News Category
From Date
To Date
Maximum Number of Result

ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම) මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදය ලෝක වාසී ජනයාට සාමය සහ සමෘද්ධිය ගෙන එන ආකාරය පැහැදිලි කරනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ගරු චී ෂෙන්හොං මහතා

Jul 6, 2026 at 02:08 PM
|

පසුගිය ජූලි 3 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය මගින් සංවිධානය කළ  "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය ශ්‍රී ලංකාවේ පාඨකයන් වෙත හඳුන්වා දීම සඳහා උත්සවයක් පැවැත්වුණි. චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතා, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතා,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වී සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා පිරිස අමතමින්, මෙම කෘතියෙන්  නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බව පැහැදිලි වනවා යැයි පැවසුවේය. එලෙසම එම කෘතිය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරන බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චී ෂෙන්හොං මහතා කළ සම්පූර්ණ කතාව පහතින්...

චීනයේ සංස්කෘතික හා සදාචාරමය ප්‍රගතිය සඳහා වන මධ්‍යම කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගරු හු කයිහොං මහතානෙණි,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතානෙණි,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු මධුර සෙනෙවිරත්න මහතානෙණි, චයිනා ඉන්ටර්නැෂනල් කොමියුනිකේෂන්ස් ගෘප්හි උප සභාපති ගරු යූ තාඕ මහතානෙණි,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ගරු ජී. වීරසිංහ මහතානෙණි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදරණීය මිතුරනි,

ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් පළමු කොටම ප්‍රාර්ථනා කරමි!

"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතිය වෙනුවෙන් සංවිධානය කර ඇති චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේදී අද ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි. මෙම කෘතියේ අන්තර්ගත ගැඹුරු න්‍යායික අදහස් සහ පොහොසත් ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳව අපි අද එක්ව විමසා බැ,ලීමට කටයුතු කිරීමට අභිලාශ කරගෙන සිටිනවා.

අද් මෙහි පැමිණ සිටින සියලු සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගන්නා අතර, චීනය සහ චීන-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ අවධානය යොමු කරමින් සහාය ලබා දුන් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල මිතුරන්ට මාගේ හෘදයාංගම කෘතඥතාවය පළ කර සිටිනවා.

මීට සුළු වේලාවකට පෙර ගරු හු කයිහොං මහතා, චීන-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ හුවමාරු පිළිබඳව අවධානය යොමු කරමින්, "ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ මූලික මූලධර්ම සහ එහි ගැඹුරු සාරය පිළිබඳ සවිස්තරාත්මක හා ක්‍රමානුකූල විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් එහි අන්තර්ගත ස්ථාවරයන්, දෘෂ්ටිකෝණයන් සහ ක්‍රමවේදයන් පිළිබඳ ඔබ සැමට වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබී ඇතැයි මම විශ්වාස කරනවා.

තවදුරටත්, ගරු යූ තාඕ මහතා පසුව ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම, මාගේම අධ්‍යයනය තුළින් ලබාගත් අදහස් කිහිපයක් මෙම අවස්ථාවේදී ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටිනවා.

මෙම කෘතියෙන් පැහැදිලි වන්නේ නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පුළුල්, ගැඹුරු මෙන්ම කාලය සමඟ ඉදිරියට ගමන් කරන චින්තන පද්ධතියක් බවයි. මෙම චින්තනය වර්තමාන චීනයේ සහ 21 වැනි සියවසේ මාක්ස්වාදය නියෝජනය කරනවා. එය චීන සංස්කෘතියේ සහ අපේ යුගයේ චීන ආත්මයේ විශිෂ්ටතම සාරය ඒකාබද්ධ කරමින්, චීන නවීකරණය තුළින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කරනවා.

එමෙන්ම, සංස්කෘතික හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම, එක්ව නවීකරණය අත්පත් කර ගැනීම සහ මානව වර්ගයා මුහුණ දෙන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා ලෝකයේ සියලු රටවල ජනතාවටද මෙම චින්තනය ගෝලීය දායකත්වයක් සපයනවා.

