News Category
From Date
To Date
Maximum Number of Result

යුගයක් ඒකාලෝක කළ ප්‍රාඥයාණනි ඔබට සුබ ජන්ම දිනයක්!

Nov 12, 2025 at 02:12 PM
|

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය -  ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

අමරසේකර ගේ පළමු පද්‍ය කෘතිය වූ 'භාවගීත' (1955) සිංහල කවියෙහි ද, දෙ වන කෙටිකතා සංග්‍රහය වූ 'ජීවින සුවඳ' (1956) සිංහල කෙටිකතාවෙහි ද මඟ සලකුණු තැබූ කෘති බවට පත් විය. ඒ සමඟ ම ඔහු ගේ පළමු නවකතාව වූ 'කරුමක්කාරයෝ' (1955) සිංහල පාඨක ලෝකයට නවමු අත්දැකීමක් ගෙන ආ අතර, දොන් පේද්‍රික් සම්මානය දිනාගැනීමට ද සමත් විය. ඉන්පසු අමරසේකර අතින් නිර්මාණය කෙරුණු 'උයනක හිඳ ලියූ කවි' (1957) පද්‍ය සංග්‍රහයෙහි මෙන් ම පසුකලක අසාර්ථක නිර්මාණ ලෙස ඔහු ම ප්‍රතික්ෂේප කළ 'යළි උපන්නෙමි' (1960) හා 'දෙපා නොලද්දෝ' (1962) කෘතිවල, මේ පොළවෙහි නොපිහිටි පේරාදෙණියෙහි (අප ගේ විශ්වවිද්‍යාලවල) ආභාෂය දැකගත හැකි ය. 1951-57 කාලයේ අමරසේකර දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියෙහි ගතකළ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරෙහි පේරාදෙණිය ගුරුකුලයෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් බවට ද පත්වීය. ඒ පේරාදෙණියේ බලපෑමට නතු අවධියේ දී පවා, ඔහු ගේ හදවත ඊට ගොදුරු නොවූ බව පේරාදෙණිය මුල් කරගෙන ලියූ 'පුදුම රට' කාව්‍යය කියාපායි. 'උයනක හිඳ ලියු කවි' කාව්‍ය සංග්‍රහයේ එන 'පුදුම රට' නිබන්ධනය ඇරැඹෙන්නේ මෙසේ ය:

ඉස්සර කාලේ තිබුණා

හරි ම පුදුම විදියෙ රටක් 

එහි ගිය අය ගියා මිසක්

ගිය ලෙස නම් ආවේ නෑ

එහි විසුවා පුදුම සතෙක් 

ඌ එන අය එකකු නෑර

රසය උරාගෙන බීලා

රොඩ්ඩ පමණි වැමෑරුවේ

ගම්දනවුවලින් සරසවියට එන තරුණ-තරුණියන් ගේ ආත්මය හප කෙරෙන අයුරු චිත්‍රණය කෙරෙන පද්‍යාවලිය අවසන් කෙරෙන්නේ මෙ ලෙස ය:

කළු ඇඳන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන

කළු කබා තොප්පි ලා හෙමි හෙමින් අඩි තියන

අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන

'උපන්නේ පනස් එක - මිය ගියේ පනස් පහ'

'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'

කට කොනින් ඇද වැටුණු

රොඩ්ඩ ඉවතට ඇදෙයි

මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි

එ සේ නමුත් නොබෝ කලකින් ම 'අමල් බිසෝ' (1960) හා 'ගරුළු වත' (1962, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඔස්සේ යළි සිංහල කාව්‍යයෙහි ප්‍රගමනයට දායකවීමට ද, 'එක ම කතාව' (1969) කෙටිකතා සංග්‍රහය මඟින් යළි ජීවන සුවඳ සොයා යෑමට ද, 'ගන්ධබ්බ අපදානය' (1966) මඟින් යළි යථාර්ථවාදී නවකතාව වෙත පිවිසීමට ද, අමරසේකර සමත් විය. එහි දී දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙ රට ජනජීවිතය හා ගණුදෙනු කරන්නට ලද අවකාශය ද, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීම මඟින් පේරාදෙණියෙහි දී උසස් ය යි වර්ණිත බටහිර ජීවිතය අත්විඳි එහි සැබෑව දැකගැනීමට ලැබීම ද, මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පේරාදෙණි සාහිත්‍යය අරඹයා කළ විවේචනය ද ඔහුට ප්‍රමුඛ ලෙස බලපෑ බව පෙනේ.

