන්නෙ කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ. ගෙදර සෝදිසි කළා. වාහනේ පවා ගලවලා බැලුවා. යද්දි මට කියල ගියේ මමී බයවෙන්න එපා. මට මොකුත් වෙන්නෙ නෑ කියලයි. පුතාව අරගෙන යන්න වාහන තුන හතරක් ආවා. පාරවල් වහලයි පුතා අරන් ගිහින් තියෙන්නෙ. එච්චර දෙයක් කරන්න මගෙ පුතා හොරෙක්ද. රටට මෙච්චර සේවයක් කළ කෙනෙක් මේ විදියට අරන් යනවද. දෙව් මෑණියොත් මම වගේ දුක් විඳලා ඇති ජේසුව කුරුසියේ තියලා ඇණ ගහනකොට.

පුතා වෙනුවෙන් අම්මත් කොටුවේ සත්‍යග්‍රහයට සහභාගි වුණා නේද?

පුතා ඇස් දන් දෙනවා, අන්තිම කැමැත්ත ලියනවා කියලා දැක්ක වෙලාවෙ මම කෑගහල ඇඬුවා. මම පුතා බලන්න හොස්පිට්ල් යනවා කිව්වාම සෙල්වින් පුතා යන්න එපා කිව්වා. නෑ මම යනවාමයි කියලයි ගෙදරින් පිටත් වුණේ. ඒ යන මගදි තමයි කොටුවෙන් බැස්සේ. හොස්පිට්ල් යන්න වෙලාව තිබුණ නිසා මමත් කොටුවෙ සත්‍යග්‍රහය තිබුණ තැනට ගිහින් එතන හිටපු පුතාලා එක්ක කතා කළා. මගේ පුතා වෙනුවෙන් කරන දේවල්වලට පින්සිද්ධ වෙනවා කිව්වා. එදා මම කියන දේ අහන්නෙ නැතුව ගියා කියලා සෙල්වින් පුතා මාත් එක්ක සුමානයක් කතා කළේ නෑ. මේ මගේ බඩෙන් වදාපු දරුවා. මම ගිනි ගොඩකට හරි පනිනව මගේ දරුවා වෙනුවෙන්. මට තියෙන වේදනාව කිසිම කෙනෙකුට නෑ.

සුරේෂ් සලේ නිසා දැන් පවුලෙ අයටත් සමාජ මාධ්‍යයෙන් මඩ ප්‍රහාර එල්ල වෙනවා නේද?

මගෙ පුතාලා නම් කියනවා මමීට බැනල තියෙනව කියලා. හැබැයි මම ෆේස්බුක් මොකුත් බලන්නෙ නැති නිසා දන්නෙ නෑ. මාව අඳුරන මිනිස්සු දන්නවා මම කවුද කියලා.

පුතා දැන් කෑම ප්‍රතික්ෂේප කරලා ඉන්නේ ඒ තරමට දඩබ්බරයෙක් නිසාද?

අනේ නෑ. එයා ගොඩක් ඉවසනවා. දැන් කෑම ප්‍රතික්ෂේප කරන්නෙත් පුතාට වුණ අසාධාරණය නිසායි. එයාට එයා වෙනුවෙන් කතා කරන්න බැහැනේ. මෙහෙම කරන්න තරම් එයා හොරෙක් නෙවෙයිනෙ. එයාට එන්න කිව්වා නම් යනවනෙ. මල්ලි ගියාම එයා අහල තිබුණා එයා කුඩුකාරයෙක්ද ත්‍රස්තවාදියෙක්ද කියලා අහලා. කොච්චර රටට සේවයක් කළාද කියලා අහනවලු. එයා දන්නවලු මේවා කරන්නෙ කවුද කියලා. ඒ කවුද කියලා මල්ලිටවත් කියලා නෑ.

පුතා කලින් ඉඳලාම අසනීපෙන්ද හිටියේ?

