News Category
From Date
To Date
Maximum Number of Result

'අබු හින්ද්' යනු සුරේශ් සලේ නොව සහ්රාන් කොටු කිරීමට ඉන්දියාව ක්‍රියාත්මක කළ සයිබර් මෙහෙයුමක්!

Jun 27, 2026 at 06:00 AM
|

'අබු හින්ද්' ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තේ සිරිල් ගාමිණී පූජකවරයාය. ඒ, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ අලුත පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදීය. ඔහු එහිදී පැවසූ පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ‘අබු හින්ද්’ යනු බොහෝ දෙනා දන්නා කෙනෙකි. රවි සෙනෙවිරත්න අබු හින්ද්ව හඳුනාගෙන ඇති නමුදු, දේශපාලකයන් පිරිසක් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධා තිබී ඇත. 

දැන් ඇතැමුන්ගේ අදහස අබු හින්ද් යනු සුරේශ් සලේ බවයි. මේ ඔවුන්ගේ දැනගැනීම පිණිසය.

‘අබු හින්ද්’ මෙහෙයුම යනු සහ්රාන් කොටුකිරීමට සැලසුම් ඉතා සංකීර්ණ පුළුල් බුද්ධි මෙහෙයුමකි. එය ඇරඹුණු පසුබිම මෙසේය.

2017 වන විට අයිසිස් සංවිධානයේ පාලනය යටතේ තිබුණු භූමියෙන් 95%ක් ඔවුන්ට අහිමි විය. මේ නිසා උද්ගත වූ අලුත් ප්‍රවණතාවක් වූයේ, සිරියාව වැනි ප්‍රදේශවල සටන් බිමට ගොස් සිටි විදේශිකයන් පෙරළා සිය රටවලට ගොස් අයිසිස් ක්‍රියාකාරකම් ඇරඹීමයි. මේ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ අයිසිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ අවදානමක් හට ගති. මේ කාලයේ අයිසිස් සංවිධානය සිය දකුණු හා මධ්‍යම ආදියානු කලාපීය ‘කොරාසන් ශාඛාව’ වර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දැක්වූයේය. කලාපයේ අයිසිස් ව්‍යාප්තිය වැළැක්වීමට ඉන්දියාව වෙහෙසුණේය.

මේ වන විට සහ්රාන් පිළිබඳව ඉන්දියානු ඔත්තු සේවාවලට ඉව වැටී තිබුණි. ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි සේවාවට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවටද ඔහු පිළිබඳ තොරතුරු ලැබී තිබුණි. සහ්රාන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවට තොරතුරු ලැබී ඇත්තේ 2014 වසරේදීය.

‘අබු හින්ද්’ යනු අයිසිස් සංවිධානය පාවිච්චි කළ ආරූඪ නාමයකි. නැතිනම් සංකේත නාමයකි. මේ නම පාවිච්චි කළ ප්‍රබල අයිසිස් නායකයන් කීප දෙනෙකුම සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වී ඇත. ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයෙන් සිරියාවට ගොස් අයිසිස් සංවිධානයේ ඉන්දියානු උප මහාද්වීප කලාපයේ බඳවා ගැනීම් (අන්තර්ජාලය ඔස්සේ) භාරව කටයුතු කළ මොහොමඩ් ෂෆී අර්මාර් නමැත්තාද ‘අබු හින්ද්’ නම පාවිච්චි කළ අයෙකි (මෙහි ඇති ඡායාරෑපයේ දැක්වෙන්නේ ඔහුය). ඔහු පෙනී සිටියේ ‘අබු හින්ද් අල්-හින්දි’ නමිනි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ‘කිව්’ ශාඛාව ඔහුගේ තොරතුරු - විශේෂයෙන්ම ඔහුගේ සන්නිවේදන ශෛලිය - ඇසුරින් ව්‍යාජ සයිබර් ගිණුමක් සකසා ව්‍යාජ ‘අබු හින්ද්’ හරහා සහරාන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයෙන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයෙන්ද ඉන්දියානු බුද්ධි අංශවලට සහ්රාන් ඇතුළු පිරිස පිළිබඳ තොරතුරු ලැබුණි. මේ තොරතුරු ලබාගැනීම සඳහා හමුදා බුද්ධි සේවය විසින් සහ්රාන්ගේ කණ්ඩායම තුළට ඔත්තුකරුවන් ඇතුළු කර තිබුණි. 2015 සිට හමුදා බුද්ධි අංශයේ ගෲප් කපිතාන්වරයකු යටතේ ක්‍රියාත්මක වූ ‘නසීර්’ එක් උදාහරණයකි. ඔහු සහ්රාන්ගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරමින් තොරතුරු ලබාගත්තේය. 

