News Category
From Date
To Date
Maximum Number of Result

පුරාණ පෙරදිග පුරාණ දැනුම ගවේෂණයට ජීවිතයම කැප කළ සුප්‍රකට බටහිර විද්‍යාඥයා

Jul 8, 2026 at 12:07 PM
|

නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.

ඔහු වෘත්තියෙන් ජීව රසායන විද්‍යාඥයෙක් වුවද පසුකාලීනව ඔහු සිය විද්‍යාත්මක දැනුමද පදනම් කරගනිමින් පෙරදිග ලෝකය පිළිබඳ සුවිශේෂී අනාවරණයන් සිදු කළ ඉතිහාසඥයෙක් බවට පත් වෙයි. ඔහුගේ ඓතිහාසික කාර්යභාරය වූයේ පුරාණ චීනයේ පැවති සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය ඉතා ගැඹුරින් ගවේෂණය කිරීමය. ඔහු ඒ ඔස්සේ පුරාණ චීනයේ විද්‍යාත්මක දැනුම් සම්භාරය කෙතරම් පුදුම සහගතද? නූතන ලෝකයේ විද්‍යාත්මක දැනුම නිර්මාණය කිරීමට පුරාණ චීනය කෙතරම් දායකත්වයක් සැපයුවේද? යන්න සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නේය. ඔහුගේ දැවැන්ත පර්යේෂණය අද දැවැන්ත වෙළුම් හතකින් යුත් පොත් විසි හතක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මේ ලිපියේ අරමුණ ජෝශප් නීඩ්හැම්ගේ කතාව සැකෙවින් ඉදිරිපත් කරමින් දැනුම පිළිබඳ සංවාදයට එහි අදාළත්වය පෙන්වා දීමය.

මහා සොයාගැනීම් හතරක් සහ සිය ගණනක්

මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට අතිශය තීරණාත්මක දායකත්වයක් දැක්වූ සොයාගැනීම් හතරකි. ඒ මාලිමාව, වෙඩි බෙහෙත්, කඩදාසි හා මුද්‍රණ තාක්ෂණය යන සොයාගැනීම් හතර වන අතර ලෝකය මේවා හඳුන්වනුයේ Four Great Inventions යන පොදු නාමයෙනි. අතීතයේදී මේ සියල්ල බටහිර ලෝකයේ නිර්මාණ බවය බොහෝ දෙනා විශ්වාස කළද, මේ නිර්මාණ හතරම චීනය විසින් සොයා ගත් දෑ බව මුලින්ම ලෝකයට අනාවරණය කරනුයේ ජෝශප් නීඩ්හැම් විසිනි. කාල වකවානු පිළිබඳ වාද විවාද පැවතියද ඔහු දළ වශයෙන් පෙන්වා දුන් පරිදි…

මාලිමාව පිළිබඳ බටහිර ලෝකයෙන් තොරතුරු වාර්තා වනුයේ ක්‍රි.ව. 12 දී වුවද චීනය මාලිමාව සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ. දෙවැනි සියවසේය.

බටහිර ලෝකය වෙඩි බෙහෙත් සොයාගෙන ඇත්තේ ක්‍රි.ව. 12 -13 සියවස්වල වුවද චීනයේ වෙඩි බෙහෙත් ගැන ඉතිහාසය ක්‍රි.ව. 9 දක්වා ඈතට දිවෙයි.

බටහිර ලෝකයේ කඩදාසි භාවිතය ක්‍රි.ව. 10 දී පමණ සිදු වුවද චීනයේ කඩදාසි ක්‍රි.ව. 3 වන සියවසට අයත් වේ.

බටහිර ලෝකයේ මුද්‍රණ තාක්ෂණය ක්‍රි.ව. 10 වන සියවසට අයත් වන අතර, චීනයේ මුද්‍රණ තාක්ෂණයේ ඉතිහාසය ක්‍රි.ව. 3 වන සියවස දක්වා විහිදෙයි.