මිග්‍රේන් නම් තදටම තිබුණා. වෙන කිසිම අසනීපයක් තිබුණෙ නෑ. උදේ වැඩ පටන් ගත්තාම රෑ වෙනකල් හොඳට වැඩ කරලා හිටපු කෙනෙක් පැත්තකට කරලා තිබ්බාම මානසිකව වැටෙනවානෙ. ඒකයි පුතාට දැන්වෙලා තියෙන්නෙ. පත්තරයක් කියවන්න නෑ, පෑනක් පැන්සලක්වත් ළඟ නෑ. කොච්චර ලොකු රාජකාරියක් කළ කෙනෙක්ව අඩි හතරේ කාමරයක ඔහොම තිබ්බාම මානසිකව වැටෙන්නෙ නැද්ද. කවුරුහරි ආවාම උපදෙස් පවා දෙනවා. කවුන්සලින් කළා. ඒ තරම් මනස සැහැල්ලුවෙන් හිටපු කෙනෙක්. හැබැයි ඕනම කෙනෙක් බිත්තිය ළඟටම ගිහින් තද කළොත් ඉන්නෙ නෑනෙ. පුතාත් මම වගේ. මටත් තියෙනවා එහෙම ගතිගුණ.

මේ සිද්ධියෙන් පස්සේ පවුලේ අයට ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවාද?

මට දරුවො නම් කියනවා පල්ලියටවත් එළියට යන්න එපා කියලා. හැබැයි මට තවම කිසිම ප්‍රශ්නයක්වෙලා නෑ. හැමෝම මට කියන්නෙ චණ්ඩියා කියලා. මම වැඩිය ගණන් ගන්නෙ නෑ. රොෂාන් පුතාගෙ දුව පස්සෙන් දවසක් කවුදෝ ආවලු. එයාලා තවමත් ඉගෙනගන්න පොඩි දරුවෝ. ඒ නිසා පුතාගෙ නෝනා ආරක්ෂාව ඉල්ලලා තිබුණා.

පාප් වහන්සේට මැදිහත් වෙන්න කියලා අම්මලා ඉල්ලීමක් කළා නේද? ප්‍රතිචාරයක් ලැබුණද?

ඔව් මම ලිපියක් බාර දුන්නා. තවම පිළිතුරක් ලැබුණේ නෑ. මම කතෝලික නිසා මගේ තොරතුරු ඔක්කොම මම දුන්නා. මගේ දරුවාට දෝෂාරෝපණය කරලා හංවඩු ගැහුවෙ මේ අය කියලා මම ලිව්වා. ෆාදර්ස්ලා ගිහින් නඩුවක් දැම්මනේ.

සුරේෂ් සලේ ගැන කරන විමර්ශන ගැන අදහස මොකක්ද?

විමර්ශනයක් කරන්න ඕන නම් නීතියට අනුව කරන්න. ඒකෙ කිසිම වරදක් නෑ. ඒක හොඳයි අපිට විශ්වාසයි පුතා කිසිම දෙයක් නොකළ බව. අපි කියන්නෙ පුතාට හිරිහැරයක් නොකර විමර්ශනයක් කරන්න කියලා. ඇයි හරියට දින වකවානු අරගෙන විමර්ශන කරන්නෙ නැත්තෙ. පුතා ඉන්දියාවෙ හිටිය කාලෙ ගැන එහෙන්ම විස්තර ගන්න පුළුවන්නෙ. ඇයි අනවශ්‍ය විදියට වධ දෙන්නෙ. දරුවා මානසිකව වැටෙනවනෙ. හරියට විමර්ශන කරලා පුතාගේ නිර්දෝෂීභාවය රට පෙන්නන්න. ඒ නිසා අනිවාර්යෙන් විමර්ශන හරියට කරන්න.

කවුරුවත් තමන්ගේ පුතාලා හමුදාවට දෙන්න එපා කියලා ඔබ කිවේ ඇයි.

මම එදා මට දැනුණ ආවේගයට එහෙම කිව්වා. මම එහෙම දුන්න නිසායි මම අද දුක් විඳින්නේ. යුද්ධය නිසාත් කාලයක් මම විඳෙව්වා. දැන් ආයෙමත් විඳවනවා.

- අනීෂා මානගේ

අරුණ පුවත්පත 


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.