News Category
From Date
To Date
Maximum Number of Result

යුගයක් ඒකාලෝක කළ ප්‍රාඥයාණනි ඔබට සුබ ජන්ම දිනයක්!

Nov 12, 2025 at 02:12 PM
|

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය -  ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

අමරසේකර ගේ පළමු පද්‍ය කෘතිය වූ 'භාවගීත' (1955) සිංහල කවියෙහි ද, දෙ වන කෙටිකතා සංග්‍රහය වූ 'ජීවින සුවඳ' (1956) සිංහල කෙටිකතාවෙහි ද මඟ සලකුණු තැබූ කෘති බවට පත් විය. ඒ සමඟ ම ඔහු ගේ පළමු නවකතාව වූ 'කරුමක්කාරයෝ' (1955) සිංහල පාඨක ලෝකයට නවමු අත්දැකීමක් ගෙන ආ අතර, දොන් පේද්‍රික් සම්මානය දිනාගැනීමට ද සමත් විය. ඉන්පසු අමරසේකර අතින් නිර්මාණය කෙරුණු 'උයනක හිඳ ලියූ කවි' (1957) පද්‍ය සංග්‍රහයෙහි මෙන් ම පසුකලක අසාර්ථක නිර්මාණ ලෙස ඔහු ම ප්‍රතික්ෂේප කළ 'යළි උපන්නෙමි' (1960) හා 'දෙපා නොලද්දෝ' (1962) කෘතිවල, මේ පොළවෙහි නොපිහිටි පේරාදෙණියෙහි (අප ගේ විශ්වවිද්‍යාලවල) ආභාෂය දැකගත හැකි ය. 1951-57 කාලයේ අමරසේකර දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියෙහි ගතකළ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරෙහි පේරාදෙණිය ගුරුකුලයෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් බවට ද පත්වීය. ඒ පේරාදෙණියේ බලපෑමට නතු අවධියේ දී පවා, ඔහු ගේ හදවත ඊට ගොදුරු නොවූ බව පේරාදෙණිය මුල් කරගෙන ලියූ 'පුදුම රට' කාව්‍යය කියාපායි. 'උයනක හිඳ ලියු කවි' කාව්‍ය සංග්‍රහයේ එන 'පුදුම රට' නිබන්ධනය ඇරැඹෙන්නේ මෙසේ ය:

ඉස්සර කාලේ තිබුණා

හරි ම පුදුම විදියෙ රටක් 

එහි ගිය අය ගියා මිසක්

ගිය ලෙස නම් ආවේ නෑ

එහි විසුවා පුදුම සතෙක් 

ඌ එන අය එකකු නෑර

රසය උරාගෙන බීලා

රොඩ්ඩ පමණි වැමෑරුවේ

ගම්දනවුවලින් සරසවියට එන තරුණ-තරුණියන් ගේ ආත්මය හප කෙරෙන අයුරු චිත්‍රණය කෙරෙන පද්‍යාවලිය අවසන් කෙරෙන්නේ මෙ ලෙස ය:

කළු ඇඳන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන

කළු කබා තොප්පි ලා හෙමි හෙමින් අඩි තියන

අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන

'උපන්නේ පනස් එක - මිය ගියේ පනස් පහ'

'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'

කට කොනින් ඇද වැටුණු

රොඩ්ඩ ඉවතට ඇදෙයි

මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි

එ සේ නමුත් නොබෝ කලකින් ම 'අමල් බිසෝ' (1960) හා 'ගරුළු වත' (1962, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඔස්සේ යළි සිංහල කාව්‍යයෙහි ප්‍රගමනයට දායකවීමට ද, 'එක ම කතාව' (1969) කෙටිකතා සංග්‍රහය මඟින් යළි ජීවන සුවඳ සොයා යෑමට ද, 'ගන්ධබ්බ අපදානය' (1966) මඟින් යළි යථාර්ථවාදී නවකතාව වෙත පිවිසීමට ද, අමරසේකර සමත් විය. එහි දී දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙ රට ජනජීවිතය හා ගණුදෙනු කරන්නට ලද අවකාශය ද, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීම මඟින් පේරාදෙණියෙහි දී උසස් ය යි වර්ණිත බටහිර ජීවිතය අත්විඳි එහි සැබෑව දැකගැනීමට ලැබීම ද, මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පේරාදෙණි සාහිත්‍යය අරඹයා කළ විවේචනය ද ඔහුට ප්‍රමුඛ ලෙස බලපෑ බව පෙනේ.

