News Category
From Date
To Date
Maximum Number of Result

'අබු හින්ද්' යනු සුරේශ් සලේ නොව සහ්රාන් කොටු කිරීමට ඉන්දියාව ක්‍රියාත්මක කළ සයිබර් මෙහෙයුමක්!

Jun 27, 2026 at 06:00 AM
|

'අබු හින්ද්' ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තේ සිරිල් ගාමිණී පූජකවරයාය. ඒ, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ අලුත පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදීය. ඔහු එහිදී පැවසූ පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ‘අබු හින්ද්’ යනු බොහෝ දෙනා දන්නා කෙනෙකි. රවි සෙනෙවිරත්න අබු හින්ද්ව හඳුනාගෙන ඇති නමුදු, දේශපාලකයන් පිරිසක් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධා තිබී ඇත. 

දැන් ඇතැමුන්ගේ අදහස අබු හින්ද් යනු සුරේශ් සලේ බවයි. මේ ඔවුන්ගේ දැනගැනීම පිණිසය.

‘අබු හින්ද්’ මෙහෙයුම යනු සහ්රාන් කොටුකිරීමට සැලසුම් ඉතා සංකීර්ණ පුළුල් බුද්ධි මෙහෙයුමකි. එය ඇරඹුණු පසුබිම මෙසේය.

2017 වන විට අයිසිස් සංවිධානයේ පාලනය යටතේ තිබුණු භූමියෙන් 95%ක් ඔවුන්ට අහිමි විය. මේ නිසා උද්ගත වූ අලුත් ප්‍රවණතාවක් වූයේ, සිරියාව වැනි ප්‍රදේශවල සටන් බිමට ගොස් සිටි විදේශිකයන් පෙරළා සිය රටවලට ගොස් අයිසිස් ක්‍රියාකාරකම් ඇරඹීමයි. මේ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ අයිසිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ අවදානමක් හට ගති. මේ කාලයේ අයිසිස් සංවිධානය සිය දකුණු හා මධ්‍යම ආදියානු කලාපීය ‘කොරාසන් ශාඛාව’ වර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දැක්වූයේය. කලාපයේ අයිසිස් ව්‍යාප්තිය වැළැක්වීමට ඉන්දියාව වෙහෙසුණේය.

මේ වන විට සහ්රාන් පිළිබඳව ඉන්දියානු ඔත්තු සේවාවලට ඉව වැටී තිබුණි. ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි සේවාවට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවටද ඔහු පිළිබඳ තොරතුරු ලැබී තිබුණි. සහ්රාන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවට තොරතුරු ලැබී ඇත්තේ 2014 වසරේදීය.

‘අබු හින්ද්’ යනු අයිසිස් සංවිධානය පාවිච්චි කළ ආරූඪ නාමයකි. නැතිනම් සංකේත නාමයකි. මේ නම පාවිච්චි කළ ප්‍රබල අයිසිස් නායකයන් කීප දෙනෙකුම සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වී ඇත. ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයෙන් සිරියාවට ගොස් අයිසිස් සංවිධානයේ ඉන්දියානු උප මහාද්වීප කලාපයේ බඳවා ගැනීම් (අන්තර්ජාලය ඔස්සේ) භාරව කටයුතු කළ මොහොමඩ් ෂෆී අර්මාර් නමැත්තාද ‘අබු හින්ද්’ නම පාවිච්චි කළ අයෙකි (මෙහි ඇති ඡායාරෑපයේ දැක්වෙන්නේ ඔහුය). ඔහු පෙනී සිටියේ ‘අබු හින්ද් අල්-හින්දි’ නමිනි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ‘කිව්’ ශාඛාව ඔහුගේ තොරතුරු - විශේෂයෙන්ම ඔහුගේ සන්නිවේදන ශෛලිය - ඇසුරින් ව්‍යාජ සයිබර් ගිණුමක් සකසා ව්‍යාජ ‘අබු හින්ද්’ හරහා සහරාන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයෙන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයෙන්ද ඉන්දියානු බුද්ධි අංශවලට සහ්රාන් ඇතුළු පිරිස පිළිබඳ තොරතුරු ලැබුණි. මේ තොරතුරු ලබාගැනීම සඳහා හමුදා බුද්ධි සේවය විසින් සහ්රාන්ගේ කණ්ඩායම තුළට ඔත්තුකරුවන් ඇතුළු කර තිබුණි. 2015 සිට හමුදා බුද්ධි අංශයේ ගෲප් කපිතාන්වරයකු යටතේ ක්‍රියාත්මක වූ ‘නසීර්’ එක් උදාහරණයකි. ඔහු සහ්රාන්ගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරමින් තොරතුරු ලබාගත්තේය. 

