උතුම් දළදා මාලිගාව මහා විනාශයකින් බේරාගත් හැමෝටම අමතක වෙලා ගිය අපේ වීරවරිය 'ගීතානි ජයවර්ධන'
ඒක හරියට නිකන් චිත්‍රපටියක දර්ශනයක් වගෙයි. හැබැයි මේක චිත්‍රපටියක් නෙවෙයි. මීට වසර ගණනාවකට පෙර අපේ රටේ සැබෑවටම සිද්ධ වුණු අදටත් ඇඟ කිලිපොලා යන ඒ වගේම මුළු මහත් ශ්‍රී ලාංකික අපේම ලේ! නහර කුල්මත් කරන බිහි සුණු ඓතිහාසික කතාවක්.
හැබැයි කණගාටුවට කරුණ තමයි, අපේ ඉතිහාස පොත්වල රන් අකුරින් ලියැවෙන්න ඕන මේ වීරවරියගේ නම, කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිහින් අද වන විට බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබීම.
අපි යමු ආපස්සට... හරියටම 1998 ජනවාරි මාසේ 25 වැනිදා. මුළු මහනුවර පුරවරයම එකම උත්සව සිරියකින් බැබළෙමින් තිබුණා. හේතුව තමයි ලංකාවේ 50 වැනි නිදහස් දින සමරු උත්සවය මහනුවරදී පවත්වන්න සේරම කටයුතු ලෑස්ති කරලයි තිබුණේ. එදා ඉරිදා දවසක්. පාන්දරම මීදුම, සීතල හුළඟක් එක්ක මුළු නුවරම වෙලාගෙන තිබුණු ඒ සුන්දර උදෑසන, කාටවත්ම හිතාගන්න බැරි තරම් බිහි සු ණු මා රයෙක් මහනුවර දෙසට ඇදෙමින් තිබුණා.
වෙලාව පාන්දර 5.45ට විතර ඇති. දළදා සමිඳුන්ගේ උදෑසන කිරි ආහාර පූජාව සඳහා විශාල බැතිමතුන් පිරිසක්, පුංචි දරුවෝ, වයසක අම්මලා තාත්තලා සුදු වතින් සැරසිලා මාලිගාවට ඇතුළු වෙමින් හිටියා. සාදු නාදයෙන් මුළු පරිසරයම ඒ වෙලාවේ ගිගුම් දුන්නා. හරියටම මේ මොහොතේ මාලිගාවේ ප්‍රධාන මහ වාහල්කඩ දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව හිටියේ වයස අවුරුදු 23ක් වෙච්ච හරිම තරුණ, කාන්තා පොලිස් කොස්තාපල්වරියක්. ඇය නමින් ගීතානි ජයවර්ධන. ඇයත් එක්ක තවත් පොලිස් නිලධාරියෙක් වුණු ජයසිංහ බණ්ඩාර මහත්මයා එතන රාජකාරි කරමින් හිටියා.
කාටවත්ම කිසිම සැකයක් හිතුණේ නැහැ. හැබැයි එකපාරටම මුළු පරිසරයේම තිබුණු ශාන්ත බව බිඳගෙන, විෂ්ණු දේවාලය පැත්තෙන් ආපු නිල් පාට 'එල්ෆ්' වර්ගයේ ලොරි රථයක් අධික වේගයෙන් මාලිගාව දෙසට ධාවනය වෙන්න පටන් ගත්තා. කිසිම පාලනයක් නැතුව වේගයෙන් ආපු මේ ලොරිය කෙලින්ම ඇවිත් වැදුණේ මහ වාහල්කඩ පඩිපෙළ උඩ. මේක දැකපු කොස්තාපල් බණ්ඩාර මහත්මයා වහාම ඉදිරියට ගියේ මොකක්ද මේ වෙන්නේ කියලා බලන්න.
අන්න ඒ තත්පරයේදී තමයි මුළු ලෝකයම නතර වෙන විදියේ දේ සිද්ධ වුණේ. ලොරියෙන් බිමට බැහැපු ම් ලේ ච් ඡ ත්‍ර ස් ත වාදියෙක් තමන්ගේ අතේ තිබුණු T56 ගි නි අ වි ය කෙලින්ම එල්ල කළේ බණ්ඩාර මහත්මයාට.
තමන් නිරායුධව ඉන්න වෙලාවක මේ වෙන්න යන්නේ මොකක්ද කියලා වටහාගත්ත බණ්ඩාර මහත්මයා වහාම ජීවිතය බේරගන්න පස්සට දිව්වා.
මෙන්න මේ වෙලාවේ තමයි, තමන්ගේ ඇස් ඉස්සරහා ම ර ණය පෙනි පෙනී තිබුණු ඒ තීරණාත්මක තත්පරයටත් වඩා අඩු කාලය ඇතුළත, අර අවුරුදු 23ක තරුණ කෙල්ල, ගීතානි ජයවර්ධන ඇදහිය නොහැකි තීරණයක් ගත්තේ.