මීට අමතරව ලෝකයේ පැරණිතම භූ කම්පන මානය, පැරණිතම යාන්ත්‍රික ඔරලෝසුව, සේද රෙදි, පෝසිලේන් පිඟන් භාණ්ඩ, තේ වගාව, සරුංගලය, දත් බුරුසුව, මුදල් නෝට්ටු භාවිතය, කුඩය, උණුසුම් වායු බැලුන්, විල්බැරෝව, පැඩල් සහ රෝද සහිත බෝට්ටු, ආරුක්කු පාලම්, වැල් පාලම්, ගිනි පෙට්ටිය, ගිනි කෙළි, අත්බෝම්බ ඇතුළු චීනය විසින් කළ තවත් සොයාගැනීම් සිය ගණනක් පිළිබඳ කරුණු ඔහු ලෝකයට අනාවරණය කොට තිබේ. ඇත්තෙන්ම මේවා පුරාණ චීනයේ නිර්මාණ බව අදටත් අපේ රටේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මේ කියන්නට යන්නේ මේ සියල්ල පිටුපස සිටි විශිෂ්ට මිනිසාගේ කතාවය.

ඉතිහාසඥයෙකු වූ රසායන විද්‍යාඥයා

ජෝශප් නීඩ්හැම් යනු බටහිර ලෝකයේ බෙහෙවින් ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට චරිතයකි. චීනයේ පැරණි දැනුම ගැන කළ සොයා ගැනීම්වලට අමතරව ඔහු තව කෘති ගණනාවක් රචනා කොට තිබේ. ඔහු වර්ෂ 1900 දෙසැම්බර් 9 වැනිදා ලන්ඩනයේදී උපත ලැබීය. වෛද්‍ය අධ්‍යාපනය ලැබූ නීඩ්හැම් 1925 වසරේ බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වූ Gonville and Caius College ආයතනයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. පසුව ඔහු ඒ විශ්වවිද්‍යාලයේම ජෛව රසායන දෙපාර්තමේන්තුවේ රැකියාවකට බැඳිණි. මේ අතරේ 1937 දී චීන විද්‍යාඥයෝ තිදෙනෙක් කිසියම් අධ්‍යයන කටයුත්තක් සඳහා කේම්බි්‍රජ් සරසවියට පැමිණියෝය. මේ තිදෙනා අතර එක් අයෙක් කාන්තාවක් වීම ඉතිහාසයේ සුන්දර අහම්බයකි. ලූ වෙයි ජෙන් (Lu Gwei-djen) නමැති මේ කාන්තාව ජෝශප්ට මුලින්ම චීනය ගැන උනන්දුවක් ඇති වීමටද හේතුවක් බව කියැවෙයි. ලූ හමුවන විට ජෝශප් විවාහකයෙකි. ඇත්තෙන්ම මේ දැනුම් ගවේෂණය පිටුපස අසම්මත ආදර කතාවක්ද සැඟවී තිබේ.

මේ අනුව මෙකී චීන විද්‍යාඥයන් හා ඇති වූ සම්බන්ධය මත නීඩ්හැම් මුලින්ම චීනයට පා තබා ඇත්තේ 1943 වසරේදී බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට අනුබද්ධ රැකියාවක් සඳහාය. එහිදී ඔහු චීන භාෂාව උගෙන ඇති අතර, වසර හතරක් පමණ චීනයේ ගත කිරීමෙන් පසු 1946 දී නැවත බි්‍රතාන්‍යයට ගොස් තිබේ. මේ චීනයේ ගත කළ මේ කාලය පුරාම ඔහු තමන්ගේ රැකියාවට අමතරව කළ තවත් දෙයක් වූයේ චීනයේ පුරාණ දැනුමට අදාළ මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාධක කන්දරාවක් අධ්‍යයනය කිරීමය. ලූ වෙයි ජෙන් ඇතුළු චීන විද්වතුන් ගණනාවක් ඔහුගේ පර්යේෂණ කටයුතුවලට සිය දායකත්වය ලබාදී තිබේ.