"ෂී ජින්පිං: චීනයේ පාලනය (5 වන වෙළුම)" කෘතියේ පළමු වෙළුම් හතර (I සිට IV දක්වා) නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ වර්ධන ගමන්මඟ සහ එහි ප්‍රධාන අන්තර්ගතයන් ක්‍රමානුකූලව ඉදිරිපත් කරනු ලබනවා. මෙම කෘති මාලාව ප්‍රකාශයට පත් වූ දා සිට ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් අවධානයට ලක්ව ඇති අතර, චීනයේ සංවර්ධන මාර්ගය, චීනයේ පාලන ක්‍රමවේදය සහ චීනයේ දර්ශනය පිළිබඳව ලෝකයට සම්පූර්ණ හා නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබ්නෙනවා.

පෙර වෙළුම්වලම චින්තන පදනම මත ගොඩනැගුණු 5 වන වෙළුම, නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ නවතම ජයග්‍රහණ ක්‍රමානුකූලව ඉදිරිපත් කරන බලයලත් කෘතියක්. චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා වන නව උපායමාර්ග, නව දෘෂ්ටිකෝණ, නව අදහස් සහ නව අවශ්‍යතා එහි පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය තවදුරටත් ගැඹුරු කිරීම, මූලික මූලධර්ම ආරක්ෂා කරමින් නවෝත්පාදනයන් සිදු කිරීම වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පාලන අත්දැකීම්ද එමගින් විස්තර කරනු ලබනවා.

මෙම කෘතිය ලෝකයේ රටවලට සැබෑ චීනය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය "බුද්ධිමය යතුර" තවදුරටත් ලබාදෙන අතර, චීනයේ පාලන සාර්ථකත්වයේ රහස නිවැරදිව තේරුම් ගැනීමටද උපකාරී වෙනවා.

මෙම කෘතිය මගින් ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ලෝකයේ ප්‍රධාන ප්‍රවණතා නිවැරදිව හඳුනාගෙන නිවැරදි මාර්ගය අනුගමනය කිරීම පිළිබඳ චීනයේ නවතම ප්‍රවේශයන් ද පැහැදිලි කරනවා.

වර්තමානයේ ජාත්‍යන්තර පරිසරය කැළඹීම් සහ පරිවර්තනයන්ට ලක්වෙමින් පවතිනවා. එවැනි පසුබිමක් තුළ, 5 වන වෙළුම මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්මේ ගැඹුරු අර්ථයන් සහ ප්‍රායෝගික ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එමෙන්ම, වෙනස් වන ලෝකයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන අත්‍යවශ්‍ය ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරක්ද සපයනවා.

ඊට අමතරව, වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම (Global Development Initiative), ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative) සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) ලබා ඇති ප්‍රගතියද මෙම කෘතියෙන් විස්තර කරනවා.

තවද, චීනයේම නව සංවර්ධනය තුළින් ලෝකයට නව ජවයක් සහ නව අවස්ථා ලබාදීමේදී චීනය සතු පුළුල් දැක්ම සහ වගකීම් සහගත ආකල්පය මෙම කෘතිය මනාව විදහා දක්වනවා.

5 වන වෙළුම ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව, ෂී ජින්පිං ජනාධිපතිවරයා SCO ටියැන්ජින් සමුළුවේදී ගෝලීය පාලන මුලපිරීම (Global Governance Initiative) ඉදිරිපත් කළ අතර, වඩාත් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතු ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගිය යුතු බවට යෝජනා කරනු ලැබුවා.

මෙම ප්‍රධාන ගෝලීය මුලපිරීම් හතර එකිනෙකට සම්බන්ධ වී, එකිනෙක සම්පූර්ණ කරමින්, මඟ සොයන ලෝකයට ඉදිරි දිශාව පෙන්වන අතර, සැමට සමෘද්ධිය සහ යහපැවැත්ම සහිත පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා චීනයේ ප්‍රඥාව සහ විසඳුම් ලෝකයට දායක කරනවා.