ම ර බයෙන් හැමෝම එහා මෙහා දුවද්දී, තමන්ගේ ප්‍රාණය ගැන, තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ අනාගතය ගැන එකම එක තත්පරයක්වත් ඇය හිතුවේ නැහැ. ත්‍ර ස් ත වා දීන්ගේ සැබෑ අරමුණ වුණේ මේ පු පු රණ ද්‍රව්‍ය පිරවූ ලොරිය කෙලින්ම මාලිගාව ඇතුළටම අරන් ගිහින්, එතන සිටි සිය ගණනක් මහා සංඝරත්නය සහ බැතිමතුන් එලොව යවන්නයි. අපේ මුදුන්මල්කඩ බඳු වූ දළදා කරඬුව සහ මාලිගාව සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා කරලා දාන්නයි.
ඒ මහා වි නා ශය වටහාගත්ත ගීතානි, ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. ඇය තමන්ගේ මුළු ශක්තියම, මුළු ජීවිතයම දෑත්වලට අරගෙන, මාලිගාවේ මහ වාහල්කඩෙහි තිබුණු ඒ බරැති යකඩ ගේට්ටුව එක පාරටම වහලා දැම්මා.
ඒත් එක්කම මුළු මහනුවර පුරවරයම, ඇස් නිලංකාර කරවන මහා ආලෝක ධාරාවකින් සහ කන් අඩි පැලෙන මහා ශබ්දයකින් දෙදරුම් කාගෙන ගියා. ගේට්ටුව වහපු නිසා ත්‍ර ස් තවාදීන්ට ලොරිය ඇතුළට ගන්න බැරි වුණා. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා තමන් රැගෙන ආපු කිලෝ 400කට අධික මාරක C4 පු පු රණ ද්‍රව්‍ය තොගය වාහල්කඩින් පිටතදීම පුපුරුවා හරින්න.
මුළු පරිසරයම දුමෙන් සහ ගි න් නෙන් වැහිලා යද්දී, මහා පිපිරුම සිද්ධ වෙන මොහොතේ ගීතානි හිටියේ අර යකඩ ගේට්ටුව ළඟමයි. ම ර ණ ය ඇයව සිපගන්න ඔන්න මෙන්න තිබුණේ. හැබැයි එතනදී සිද්ධ වුණේ සැබෑම හාස්කමක්. ඇය දළදා සමිඳුන් වෙනුවෙන් කල ඒ උතුම් කැපකිරීම නිසාමද මන්දා, පි පි රු මත් එක්කම ගේට්ටුවට උඩින් තිබුණු බරැති පිත්තල තහඩුවක් ඇය උඩට කඩාගෙන වැටිලා, ඇයව සම්පූර්ණයෙන්ම ආවරණය වුණා. පි පි රුමේ සෘජු මා ර ක සැර වැදීමෙන් බේරුණු ඇය, ඒ මහා බිහිසුණු ශබ්දය නිසා සිහිසුන් වෙලා බිහිරි වෙලා එතන ඇද වැටුණත්, ඇගේ ජීවිතයට කිසිදු මා රා න්තික අනතුරක් සිද්ධ වුණේ නැහැ. දළදා සමිඳුන්ගේ ආශ්චර්යය ඇයව ආරක්ෂා කළා.
අන්න බලන්න, එදා ඒ තීරණාත්මක තත්පරයේදී මේ අභීත කෙල්ල තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒ මහා යකඩ දොර වැසුවේ නැතිනම් මොකක් වෙයිද? සන්නද්ධ ත්‍ර ස් ත වා දීන් මාලිගාව ඇතුළටම කඩා වැදිලා, අපේ මුදුන්මල්කඩ වි නා ශ කරලා, එදා එතන හිටපු සිය ගණනක් අහිංසක මිනිස්සුන්ගේ ලෙයින් මාලිගා භූමිය තෙත් කරනවා නොඅනුමානයි. අපේ මුළු සිංහල බෞද්ධ උරුමයම එදා අළු දුහුවිල්ලක් වෙන්න තිබුණා.
නමුත් ගීතානි කියන ඒ වීරවරිය නිසා අදටත් දළදා මාලිගාව උතුම් කොට අපිට වන්දනාමාන කරන්න ඉඩ ලැබිලා තියෙනවා. ඇය ඇත්තටම අපේ කාලයේ පහළ වුණු "හේමමාලාව"ක්ම තමයි.
ඉතින් මෙන්න මේ වගේ රටක් වටිනා, තමන්ගේ ජීවිතය පවා නොතකා රට සහ ආගම බේරගත්තු සැබෑ වීරවරියන් ගැන, වීරයන් ගැන අද පරපුර දැනුවත් කරන්න ඕන නේද? මේ වගේ වීර කතා කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න දෙන්න නරකයි.
(Shenali Waduge ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..