ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
ශ්රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
විදේශ අමාත්යාංශයේ ප්රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඕනෑම සහායක් ලබාදීමට පෙර ශ්රී ලංකාව සිය ජාතික අවශ්යතා ප්රමුඛතාවයට ගන්නා බවයි.
එමෙන්ම, නැව්වලට සේවා සපයන සමාගම්වලට අමෙරිකානු ද්විතීයික සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව දැනුම් දී ඇති බව ඔහු පවසා ඇති බව සඳහන්.
අමෙරිකානු නිලධාරීන් ශ්රී ලංකාවේ නාවික සමාගම්වලට නැව්වලට ආහාර සහ පානීය ජලය සැපයීමෙන් වළකින ලෙස බලපෑම් කළ බවට Wall Street Joual පුවත්පත වාර්තා කර තිබුණ ද, අමෙරිකාවෙන් සම්බාධක තර්ජනයක් සෘජුව ලැබී නොමැති බව විදේශ අමාත්යාංශය සඳහන් කර තිබේ.
විදේශ අමාත්ය විජිත හේරත්ට අනුව, ශ්රී ලංකා වෙරළ ආසන්නයේ විදේශීය නැව් 47ක් පමණ නැංගුරම්ලා ඇති අතර, ඉන් 19ක් ඉරාන ධජය යටතේ යාත්රා කරයි.
එම නැව් ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ, එහෙත් මුහුදු සැතපුම් 12ක භෞමික මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති බව සඳහන් ය.
එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියේ 98 වැනි වගන්තිය අනුව, මුහුදේ අනතුරට ලක්වූ පුද්ගලයන්ට සහාය වීමේ වගකීමක් රටවලට ඇති අතර, කෙසේ වෙතත්, මෙම නැව්වලට සැපයුම් ලබාදීමේ නීතිමය වගකීම තීරණය වන්නේ නැව්වල පිහිටීම පමණක් මත නොව, නාවිකයන් සැබෑ අනතුරක සිටින්නේද සහ ඔවුන්ගේ සහාය ඉල්ලීමේ තත්ත්වයන් මත බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයට එරෙහිව ව්යාපාර කරන විදේශීය සමාගම්වලට ද බලපා හැකි ද්විතීයික සම්බාධක හේතුවෙන් ශ්රී ලංකාවේ නාවික සේවා සපයන සමාගම් තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත්, අමෙරිකානු මූල්ය පද්ධතියට ප්රවේශය අහිමිවීමේ අවදානම නිසා, නීතිමය වශයෙන් බැඳී නොසිටිය ද බොහෝ සමාගම් එවැනි සම්බාධකවලට අනුකූලව කටයුතු කරන බවත් වාර්තාවේ දැක්වෙන බව සඳහන්.
ශ්රී ලංකාවේ අපනයනවලින් සියයට 24ක් පමණ 2025 වසරේදී අමෙරිකානු වෙළෙඳපොළට යොමු කර ඇති බැවින්, එම වෙළෙඳ සබඳතා බිඳවැටීම මෙරට ව්යාපාර සහ රැකියා කෙරෙහි බලපෑ හැකියි.
2022 ආර්ථික අර්බුදයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්රී ලංකාවට එවැනි ආර්ථික පීඩනයක් දරාගැනීම දුෂ්කර විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේ වුවද, ශ්රී ලංකාව මීට පෙරද අමෙරිකාවේ ඉල්ලීම්වලට වෙනස් තීරණ ගෙන ඇත.
අමෙරිකානු යුද ගුවන් යානා දෙකකට දකුණු ශ්රී ලංකාවේ සිවිල් ගුවන් තොටුපළක ගොඩබැසීමට අවසර දීම ප්රතික්ෂේප කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇති බව සඳහන්.
එමෙන්ම, ඉරාන යුද නෞකා අනතුරට පත්වූ අවස්ථාවලදී ශ්රී ලංකා නාවික හමුදාව නාවිකයන් 238 දෙනෙකු බේරාගෙන තිබේ.
හිටපු එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නියෝජිත දයාන් ජයතිලක පවසා ඇත්තේ, මෙම නැව් යුද නෞකා නොව භාණ්ඩ ප්රවාහන නෞකා බැවින්, ඒවායේ නාවිකයන්ට සහාය වීමේ සදාචාරාත්මක වගකීමක් ශ්රී ලංකාවට ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..