කෙසේ වුවද මෙය කිසිසේත්ම අවුරුදු හතරකින් හමාර වූ පර්යේෂණයක් නොවේ. අවුරුදු හතර ඊට අදාළ මූලික තොරතුරු ඒකරාශී කරගැනීමට පමණි. නීඩ්හැම් එතැනින් පසු බි්‍රතාන්‍යයට ගොස් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සිදුකළේ මේ තොරතුරු පිළිබඳ වැඩි විස්තර අඛණ්ඩව අධ්‍යයනය කිරීමය. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය, බි්‍රතාන්‍ය රාජකීය සමිතිය, යුනෙස්කෝ ආයතනය, රොකෆෙලර් පදනම වැනි ආයතන නීඩ්හැම්ගේ පර්යේෂණවලට අවශ්‍ය අනුග්‍රහය ලබාදී තිබේ. නීඩ්හැම් මෙයට මූලිකත්වය ගත් නමුදු මෙය ඔහුගේ තනි පුද්ගල වෑයමක්ද නොවේ. එය ලෝකයේ විවිධ රටවල විද්වතුන් ගණනාවකගේ දායකත්වයෙන් දියත් වූ මහා පරිමාණ ව්‍යාපෘතියකි. මේ අනුව චීනය පිළිබඳ ජෝශප් නීඩ්හැම්ගේ ගවේෂණ මාලාවේ පළමු කෘතිය 1954දී ප්‍රකාශයට පත්වෙයි. එය Introductory Orientations නම් වෙයි. එතැන් සිට ඔහු විවිධ කාලවල තමන්ගේ පර්යේෂණයට අදාළ කෘති 27ක් ප්‍රකාශයට පත් කළ අතර, මේවා පහත දැක්වෙන ආකාරයට ප්‍රධාන වෙළුම් හතක් යටතේ ගොනු කර තිබේ.

Vol. 1 – Introductory Orientations (1954)

Vol. 2 – History of Scientific Thought (1956)

Vol. 3 – Mathematics and the Sciences of the Heavens and Earth (1959)

Vol. 4 – Physics and Physical Technology (1962 – 1971)

Vol. 5 – Chemistry and Chemical Technology (1974 – 1988)

Vol. 6 – Biology and Biological Technology (1986 – 2000)

Vol. 7 – The Social Background (1998 – 2004)

මේ ඇතැම් වෙළුම්වල ප්‍රකාශිත කාලය වසර කිහිපයක පරාසයක් ලෙස දක්වා ඇත්තේ, ඒ වෙළුමට අදාළ විවිධ කෘති ප්‍රකාශයට පත් වූ කාලය සැලකිල්ලට ගනිමිනි. මෙහි අවසාන කෘතිය ප්‍රකාශයට පත්ව ඇත්තේ ජෝශප් නීඩ්හැම්ගේ මරණින් පසුව වන අතර, ඔහු 1995 ජීවිතයෙන් සමු ගැනීමෙන් පසු වෙනත් අය විසින් අදාළ කෘතියේ වැඩ අවසාන කර තිබේ.

පොත්වල තිබුණු පුදුම කරුණු

මේ පොත් මගින් පුරාණ චීනයේ පැවති ගණිත ක්‍රම, භූ විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව, ඉන්ජිනේරු ශිල්ප ක්‍රම, ඉදිකිරීම් තාක්ෂණය, නාවුක තාක්ෂණය, යුද තාක්ෂණය, රසායනික නිෂ්පාදන, කෘෂි කර්මාන්තය, ආහාර තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, ඖෂධ නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, කැනීම් කටයුතු, භාෂාව, සාහිත්‍ය, දර්ශනවාදය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අනාවරණය කර ඇති කරුණු සම්භාරය ඇත්තෙන්ම විස්මිතය. මීට අමතරව චීනය විසින් සොයාගත් විවිධාකාර නව නිර්මාණ, ඔවුන් ලෝකයට දායාද කළ නොයෙක් මෙවලම්, ඔවුන් විසින් හඳුන්වා දුන් නව තාක්ෂණ ක්‍රමවේද, යන්ත්‍ර සූත්‍ර ගණනාවක් ගැන ජෝශප් නීඩ්හැම් කරුණු අනාවරණය කර තිබේ. මේවා ගැන වැඩිදුර විස්තර සෙවීමට නීඩ්හැම්ගේ බරසාර කෘති මාලාව සොයාගෙන කියවීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. මෙහි මා පෙන්වා දී ඇති මූලික කරුණු ඔස්සේ සරලව අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද මේ පිළිබඳ බොහෝ තොරතුරු ඕනෑම අයෙකුට පහසුවෙන් සොයාගත හැකිය. මේ ලිපිය ඒ සඳහා මූලික ඉඟි සැපයීමක් පමණි.

