News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව වෙනිසියුලානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට පෙළඹීමට තිබෙන ඉඩ කඩ අවම වුවත් දිගු කාලිනව වෙනිසියුලාව අභ්‍යන්තරයෙන් බිඳ වැට්ටවීමේ ක්‍රියා මාර්ග ආපසු හරවන්නේ නැහැ- ජීවන්ත ජයතිස්ස, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

Nov 14, 2025 at 01:13 PM
|

වෙනිසියුලාවට අමෙරිකාව සෘජුව යුදමය ප්‍රහාර එල්ල නොකළද අමෙරිකානු ඔත්තු සේවා දිගු කාලින වශයෙන් වෙනිසියුලානු සමාජය බිඳ වැට්ටවීමේ උපක්‍රමය අතහැර නොමැති බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය සඳහන් කරයි.

එම සහයෝගීතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා පවසන්නේ  වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට අමෙරිකාව විසින් එල්ල කරන මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව ඉතා පැහැදිළිවම ව්‍යාජ හේතුවක් මවා පාමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ගාන්නා උත්සාහයක් බවත් වෙනිසියුලානු ආක්‍රමනයට තිබෙන විරෝධතාවය සමස්ත අමෙරිකානු ජනයාගේ අභිලාශය පිළිබිඹු කිරීමක් වන හෙයින් නව තත්වය තුළ අමෙරිකාව වෙනිසියුලානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සහා ගන්නේ නොගනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

ජීවන්ත ජයතිස්ස මහතා සමග මේ පිළිබඳව ලංකා ලීඩර් පැවැත්වූ සංවාදය පහළින්..

ප්‍රශ්නය : පසුගිය 6 වනදා අමෙරිකානු සෙනට් සභාවට ඉදිරිපත් වූ ,  වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියමාර්ග ගැනීමට පෙර කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවට වන පනත පරාජයට පත්වූවා. ඒ අනුව කොංග්‍රස් අනුමැතියකින් තොරව අමෙරිකානු ජනාධිපතිවරයාට වෙනිසියුලාවට පහර දිය හැකියි. මේ සම්බන්ධයෙන් ඔබගේ විග්‍රහය කුමක්ද?

ජීවන්ත ජයතිස්ස : ඔව්! ඔබ පැවසූ දෙය නිවැරැදියි. දැන් ට්‍රම්ප්ට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතියකින් තොරව වෙනිසියුලාවට පහර දිය හැකියි. නමුත් අපි පනත පරාජය වීමේ වටපිටාව මදක් විමසා බලමු. අමෙරිකානු සෙනට් සභාව අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකින්ම සභිකයන් දෙදෙනෙකු අයත් වන ලෙස සභිකයන් 100 දෙනෙකු ගෙන් සමන්විත ආයතනයක්. පරාජයට පත් වූ පනතට පක්ෂව ඡන්ද 49 ක්ම ලැබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකුත් පනතට පක්ෂව ඩිමෝක්‍රටික් පක්ෂය සමඟ එකතුව ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ අනුව මෙම පනත ගෞරවාන්විත පරාජයක් අත්පත් කරගත් පනතක්. මම එසේ පවසන්නේ පනත පරාජය වන්නේ යන්තමින් වීම පදනම් කරගෙන. සෙනෙට් සභාවේදී පනත ජයග්‍රහනය කළා නම් සහ මේ පනත අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවට ගෙන ගියේ නම් කොංග්‍රසයේදී මේ පනතට විශාල අනුමැතියක් ලැබීමට ඉඩ තිබුණාය යන විශ්වාසයෙන් යුතුවයි. එනම් කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව ජනාධිපතිවරයාට හමුදා ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වනු ඇත. අමෙරිකානු කොංග්‍රසයේ මුළු ඡන්ද බලය ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 535 ක් වන අතර, එයට සෙනෙට් සභිකයින් 100 ක් සහ සෘජු නියෝජිතයින් 435 ක් ඇතුළත් වෙනවා. එම නියෝජිතයන් 435න් 213 ක්ම ඩිමෝක්‍රටික් පක්ෂයේ නියෝජිතයන් වන අතර රිපබ්ලිකන්වරු 219 ක් සහ නියෝජිත මන්ත්රීවරු 3න් දෙනෙකුගේ අඩුවක් සහිතවයි 2025 සැප්තැම්බර් 10 වනදා වන විටත් කොංග්‍රසය ක්‍රියාත්මක වූවේ. අනෙක් අතට සෙනට් සභාව තුළ ඉතා සුළුතරයකින් පනත ජයග්‍රහනය කිරීම මගින් පෙන්වූ වෙනිසියුලානු ආක්‍රමනයට තිබෙන විරෝධතාවය සමස්ත අමෙරිකානු ජනයාගේ අභිලාශය පිළිබිඹු කිරීමක් වන අතර ඔවුන්ට තවදුරටත් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට වඩා තමන් වර්තමානයේ මුහුණ දෙන අර්බූදයන්ට විසඳුම් අවශ්‍ය බව අවධාරණය කිරීමක්. 