සහ්රාන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාත තුළද හමුදා බුද්ධි සේවය විශාල කාර්ය භාරයක් ඉටු කර ඇත. සහ්රාන් ඇතුළු පිරිසගේ දුරකතන දත්ත සහ ‘අයිපී’ ලිපින පිළිබඳ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවලට ලබාගත හැකි වූයේ හමුදා බුද්ධි අංශ මාර්ගයෙනි. ‘අබු හින්ද්’ ව්‍යාජ සයිබර් ගිණුම හරහා සහරාන්ව අන්තර්ජාලයේදී කොටුකර ගැනීමට එම තොරතුරු බෙහෙවින් ඉවහල් විය.

සයිබර් උගුල් ( ‘අබු හින්ද්’ වැනි) ඇටවීම, සන්නිවේදනයන්ට සවන්දීම හා පසුපස හඹා යෑම ආදී උපක්‍රම භාවිතයෙන් නම් ගම් හැඳුනුම්පත් අංක සහිතව සහ්රාන්ගේ කණ්ඩායම හඳුනාගන්නට මේ බුද්ධි මෙහෙයුමට හැකි විය. මේවා බුද්ධි නිලධාරීන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදුවිය හැකි අනතුරුදායක මෙහෙයුම්ය. ඉහත සඳහන් කරන ලද හමුදා බුද්ධි අංශ සාමාජික නසීර් සහ්රාන්ගේ සහෝදරයා අතින් මැරුම් නොකා බේරී තිබුණේ යාන්තමිනි.

සහ්රාන් හෂීම් සහ පිරිසද ව්‍යාජ ‘අබු හින්ද්’ චරිතය සමග පමණක් නොව, සැබෑ අයිසිස් ජාලය සමගද ඍජු හා වක්‍ර මාර්ග කිහිපයකින් සම්බන්ධ වී සිටියහ.

සහරාන් සහ ඔහුගේ සහෝදර රිල්වාන් අන්තර්ජාලය හරහා ‘ත්‍රීමා’, ‘ටෙලිග්‍රෑම්’ වැනි ආරක්ෂිත යෙදවුම් (ඇප්) මගින් සන්නිවේදනය කළේ එකම එක පුද්ගලයෙකු සමග පමණක් නොවේ. ඔවුහු සිරියාවේ සිටි සැබෑ අයිසිස් නියෝජිතයන් කිහිප දෙනෙකු සමගම සබඳතා පැවැත්වූහ. ‘එෆ්බීඅයි’ විමර්ශන වාර්තා තහවුරු කරන්නේ සහරාන් සිරියාවේ මධ්‍යම අයිසිස් නායකත්වය සමග ඍජුව සන්නිවේදනය කර, ප්‍රහාරය සඳහා ඔවුන්ගේ නිල අනුමැතිය ලබාගෙන තිබූ බවයි.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන පරිදි, සහරාන්ගේ කණ්ඩායමට සිරියාවේ අයිසිස් සංවිධානය සමග ඍජු සබඳතා ගොඩනගා ගැනීමට උදව් කළ තවත් සැබෑ පුද්ගලයෝ සිටියහ. ඒ අතර ලංකාවෙන් සිරියාවට ගොස් මියගිය පළමු අයිසිස් සටන්කාමියා වූ නිල්ෆාම්ගේ පවුලේ අය, ඔස්ටේ්‍රලියාවේ සිටි ලාංකිකයෙකු වූ ලුක්මාන් තාලිබ් අහමඩ්වැනි අය ප්‍රධාන වේ.

ඉන්දීය බුද්ධි අංශ ව්‍යාජ ‘අබු හින්ද්’ ගිණුම හරහා සහරාන්ව නිරීක්ෂණය කරමින් සිටියද, සහරාන් ඔවුන් සිතුවාට වඩා සූක්ෂ්ම විය. ඔහු බුද්ධි අංශවල ව්‍යාජ ගිණුමෙන් ලැබුණු උපදෙස් මෙන්ම, සිරියාවේ සිටි සැබෑ නායකයන්ගෙන් ලැබුණු උපදෙස්ද එකවර භාවිත කළේය. අවසානයේදී ඔහු බුද්ධි අංශ උගුලෙන් මිදී සැබෑ අයිසිස් සංවිධානය වෙත තමන්ගේ පක්ෂපාතීත්වය දැක්වීමේ වීඩියෝව යැවීමට සමත් විය.

මේ බුද්ධි මෙහෙයුම කෙතරම් රහසිගත වී ද යත්, ප්‍රහාරයට සති කීපයකට පෙර ඒ පිළිබඳ නිශ්චිතවම තොරතුරු ලැබෙන තෙක් ඉන්දියා අගමැති මෝදි හෝ ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් හෝ මේ ගැන දැන සිටියේ නැත. අජිත් දෙවොල් හරහා අගමැති මෝදි සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලද්දේ 2019 මාර්තු - අප්‍රේල් සමයේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ 2019 අප්‍රේල් 4 වැනිදාය. ඉන් පසුව අප්‍රේල් 20 වැනිදා සහ ප්‍රහාරය එල්ල වු 21 වැනිදාද නැවත අනතුරු ඇඟවීම් කරන ලදි.