1971 කැරැල්ල අමරසේකරව කම්පාවට පත් කළේ ය. මේ, 'සංස්කෘති' සඟරාවේ දස අවුරුදු සංවත්සර කලාපයට 'මෙ රට අනාගතය බාරගත යුත්තේ උගත් ගැමි තරුණයන් ය' යි ඔහු නියත විවරණ දුන් පරපුර යි. 'ආවර්ජනා' (1975, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) කාව්‍ය සංග්‍රහයෙහි දී මෙන් ම 'එක්ටැමෙන් පොළොවට' (1972, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) හා 'කතා පහක්' (1975) කෙටිකතා කෘතිවල දී ද තමන්ට ප්‍රහේළිකාවක් වූ මේ තරුණ ජීවිත, තරුණ හදවත් අවබෝධ කරගැනීමට අවංක, දෘඪතර ප්‍රයත්නයක අමරසේකර නිතර විය. එහි ප්‍රතිඵල ලෙස, සිංහල කෙටිකතාව ඒ තාක් ලබාගත් ඉහළ ම ජයග්‍රහණ අපට මේ කතා සංග්‍රහයන්හි එන 'එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරණිය', 'දිසොන්චිනාහාමි', 'කලානිධි - පච වෙදා' හා 'සමරසිංහ වෙද මහතා', 'වර්තා සටහන්' ආදි කෙටිකතාවන්හි දී දැකගත හැකි වේ. "මේ වතාවේ නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේෂ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රඩනා නොකරයි. 'තොප නොදන්නා ලෝකයක් ඇත; එයට මුහුණ දෙව!' යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි", යනු මේ නිර්මාණ අරඹයා කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් දක්වා ඇති අදහස යි (කල්පනා ලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, 1986).

පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකර, එහි දී සාහිත්‍යය හා සමාජය අරඹයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමඟ ම මෙ රට සමාජ විකාශනය අවබෝධ කරගැනීමෙහි ලා දෘඪතර වූ ප්‍රයත්නයක ද නිරත වීය. එහි දී අමරසේකර මෙ රට ජනජීවිතය පෙළන්නා වූ නන්විධ සමාජ අර්බුද අවබෝධ කරගැනීමෙහි ද, ඒවාට විසඳුම් ලබාගැනීමෙහි ද, අව්‍යාජ වූ අවශ්‍යතාවයකින් ප්‍රේරිතව ක්‍රියා කළ බව පෙනේ. මේ ප්‍රයත්නයෙහි එක් මහඟු ඵලයක් නම් එකිනෙක හා බැඳුණු 'අසත්‍ය කතාවක්' (1977) හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' (1978) නවකතාද්වය යි. මේ කෘතිද්වය සිංහල නවකතාවෙහි  උසස් ම නිර්මාණ අතර ද, ප්‍රමුඛස්ථානයකට හිමිකම් කියා සිටී. මේ නවකතා ද්වය පිළිබඳ ව පසුකාලිනව විචාරයක් ලියමින් ආචාර්ය ලක්ෂ්මී ද සිල්වා සඳහන් කර ඇත්තේ, රුසියානු සාහිත්‍යය විචාරක බුක්තීන් ගේ නවකතාව පිළිබඳ විචාර චින්තාවන් ගෙන් ආලෝකය ලබන තෙක් තමනට ග්‍රහණය කරගත නොහැකි වූ, යුගයට පෙර කෙරුණු මහාර්ඝ නිර්මාණ ලෙස ය. ඒ, 2003 දී ඉහත කෘති ඉංග්‍රීසියට නැඟුණු අවස්ථාවේ දී ය. ඒ පරිවර්තනය ග්‍රේෂන් සම්මානයෙන් පිදිණි.

