News Category
From Date
To Date
Maximum Number of Result

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත්වීම පිළිබඳව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සුභාශිංසන එක්කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යය මුහුණ දීමට නියමිත තීරණාත්මක අභියෝගය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවට සහ රට වැසියාට අනතුරු ඇඟවීම සදහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන 58ක් මගින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට සංදේශයක් යොමුකර ඇති අතර, එම සංදේශය අද පුවත්පත් වල පළ වී තිබිණි.

'බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම: අවසන් සැතපුමට පාර කපන පිනීවා යෝජනාවට එකඟ නොවනු' යන මැයෙන් රණවිරු පවුර සහ දෙවන පරපුර පක්ෂය විසින් පවතින අනතුර පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ මහජන විරෝධය මගින් ආණ්ඩුවට බලපෑම් කිරීම මුල්කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. තාවකාලික වාචික ගිවිසුම්වලට ඔවුන් එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු සහ පොදුජන එකසත් පෙරමුණේ මහලේකම්වරයකු වූ සහ කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ දී මු ජයරත්න මහතා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනයගේ පාලනය යටතේ පැවතී 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන එවකට ප්‍රබලතම දේශපාලන නායකයින් නියෝජනය කළ හමබන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයට පරාජය වීම පිලිබදව විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවවක් පවත්වමින් වී මිල පහත වැටීම මත ගොවීන් විසින් පොදුජන පෙරමුණ පරාජයට පත්කළ බව ප්‍රකාශ කරන ලදී. චන්ද්‍රිකා කුමාරණතුංගගේ පාන්පිටි සහනාධාරය ඉවත් කළ යුතුයයි දැඩිලෙස ඔහු ප්‍රකාශ කළද එයට පෙර 2001වර්ෂයේදීම පොදු පෙරමුණ දෙකඩ වීමෙන් පරාජයට පත්වූ බැවින් එය සාකච්ඡාවට ගැනුනේ නැත.

අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.

ඕගස්ටෝ ඔලිවාරිස් කියන්නේ බොහොම පළපුරුදු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් සේවය කළා. චිලී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෙක් වෙච්ච ඔහු සැල්වදෝර් අලියැන්දේගේ හොඳ ම මිත්‍රයා බවටත් පත්වෙලා හිටියා. අලියැන්දේ ජනාධිපති ධුරයට පත් කරන්නත් ඔහු කැපැවෙලා වැඩ කළා. අලියැන්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරපු ඔහු චිලී ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කළා.

2025 අප්‍රේල් 05 දා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 07ට එරෙහි ව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා තීරණය කළේ ය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.