ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම) මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදය ලෝක වාසී ජනයාට සාමය සහ සමෘද්ධිය ගෙන එන ආකාරය පැහැදිලි කරනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ගරු චී ෂෙන්හොං මහතා
පසුගිය ජූලි 3 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය මගින් සංවිධානය කළ "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය ශ්‍රී ලංකාවේ පාඨකයන් වෙත හඳුන්වා දීම සඳහා උත්සවයක් පැවැත්වුණි. චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතා, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතා,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වී සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා පිරිස අමතමින්, මෙම කෘතියෙන් නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බව පැහැදිලි වනවා යැයි පැවසුවේය. එලෙසම එම කෘතිය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරන බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා කළ සම්පූර්ණ කතාව පහතින්...
චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතානෙණි,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතානෙණි,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතානෙණි, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතානෙණි,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතානෙණි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදරණීය මිතුරනි,
ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් පළමු කොටම ප්‍රාර්ථනා කරමි!
"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය වෙනුවෙන් සංවිධානය කර ඇති චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේදී අද ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි. මෙම කෘතියේ අන්තර්ගත ගැඹුරු න්‍යායික අදහස් සහ පොහොසත් ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳව අපි අද එක්ව විමසා බැ,ලීමට කටයුතු කිරීමට අභිලාශ කරගෙන සිටිනවා.
අද් මෙහි පැමිණ සිටින සියලු සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගන්නා අතර, චීනය සහ චීන-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ අවධානය යොමු කරමින් සහාය ලබා දුන් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල මිතුරන්ට මාගේ හෘදයාංගම කෘතඥතාවය පළ කර සිටිනවා.
මීට සුළු වේලාවකට පෙර ගරු හු කයිහොං මහතා, චීන-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ හුවමාරු පිළිබඳව අවධානය යොමු කරමින්, "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ මූලික මූලධර්ම සහ එහි ගැඹුරු සාරය පිළිබඳ සවිස්තරාත්මක හා ක්‍රමානුකූල විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් එහි අන්තර්ගත ස්ථාවරයන්, දෘෂ්ටිකෝණයන් සහ ක්‍රමවේදයන් පිළිබඳ ඔබ සැමට වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබී ඇතැයි මම විශ්වාස කරනවා.
තවදුරටත්, ගරු යූ තාඕ මහතා පසුව ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම, මාගේම අධ්‍යයනය තුළින් ලබාගත් අදහස් කිහිපයක් මෙම අවස්ථාවේදී ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටිනවා.
මෙම කෘතියෙන් පැහැදිලි වන්නේ නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බවයි. මෙම චින්තනය වර්තමාන චීනයේ සහ 21 වැනි සියවසේ මාක්ස්වාදය නියෝජනය කරනවා. එය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරනවා.
එමෙන්ම, සංස්කෘතික හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම, එක්ව නවීකරණය අත්පත් කර ගැනීම සහ මානව වර්ගයා මුහුණ දෙන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා ලෝකයේ සියලු රටවල ජනතාවටද මෙම චින්තනය ගෝලීය දායකත්වයක් සපයනවා.
"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ පළමු වෙළුම් හතර (I සිට IV දක්වා) නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ වර්ධන ගමන්මඟ සහ එහි ප්‍රධාන අන්තර්ගතයන් ක්‍රමානුකූලව ඉදිරිපත් කරනු ලබනවා. මෙම කෘති මාලාව ප්‍රකාශයට පත් වූ දා සිට ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් අවධානයට ලක්ව ඇති අතර, චීනයේ සංවර්ධන මාර්ගය, චීනයේ පාලන ක්‍රමවේදය සහ චීනයේ දර්ශනය පිළිබඳව ලෝකයට සම්පූර්ණ හා නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබ්නෙනවා.
පෙර වෙළුම්වලම චින්තන පදනම මත ගොඩනැගුණු 5 වන වෙළුම, නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ නවතම ජයග්‍රහණ ක්‍රමානුකූලව ඉදිරිපත් කරන බලයලත් කෘතියක්. චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා වන නව උපායමාර්ග, නව දෘෂ්ටිකෝණ, නව අදහස් සහ නව අවශ්‍යතා එහි පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය තවදුරටත් ගැඹුරු කිරීම, මූලික මූලධර්ම ආරක්ෂා කරමින් නවෝත්පාදනයන් සිදු කිරීම වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පාලන අත්දැකීම්ද එමගින් විස්තර කරනු ලබනවා.