අනෙක් අතට පසුගියදා නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරයට තේරී පත් වූ සොහ්රාන් මම්දානි සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වමින් ඔහුව ”කොමියුනිස්ට් පිස්සෙකු” ලෙස හංවඩු ගැසුවා.මම්දානිගේ ප්‍රතිපත්ති නිව්යෝර්ක් වැසියන්ට මියාමි වෙත පලා යාමට බල කරනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූවා. ඒවා කිසිවකට නිව්යෝක් පොදු ජනයා ඇහුම්කන් නොදීම තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද වියරුව නිව්යෝක් ජනයා පවා අනුමත නොකරන බව තහවුරු වෙනවා. මම්දානිගේ ජයග්‍රහනය වත්මන් අමෙරිකානු ජනයාගේ අභිලාශයන්ගේ හරස්කඩ පිළිබිඹුවක් කියායි මා හිතන්නේ. 

ප්‍රශ්නය : වෙනිසියුලාවේ ජනාධිපත් නිකොලොස් මදුරෝ මත් ද්‍රව්‍ය ජාවාරම්කාර කාටලයක නායකයෙකු ලෙස හැන්දින්වෙනවා. ඒ වගේම අමෙරිකානු හමුදා වෙනිසියුලානු අවට මුහුදේ නැංගූරම් ලා සිටීම හේතුවෙන් මුහුදෙන් අමෙරිකානු රාජ්‍ය වෙත කෙරෙන මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවත් පැවසෙනවා. ඒ අනුව අමෙරිකාවට විෂ මත් ද්‍රව්‍යය ඇතුල්වීම වැලැක්වීමේ ශුද්ධ වූ අයිතියක් අමෙරිකානු ජනාධිපතිවරයාට තිබෙනවා නේද?

ජීවන්ත ජයතිස්ස : විෂ මත් ද්‍රව්‍ය තම රාජ්‍ය තුලට ඇතුල්වීම වැලැක්වීමේ ශුද්ධ වූ අයිතිය අමෙරිකාවට පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රාජ්‍යයක නායකයෙකුට තිබෙන අනුලංඝනීය අයිතියක්. අමෙරිකාව එම ජනප්‍රිය මතය භාවිත කරමින් වෙනිසියුලාවේ නිකොලොස් මදුරෝට තම රාජ්‍යය තමන් සතු ස්වාභාවික සම්පත් උපයෝගී කරගනිමින් ගොඩ නැගීමට ඇති ශුද්ධවූ අයිතිය අහිමි කිරීම සඳහා ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් ලේ වැකි  මැදිහත් වීමක් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

වෙනිසියුලාව අමෙරිකානු භූමියේ විෂ මත් ද්‍රව්‍යය ජාවරමේ යෙදෙනවාය යන චෝදනාව අමෙරිකානු වාර්තාවලින්ම මුසාවක් බව ඔප්පු වෙනවා. 2025 වසරේ එක්සත් ජනපද භූමියට තර්ජනයක් වන මත් ද්‍රව්‍යය ජාවාරම් මෙහෙයුම්වල යෙදෙන නායකයින් හෝ අනුබල දෙන්නන් අතර වෙනිසියුලානු රජය සඳහන් නොවන බව අමෙරිකානු මත්ද්‍රව්‍යය බලාත්මක කිරීමේ ඒජන්සිය  ( Drug Enforcement Administration-DEA) කළ තක්සේරු වාර්තාව මගින් තහවුරු වෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍යය  හා අපරාධ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 ලෝක මත් ද්‍රව්‍යය වාර්තාව මගින් වැදගත් තොරතුරු සමුදායක් එළිදරව් වෙනවා. එම වාර්තාව එක්සත් ජනපදය කලාපයේ මෙන්ම සමහර විට ලෝකයේ විශාලතම මත් ද්‍රව්‍යය  වෙළඳපොළ බවට පත්ව තිබෙන බව පසනවා. ඒ වගේම විශාලතම මත් ද්‍රව්‍යය  ජාල එක්සත් ජනපදය සතුව තිබෙන බව එම වාර්තාව පවසනවා.  එම වාර්තාවට අනුව අමෙරිකාව විෂ මත් ද්‍රව්‍යය  භාවිතය ප්‍රවර්ධනය කිරීම, බෙදා හැරීම කළමනාකරණය කිරීම  සහ ජාවාරම් කිරීම සහ ලාභය හසුරු වීමද කරනු ලබනවා.

