මත් ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධව විපක්ෂයට එක හැන්දකින් ආණ්ඩුවට සම්බන්ධ අයට තවත් හැන්දකින් බෙදනවා ද?
රජයේ මත් ද්‍රව්‍ය මෙහෙයුම හොදයි. හැබැයි ඒකෙදී රජයේ පාර්ශවයෙන් අහුවෙන අය සම්බන්ධව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ජනතාවට සැක සංකා ඇතිඩනොවීමට පොලිසිය සහ CID වගබලා ගන්න ඕන. ‼️
මොකද රජයට සම්බන්ධ නැති සම්පත් මනම්පේරිලා වගේ අය මත්ද්‍රව්‍ය වලට සහයෝගය දුන්නා කියන චෝදනාවට
මාස තුනක රැදවුම් ( ඩීඕ ) නියෝග අරං එම ජාලයට සම්බන්ධ අය ගැන පරීක්ෂණ කරන CIDය.
රජයට සම්බන්ධ කියන පුවක් දන්ඩාවේ සනා රැදවුම් නියෝග මත තබා නොගෙන අධිකරණයට දාලා රිමාන්ඩි කරලා එතනින් එහාට සම්බන්ධ ජාලය ගැන හොයන එක අඩාල කරනවා.
ඒකට වඩා බරපතළ වන්නේ
හෙරොයින් සමග විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගන්නවා
ඒක බරපතළ තත්වයක්,
ඔහු පාසල් පද්ධතිය තුළට මත් ද්‍රව්‍ය ( හෙරොයින් ) යැව්වාද මේ,ජාලය කුමක්ද හොයන්න
අදාල සැක කටයුතු විදුහල්පතිවරයා ඩී ඕ ගහලා රදවාගෙන ප්‍රශ්ණ කරනවා වෙනුවට
ඔහු අධිකරණයට ඉදිරිපත් කරලා චෝදනාවට රිමාන්ඩි කරනවා. ‼️
එම විදුහල්පතිවරයා ගේ බිරිද මහින්ද ජයසිංහගේ වර්ථමාන රජයේ ගුරු වෘත්තීය සමිතියේ ප්‍රබල සාමාජිකාවකි බව කියන නාගරික මන්ත්‍රී වරියක් බව කියනවා.
ආන්න ඒවගේ තැන් වලදී
රජය වෙනුවෙන් CID සහ පොළීසිය දක්වන මෘදු ස්භාවය ජනතාවට සැක සංකා මතු කරලා.
මේ මත් ද්‍රව්‍ය මෙහෙයුම ගැන සමාජයේ පක්ෂපාතීත්වය පිළිබද විවේචන හදනවා. ‼️
පුවක් දන්ඩාවේ සනාලා ගැන කෙසේ,වෙතත්
සම්පත් මනම්පේරි වගේම මේ හෙරොයින්,කිලෝවක් සමග අත් අඩංගුට ගත්ත
විදුහල්පති වරයාත්
පාසල් වල උසස්පෙළ පංති වල දරුවන් ලගට ඉතාම කිට්ටු ඔහුගේ 22 වයසේ ලමයා රදවාගෙන ප්‍රශ්ණ කරන්නම අවශ්‍ය බව ජනතාවට වැටහෙනවා.
මොකද
පාසල් පද්ධතියට සම්බන්ධය තුළින් මෙවැනි මහා පරිමාන සොයා ගැනීමක් වුනේ පලමු වතාවට. ‼️
මේවාට තව ගුරුවරු සම්බන්ධදද
පාසල් පද්ධතියට මේවා අලවි වුනාද සොයා බලන්නම වෙනවා
එබැවින් මේ මත් ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධව
විපක්ෂයට එක හැන්දකින්
ආන්ඩුවට සම්බන්ධ අයට එක හැන්දකින්
බෙදනවා පෙන්වීම CID සහ පොලිසිය නතර කර යුතුව තිබෙනවා. ‼️
කිසියම්,කෙනෙකුට ආන්ඩුවේ අය කියලා නෑ නීතීය ක්‍රියාත්මක වෙනවා කියලා පුචානම් ගහලා වැඩක් නෑ.
මේ රටේ ආන්ඩුව විපක්ෂය කියලා නෑ
මුදලට අනාගත දරු පරම්පරාව විකුණන කාලකන්නි හැම පක්ෂයකම ඉන්න බව අපට පිළිගන්න වෙනවා.
හෙට ඊලගට පංසලක පල් ලියක හෙරෙයින් අයිස් ගංජා තිබිලා අහුවුනොත්
ඒ පංසලේ පලිලියේ දේශපාලන සම්බන්ධයට සමාජ කථිකාව හදලා වැඩක් නෑ.
ආන්ඩුව සම්පත් මනම්පේරිලා සම්බන්ධව විපක්ෂයට කැලෑ පත්තර ගැහුවා.
දැං විපක්ෂය මාළිමා නාගරික මන්ත්‍රී වරියගේ ස්වාමියාගෙි කුඩු ජාවාරම අල්ලගෙන රජයට කැලෑ පත්තර ගහනවා.
ඒත් ඇත්ත සමාජ කථිකාවත ජනතාව අතර යන එක නතර කරනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්