රෝහණ විජේවීර ඝාතනය කර වසර 36 යි!.. බෙදුම්වාදය ගැන එදා ජවිපෙ ස්ථාවරය හෙළි වන විජේවීර දිවයින කර්තෘට යැවූ ලියුම මෙන්න..(වීඩියෝ)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (නොවැම්බර් 13) වසර 36ක් සපිරේ.
1943 ජුලි 14 වන දින මාතර කෝට්ටේගොඩ ඉතා දිළිඳු පවුලක උපත ලද ඔහුගේ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ය. ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර වූ අතර මව නැසිනෝනා වික්‍රම කළතොට විය. ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. 1960 දී රුසියාවේ ලුමුම්බා මිත්‍රත්වය සරසවියෙන් ලද ශිෂ්‍යත්වයක් මත වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියාව බලා පිටව ගිය ඔහු රුසියාවේදී වෛද්‍ය විද්‍යාව මෙන්ම දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව ද හැදෑරුවේ ය.
රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට එක්වූ අතර නිවාඩුව අවසන්ව නැවත රුසියාව බලා යාමට සැරසෙන විට ඔහුගේ වීසා අවලංගු කිරීමට මෙරට සෝවියට් තානාපති කාර්යාලය කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව කොමියුනිස් පක්ෂයේ චීන පිලේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ විජේවීර පසු කලෙක එය තුළ ප්‍රති කණ්ඩායමක් ගොඩනැඟීමට කටයුතු කළ අතර එයින් පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ බිහි කළේය.
ඉතා සුළු පිරිසකගෙන්, ඉතා දුෂ්කර තත්වයන් යටතේ ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අතර 1971 අසාර්ථක වූ කැරැල්ලෙන් අනතුරුව රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය විසින් අපරාධ යුක්ති කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග විජේවීර ඇතුළු සියල්ලන් නිදහස් වූ අතර ඔවුහු නැවතත් දේශපාලනයේ නිරත වූහ. 1980 වසරේදී රෝහණ විජේවීර මොරටුව විල්ලෝරවත්තේ පදිංචි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග විවාහ වූයේය. ඔවුන්ට දරුවන් සය දෙනෙකි.
1983 කළු ජූලියෙන් පසු ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක් තහනම් කිරීමට ජේ. ආර්. ජයවර්ධන රජය කටයුතු කළ අතර ජවිපෙ ඉන් අනතුරුව රහසිගත දේශපාලනයට අවතීර්ණ විය. 1987 ඉන්දු – ලංකා ගිවිසුමත් සමග ජවිපෙ නැවතත් සන්නද්ධ දේශපාලනයට පිවිසුණු අතර ආණ්ඩුව ද ඊට එරෙහිව දැඩි මර්දනයක් දියත් කළේය.
1989 නොවැම්බර් මාසයේදී ගම්පොල, උලපනේ වතු යායකදී අත් අඩංගුවට ගත් රෝහණ විජේවීර කොළඹට රැගෙන පැමිණ, ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රූපවාහිනී විකාශයක් සඳහා ප්‍රකාශයක් ද ලබාගෙන වෙඩිතබා ඝාතනය කර බොරැල්ල කනත්තේදී සිරුර ද පුළුස්සා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.
රෝහණ විජේවීර විසින් 1984 මැයි 10 දා දිවයින පුවත්පතේ කර්තෘවරයා වෙත යවන ලද ලිපියක් ගැන පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයක් හට ගත්තේ ය. බෙදුම්වාදය සහ රටේ දේශපාලනය පිළිබඳ ව එදා ජවිපෙ දේශපාලන ස්ථාවරය පැහැදිලි වන එකී ලිපියේ සැබෑ විස්තරය සහ එහි ඇතුළත් කරුණු ඉදිරිපත් කෙරෙන වීඩියෝවක් පහළින් දැක්වේ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..