එවැනි මත් ද්‍රව්‍යය ජාල විසින් විෂ මත් ද්‍රව්‍යය ජාවාරමෙන් ලැබෙන  මුදල් සමස්ථ අමෙරිකාවේම ආර්ථිකය තුළ සාපේක්ෂ දඬුවම් විරහිතව විශුද්ධිකරණයෙහි යොදවන අතර රජය විසින් ඒවා නැවැත්වීමට බරපතල හා ඵලදායී උත්සාහයන් නොගන්නා බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද විෂ මත් ද්‍රව්‍යය  වෙළඳපොළෙන් ලැබෙන අතිවිශාල නීති විරෝධී ආදායම මගින් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල මත් ද්‍රව්‍යය  ජාවාරම් ජාල මතුවීම සහ ක්‍රියාත්මක වීම දිරිමත් කෙරෙනවා. එපමණක් නොවෙයි අමෙරිකාවේ බලවත් අවි කර්මාන්තය වාණිජකරණය කිරීම සඳහා අමෙරිකානු රජය පාලනයකින් තොරව ලබා දී ඇති වරප්‍රසාද, කලාපයේ අපරාධ සංවිධානවල මැර බලය පෝෂණය කරනු ලබන බවත් එම වාර්තාව අධ්‍යනයෙන් පෙනී යනවා. එක්සත් ජනපදය තුළ විෂ මත් ද්‍රව්‍යය  සම්බන්ධයෙන් වන මූල හේතු ඉවත් නොකිරීමට කටයුතු කිරීම ,ඒවා නොසලකා හැරීම සහ අසමත් වීම මගින් මත් ද්‍රව්‍යය  වසංගතයේ කලාපීය බලපෑම තීව්ර කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව තම නිවස තුළ හට ගෙන ඇති ගින්න නිවා නොදමා ගින්නක් නැති තැනක ගිනි නිවීමේ මුවාවෙන් ගින්නක් ඇතිකිරීමට උත්සහ ගනිමින් සිටිනවා. එලෙසම මෙම ව්‍යාජ මතය කරුණු සොයා බැලීමකින් තොරව ප්‍රචාරය කරන බටහිර ජන මාධ්‍ය විසින් ලෝක ජනයා තාවකාලිකව මුලාවට පත් කර තිබෙනවා.

ප්‍රශ්නය : ඔබ පවසන ආකාරයට අමෙරිකාව යනු භයානක බූවල්ලෙක්. ඔවුන් ලතින් අමෙරිකානු කලාපයම අමාරුවේ දැමීමට මත් ද්‍රව්‍යය කාටල පවත්වාගෙන යාමට අනුබල  දෙනවා. ඔබ පවසන ආකාරයට අමෙරිකාව ලතින් අමෙරිකානු කලාපයේ ජනයාගේ උන්නතිය වෙනුවෙන් කිසිදු ධනාත්මක වැඩ පිළිවෙලකට අනුව මැදිහත් වන්නේ නැතිද?

