News Category
From Date
To Date
Maximum Number of Result

වෙන්ඩ නීතිපති සහ කාදිනල් පාර්ශ්වය රණවිරුවන්ගෙන් සහ ජාතියෙන් සමාව ගතයුතුයි..

Jul 2, 2026 at 10:27 AM
|

​අභිමානවත් රණවිරුවාට අධිකරණය තුළදී එල්ල කළ තුච්ඡ නරුම ප්‍රහාරය: නීතිපති දෙපාර්තමේන්තුවට සහ කාදිනල් පාර්ශ්වයට එරෙහිව නැගෙන ප්‍රශ්නය මෙයයි!

​කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයකදී,රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන රජයේ උසස් නීති නිලධාරියෙකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ කාදිනල්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම විසින්,රට වෙනුවෙන් ලේ සහ අවයව පූජා කළ වීරෝධාර රණවිරුවෙකුට සිදු කළ නිග්‍රහය සමස්ත රටවැසියාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

කවුද මේ වීරෝධාර රණවිරුවා?

​දිලීප පීරිස්ගේ මෙම නින්දිත ප්‍රහාරයට ලක්වූයේ 1995 වසරේදී ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ පුද්ගල නාශක බෝම්බයකට හසුවී තමන්ගේ වම් පාදයේ කොටසක් අහිමි කරගනිමින්,අභීතව මව්බිම වෙනුවෙන් සටන් කළ බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලකය.ඔහු විසින් දිනාගෙන ඇති පදක්කම් දෙස බලන්න:

​වීර වික්‍රම විභූෂණ

​රණ ශූර පදක්කම

​දේශ පුත්‍ර පදක්කම

​පූර්ණ භූමි පදක්කම (රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ සෙබළුන්ගේ පූජනීය උරුමය)

​ඉහත ඇති  ඡායාරූපයේ සඳහන් පරිදි,

"ටයි අඳින රස්සාව හැමෝටම කරන්න පුළුවන් වුණාට,තරු අඳින රස්සාව හැමෝටම කරන්න බෑ... Bro..."

යන්න මෙහි ඇති නිරුවත් සත්‍යයයි. සුඛෝපභෝගී වායුසමීකරණය කළ කාමරවල සිටින අයට,සටන් බිමේ මරණය අභියස තමන්ගේ ජීවිතය පූජා කර ලබාගත් මෙම "පදක්කම්" යනු හුදෙක් තහඩු කෑලි විය හැක.නමුත් ඒවා රටේ ඒකීයභාවය සුරැකි සෙබළාගේ රුධිරයෙන් ලියැවුණු ජාතියේ ජීවයේ වීරත්වයේ සංකේතයන්ය.

​අපි ආණ්ඩුවේ සහ නීතිපති පාර්ශ්වය ප්‍රශ්න කරමු.

​අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය තුළදී මෙම රණවිරුවාගේ පදක්කම් "තහඩු කෑලි" එල්ලගෙන එනවා යැයි කියමින් කළේ ඉතාම තුච්ඡ සහ නීච ප්‍රකාශයකි.අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරමු:

​මෙය ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ හෝ නීතිපතිවරයාගේ නිල ස්ථාවරයද?

​රජයේ ඉහළම නීති නිලධාරියෙකුට අධිකරණයක් වැනි ස්ථානයකදී,රට බේරාගත් වීරයෙකුට මෙවැනි තුච්ඡ ලෙස අපහාස කිරීමට අයිතියක් තිබේද?

​රාජ්‍ය යාන්ත්‍රණයේ උසස් නිලධාරියෙකු මෙවැනි නරුම ප්‍රකාශයක් කිරීම යනු වෘත්තීය විෂමාචාරයක් (Professional Misconduct) නොවේද?

මෙය හුදෙක් නීතිමය වාදයකින් ඔබ්බට ගිය,දේශපාලනික අරමුණු සහිතව රණවිරු අභිමානය බිඳ හෙළීමට ගත් උත්සාහයක් බව අපේ ස්ථාවරයයි.

​අපි කාදිනල් පාර්ශ්වයේ ද්‍රෝහී නිහඬතාවය සහ අනුමැතිය ප්‍රශ්න කරමු.

​කාදිනල්වරයාගේ නීතිඥවරයා විසින් මෙම ප්‍රකාශය අනුමත කරමින්, රණවිරුවාගේ පැමිණීම පහත් කොට සැලකීම හරහා ඔවුන්ගේ සැබෑ මුහුණුවර මතුවිය.යුක්තිය සොයන බව පවසන ඔවුහු,තවත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයක වින්දිතයෙකු වන රණවිරුවෙකුට සිදු වූ මෙම අපහාසය දෙස නිහඬව බලා සිටීම හෝ ඊට අනුබල දීම යනු,සැබෑ සාධාරණත්වය පිළිබඳ ඔවුන්ට ඇති අයිතිය අහිමි කර ගැනීමකි.