1971 කැරැල්ල අමරසේකරව කම්පාවට පත් කළේ ය. මේ, 'සංස්කෘති' සඟරාවේ දස අවුරුදු සංවත්සර කලාපයට 'මෙ රට අනාගතය බාරගත යුත්තේ උගත් ගැමි තරුණයන් ය' යි ඔහු නියත විවරණ දුන් පරපුර යි. 'ආවර්ජනා' (1975, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) කාව්‍ය සංග්‍රහයෙහි දී මෙන් ම 'එක්ටැමෙන් පොළොවට' (1972, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) හා 'කතා පහක්' (1975) කෙටිකතා කෘතිවල දී ද තමන්ට ප්‍රහේළිකාවක් වූ මේ තරුණ ජීවිත, තරුණ හදවත් අවබෝධ කරගැනීමට අවංක, දෘඪතර ප්‍රයත්නයක අමරසේකර නිතර විය. එහි ප්‍රතිඵල ලෙස, සිංහල කෙටිකතාව ඒ තාක් ලබාගත් ඉහළ ම ජයග්‍රහණ අපට මේ කතා සංග්‍රහයන්හි එන 'එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරණිය', 'දිසොන්චිනාහාමි', 'කලානිධි - පච වෙදා' හා 'සමරසිංහ වෙද මහතා', 'වර්තා සටහන්' ආදි කෙටිකතාවන්හි දී දැකගත හැකි වේ. "මේ වතාවේ නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේෂ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රඩනා නොකරයි. 'තොප නොදන්නා ලෝකයක් ඇත; එයට මුහුණ දෙව!' යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි", යනු මේ නිර්මාණ අරඹයා කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් දක්වා ඇති අදහස යි (කල්පනා ලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, 1986).

පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකර, එහි දී සාහිත්‍යය හා සමාජය අරඹයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමඟ ම මෙ රට සමාජ විකාශනය අවබෝධ කරගැනීමෙහි ලා දෘඪතර වූ ප්‍රයත්නයක ද නිරත වීය. එහි දී අමරසේකර මෙ රට ජනජීවිතය පෙළන්නා වූ නන්විධ සමාජ අර්බුද අවබෝධ කරගැනීමෙහි ද, ඒවාට විසඳුම් ලබාගැනීමෙහි ද, අව්‍යාජ වූ අවශ්‍යතාවයකින් ප්‍රේරිතව ක්‍රියා කළ බව පෙනේ. මේ ප්‍රයත්නයෙහි එක් මහඟු ඵලයක් නම් එකිනෙක හා බැඳුණු 'අසත්‍ය කතාවක්' (1977) හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' (1978) නවකතාද්වය යි. මේ කෘතිද්වය සිංහල නවකතාවෙහි  උසස් ම නිර්මාණ අතර ද, ප්‍රමුඛස්ථානයකට හිමිකම් කියා සිටී. මේ නවකතා ද්වය පිළිබඳ ව පසුකාලිනව විචාරයක් ලියමින් ආචාර්ය ලක්ෂ්මී ද සිල්වා සඳහන් කර ඇත්තේ, රුසියානු සාහිත්‍යය විචාරක බුක්තීන් ගේ නවකතාව පිළිබඳ විචාර චින්තාවන් ගෙන් ආලෝකය ලබන තෙක් තමනට ග්‍රහණය කරගත නොහැකි වූ, යුගයට පෙර කෙරුණු මහාර්ඝ නිර්මාණ ලෙස ය. ඒ, 2003 දී ඉහත කෘති ඉංග්‍රීසියට නැඟුණු අවස්ථාවේ දී ය. ඒ පරිවර්තනය ග්‍රේෂන් සම්මානයෙන් පිදිණි.