ජීවන්ත ජයතිස්ස : සෘජු පිළිතුර නම් නැත යන්නයි. මක් නිසාද යත් අමෙරිකානු විදෙස් පිළිවෙතම අනෙකුත් රටවල් දුර්වල කිරීම කොල්ල කා ගැනීම මතම පදනම් වෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක සිට අමෙරිකාව කලාපයේ රටවල් මෙන්ම සමස්ත ලෝකයේම රටවල් අස්ථාවර කිරීමට විවිධ ක්‍රමවේද යොදා ගන්නවා. ඔබ දන්නවා ලෝක ජනයාගේ ගෞරව ආදරයට පත් වුනු රටවල් අතර කියුබාව අංක එකට පත්ව තිබෙන බව. එහෙත් කියුබානු විප්ලවය සිදු වූ දින සිටම කියුබාවට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. ඒ වගේම එම සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියුබාව විසින් වසර 30කට වැඩි කාලයක් තිස්සේ යෝජනා ඉදිරිපත් කරනවා. එම යෝජනාව රටවල් විශාල ගණනක් අනුමත කර තිබෙනවා. මේ වසරේ රටවල් 165 ක් කියුබාවේ යෝජනාව අනුමත කළා. 2024 වර්ෂයේදී රටවල් 187ක් කියුබාවේ යෝජනාව අනුමත කළා. නමුත් කියුබාවට පනවා ඇති සම්බාධක තවමත් අමෙරිකාව ඉවත් කර ගෙන නැහැ. කියුබාව කියන්නේ යුදමය අතින් බලවත් හෝ ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටක් නෙවෙයි. ඒ අනුව අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඇති කුහකත්වය කියුබාව පමණක් උදාහරණයට ගෙන වුවත් තේරුම් ගත හැකියි. වෙනිසියුලාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී අපට සමාජවාදී සෝවියට් රුසියාවේ බිඳ වැටීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට සිදු වෙනවා. 1991 දෙසැම්බර් 26 වනදා වන විට සමාජවාදි සෝවියට් රුසියාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එතැන් පටන් පැවැති ද්වි ද්‍රැවීය දේශපාලන ලෝකය ඒක ද්‍රැවීය දේශපාලන ලෝකයක් බවට පත් වූවා. ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි බටහිර විද්වතුන් ලෝකය තනි ආධිපත්‍යකට යටත් වූ බව කියමින් උදම් ඇනුවා. සමාජවාදී සෝවියට් රුසියාව සමඟ බැඳී සිටි නැගෙනහිර යුරෝපයේ රටවල් වේගයෙන් කඩා ගෙන වැටුනා. නව රටවල් බෝල්කන් කලාපය ආශ්‍රිතව බිහි වුනා. බෝල්කනීකරනය යන වචනය දේශපාලන ශබ්ධ කෝෂයට එකතු වීමට තරම් මේ කඩා වැටීම ප්‍රභල වූවා. එතැන් පටන් අමෙරිකාව හැසිරුණේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි මහා අධිරාජ්‍යක් ගොඩ නැගූ රාජ්‍යය ලෙස. අධිරාජ්‍යවාදය බිඳ දැමීමට නම් අධිරාජ්‍යවාදී බූවල්ලාගේ අඬු දඬු කැපිය යුතුයි කියා ලෙනින් හඳුන්වා දුන් සිද්ධාන්තය ආපස්සට හරවමින් අධිරාජ්‍යවාදී බූවල්ලාට සිය කාර්ය පහසු කරමින් පරිධියේ රටවල් කැබැලි වලට කඩා දමමින් අමෙරිකාවේ සුරතලුන් බවට පත් වීම හෝ විනාශය කර පා නැගීම යන තේරීම් දෙකෙන් එකක් තෝරා ගැනීමට බලකරනු ලැබුවා. 

ප්‍රශ්නය : ඔබ පවසන ආකාරයට වෙනිසියුලාව ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තයට අභියෝග කළ රටක්ද?  ඔබ එසේ පවසන්නේ නම් එයට ඇති සාක්ෂි මොනවාද?

ජීවන්ත ජයතිස්ස : ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තයට අභියෝග කළේ වෙනිසියුලාව පමණක් නෙවෙයි. ලතින් අමෙරිකාවේම කුඩා දූපත් රාජ්‍යක් වන කියුබාවත් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තය ප්‍රායෝගිකව අභියෝගයට ලක් කළා. චීනය, උතුරු කොරියාව, ලිබියාව, ඉරාකය, ඉරානය වැනි රාජ්‍යත් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තයට අභියෝග කළ රටවල්. නමුත් ඉරාකය, ලිබියාව වැනි රටවල් එම අභියෝගය තුළම විනාශයට ගොදුරු කරනු ලැබුවා. අභියෝගය ප්‍රායෝගිකව ගලප්පා ගැනීමට ඔවුනට නොහැකි වුණා. කියුබාව තම අභියෝගය වඩාත් නිර්මාණශීලීව ජය ගැනීමට මෙතෙක් කටයුතු කර තිබෙනවා.

ප්‍රශ්නය : එසේනම් වෙනිසියුලාව ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තයට අභියෝග කිරීමේ වැදගත්කම මොකක්ද?