මෙම කෘතිය ලෝකයේ රටවලට සැබෑ චීනය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය "බුද්ධිමය යතුර" තවදුරටත් ලබාදෙන අතර, චීනයේ පාලන සාර්ථකත්වයේ රහස නිවැරදිව තේරුම් ගැනීමටද උපකාරී වෙනවා.
මෙම කෘතිය මගින් ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ලෝකයේ ප්‍රධාන ප්‍රවණතා නිවැරදිව හඳුනාගෙන නිවැරදි මාර්ගය අනුගමනය කිරීම පිළිබඳ චීනයේ නවතම ප්‍රවේශයන් ද පැහැදිලි කරනවා.
වර්තමානයේ ජාත්‍යන්තර පරිසරය කැළඹීම් සහ පරිවර්තනයන්ට ලක්වෙමින් පවතිනවා. එවැනි පසුබිමක් තුළ, 5 වන වෙළුම මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්මේ ගැඹුරු අර්ථයන් සහ ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එමෙන්ම, වෙනස් වන ලෝකයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන අත්‍යවශ්‍ය ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරක්ද සපයනවා.
ඊට අමතරව, වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම (Global Development Initiative), ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative) සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) ලබා ඇති ප්‍රගතියද මෙම කෘතියෙන් විස්තර කරනවා.
තවද, චීනයේම නව සංවර්ධනය තුළින් ලෝකයට නව ජවයක් සහ නව අවස්ථා ලබාදීමේදී චීනය සතු පුළුල් දැක්ම සහ වගකීම් සහගත ආකල්පය මෙම කෘතිය මනාව විදහා දක්වනවා.
5 වන වෙළුම ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව, ෂී ජින්පිං ජනාධිපතිවරයා SCO ටියැන්ජින් සමුළුවේදී ගෝලීය පාලන මුලපිරීම (Global Governance Initiative) ඉදිරිපත් කළ අතර, වඩාත් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතු ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගිය යුතු බවට යෝජනා කරනු ලැබුවා.
මෙම ප්‍රධාන ගෝලීය මුලපිරීම් හතර එකිනෙකට සම්බන්ධ වී, එකිනෙක සම්පූර්ණ කරමින්, මඟ සොයන ලෝකයට ඉදිරි දිශාව පෙන්වන අතර, සැමට සමෘද්ධිය සහ යහපැවැත්ම සහිත පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා චීනයේ ප්‍රඥාව සහ විසඳුම් ලෝකයට දායක කරනවා.
මෙම කෘතිය චීනය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සංවර්ධනය, පුනර්ජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගිතාව සඳහා නව ආශ්වාදයක් හා මඟපෙන්වීමක් සපයන බව මම අවධාරණය කරනවා. වසර දෙදහසකට අධික ඉතිහාසයක් පුරා පැවති චීන–ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමවිටම ගැඹුරින් මුල් බැසගෙන, සමෘද්ධිමත්ව පවතින එකක් වී තිබෙනවා. චීනය “චීන ලක්ෂණ සහිත නවීකරණය” මඟින් සම්පූර්ණ ජාතික පුනර්ජීවනයක් අරමුණු කර ගනිමින් ශක්තිමත් රටක් ගොඩනැගීමේ නව ගමනක ඉදිරියට යන අතර, ශ්‍රී ලංකාවද ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරමින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, “සමෘද්ධිමත් රටක්, සුන්දර ජීවිතයක්” යන දැක්ම සඵල කර ගැනීමටත් උත්සාහ කරමින් සිටිනවා.
Xi Jinping: The Governance of China (Volume V) කෘතියේ සඳහන් වන, සම්පූර්ණ විවෘතභාවය පුළුල් කිරීම, උසස් මට්ටමේ විවෘත ආර්ථිකයක් ව්‍යාප්ත කිරීම, උසස් ගුණාත්මක සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සහ “තීරයක් සහ මාවතක්” සහයෝගිතාව ඉදිරියට ගෙන යාම යන මාර්ගෝපදේශ හා ප්‍රායෝගික ක්‍රමවේද ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් මෙන්ම ආශ්වාදයක්ද සපයනවා. මෙම අන්තර්ගතයන් දෙරටටම නව අවස්ථා විවර කරමින් නවීකරණය ඉදිරියට ගෙන යාමට සහ පොදු සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමට එක්ව කටයුතු කිරීමේ නව දෘෂ්ටිකෝණයක් ද ඉදිරිපත් කරනවා.