බුද්ධි අංශවල සාමාන්‍ය ස්වභාවය වන්නේ තමන්ගේ තොරතුරුකරුවන් සහ රහස්‍ය මෙහෙයුම් ආරක්ෂා කරගැනීම සඳහා, ඒවා සාමාන්‍ය පොලිස් ඒකක සමග බෙදා නොගැනීමයි. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ක්ෂේත්‍රයේ සිටින සාමාන්‍ය පොලිස් නිලධාරීන් හෝ ඉන්දියාවෙන් ලැබුණු අතිශය නිශ්චිත අනතුරු ඇඟවීම් හෝ බුද්ධි අංශ ක්‍රියාත්මක කළ ‘අබු හින්ද්’ වැනි මෙහෙයුම්වල තොරතුරු ප්‍රහාරයට පෙර දැන සිටියේ නැත.

බුද්ධි අංශ නිලධාරීන්ට (විශේෂයෙන්ම විදේශීය බුද්ධි අංශවලට හෝ දේශීය තොරතුරුකරුවන්ට) ලංකාව තුළ පුද්ගලයින් වටලා ඍජුව අත්අඩංගුවට ගැනීමට නෛතික බලයක් නැත. සැකකරුවන් භෞතිකව ලුහුබැඳ, වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීමේ පූර්ණ බලය සහ හැකියාව පවතින්නේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) සතුවයි.

බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණද, පොලිසිය සතුව ක්‍රියාත්මක වීමේ බලය තිබුණද, මේ පාර්ශව දෙක අතර පැවති එකිනෙකා කෙරෙහි විශ්වාසය නොතැබීම සහ ඒ වන විට තිබුණු දේශපාලනික අස්ථාවරත්වය නිසා අවසාන මොහොතේ සහ්රාන් ඇතුළු පිරිස කොටු කරගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. බුද්ධි අංශ අනතුරු ඇඟවීම් මත පොලිසිය වහාම ක්‍රියාත්මක වූයේ නම්, ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබූ බව පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාවේද නිගමනයයි.

බුද්ධි අංශ සාමාජිකයින් තොරතුරු ලබාගැනීම සඳහා සහ්රාන් ඇතුළු පිරිස සමග සන්නිවේදනය කිරීමත්, ඔවුන් හඹා යෑමත් සාමාන්‍ය දෙයකි. එම නිසාම දෙපිරිසගේ දුරකතන දත්ත හා කුළුණු දත්ත අතර සමානකම් තිබීම අරුමයක් නොවේ. ශානි අබේසේකර සහ පිරිස මේ උත්සාහ කරන්නේ, එම දත්ත උපයෝගී කරගනිමින්, ‘බුද්ධි උපක්‍රම’, ‘සැබෑ ත්‍රස්ත සන්නිවේදන’ යැයි ඔප්පු කිරීමටය. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ යම් පිරිසකගේ මොළ සෝදන්නට ඔවුන් සමත්ව තිබේ. 

සත්‍යවාදීව කටයුතු කළහොත් අධිකරණයේදී මේ බව ඔප්පු කිරීමට නොහැකිය. එහෙත් මේ මෙහෙයුමට සම්බන්ධ වූ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් තමන්ට අවශ්‍ය පරිදි සාක්කි කීපයක් රැස්කරගත හොත් ඒ සඳහා යම් අවස්ථාවක් ඇති බව ශානි අබේසේකර ඇතුළු පිරිසට පෙනෙයි. මේ දිනවල අසන්නට ලැබෙන ‘පෙත්තා’ වැනි අයගේ සාක්කිවල අරමුණ එයයි. තර්ජන ගර්ජන, මුදල් ත්‍යාග, විදේශ පුරවැසිකම් ආදිය මගින් තමන්ට අවශ්‍ය සාක්කි ලබාගන්නට හපන්නු සිටිති.  

මෙහිදී ශානි අබේසේකර ඇතුළු පිරිස අමතක කළ බරපතල කරුණක් තිබේ. මෙය හුදෙක් සුරේශ් සලේ, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ කරුණක් පමණක් නොවේ. මෙය කලාපීය ආරක්ෂාවත් අවසාන වශයෙන් ගෝලීය ආරක්ෂාවත්, විදේශ සබඳතාත් සම්බන්ධ කාරණයකි.

රැඳවුම් භාරයේ වධ විඳිමින් සුරේශ් සලේ ආරක්ෂා කරන්නට උත්සාහ කරන්නේ එබඳු ඉතා සංකීර්ණ බුද්ධි මෙහෙයුමක රහස්ය. ඊට සහාය දුන් පාර්ශ්වයන්ය. මේ මෙහෙයුමේ ඇතැම් කරුණු අනාවරණය කිරීම ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා ජාත්‍යන්තර සබඳතා අනතුරේ දමන්නට හේතු විය හැකිය.

දෙබරයට ගල් ගසන්නට පෙර සිහිනුවණින් කල්පනා කළ යුතුය.

(Dulara Gunathilake ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.