News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන ත්‍රස්තයන්ට රුසියාවේ අපරාධ කිරීමට බටහිර සහය නොමඳව ලැබෙනවා-රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති ආර්.වී. මිරොෂ්නික්

Jul 6, 2026 at 04:09 PM
|

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ තානාපති (Ambassador-at-Large) ආර්.වී. මිරොෂ්නික් මහතා විසින් 2026 ජූලි 3 වන දින රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් කළ කතාව.

ආදරණීය නෝනාවරුනි, මහත්වරුනි,

2026 වසරේ දෙවන කාර්තුවට අදාළව, සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් කියෙව් පාලන තන්ත්‍රයේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපගේ කණ්ඩායම විසින් එකතු කර සත්‍යාපනය කරන ලද දත්ත අද මම ඔබ සමඟ බෙදා ගැනීමට සූදානමින් සිටිනවා.

මෙම කාලපරිච්ඡේදය තුළ, රුසියානු සිවිල් ජනතාවට එරෙහිව කියෙව් විසින් සිදු කළ යුද්ධ අපරාධ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ, මරණ සහ තුවාල ලැබූ පිරිස ක්‍රමයෙන් හා සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා.

මෙම වසරේ දෙවන කාර්තුවේ දින 91 තුළ, කියෙව් ත්‍රස්තයන්ගේ අපරාධ හා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 3,040 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එයින් 422 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙය පෙර කාර්තුවට සාපේක්ෂව 76%කට වැඩි (පුද්ගලයන් 1,315ක පමණ) වර්ධනයකි.

දිනකට තුවාල ලැබූ 29 දෙනෙක් සහ මියගිය 5 දෙනෙක්—මෙම සංඛ්‍යාලේඛන වර්තමාන තත්ත්වයයි. කියෙව් පාලන තන්ත්‍රයට අනුග්‍රහය දක්වන රටවල් මේ සඳහා වගකිව යුතුයි. මෙය, හමුදා ඒකාධිපති සෙලෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් අපරාධ ත්‍රස්ත පාලන තන්ත්‍රයට සාමුහික බටහිරයන් විසින් ලබා දෙන බිලියන ගණනක මුල්‍යමය සහායෙහි ප්‍රතිඵලයකි.

2022 පෙබරවාරි සිට 2026 ජූනි 30 දක්වා, මුළු සිවිල් ජීවිත හානි සංඛ්‍යාව 30,913 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් 8,434 දෙනෙකු මියගොස් ඇත.

මෑතකදී බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, කියෙව් සටන්කාමීන්ට ප්‍රහාරක ඩ්‍රෝන 150,000ක් පමණ ලබා දී ඇති බවත්, දිනකට ඩ්‍රෝන 400කට වඩා නිවාස, රෝහල්, පාසල් සහ ළදරු පාසල්වලට එල්ල කරන ප්‍රහාර සඳහා සපයන බවත්ය. ලන්ඩනය පමණක් නොව, බ්‍රසල්ස්, බර්ලින්, පැරිස් සහ උතුරු යුරෝපීය රටවල අගනගරද මෙම අපරාධ ජාලයට දායක වී තිබෙනවා.

2025 වසරේදී සිවිල් වැසියන් 6,500 දෙනෙකු තුවාල ලැබූ අතර, දැන් එක් කාර්තුවක් තුළ පමණක් එම සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාවද ඉතා භයානක ලෙස වැඩිවී ඇත—2025 දෙවන කාර්තුවේ 165 දෙනෙකු මියගොස් ඇති අතර, 2026 දෙවන කාර්තුවේ එය 422 දක්වා (තුන් ගුණයකට ආසන්නව) ඉහළ ගොස් ඇත.

මෙම දරුණු සංඛ්‍යා “නව බන්ඩේරාවාදීන්” විසින් සිදු කරන ලද අපරාධවල ප්‍රතිඵලය වේ.