​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය උල්ලංඝනය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය: නීතිය ඉදිරියේ සැමට සමාන ආරක්ෂාවක් හිමිවිය යුතුය.නමුත් රාජ්‍යයේම නීති නිලධාරීන් විසින් රණවිරුවෙකුට අධිකරණය තුළදී වාචික ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම, රණවිරුවාගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

​නීතිඥ සංග්‍රහය සහ වෘත්තීය ආචාරධර්ම

අධිකරණයක ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටින නීතිඥවරුන්,මෙවැනි වචන භාවිත කරමින් පුද්ගල අභිමානය කෙලෙසීම ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට සහ වෘත්තීය ආචාරධර්මවලට පටහැනි වේ.

අපට මහේස්ත්‍රාත්වරයාගෙන්ද ගෞරවයෙන් යුතුව විමසීමට ප්‍රශ්න කිහිපයක් ඇත.

​අධිකරණ ශාලාවක ගෞරවය, ශිෂ්ටත්වය සහ විනය රැකීමේ පූර්ණ බලය ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇත්තේ විනිසුරු අසුනටයි.එසේ තිබියදී,රට වෙනුවෙන් තම ශරීර අවයව පූජා කළ බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක වීරයාගේ පදක්කම් " තහඩු කෑලි" ලෙස හෑල්ලු කරද්දී,උසාවියේ විනය පාලකයා ලෙස ඔබ නිහඬව සිටියේ මන්ද?

​නීතිඥවරුන් උසාවිය තුළ වෘත්තීය ආචාරධර්ම සහ සභ්‍ය භාෂාව භාවිත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ රීති පවතිද්දී, මෙවැනි අසංවේදී වචන භාවිත කරන විට ඒවා වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස නියෝග කිරීමට ඔබට හැකියාව තිබුණේ නැද්ද?

​ජනාධිපති නීතිඥවරයා විසින් දැඩි ලෙස ඉල්ලා සිටින තුරුම,මෙවැනි ප්‍රකාශයන් අධිකරණ සටහන් පොතට ඇතුළත් කර ගැනීමට විනිසුරු අසුන ස්වේච්ඡාවෙන්ම මැදිහත් නොවීම,රණවිරුවන් කෙරෙහි සිදුවන මෙවැනි වාචික වදහිංසා තවදුරටත් දිරිගැන්වීමක් නොවේද?

යුක්තියේ දෙවඟනගේ දෑස් බැඳ ඇත්තේ අපක්ෂපාතීත්වය පෙන්වීමට මිස,රට වෙනුවෙන් ලේ හැලූ වීරයන් පාවා දෙන තුච්ඡ නරුමයන් දෙස බලා නිහඬව සිටීමට නොවන බව මහේස්ත්‍රාත්වරයා ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියම මතක තබා ගත යුතුය!

​නීතිමය ක්‍රියාමාර්ග සහ ජනාධිපති නීතිඥවරයාගේ මැදිහත්වීම

​සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් අදාළ නීච වචන සියල්ල අධිකරණ වාර්තාවට (Court Record) ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීම අතිශය ප්‍රශංසනීය සහ තීරණාත්මක පියවරකි.මෙයින් තහවුරු වන්නේ මෙම නින්දිත ප්‍රකාශ අධිකරණ සටහන් පොතේ සදාකාලිකවම සටහන් වූ බවයි.

ඉදිරියේදී අදාළ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) හමුවේ වෘත්තීය විෂමාචාරයන් සම්බන්ධයෙන් නඩු පැවරීමට මෙය අතිශය ප්‍රබල නෛතික සාක්ෂියක් වනු ඇත.

​අපේ අවසාන නිගමනය

​සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් අදාළ නීච වචන සියල්ල අධිකරණ වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීම අතිශය කාලෝචිතය.මෙම සිදුවීම සුළු කොට තැකිය නොහැක.

​සමාජයේ පවතින තුච්ඡ ඊර්ෂ්‍යාව සහ නරුමවාදය නිසා,රටේ වීරයන්ට එරෙහිව මෙවැනි ක්‍රියා සිදු කිරීමේදී,ශ්‍රී ලාංකීය ජනතාව ලෙස අප මීට එරෙහිව නැගී සිටිය යුතුය.ආණ්ඩුවේ පාර්ශ්වය සහ කාදිනල් පාර්ශ්වය වහාම රටේ සියලු රණවිරුවන්ගෙන් සහ බළපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක මහතාගෙන් සමාව ගත යුතුය.

​රණවිරු අභිමානය පාවා දෙන,ඔවුන්ගේ පදක්කම් "තහඩුඩ කෑලි" ලෙස හඳුන්වන දේශපාලන සහ නීතිමය අතකොළු රටට කිසිදා අවශ්‍ය නොවේ!

රණවිරුවන් වෙනුවෙන් 

රටේ රාළ

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.