ජීවන්ත ජයතිස්ස : ඔබගේ පැනය ඉතා වැදගත් පැනයක්. ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්ත්යට අභියෝග කළ රටවල් අතර වෙනිසියුලාව වඩා වැදගත් වන්නේ ඇයි? ඒ සඳහා පිළිතුරු දීමට අපි වෙනිසියුලාවේ ඉතිහාසය සැකෙවින් සලකා බලමු. වෙනිසියුලාවේ අධ්‍යාත්මය සයිමන් බොලිවාර් නම් නිදහස්කාමියයි. ඔහු එල් ලිබර්ටඩෝර් නොහොත් ලතින් ඇමරිකාවේ විමුක්තිදායකයා ලෙස හඳුන්වනවා. ඔහු 1819 දී නිව් ග්‍රැනඩා, 1821 දී වෙනිසියුලාව සහ පැනමාව, 1822 දී ඉක්වදෝරය, 1824 දී පේරු සහ 1825 දී බොලිවියාව ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා. ලතින් අමෙරිකානු කළාපයේ නිදහස සම්බන්ධයෙන් ඔහු තුළ වූ දැක්ම කළාපයේ ජනතාව හදවතින්ම භාරගත් දර්ශනයක් බවට පත් වූවා. ඔහු පාදා දුන් නිදහසේ මාවත යළි එලි පෙහෙළි කරගත් හමුදා සෙබලෙක් වෙනිසියුලානු භූමිය තුල ඉස්මතු වූවා. බරිනස්හි සබනෙටා හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ වෘත්තීය හමුදා නිලධාරියෙකු වූ හියුගෝ චාවේස් නව වෙනිසියුලාවේ විමුක්ති දායකයා වූවා. පුන්ටොෆිජෝ ගිවිසුම මත පදනම් වූ වෙනිසියුලානු දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් අතෘප්තියට පත්ව සිටි  ඔහු 1980 දශකයේ මුල් භාගයේදී රහසිගත විප්ලවවාදී බොලිවේරියානු ව්‍යාපාරය-200 ( Revolutionary Bolivarian Movement-200; MBR-200) ආරම්භ කරනු ලැබුවා. 1992 දී එවකට වෙනිසියුලානු ජනාධිපති කාලෝස් ඇන්ඩ්‍රසේ පෙරෙස්ගේ  රජයට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට චාවේස් MBR-200 මෙහෙයවූවා. ඒ නිසා ඔහුට සිරගත වීමට සිදු වුණා. මේ තමයි වෙනිසියුලාව තුළ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ශිෂ්ඨාචාරයේ අවසානය නම් සිද්ධාන්තය ප්‍රායෝගිකව අභියෝගයට ලක් කළ පළමු අවස්ථාව.වසර දෙකකට පසු සිරෙන් නිදහස් වූ  ඔහු පස්වන ජනරජ ව්‍යාපාරයේ දේශපාලන පක්ෂය ආරම්භ කළ අතර, පසුව 56.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, 1998 දී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූවා. ඉන් පසු 2000 වෙනිසියුලානු මහ මැතිවරණයේදී 59.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සහ 2006 වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී 62.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු නැවත තේරී පත් වූවා. 2012 වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී 55.1% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිව්වන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2013 ජනවාරි 10 වන දින දිවුරුම් දීමට නියමිතව තිබියදී පිළිකා රෝගය හේතුවෙන් මාර්තු 5 වන දින වයස අවුරුදු 58 දී ඔහු කැරකස්හිදී මිය ගියා. එහෙත් ඔහු කලාපයේ අධිරාජ්‍ය විරෝධී භූමිකාව මැනැවින් ඉටු කළා.

ප්‍රශ්නය : ඔබගේ පැහැදිලි කිරීමට අනුව හියුගෝ චාවේස් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ සිද්ධාන්තය අභියෝගයට ලක් කලත් පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයට සමුදීමත් සමඟම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවයි මගේ හැඟීම.

ජීවන්ත ජයතිස්ස : කොහෙත්ම නැහැ! ඔහු හුදු අභියෝග කරුවෙක් පමණක් නොවෙයි. ඔහු අධිරාජ්‍යවිරෝධී අරගලය සන්නද්ධ සටන් වලින් ඔබ්බට ගෙන ගොස් නව ලෝක තත්වයන්ට අනුකූල වන ලෙස ස්ථානගත කිරීමට සමත්වූ නායකයෙක්. මා පවසන දේට ප්‍රභල සාක්ෂියක් ඉදිරිපත් කරන්නම්. වරක් බොලිවියාවේ ජනාධිපතිව සිටි ඉවෝ මොරාලෙස් බොලිවියාවේ ඉදිරි දේශපාලන ගමන් මග සකස් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝගෙන් විමසා සිටියා. ෆිදෙල් කස්ත්‍රෝ යනු සාර්ථක සන්නද්ධ විප්ලවයකින් පසුව කියුබාව සමාජවාදී රටක් ලෙස ලෝකයේ දැඩි අවධානය දිනාගැනීමට සමත්වූ මානව සංවර්ධනයක් කියුබාව තුළ ඇති කිරීමට දායක වූ නායකයායි. එහෙත් කස්ත්‍රෝගේ පිළිතුර වූවේ ඔබ ඉගෙන ගත යුත්තේ හියුගෝ චාවේස්ගෙන් මිස ෆිදෙල් කස්ත්‍රෝගෙන් නොවන බවයි. ෆිදෙල්ගේ එම වචන තුළින් චාවේස්  නව ලෝක පර්යාය තුළ කොතරම් දේශපාලනිකව වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇත්දැයි තහවුරු වෙනවා.