මෙම කෘතිය චීනය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සංවර්ධනය, පුනර්ජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගිතාව සඳහා නව ආශ්වාදයක් හා මඟපෙන්වීමක් සපයන බව මම අවධාරණය කරනවා. වසර දෙදහසකට අධික ඉතිහාසයක් පුරා පැවති චීන–ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමවිටම ගැඹුරින් මුල් බැසගෙන, සමෘද්ධිමත්ව පවතින එකක් වී තිබෙනවා. චීනය “චීන ලක්ෂණ සහිත නවීකරණය” මඟින් සම්පූර්ණ ජාතික පුනර්ජීවනයක් අරමුණු කර ගනිමින් ශක්තිමත් රටක් ගොඩනැගීමේ නව ගමනක ඉදිරියට යන අතර, ශ්‍රී ලංකාවද ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරමින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, “සමෘද්ධිමත් රටක්, සුන්දර ජීවිතයක්” යන දැක්ම සඵල කර ගැනීමටත් උත්සාහ කරමින් සිටිනවා.

Xi Jinping: The Governance of China (Volume V) කෘතියේ සඳහන් වන, සම්පූර්ණ විවෘතභාවය පුළුල් කිරීම, උසස් මට්ටමේ විවෘත ආර්ථිකයක් ව්‍යාප්ත කිරීම, උසස් ගුණාත්මක සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සහ “තීරයක් සහ මාවතක්” සහයෝගිතාව ඉදිරියට ගෙන යාම යන මාර්ගෝපදේශ හා ප්‍රායෝගික ක්‍රමවේද ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් මෙන්ම ආශ්වාදයක්ද සපයනවා. මෙම අන්තර්ගතයන් දෙරටටම නව අවස්ථා විවර කරමින් නවීකරණය ඉදිරියට ගෙන යාමට සහ පොදු සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමට එක්ව කටයුතු කිරීමේ නව දෘෂ්ටිකෝණයක් ද ඉදිරිපත් කරනවා.

ඊළඟ වසර චීන–ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය වනවා. චීනය, සංවර්ධන උපායමාර්ගික එකඟතාව තවදුරටත් ශක්තිමත් කරමින්, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මය, ඩිජිටල් ආර්ථිකය, නව ශක්ති ප්‍රභව සහ දරිද්‍රතා අඩුකිරීම වැනි ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතාව ගැඹුරු කරමින් ශ්‍රී ලංකාව සමඟ දිගටම එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. අපගේ ඒකාබද්ධ උත්සාහයන් මඟින්, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් ගොඩනැගීමේ අතිවිශිෂ්ට චිත්‍රයක් අපට එක්ව නිර්මාණය කළ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.

චීන-ශ්‍රී ලංකා පාඨක සංසදය සංවිධානය කළ  සම්මන්ත්‍රණය චීනයට පමණක් නොව ලෝකයටම අයත් එකක්. එය නවීකරණය දෙසට ගමන් කරන පුරාණ ශිෂ්ටාචාරයක ගවේෂණය සහ අත්දැකීම් සටහන් කරනවා. එය මනුෂ්‍යත්වයේ අනාගතය පිළිබඳ විශාල රටක සිතුවිලි හා වගකීමද ගෙනහැර දක්වනවා. මෙම වෙළුම  ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ජනතාවට නව යුගයේ චීනය අවබෝධ කර ගැනීමට කවුළුවක් වනු ඇතැයි මට විශ්වාසයි.

අපි සංවාද මගින් එකඟතාව ගොඩනගමු, අන්‍යෝන්‍ය ඉගෙනීම මගින් එකිනෙකා ආලෝකවත් කරමු, සහ සහයෝගිතාව මගින් අනාගතය ගොඩනගමු. එක්ව, පොදු අනාගතයක් සහිත චීන–ශ්‍රී ලංකා සමාජයක් නිර්මාණය කිරීම මගින් අප දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය හැකි වනු ඇත.

අවසන් වශයෙන්, මෙම චීන-ශ්‍රී ලංකා පාඨක සංසදයේ ඉදිරි වැඩ කටයුතු වලදී සම්පූර්ණ සාර්ථකත්වය අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තූතියි!

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.