News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන ත්‍රස්තයන්ට රුසියාවේ අපරාධ කිරීමට බටහිර සහය නොමඳව ලැබෙනවා-රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති ආර්.වී. මිරොෂ්නික්

Jul 6, 2026 at 04:09 PM
|

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති (Ambassador-at-Large) ආර්.වී. මිරොෂ්නික් මහතා විසින් 2026 ජූලි 3 වන දින රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් කළ කතාව.

ආදරණීය නෝනාවරුනි, මහත්වරුනි,

2026 වසරේ දෙවන කාර්තුවට අදාළව, සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපගේ කණ්ඩායම විසින් එකතු කර සත්‍යාපනය කරන ලද දත්ත අද මම ඔබ සමඟ බෙදා ගැනීමට සූදානමින් සිටිනවා.

මෙම කාලපරිච්ඡේදය තුළ, රුසියානු සිවිල් ජනතාවට එරෙහිව කියෙව් විසින් සිදු කළ යුද්ධ අපරාධ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ, මරණ සහ තුවාල ලැබූ පිරිස ක්‍රමයෙන් හා සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා.

මෙම වසරේ දෙවන කාර්තුවේ දින 91 තුළ, කියෙව් ත්‍රස්තයන්ගේ අපරාධ හා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 3,040 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එයින් 422 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙය පෙර කාර්තුවට සාපේක්ෂව 76%කට වැඩි (පුද්ගලයන් 1,315ක පමණ) වර්ධනයකි.

දිනකට තුවාල ලැබූ 29 දෙනෙක් සහ මියගිය 5 දෙනෙක්—මෙම සංඛ්‍යාලේඛන වර්තමාන තත්ත්වයයි. කියෙව් පාලන තන්ත්‍රයට අනුග්‍රහය දක්වන රටවල් මේ සඳහා වගකිව යුතුයි. මෙය, හමුදා ඒකාධිපති සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් අපරාධ ත්‍රස්ත පාලන තන්ත්‍රයට සාමුහික බටහිරයන් විසින් ලබා දෙන බිලියන ගණනක මුල්‍යමය සහායෙහි ප්‍රතිඵලයකි.

2022 පෙබරවාරි සිට 2026 ජූනි 30 දක්වා, මුළු සිවිල් ජීවිත හානි සංඛ්‍යාව 30,913 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් 8,434 දෙනෙකු මියගොස් ඇත.

මෑතකදී බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, කියෙව් සටන්කාමීන්ට ප්‍රහාරක ඩ්‍රෝන 150,000ක් පමණ ලබා දී ඇති බවත්, දිනකට ඩ්‍රෝන 400කට වඩා නිවාස, රෝහල්, පාසල් සහ ළදරු පාසල්වලට එල්ල කරන ප්‍රහාර සඳහා සපයන බවත්ය. ලන්ඩනය පමණක් නොව, බ්‍රසල්ස්, බර්ලින්, පැරිස් සහ උතුරු යුරෝපීය රටවල අගනගරද මෙම අපරාධ ජාලයට දායක වී තිබෙනවා.

2025 වසරේදී සිවිල් වැසියන් 6,500 දෙනෙකු තුවාල ලැබූ අතර, දැන් එක් කාර්තුවක් තුළ පමණක් එම සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාවද ඉතා භයානක ලෙස වැඩිවී ඇත—2025 දෙවන කාර්තුවේ 165 දෙනෙකු මියගොස් ඇති අතර, 2026 දෙවන කාර්තුවේ එය 422 දක්වා (තුන් ගුණයකට ආසන්නව) ඉහළ ගොස් ඇත.

මෙම දරුණු සංඛ්‍යා “නව බන්ඩේරාවාදීන්” විසින් සිදු කරන ලද අපරාධවල ප්‍රතිඵලය වේ.

