1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්රහය - ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.
කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්ය විචාරය ආදී නන්විධ ක්ෂේත්රයන්හි ප්රවීණයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැනට අප අතර සිටින ජ්යෙෂ්ඨතම ලේඛකයා සේම වික්රමසිංහ මහතාගේ සමකාලීනයකු ද වෙයි. එකල වික්රමසිංහ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ පේරාදෙණිය සාහිත්යයේ නියමුවකු වූ අමරසේකර පසුව සිය කෘතීත් පේරාදෙණිය සාහිත්යයත්, ප්රතික්ෂේප කරමින් වික්රමසිංහ මඟ ගත්තේය. එකල පේරාදෙණි සාහිත්යකරුවන්ගේද නොමද ප්රශංසාවට ලක් වූ 'විරාගය' නවකතාව මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටම නවකතාව බව විචාරක මතයයි. 1956දී පළ වූ මෙම නවකතාවට පසුගියදා 60 වසරක් සම්පූර්ණ විය. මේ ඒ නිමිත්තෙන් අමරසේකර මහතා සමඟ 'වටමඬල' කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)