ඊළඟ වසර චීන–ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය වනවා. චීනය, සංවර්ධන උපායමාර්ගික එකඟතාව තවදුරටත් ශක්තිමත් කරමින්, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය, නව ශක්ති ප්‍රභව සහ දරිද්‍රතා අඩුකිරීම වැනි ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතාව ගැඹුරු කරමින් ශ්‍රී ලංකාව සමඟ දිගටම එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. අපගේ ඒකාබද්ධ උත්සාහයන් මඟින්, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් ගොඩනැගීමේ අතිවිශිෂ්ට චිත්‍රයක් අපට එක්ව නිර්මාණය කළ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණය චීනයට පමණක් නොව ලෝකයටම අයත් එකක්. එය නවීකරණය දෙසට ගමන් කරන පුරාණ ශිෂ්ටාචාරයක ගවේෂණය සහ අත්දැකීම් සටහන් කරනවා. එය මනුෂ්‍යත්වයේ අනාගතය පිළිබඳ විශාල රටක සිතුවිලි හා වගකීමද ගෙනහැර දක්වනවා. මෙම වෙළුම ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ජනතාවට නව යුගයේ චීනය අවබෝධ කර ගැනීමට කවුළුවක් වනු ඇතැයි මට විශ්වාසයි.
අපි සංවාද මගින් එකඟතාව ගොඩනගමු, අන්‍යෝන්‍ය ඉගෙනීම මගින් එකිනෙකා ආලෝකවත් කරමු, සහ සහයෝගිතාව මගින් අනාගතය ගොඩනගමු. එක්ව, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් නිර්මාණය කිරීම මගින් අප දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය හැකි වනු ඇත.
අවසන් වශයෙන්, මෙම චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේ ඉදිරි වැඩ කටයුතු වලදී සම්පූර්ණ සාර්ථකත්වය අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තූතියි!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල
ලූවර් මංකොල්ලයෙන් පසු 'විශේෂ අවධානයක්' තිබියදීත් තවත් ප්‍රංශ කෞතුකාගාරයක් කොල්ලකාලා...
'හිටපු ජනාධිපතිවරයෙක් දින 90ක් හතරවෙනි තට්ටුවේ රඳවා ප්‍රශ්න කරන්න යනවා' යැයි සමාජ මාධ්‍යයේ වාර්තා..
ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළේ අශෝක රංවල.. - ප්‍රසාද් සිරිවර්ධනගෙන් හෙළිදරව්වක්
රජයේ ව්‍යාපාර සඳහා රජය ඇපවී නොගෙවූ ණය ප්‍රමාණය රු. බිලියන 1080..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක.. ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ගත් බීලා..
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය එන්න එන්නම උණුසුම් වෙයි.. කාන්තා රැඳවියන් වහලය මතට නඟී..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මරුට.. - පොලීසිය සහ STF කැඳවයි..
'මැයි 9 ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මකයි.. පෙට්‍රල් බෝම්බ හදලා, ඇමතිවරුන්ගේ ගෙවල් ලැයිස්තු හදලා තිබුණේ..' - මොහාන් සමරනායකගෙන් අරගලය ගැන හෙළිදරව්වක්
අර්ධ-ෆෙඩරල් ඉන්දීය මහ ඇමතිවරයෙකුගෙන් ෆෙඩරල් ශ්‍රී ලංකාවකට සහයෝගය ඉල්ලන්නේ ඇයි?
යෝජිත ත්‍රස්ත මර්දන අලුත් පනතට ජිනීවා වෙතින් රතු එලියක්..
ආණ්ඩුව නීතිය ඉදිරියට දමා දේශපාලන දඩයමක.. රණවිරුවන් පාවා දෙමින් ගෝලීය කොටි ජාලය සතුටු කරන “රක්ත භීෂණයක්” රට තුළ ක්‍රියාත්මකයි - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්
මාස 4කට පසු ටෙහෙරානයම හඬවමින් ඇරඹි අවමංගල්‍යය: අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරාන ජනයා දහස් ගණනින් පෙළගැසෙති..
“සියවසේ අවමංගල්‍යය”ට ඉරානය සැරසේ..
හම්බන්තොට සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය කොන්දේසි මතභේද නිසා අවිනිශ්චිත තත්ත්වයක..
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් පහළට..