මැයි 22 වන දින ස්ටාරොබෙල්ස්ක් නගරයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට සිදු කළ ප්‍රහාරය විශේෂයෙන්ම දරුණු ප්‍රහාරය්ක් වූවා. එහිදී වයස අවුරුදු 18–19 අතර තරුණියන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මිය ගියා. සමස්ත හානි සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැයි 15 වන දින රියාසාන් නගරයට සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

අප්‍රේල් 22 වන දින සිසරාන් නගරයට සිදු කළ ප්‍රහාරයකින් 12 හැවිරිදි දැරියක් සහ ඇගේ 64 හැවිරිදි ආච්චි මියගොස් තිබෙනවා.සිවිල් ප්‍රවාහන මාර්ග ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මගින් සිදු කරන ලද ප්‍රහාර බහුල වී තිබෙනවා. එනකිවේ නගරයේ බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් 8 දෙනෙකු මියගොස්, අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙවැනි ප්‍රහාර සිවිල් ජනතාව සහ හමුදා අතර වෙනස නොසලකා සිදු කර ඇති අතර, එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව පැහැදිලියි.

2025–2026 කාලය තුළ, ළමුන් 204 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. 2022 පෙබරවාරියෙන් පසුව, ළමුන් 1,600ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, 264 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැයි 25 වන දින ගෝර්ලොව්කා නගරයේදී එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනාම ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අප්‍රේල් 7 වන දින පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් සහ ගුරුවරුන් ඇතුළු සිවිල් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙවැනි ප්‍රහාරවලට වෛද්‍ය සේවකයින්, හදිසි සේවා කාර්ය මණ්ඩලය සහ උපකාරක කාර්ය මණ්ඩලයද ඉලක්ක වී ටිබෙනවා. මෙම කාලය තුළ වෛද්‍ය සේවකයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති අතර 3 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිලන් රථද බහු ප්‍රහාරවලට ලක්ව තිබෙනවා. ගිලන්රථ සේවකයින් සහ හදිසි සේවා කණ්ඩායම්ද ප්‍රහාරවලට ලක්වී තිබෙනවා. පසුගිය මාස තුන තුළ, හදිසි සේවා කාර්ය මණ්ඩලය 36 දෙනෙකු තුවාල ලබා 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

අප්‍රේල්–ජූනි කාලය තුළ සිවිල් වැසියන ජීවත් වන නගරවලට එල්ල වූ වෙඩි ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. රොකට් සහ ඩ්‍රෝන ඇතුළු 55,000කට වැඩි ආයුධ මේ සඳහා භාවිතා කර තිබෙනවා. මෙම දත්ත කියෙව් පාලන තන්ත්‍රය ත්‍රස්තවාදී යුද්ධයක නිරත වී ඇති බව පෙන්වයි. 

බටහිර රටවල් විසින් ලබා දෙන ආයුධ බහුලවම භාවිතා කර ඇත්තේ සිවිල් ජනතා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටයි.

කියෙව් නායකත්වය විසින් භාවිතා කරන “දිගු දුර ප්‍රහාර”, “අසමමිතික ප්‍රතිචාර” වැනි වචන යුද්ධ අපරාධවල සැලසුම්කාරී ස්වභාවය තහවුරු කරයි. පසුගිය මාස තුන තුළ, රුසියාවේ ප්‍රදේශ 42කට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇත. සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් දුරස්ථ බිම් බෝම්බ තැබීමද වැඩිවී ඇත. උදාහරණයක් ලෙස, ඔලෙෂ්කි නගරය වට කරමින් මාර්ග ආශ්‍රිතව බිම් බෝම්බ තැබීමද සිදු කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපි විස්තරාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත. 

අවසන් වශයෙන්, බටහිර රටවල් විසින් මෙම අපරාධ සැඟවීමට සහ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බව අපි අවධාරණය කරනව. 

කියෙව් පාලන තන්ත්‍රය සිදු කළ අපරාධ සඳහා වගකීම අනිවාර්යයෙන්ම පැවරෙනු ඇත.

ඔබගේ අවධානයට ස්තූතියි.

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.