ඒ හා සමඟ ම 'අබුද්දස්ස යුගයක්' (1975), 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) හා 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' (1988) කෘති ඔස්සේ ඔහු ජාතික චින්තනය පිළිබඳ සංවාදයට මඟ පෑදුවේය. මෙ රට මැද පන්තිය පහළවීම හා විකාශනය අළලා කෙරෙන දැවැන්ත නිර්මාණයක් 'ගමනක මුල' (1984) හා 'ගම්දොරින් එළියට' (1985) කෘති මඟින් ඇරැඹී ඔහු 'ඉණි මඟේ ඉහළට' (1992), 'වංකගිරියක' (1993), 'යළි මඟ වෙත' (1993) 'දුරු රටක දුකට කිරියක' (2001), 'ගමනක මැද', 'අතරමඟ', 'ගමනක අග' කෘති මඟින් පාඨක සමාජය හමුවේ තැබීය. මෙ රට සමාජ-දේශපාලන තීන්දු තීරණ විෂයෙහි ප්‍රධාන ම ජනසංඝය පිළිබඳ සාහිත කැටපත නිර්මාණය වූයේ ඒ මඟිනි. ඒ අතර 'එක ම කතාවක්' හා 'එක්ටැමෙන් පොළොවට' කෙටිකතා සංග්‍රහයන්හි දී ගත් මඟ, අතීතය වෙනුවට ඒ ගෙවන මොහොත ම නිරූපණය කිරීමක් දක්වා වර්ධනය කිරීමට 'ගල් පිළිමය හා බෝල් පිළිමය' (1988) හා 'මරණ මංචකයේ දුටු සිහිනය' (1998) කෙටිකතා සංග්‍රහයන්හි දී සමත් වී ය. 'විල්තෙර මරණය' හා 'කියනු මැන දිවි අරුත' (රාජ්‍ය සම්මාන) කෙටිකතා සංග්‍රහ මඟින් මෙන් ම 'රූපාන්තරණය' හා 'ධාතුසේන' නවකතා මඟින්, අමරසේකර, ඒ මොහොතේ සමාජ-දේශපාලන චරිත නොවේ නම් සංසිද්ධීන් කලාත්මක පරිපකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කර පාඨක සමාජයට අභිමුබ කිරීමෙහි ලා සමත් විය.

2015 විජාතික කුමන්ත්‍රණය ජයග්‍රාහීව වැජඹුණු මොහොතක, අමරසේකර 'සභ්‍යත්ව රාජ්‍යය' (2016) කෘතිය රචනා කරමින් ජාතිමාමක බලවේග එක්රොක් විය යුත්තේ කුමක් සඳහා ද යන වග පෙන්වා දුන්නේ ය. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමකින් සමාජය උද්දාම වෙද්දී ඔහු අප හමුවේ තැබුවේ 'සංක්‍රාන්ති සමය' කෙටි නවකතාව ය. එහි දී  ඔහු නැකත්වලින් තොර සංක්‍රාන්ති සමයක් ගැන කතා කළ ද සුවිශාල බලාපොරොත්තුවලින් හිස පුරවාගෙන සිටි අප එය නිසි ගැඹුරින් කියවීමට අසමත් වීමු. ඉන්පසු ඔහු අතින් නිර්මාණය කෙරුණේ 'මහගෙදර' කෙටි නවකතාව ය. නිසි පියවර නොගතහොත් ජාතියට අත්විය හැකි ඛේදජනක අනාගතය එහි ලා චිත්‍රණය කෙරේ.

අප ගමනක අවසානය කරා එළඹ ඇද්ද? 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය අප හමුවේ තබමින් අපට පැවැත්ම උදෙසා, යළි නැඟී සිටිම උදෙසා,  ඔහු විප්ලවීය පරීවර්තන යෝජනා කරයි. සුද්දා අපට දායාද කළ පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් ප්‍රාජතාන්ත්‍රවාදය අත්හැරීමට යෝජනා කරයි. යළි පක්ෂ භේදයෙන් තොර ව ගම ම එකතු කරන 'ගම් සභාව' කරා යන ලෙස ඉල්ලා සිටියි. මේ, 48 නිදහස් උලෙළ, 56 පෙරළිය, 71 කැරැල්ල, අප රට ජනරජයක් වීම, 77 විවෘත ආර්ථිකය වැළැඳගැනීම, කොටි ත්‍රස්‌තවාදය, ඉන්දු-ලංකා ගිවිසුම, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඈ සියල්ලෙහි සාක්ෂිකරුවෙකි. ඒ බොහෝ සිද්ධීන්ට සක්‍රීය ව දායක වූවෙකි. ඒ සියල්ල පිළිබඳ සාහිත කැඩපත නිර්මාණය කරදීමට අප්‍රමාණ වෙහෙසක් දැරූවෙකි. මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට අපමණ වෙහෙසක් දැරූවෙකි.

ඔහු ගේ යෝජනාව, රජය, අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනතාව බරපතල ලෙස සළකා බැලිය යුතු ය.

උපුටාගැනීමකි. 

සටහන - ගෙවිඳු කුමාරතුංග

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.