හියුගෝ චාවේස් වෙනිසියුලාව සහ රුසියාව අතර දැඩි සබඳතා ගොඩ නගා ගැනීමට සාර්ථක උත්සහායක යෙදුනා. 2005 වර්ෂයෙන් සිට වෙනිසියුලාව රුසියාවෙන් ඩොලර් බිලියන 4 කට වඩා වටිනා අවි මිලදී ගනු ලැබුවා. එසේම 2008 වර්ෂයේදී, රුසියාව පුහුණු ගුවන් ගමන් සඳහා ටුපොලෙව් ටූ-160 බෝම්බ හෙලන යානා වෙනිසියුලාවට යවනු ලැබුවා. 2008 නොවැම්බර් මාසයේදී, වෙනිසියුලාව සහ කැරිබියන් දූපත් වල ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පවා පැවැත්වුවා. 2008 වර්ෂයේදී වෙනිසියුලානු සහ රුසියනු ජනාධිපතිවරු මාස පහක් ඇතුලත  තුන් වරක් එකිනෙකා මුණ ගැසුණා.

2008 වසර තුළ පමණක් වෙනිසියුලාව සහ රුසියාව සහයෝගීතා ගිවිසුම් 46ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ෆුකුයාමා වර නැංවූ ඒක ධ්‍රැව ලෝකය බිඳ වැට්ටවීමට චාවේස් රුසියාව සමඟ සන්ධානගත වූවා. එය චාවේස් විසින් බහු ධ්‍රැව ලෝකයක් ගොඩනැගීම වෙනුවෙන් කළ දැවැන්ත දායකත්වයක් ලෙස සැලකිය හැකියි.

ප්‍රශ්නය : ඔබ විස්තර කළ ආකාරයට හියුගෝ චාවේස් නව ලෝක පර්යාය තුළ ගනුදෙනු කර ඇත්තේ රුසියාව සමඟ පමණද? ඒ ගනු දෙනුවත් යුදමය ක්ෂේත්‍රය තුළ පමණද?

ජීවන්ත ජයතිස්ස : නැහැ! ඔහු චීනය සමඟත් හොඳ සබඳතාවයක් ගොඩ නගා ගැනීමට කටයුතු කළා. මහජන චීන සමූහාණ්ඩුව සහ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය අතර හොඳ සබඳතාවයක් ගොඩ නගා ගැනීමට කටයුතු කළා. දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1944 අගෝස්තු මාසයේ සිට ස්ථාපිත කර තිබුණු අතර 1999 ට පෙර වෙනිසියුලාවේ එක් ජනාධිපතිවරයෙකු පමණක් චීනයේ සංචාරය කර තිබුණා. නමුත් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ හියුගෝ චාවේස්ගේ ජනාධිපති ධුර කාලය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරුන් වූ  ජියැං සෙමින් සහ හූ ජින්ටාඕගේ ධුර කාලය තුළ සහයෝගීතාවය කැපී පෙනෙන ලෙස වර්ධනය කර ගැනීමට කටයුතු කළා. 

ප්‍රශ්නය : නමුත් චාවේස්ගේ අභාවයෙන් පසු මදුරෝගේ පාලන කාලය තුළ වෙනිසියුලාව දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ඔබ එය විග්‍රහ කරන්නේ කෙලෙසද?

ජීවන්ත ජයතිස්ස : ඔබ පවසන දේ සත්‍යයක්. හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ මදුරෝට දැවැන්ත අභියෝග වලට මුහුණ දීමට සිදු වුණා. වර්ණ විප්ලව ආකෘතියෙන්  මදුරෝගේ පාලනය බිඳ දැමීමට කටයුතු කළ අමෙරිකානු අධිරාජ්‍යවාදීන් මාරියා කොරිනා මචාඩෝ වැන්නවුන් යොදා ගනිමින් වෙනිසියුලානු සමාජය තුළ දැවැන්ත ප්‍රචන්ඩ ක්‍රියා මාලාවක් දියත් කරනු ලැබුවා. ඒ මගින් නිර්මාණය කළ අර්බූදය තුළ 2016-2017 වසර වලදී වෙනිසියුලාවේ උද්ධමනය දැවැන්ත ලෙස ඉහළ ගියා. වෙනිසියුලානු ජන ජීවිතය දැඩි අසීරුතා වලට මුහුණ දුන්නා. නමුත් වෙනිසියුලාවේ මහජනයා නිවැරැදි ලෙස පෙල ගැස්සවීමට සමත් වුණු එක්සත් සමාජවාදී පක්ෂය ප්‍රමුඛ මදුරෝගේ නායකත්වය මේ අභියෝගය ඉතාමත් ඉහලින් ජයගත්තා. 

ප්‍රශ්නය : නමුත් මදුරෝට එල්ලවන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යන චෝදනාව සමඟ අමෙරිකානු හමුදා වෙනිසියුලාවට කඩා වැදීමට ආසන්නව නේද පවතින්නේ?