මැයි 22 වන දින ස්ටාරොබෙල්ස්ක් නගරයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට සිදු කළ ප්‍රහාරය විශේෂයෙන්ම දරුණු ප්‍රහාරය්ක් වූවා. එහිදී වයස අවුරුදු 18–19 අතර තරුණියන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මිය ගියා. සමස්ත හානි සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැයි 15 වන දින රියාසාන් නගරයට සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

අප්‍රේල් 22 වන දින සිසරාන් නගරයට සිදු කළ ප්‍රහාරයකින් 12 හැවිරිදි දැරියක් සහ ඇගේ 64 හැවිරිදි ආච්චි මියගොස් තිබෙනවා.සිවිල් ප්‍රවාහන මාර්ග ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මගින් සිදු කරන ලද ප්‍රහාර බහුල වී තිබෙනවා. එනකිවේ නගරයේ බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් 8 දෙනෙකු මියගොස්, අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙවැනි ප්‍රහාර සිවිල් ජනතාව සහ හමුදා අතර වෙනස නොසලකා සිදු කර ඇති අතර, එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව පැහැදිලියි.

2025–2026 කාලය තුළ, ළමුන් 204 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. 2022 පෙබරවාරියෙන් පසුව, ළමුන් 1,600ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, 264 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැයි 25 වන දින ගෝර්ලොව්කා නගරයේදී එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනාම ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අප්‍රේල් 7 වන දින පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් සහ ගුරුවරුන් ඇතුළු සිවිල් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙවැනි ප්‍රහාරවලට වෛද්‍ය සේවකයින්, හදිසි සේවා කාර්ය මණ්ඩලය සහ උපකාරක කාර්ය මණ්ඩලයද ඉලක්ක වී ටිබෙනවා. මෙම කාලය තුළ වෛද්‍ය සේවකයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති අතර 3 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිලන් රථද බහු ප්‍රහාරවලට ලක්ව තිබෙනවා. ගිලන්රථ සේවකයින් සහ හදිසි සේවා කණ්ඩායම්ද ප්‍රහාරවලට ලක්වී තිබෙනවා. පසුගිය මාස තුන තුළ, හදිසි සේවා කාර්ය මණ්ඩලය 36 දෙනෙකු තුවාල ලබා 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

අප්‍රේල්–ජූනි කාලය තුළ සිවිල් වැසියන ජීවත් වන නගරවලට එල්ල වූ වෙඩි ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. රොකට් සහ ඩ්‍රෝන ඇතුළු 55,000කට වැඩි ආයුධ මේ සඳහා භාවිතා කර තිබෙනවා. මෙම දත්ත කියෙව් පාලන තන්ත්‍රය ත්‍රස්තවාදී යුද්ධයක නිරත වී ඇති බව පෙන්වයි. 

බටහිර රටවල් විසින් ලබා දෙන ආයුධ බහුලවම භාවිතා කර ඇත්තේ සිවිල් ජනතා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටයි.

කියෙව් නායකත්වය විසින් භාවිතා කරන “දිගු දුර ප්‍රහාර”, “අසමමිතික ප්‍රතිචාර” වැනි වචන යුද්ධ අපරාධවල සැලසුම්කාරී ස්වභාවය තහවුරු කරයි. පසුගිය මාස තුන තුළ, රුසියාවේ ප්‍රදේශ 42කට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇත. සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් දුරස්ථ බිම් බෝම්බ තැබීමද වැඩිවී ඇත. උදාහරණයක් ලෙස, ඔලෙෂ්කි නගරය වට කරමින් මාර්ග ආශ්‍රිතව බිම් බෝම්බ තැබීමද සිදු කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපි විස්තරාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත. 

අවසන් වශයෙන්, බටහිර රටවල් විසින් මෙම අපරාධ සැඟවීමට සහ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බව අපි අවධාරණය කරනව. 

කියෙව් පාලන තන්ත්‍රය සිදු කළ අපරාධ සඳහා වගකීම අනිවාර්යයෙන්ම පැවරෙනු ඇත.

ඔබගේ අවධානයට ස්තූතියි.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.