News Category
From Date
To Date
Maximum Number of Result

මම අද අරගෙන ආවේ ලංකාවේ හැම ගෙදරකම, හැම phone එකකම, මේ මොහොතේ සිද්ධ වෙන, ඒත් අපි ගොඩක් දෙනෙක් තාමත් හරියටම දන්නේ නැති, අතිශය භයානක, ඒ වගේම අපේ ඇස් ඇරවන සුළු අනතුරු ඇඟවීමක් ගැන කතා කරන්න.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්‍රමානවත් උනේ නෑ .

2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.

ලෝකයේ නායකත්වය හිමි වන්නේ චීනයටද? නැතහොත්, මේ තාක්ෂණික හා දේශපාලනික අර්බුද මැද ඇමරිකාව නැවත නැඟිටීද? මෙසේ මේ මොහොතේ ලෝකයේ බලය ගමන් කරන දිශාව පිළිබඳ බරපතල කතිකාවක් ගොඩනැඟෙමින් තිබේ.

සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමග අපට මෑත කාලීනව අහන්න ලැබුණු දෙයක් වුවත් මෙය නූතන ලෝකයට අලුත් මාතෘකාවක් නම් නොවෙන අතර,මෙඩිකල් ටූවරිසම්, දේශාටන වෛද්‍යවේදය, සංචාරක වෛද්‍යව විද්‍යාව, හෙල්ත් ටූවරිසම් වශයෙන් විවිධ ලෙස සාකච්ඡාවක්ට බඳුන්වන මාතෘකාවකි.

මහජන නියෝජිතයා කියන පුද්ගලයා සලකන්නේ ජනතාවගේ සේවකයයා විදිහටයි.එහෙම හදුන්වපු අපේ රටේ දේශපාලනය කොයි තරම් මජර ජරාජීරණ තැනකට වැටුනාද කියනවා නං අන්තිමට ජනතාව මහජන නියෝජිතයාගේ සේවකයෝ බවට පත්වුනා.පහුගිය පාලන කාලවලදී අපි ඒක ලොකුවටම දැක්කා.හැබැයි ඒ අතරත් මහජන නියෝජිත භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කරපු ජනතා නියෝජිතයෝ හිටියා.එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂයකම හිටියා,එජාපය, ශ්‍රීලනිපය සහ වමේ ව්‍යාපාරය ඇතුලේ එහෙම චරිත හදුනා ගන්න පුළුවන්.

U.S. Senator Rand Paul has refuted claims made by former President Donald Trump that Venezuela produces fentanyl, calling the accusations baseless and questioning the legality of recent U.S. military operations in the Caribbean Sea.

China has strongly opposed the latest U.S. Trade Representative (USTR) investigation into its compliance with the Phase One trade deal, calling the move based on “false accusations” and urging Washington to correct its “wrong practices” to safeguard the outcomes of previous consultations.

The Bank of Russia has lowered its key interest rate for the fourth time this year, saying the economy is stabilizing even as inflation expectations remain high.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.