සහ්රාන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාත තුළද හමුදා බුද්ධි සේවය විශාල කාර්ය භාරයක් ඉටු කර ඇත. සහ්රාන් ඇතුළු පිරිසගේ දුරකතන දත්ත සහ ‘අයිපී’ ලිපින පිළිබඳ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවලට ලබාගත හැකි වූයේ හමුදා බුද්ධි අංශ මාර්ගයෙනි. ‘අබු හින්ද්’ ව්‍යාජ සයිබර් ගිණුම හරහා සහරාන්ව අන්තර්ජාලයේදී කොටුකර ගැනීමට එම තොරතුරු බෙහෙවින් ඉවහල් විය.

සයිබර් උගුල් ( ‘අබු හින්ද්’ වැනි) ඇටවීම, සන්නිවේදනයන්ට සවන්දීම හා පසුපස හඹා යෑම ආදී උපක්‍රම භාවිතයෙන් නම් ගම් හැඳුනුම්පත් අංක සහිතව සහ්රාන්ගේ කණ්ඩායම හඳුනාගන්නට මේ බුද්ධි මෙහෙයුමට හැකි විය. මේවා බුද්ධි නිලධාරීන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදුවිය හැකි අනතුරුදායක මෙහෙයුම්ය. ඉහත සඳහන් කරන ලද හමුදා බුද්ධි අංශ සාමාජික නසීර් සහ්රාන්ගේ සහෝදරයා අතින් මැරුම් නොකා බේරී තිබුණේ යාන්තමිනි.

සහ්රාන් හෂීම් සහ පිරිසද ව්‍යාජ ‘අබු හින්ද්’ චරිතය සමග පමණක් නොව, සැබෑ අයිසිස් ජාලය සමගද ඍජු හා වක්‍ර මාර්ග කිහිපයකින් සම්බන්ධ වී සිටියහ.

සහරාන් සහ ඔහුගේ සහෝදර රිල්වාන් අන්තර්ජාලය හරහා ‘ත්‍රීමා’, ‘ටෙලිග්‍රෑම්’ වැනි ආරක්ෂිත යෙදවුම් (ඇප්) මගින් සන්නිවේදනය කළේ එකම එක පුද්ගලයෙකු සමග පමණක් නොවේ. ඔවුහු සිරියාවේ සිටි සැබෑ අයිසිස් නියෝජිතයන් කිහිප දෙනෙකු සමගම සබඳතා පැවැත්වූහ. ‘එෆ්බීඅයි’ විමර්ශන වාර්තා තහවුරු කරන්නේ සහරාන් සිරියාවේ මධ්‍යම අයිසිස් නායකත්වය සමග ඍජුව සන්නිවේදනය කර, ප්‍රහාරය සඳහා ඔවුන්ගේ නිල අනුමැතිය ලබාගෙන තිබූ බවයි.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන පරිදි, සහරාන්ගේ කණ්ඩායමට සිරියාවේ අයිසිස් සංවිධානය සමග ඍජු සබඳතා ගොඩනගා ගැනීමට උදව් කළ තවත් සැබෑ පුද්ගලයෝ සිටියහ. ඒ අතර ලංකාවෙන් සිරියාවට ගොස් මියගිය පළමු අයිසිස් සටන්කාමියා වූ නිල්ෆාම්ගේ පවුලේ අය, ඔස්ටේ්‍රලියාවේ සිටි ලාංකිකයෙකු වූ ලුක්මාන් තාලිබ් අහමඩ්වැනි අය ප්‍රධාන වේ.

ඉන්දීය බුද්ධි අංශ ව්‍යාජ ‘අබු හින්ද්’ ගිණුම හරහා සහරාන්ව නිරීක්ෂණය කරමින් සිටියද, සහරාන් ඔවුන් සිතුවාට වඩා සූක්ෂ්ම විය. ඔහු බුද්ධි අංශවල ව්‍යාජ ගිණුමෙන් ලැබුණු උපදෙස් මෙන්ම, සිරියාවේ සිටි සැබෑ නායකයන්ගෙන් ලැබුණු උපදෙස්ද එකවර භාවිත කළේය. අවසානයේදී ඔහු බුද්ධි අංශ උගුලෙන් මිදී සැබෑ අයිසිස් සංවිධානය වෙත තමන්ගේ පක්ෂපාතීත්වය දැක්වීමේ වීඩියෝව යැවීමට සමත් විය.

මේ බුද්ධි මෙහෙයුම කෙතරම් රහසිගත වී ද යත්, ප්‍රහාරයට සති කීපයකට පෙර ඒ පිළිබඳ නිශ්චිතවම තොරතුරු ලැබෙන තෙක් ඉන්දියා අගමැති මෝදි හෝ ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් හෝ මේ ගැන දැන සිටියේ නැත. අජිත් දෙවොල් හරහා අගමැති මෝදි සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලද්දේ 2019 මාර්තු - අප්‍රේල් සමයේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ 2019 අප්‍රේල් 4 වැනිදාය. ඉන් පසුව අප්‍රේල් 20 වැනිදා සහ ප්‍රහාරය එල්ල වු 21 වැනිදාද නැවත අනතුරු ඇඟවීම් කරන ලදි.