නීඩ්හැම්ගේ මේ පර්යේෂණ සඳහා බටහිර රටවල්ද අරමුදල් සපයමින් නොයෙක් ආකාරයෙන් දායකත්වය ලබා දී තිබේ. චීනය අදට වඩා ආර්ථික ශක්තිය අතින්, විද්‍යාත්මක දැනුම අතින් ඉතා දුප්පත් මට්ටමක සිටි හතලිහ පනහ දශක තුළ බි්‍රතාන්‍යය වැනි රටවලින් ලැබුණු අනුග්‍රහය මේ ගවේෂණයට වැදගත් පිටුබලයක් වන්නට ඇතැයි සිතිය හැකිය. බටහිර ලෝකය විසින් අනෙක් ශිෂ්ටාචාරවල දැනුම විනාශ කිරීම, යටපත් කිරීම පිළිබඳ පැහැදිලි උදාහරණ බොහෝය. එහෙත් එය සෑම තැනකටම සරලව ගලපාලිය හැකි සමීකරණයක් නොවේ. දැනුම විනාශ කළ අවස්ථා මෙන්ම ගවේෂණයට හා සංරක්ෂණයට ඔවුන් මැදිහත් වූ අවස්ථාද බොහොමයක් තිබේ. ජෝශප් නීඩ්හැම්ගේ සොයාගැනීම් ගැන බොහෝ දෙනා අගය කළා සේම ඒවාට ශාස්ත්‍රීය මට්ටමින් නොයෙක් විවේචනද එල්ල වී තිබේ. ඕනෑම මතවාදයක් ඉදිරිපත් කරන අයෙකුට එවැනි විවේචන එල්ල වීම සාමාන්‍ය තත්ත්තවයකි. එය කිසිම ආකාරය වරදක්ද නොවේ. එසේ වුවද ඒ සියලු වාද විවාද මැද ජෝශප් නීඩ්හැම් විසින් සිදුකළ කාර්යභාරය අද්විතීය වන්නකි.

අසම්මත ආදරය පළ දරයි

ජෝශප් නීඩ්හැම්ට චීනය පිළිබඳ උනන්දුවක් ඇති වීමට හේතු වූ විශේෂ කාන්තාවක ගැන මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ බව ඔබට මතක ඇත. ලූ වෙයි ජෙන් නම් වූ ඇය තම ජීවිත කාලය පුරාම නීඩ්හැම්ගේ පර්යේෂණ සඳහා අඛණ්ඩව සිය දායකත්වය ලබාදී තිබේ. නීඩ්හැම් ගැන ලියැවී ඇති ඇතැම් මූලාශ්‍ර තුළ මේ අසම්මත ආදරය ගැන සැක සංකා මතු කර තිබුණද එය සැබෑවක් බව සනාථ වන්නේ ජීවිතයේ සැන්දෑ සමයේදී මේ දෙදෙනා යුග දිවියටද එළැඹීම නිසාය. 1989 නීඩ්හැම්ගේ පළමු බිරිඳ වූ ඩොරතිගේ (Dorothy Moyle) මරණින් පසු ලූ වෙයි ජෙන් ජෝශප් නීඩ්හැම් සමඟ විවාහ දිවියට එළැඹුණාය. එසේ වුවද ඒ විවාහ ජීවිතය වසර දෙකක් වැනි කෙටි කාලයකට සීමා වූයේ විවාහයෙන් වසර දෙකකට පසු ලු වෙයි ජෙන් මරණයට පත්වීම නිසාය. මේ විවාහය සිදුවන විට නීඩ්හැම්ගේ වයස අවුරුදු 89කි. ලූ වෙයි ජෙන්ගේ වයස අවුරුදු 85කි. ලූ වෙයි ජෙන්ගේ අභාවයෙන් වසර හතරකට පසු එනම් 1995 මාර්තු හතර වැනිදා ජෝශප් නීඩ්හැම්ද තම දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 95කි. කෙසේ හෝ වේවා ඔහු සිය වසර 95ක ජීවිත කාලයෙන් වසර පනහක්ම වැය කළේ වසර 5000ක් වයසැති පුරාණ ශිෂ්ටාචාරයක අභිමානය ලෝකයට පෙන්වා දීමේ ශ්‍රේෂ්ඨ යුග මෙහෙවර උදෙසාය. එතැනින් නොනැවතී දැනුම පිළිබඳ බටහිර කේන්ද්‍රිය කථිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් නූතන විද්‍යාවේ සංවර්ධනයට පෙරදිග ලෝකයේ දායකත්වයෙන් බිඳක් හෝ ලෝකයට පෙන්වා දීම සඳහාය. එහෙයින් ජෝශප් නීඩ්හැම්ගේ නාමය කිසිදා මානව ඉතිහාසයෙන් මකා දැමිය හැක්කක් නොවේ.

දැනුම සහ හීනමාන ලාංකිකයා

අප ශ්‍රී ලංකාවේ පැරණි දැනුම ගැන එක වචනයක් හෝ කතා කරන විට එය ඉවසා දරා සිටීම පවා අසීරු විශාල පිරිසක් අපේ රටේ සිටිති. එවැනි අය බටහිර විද්‍යාඥයන් විසින්ම චීනයේ පැරණි දැනුම ගැන කියූ දේවල් දැන සිටීම වැදගත් විය හැකිය. ලෝකයේ සියලුම දැනුම ශ්‍රී ලංකාවේ මුලින්ම නිර්මාණය වූ බව කියමින් මෙරට ජාතිකවාදීන් උදම් අනන බවට ඇතැම්හු සමච්චල් සහගතව චෝදනා කරති. එහෙත් එය ජාතිකවාදීන්ගේ මතයකට වඩා, ජාතිකත්වයට පහර ගසන්නන් විසින් ඉදිරිපත් කරන අතිශයෝක්ති සහිත තර්කයකි. සියලු දැනුම ලංකාවේ නිර්මාණය වී නැතිවාක් මෙන්ම ශ්‍රී ලංකාවේ සැබවින්ම නිර්මාණය වූ දැනුම අගය කිරීම ද අප විසින් කළ යුත්තකි. එමෙන්ම බටහිර ඇතුළු ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරවල දැනුමටද ඒ ගරුත්වය නිසි පරිදි හිමි විය යුතුමය. මේ ආකාරයට මා චීනය ගැන අදහස් පළ කරනුයේ ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරවල දැනුම මැදහත්ව අගය කිරීමට මිස ශ්‍රී ලංකාව ගැන පමණක් පුරසාරම් දෙඩීමට නොවේ. එමෙන්ම මා මේ පිළිබඳ අවධානය යොමු කළේ කිසිසේත්ම බටහිර විද්‍යාත්මක දැනුම හෙළා දැකීමටද නොවේ. මේ සටහනේ අරමුණ වනුයේ බටහිර දැනුමින් පරිබාහිර වෙනත් දැනුම් පද්ධති ලෝකයේ පැවති බව සහ නූතන විද්‍යාත්මක දැනුම පෝෂණය කිරීමට ඒවායින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණු බව පෙන්වා දීම පමණි.

– ඉසුරු ප්‍රසංග

(2026-07-08 දිවයින පුවත්පත)

nextpagesl.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.