ජීවනත ජයතිස්ස : මා ඉහත පෙන්වා දුන් පරිදි වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට අමෙරිකාව විසින් එල්ල කරන මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව ඉතා පැහැදිළිවම ව්‍යාජ හේතුවක් මවා පාමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ගාන්නා උත්සාහයක්. වෙනිසියුලාව ආක්‍රමණය කරන ලෙස ඉල්ලා සිටින මාරියා කොරිනා  මචෝඩෝ වැනි අන්ත දක්ෂිනාංෂික මනුෂ්‍ය ඝාතන චෝදනා වලට ලක්ව ඇති තැනැත්තියකට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම පවා සිදුවන්නේ න්‍යාය පත්‍රයකට අනුවයි. එය ඔප්පු වන්නේ පසුගිය දිනක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව තුළ වර්ණ විප්ලව සහ ආක්‍රමණ යන දෙමුහුන් කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මගින් මදුරෝ පාලනය අවසන් විය හැකි බව ප්‍රකාශ කිරීම තුලිනුයි.

නමුත් මදුරෝ යනු පරිධියේ රටවල් වල බිහිවෙන හුදු තාවකාලික ජනප්‍රියත්වය මත පදනම් වූ නායකයෙක් නොවෙයි. ඔහු ඔහුගේ ඓතිහාසික උරුමය මත පදනම්ව නව ලෝක පර්යාය හොඳින් හැදෑරූ දේශපාලන නායකයෙක්. ඔහුගේ රට සතුව ලොව විශාලතම ඛනිජ තෙල් සම්පත තිබෙනවා.ඊට අමතර තවත් බොහෝ සම්පත් වලින් අනූන වූ රටක්. ඔහු ඔහුගේ ජනයාට ස්වභාවයෙන් උරුම වූ දායද වෙනිසියුලානු උපන් නූපන් දරුවන් වෙනුවෙන් රැක දිමේ වගකීම නිවැරැදිව තේරුම්ගත් නායකයෙක්. ඒ වගේම ඔහු ෆිදෙල් කස්ත්‍රෝ වැනි අසාහය විපල්වවාදීන්ගෙන් සැබෑ මානව දයාව කුමක්ද කියා හඳුනාගත් නායකයෙක්.

වෙනිසියුලාව වැනි ස්වභාවික සම්පත් වලින් අනූන රටක් යනු රූමත් තරුණ දූවරුන් කිහිප දෙනෙක් සිටින දුප්පත් පියෙකු සල්ලාලයන්ගෙන් තම දූවරු ආරක්ෂා කර ගැනීමට ඥානාන්විතව කටයුතු කරන ආකාරයෙන් කටයුතු කළ යුතු නායකයෙක් විසින් නායකත්වය දෙන රටක් විය යුතුයි. ඒ නිසා වෙනිසියුලාවට රුසියාවේ යුදමය ආරක්ෂාව මෙන්ම චීනයේ ආර්ථික සහ යුදමය ආරක්ෂාවද අත්‍යවශ්‍යයි. ඒ වගේම බ්‍රසීලය ඉරානය වැනි රටවල දැවැන්ත සහයෝගය අත්‍යවශ්‍ය බව නිකලොස් මදුරෝ ජනාධිපතිවරයා ඉතා හොඳින් දන්නවා. එලෙසම කියුබාව වැනි රටකින් ලැබෙන අධ්‍යාත්මික සහයෝගය පිළිබඳවත් ඔහුට හොඳ වැටහීමක් තිබෙනවා.

ඔහු කොතරම් අනර්ඝ ලෙස රුසියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික ගනු දෙනු කළේද යත් අමෙරිකානු යුද නැව් වෙනිසියුලානු අවට මුහුදේ රඳවා කෙටි කලක් තුලදී රුසියාව වෙනිසියුලාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනි සිටීමට අවශ්‍ය පනතක් රුසියානු ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරනු ලැබුවා. එය අමෙරිකාව සලිත කිරීමට සමත් කරුණක්. අනෙක් අතට චීනය සමඟ වෙනිසියුලාව කරන වෙළෙඳ ගනු දෙනු වල ප්‍රභලත්වය නිසාත් චීනයට වෙනිසියුලාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය ඉඩ පෑදී තිබෙනවා. 

2016 දී, චීන-වෙනිසියුලානු වෙළඳාම ඩොලර් බිලියන 7.42 ක් වූ අතර, ඩොලර් බිලියන 4.9 ක් වෙනිසියුලානු අපනයනවලින් සහ ඩොලර් බිලියන 2.52 ක් චීන අපනයනයෙන් ලැබුණා. එලෙසෙම චීනය සමඟ ‘උපායමාර්ගික සංවර්ධන හවුල්කාරිත්වයකට‘ එළඹුණු පළමු හිස්පැනික් රට වෙනිසියුලාවයි. 