ඒ හා සමඟ ම 'අබුද්දස්ස යුගයක්' (1975), 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) හා 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' (1988) කෘති ඔස්සේ ඔහු ජාතික චින්තනය පිළිබඳ සංවාදයට මඟ පෑදුවේය. මෙ රට මැද පන්තිය පහළවීම හා විකාශනය අළලා කෙරෙන දැවැන්ත නිර්මාණයක් 'ගමනක මුල' (1984) හා 'ගම්දොරින් එළියට' (1985) කෘති මඟින් ඇරැඹී ඔහු 'ඉණි මඟේ ඉහළට' (1992), 'වංකගිරියක' (1993), 'යළි මඟ වෙත' (1993) 'දුරු රටක දුකට කිරියක' (2001), 'ගමනක මැද', 'අතරමඟ', 'ගමනක අග' කෘති මඟින් පාඨක සමාජය හමුවේ තැබීය. මෙ රට සමාජ-දේශපාලන තීන්දු තීරණ විෂයෙහි ප්‍රධාන ම ජනසංඝය පිළිබඳ සාහිත කැටපත නිර්මාණය වූයේ ඒ මඟිනි. ඒ අතර 'එක ම කතාවක්' හා 'එක්ටැමෙන් පොළොවට' කෙටිකතා සංග්‍රහයන්හි දී ගත් මඟ, අතීතය වෙනුවට ඒ ගෙවන මොහොත ම නිරූපණය කිරීමක් දක්වා වර්ධනය කිරීමට 'ගල් පිළිමය හා බෝල් පිළිමය' (1988) හා 'මරණ මංචකයේ දුටු සිහිනය' (1998) කෙටිකතා සංග්‍රහයන්හි දී සමත් වී ය. 'විල්තෙර මරණය' හා 'කියනු මැන දිවි අරුත' (රාජ්‍ය සම්මාන) කෙටිකතා සංග්‍රහ මඟින් මෙන් ම 'රූපාන්තරණය' හා 'ධාතුසේන' නවකතා මඟින්, අමරසේකර, ඒ මොහොතේ සමාජ-දේශපාලන චරිත නොවේ නම් සංසිද්ධීන් කලාත්මක පරිපකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කර පාඨක සමාජයට අභිමුබ කිරීමෙහි ලා සමත් විය.

2015 විජාතික කුමන්ත්‍රණය ජයග්‍රාහීව වැජඹුණු මොහොතක, අමරසේකර 'සභ්‍යත්ව රාජ්‍යය' (2016) කෘතිය රචනා කරමින් ජාතිමාමක බලවේග එක්රොක් විය යුත්තේ කුමක් සඳහා ද යන වග පෙන්වා දුන්නේ ය. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමකින් සමාජය උද්දාම වෙද්දී ඔහු අප හමුවේ තැබුවේ 'සංක්‍රාන්ති සමය' කෙටි නවකතාව ය. එහි දී  ඔහු නැකත්වලින් තොර සංක්‍රාන්ති සමයක් ගැන කතා කළ ද සුවිශාල බලාපොරොත්තුවලින් හිස පුරවාගෙන සිටි අප එය නිසි ගැඹුරින් කියවීමට අසමත් වීමු. ඉන්පසු ඔහු අතින් නිර්මාණය කෙරුණේ 'මහගෙදර' කෙටි නවකතාව ය. නිසි පියවර නොගතහොත් ජාතියට අත්විය හැකි ඛේදජනක අනාගතය එහි ලා චිත්‍රණය කෙරේ.

අප ගමනක අවසානය කරා එළඹ ඇද්ද? 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය අප හමුවේ තබමින් අපට පැවැත්ම උදෙසා, යළි නැඟී සිටිම උදෙසා,  ඔහු විප්ලවීය පරීවර්තන යෝජනා කරයි. සුද්දා අපට දායාද කළ පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් ප්‍රාජතාන්ත්‍රවාදය අත්හැරීමට යෝජනා කරයි. යළි පක්ෂ භේදයෙන් තොර ව ගම ම එකතු කරන 'ගම් සභාව' කරා යන ලෙස ඉල්ලා සිටියි. මේ, 48 නිදහස් උලෙළ, 56 පෙරළිය, 71 කැරැල්ල, අප රට ජනරජයක් වීම, 77 විවෘත ආර්ථිකය වැළැඳගැනීම, කොටි ත්‍රස්‌තවාදය, ඉන්දු-ලංකා ගිවිසුම, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඈ සියල්ලෙහි සාක්ෂිකරුවෙකි. ඒ බොහෝ සිද්ධීන්ට සක්‍රීය ව දායක වූවෙකි. ඒ සියල්ල පිළිබඳ සාහිත කැඩපත නිර්මාණය කරදීමට අප්‍රමාණ වෙහෙසක් දැරූවෙකි. මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට අපමණ වෙහෙසක් දැරූවෙකි.

ඔහු ගේ යෝජනාව, රජය, අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනතාව බරපතල ලෙස සළකා බැලිය යුතු ය.

උපුටාගැනීමකි. 

සටහන - ගෙවිඳු කුමාරතුංග

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.