බුද්ධි අංශවල සාමාන්‍ය ස්වභාවය වන්නේ තමන්ගේ තොරතුරුකරුවන් සහ රහස්‍ය මෙහෙයුම් ආරක්ෂා කරගැනීම සඳහා, ඒවා සාමාන්‍ය පොලිස් ඒකක සමග බෙදා නොගැනීමයි. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ක්ෂේත්‍රයේ සිටින සාමාන්‍ය පොලිස් නිලධාරීන් හෝ ඉන්දියාවෙන් ලැබුණු අතිශය නිශ්චිත අනතුරු ඇඟවීම් හෝ බුද්ධි අංශ ක්‍රියාත්මක කළ ‘අබු හින්ද්’ වැනි මෙහෙයුම්වල තොරතුරු ප්‍රහාරයට පෙර දැන සිටියේ නැත.

බුද්ධි අංශ නිලධාරීන්ට (විශේෂයෙන්ම විදේශීය බුද්ධි අංශවලට හෝ දේශීය තොරතුරුකරුවන්ට) ලංකාව තුළ පුද්ගලයින් වටලා ඍජුව අත්අඩංගුවට ගැනීමට නෛතික බලයක් නැත. සැකකරුවන් භෞතිකව ලුහුබැඳ, වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීමේ පූර්ණ බලය සහ හැකියාව පවතින්නේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) සතුවයි.

බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණද, පොලිසිය සතුව ක්‍රියාත්මක වීමේ බලය තිබුණද, මේ පාර්ශව දෙක අතර පැවති එකිනෙකා කෙරෙහි විශ්වාසය නොතැබීම සහ ඒ වන විට තිබුණු දේශපාලනික අස්ථාවරත්වය නිසා අවසාන මොහොතේ සහ්රාන් ඇතුළු පිරිස කොටු කරගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. බුද්ධි අංශ අනතුරු ඇඟවීම් මත පොලිසිය වහාම ක්‍රියාත්මක වූයේ නම්, ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබූ බව පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාවේද නිගමනයයි.

බුද්ධි අංශ සාමාජිකයින් තොරතුරු ලබාගැනීම සඳහා සහ්රාන් ඇතුළු පිරිස සමග සන්නිවේදනය කිරීමත්, ඔවුන් හඹා යෑමත් සාමාන්‍ය දෙයකි. එම නිසාම දෙපිරිසගේ දුරකතන දත්ත හා කුළුණු දත්ත අතර සමානකම් තිබීම අරුමයක් නොවේ. ශානි අබේසේකර සහ පිරිස මේ උත්සාහ කරන්නේ, එම දත්ත උපයෝගී කරගනිමින්, ‘බුද්ධි උපක්‍රම’, ‘සැබෑ ත්‍රස්ත සන්නිවේදන’ යැයි ඔප්පු කිරීමටය. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ යම් පිරිසකගේ මොළ සෝදන්නට ඔවුන් සමත්ව තිබේ. 

සත්‍යවාදීව කටයුතු කළහොත් අධිකරණයේදී මේ බව ඔප්පු කිරීමට නොහැකිය. එහෙත් මේ මෙහෙයුමට සම්බන්ධ වූ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් තමන්ට අවශ්‍ය පරිදි සාක්කි කීපයක් රැස්කරගත හොත් ඒ සඳහා යම් අවස්ථාවක් ඇති බව ශානි අබේසේකර ඇතුළු පිරිසට පෙනෙයි. මේ දිනවල අසන්නට ලැබෙන ‘පෙත්තා’ වැනි අයගේ සාක්කිවල අරමුණ එයයි. තර්ජන ගර්ජන, මුදල් ත්‍යාග, විදේශ පුරවැසිකම් ආදිය මගින් තමන්ට අවශ්‍ය සාක්කි ලබාගන්නට හපන්නු සිටිති.  

මෙහිදී ශානි අබේසේකර ඇතුළු පිරිස අමතක කළ බරපතල කරුණක් තිබේ. මෙය හුදෙක් සුරේශ් සලේ, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ කරුණක් පමණක් නොවේ. මෙය කලාපීය ආරක්ෂාවත් අවසාන වශයෙන් ගෝලීය ආරක්ෂාවත්, විදේශ සබඳතාත් සම්බන්ධ කාරණයකි.

රැඳවුම් භාරයේ වධ විඳිමින් සුරේශ් සලේ ආරක්ෂා කරන්නට උත්සාහ කරන්නේ එබඳු ඉතා සංකීර්ණ බුද්ධි මෙහෙයුමක රහස්ය. ඊට සහාය දුන් පාර්ශ්වයන්ය. මේ මෙහෙයුමේ ඇතැම් කරුණු අනාවරණය කිරීම ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා ජාත්‍යන්තර සබඳතා අනතුරේ දමන්නට හේතු විය හැකිය.

දෙබරයට ගල් ගසන්නට පෙර සිහිනුවණින් කල්පනා කළ යුතුය.

(Dulara Gunathilake ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.