එපමණක් නොව, මෙම කාලය තුළම, වෙනිසියුලාව චීනයේ සිව්වන විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්වූවා. ඊට පෙර 2007 දී  චීන-වෙනිසියුලාව ඒකාබද්ධ අරමුදල පිහිටුවනු ලැබුවා.  චීන සංවර්ධන බැංකුව එම අරමුදලට ඩොලර් බිලියන 4 කින් දායක වූ අතර වෙනිසියුලානු ආර්ථික හා සමාජ සංවර්ධන බැංකුව (BANDES)  ඩොලර් බිලියන 2 කින් එයට දායක වූවා. චීන සමාගම් විසින් ඉදිකරන ලද වෙනිසියුලාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය ලබා දීම මෙම  අරමුදල පිහිටුවීමේ  ඉලක්කය වූවා. එලෙසම 2010 අප්‍රේල් මාසයේදී චීනය වෙනිසියුලාවට ඩොලර් බිලියන 20 ක ණය ලබා දීමට එකඟ වූවා. එලෙසම 2009 සැප්තැම්බර් මාසයේදී වෙනිසියුලාව එරට ඛනිජ තෙල් සහ ගෑස් සමාගමක් වන PDVSA සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතේ දිනකට බැරල් 450,000 (දිනකට ඝන මීටර් 72,000) අමතර බොරතෙල් නිෂ්පාදනය කිරීම සඳහා චීනය සමඟ නව ඩොලර් බිලියන 16 ක ගිවිසුමක් අත්සන් කළා. එහිදී හියුගෝ චාවේස් ප්‍රකාශ කළේ ” මෙම ගිවිසුමට අමතරව, චීනය විසින් වෙනිසියුලාවේ කැණීම් වේදිකා, තෙල් රිග්, දුම්රිය මාර්ග, නිවාස ඉදිකිරීමට යන බැවින්, රට තුළට තාක්ෂණයේ ගංවතුරක් පැමිණෙනු ඇති” බවයි.

කෙසේ වුවද වෙනිසියුලාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වකවානුවේ, චීනයට තම ණයවලින් ප්‍රතිලාභයක් ලබා ගැනීමට හෝ වෙනිසියුලාව පොරොන්දු වූ තෙල් ආනයනවල සම්පූර්ණ ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වූවා. වෙනිසියුලාවට ණය ආපසු  ගෙවීමට නොහැකි බව පැහැදිලි වූ තත්වයකදී පවා චීනය කිසිදු වෙනිසියුලානු වත්කමක් අත්පත් කර ගැනීමට උත්සාහ කළේ නැහැ. චීනය වෙනත් රටවල් ණය උගුලක හිර කර වත්කම් අත්පත් කර ගන්නවාය යන මුසාව බිඳ හෙළුනු හොඳම උදාහරණය බවට වෙනිසියුලාවේ චීන මැදිහත්වීම දැක්විය හැකියි.

ඒ අනුව මදුරෝ ඉතාමත් දක්ෂ අයුරින් චීන රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා මනාව කළමනාකරණය කළා. වෙනත් අයුරකින් පවසන්නේ නම් මදුරෝ මා ඉහත කී පරිදී සුරූපී දියණියන් ගොන්නක් සිටින පියාට උරුම වන තම දියණිවරුන් රැක ගැනීමේ භූමිකාව මනාව ඉටුකර තිබෙනවා.

ප්‍රශ්නය : ඒ අනුව ඔබ පවසන්නේ අමෙරිකාව වෙනිසියුලානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට පෙළඹෙන්නේ නැති බවද?

ජීවන්ත ජයතිස්ස : තාර්කික වශයෙන් ගත් කළ ගොඩ නැගී ඇති නව තත්වය තුළ අමෙරිකාව වෙනිසියුලානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සහා ගන්නේ නැති බවයි මගේ හැඟීම. එහෙත් දිනෙන් දින බිඳ වැටෙන අමෙරිකානු අධිරාජ්‍ය වියරු වැටී නොහික්මුණු ක්‍රියාවකට අවතීර්ණ වීමේ ඉඩකඩක් තිබෙනවා. යම් විදියකින් අමෙරිකාව එවැනි මුග්ධ ක්‍රියාවකට එළඹුනහොත් එය අමෙරිකාව යුක්රේනයේ ලබන පරාජයට වඩා පරාජයක් ලබා ගන්නවා. අමෙරිකාව සියතින් ගෙල සිඳගන්නවා. වෙනිසියුලාවට අමෙරිකාව සෘජුව යුදමය ප්‍රහාර එල්ල නොකළද අමෙරිකානු ඔත්තු සේවා දිගු කාලින වශයෙන් වෙනිසියුලානු සමාජය බිඳ වැට්ටවීමේ උපක්‍රමය අතහැර නැහැ.


සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.