රෝහණ විජේවීර ඝාතනය කර වසර 36 යි!.. බෙදුම්වාදය ගැන එදා ජවිපෙ ස්ථාවරය හෙළි වන විජේවීර දිවයින කර්තෘට යැවූ ලියුම මෙන්න..(වීඩියෝ)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (නොවැම්බර් 13) වසර 36ක් සපිරේ.
1943 ජුලි 14 වන දින මාතර කෝට්ටේගොඩ ඉතා දිළිඳු පවුලක උපත ලද ඔහුගේ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ය. ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර වූ අතර මව නැසිනෝනා වික්‍රම කළතොට විය. ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. 1960 දී රුසියාවේ ලුමුම්බා මිත්‍රත්වය සරසවියෙන් ලද ශිෂ්‍යත්වයක් මත වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියාව බලා පිටව ගිය ඔහු රුසියාවේදී වෛද්‍ය විද්‍යාව මෙන්ම දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව ද හැදෑරුවේ ය.
රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට එක්වූ අතර නිවාඩුව අවසන්ව නැවත රුසියාව බලා යාමට සැරසෙන විට ඔහුගේ වීසා අවලංගු කිරීමට මෙරට සෝවියට් තානාපති කාර්යාලය කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව කොමියුනිස් පක්ෂයේ චීන පිලේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ විජේවීර පසු කලෙක එය තුළ ප්‍රති කණ්ඩායමක් ගොඩනැඟීමට කටයුතු කළ අතර එයින් පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ බිහි කළේය.
ඉතා සුළු පිරිසකගෙන්, ඉතා දුෂ්කර තත්වයන් යටතේ ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අතර 1971 අසාර්ථක වූ කැරැල්ලෙන් අනතුරුව රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය විසින් අපරාධ යුක්ති කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග විජේවීර ඇතුළු සියල්ලන් නිදහස් වූ අතර ඔවුහු නැවතත් දේශපාලනයේ නිරත වූහ. 1980 වසරේදී රෝහණ විජේවීර මොරටුව විල්ලෝරවත්තේ පදිංචි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග විවාහ වූයේය. ඔවුන්ට දරුවන් සය දෙනෙකි.
1983 කළු ජූලියෙන් පසු ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක් තහනම් කිරීමට ජේ. ආර්. ජයවර්ධන රජය කටයුතු කළ අතර ජවිපෙ ඉන් අනතුරුව රහසිගත දේශපාලනයට අවතීර්ණ විය. 1987 ඉන්දු – ලංකා ගිවිසුමත් සමග ජවිපෙ නැවතත් සන්නද්ධ දේශපාලනයට පිවිසුණු අතර ආණ්ඩුව ද ඊට එරෙහිව දැඩි මර්දනයක් දියත් කළේය.
1989 නොවැම්බර් මාසයේදී ගම්පොල, උලපනේ වතු යායකදී අත් අඩංගුවට ගත් රෝහණ විජේවීර කොළඹට රැගෙන පැමිණ, ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රූපවාහිනී විකාශයක් සඳහා ප්‍රකාශයක් ද ලබාගෙන වෙඩිතබා ඝාතනය කර බොරැල්ල කනත්තේදී සිරුර ද පුළුස්සා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.
රෝහණ විජේවීර විසින් 1984 මැයි 10 දා දිවයින පුවත්පතේ කර්තෘවරයා වෙත යවන ලද ලිපියක් ගැන පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයක් හට ගත්තේ ය. බෙදුම්වාදය සහ රටේ දේශපාලනය පිළිබඳ ව එදා ජවිපෙ දේශපාලන ස්ථාවරය පැහැදිලි වන එකී ලිපියේ සැබෑ විස්තරය සහ එහි ඇතුළත් කරුණු ඉදිරිපත් කෙරෙන වීඩියෝවක් පහළින් දැක්වේ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා