News Category
From Date
To Date
Maximum Number of Result

ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය

අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධව ජවිපෙ හිටපූ දේශපාලන මණ්‌ඩල සහික නන්දන ගුණතිලක කරපු ප්‍රකාශයක් අල්ලගෙන නන්දන ගුණතිලක හිරේ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පැලවත්ත ජවිපෙ මූලස්ථානය පැත්තෙන් ආරංචි වෙනවා. දැනට ජවිපෙ නායකයන් පහලට කරන පැහැදිලි කිරීම්වලත් එහෙම කතාවක් තියනවා. නන්දන ගුණතිලක ජවිපෙ නීති කමිටුව කැඳවපු බව ඇත්ත. සුනිල් වටගල ඒකේ ලේකම් විදිහට හිටපු බවත් ඇත්ත.

බංග්ලාදේශයේ චිතගොන්හී වාසය කරන සුළුතරයක් වන බෞද්ධයන් ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

3000 කට අධික දමිළ ජනතාව, දස වධදී ඝාතනය කරමින් කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයේ සියළු තොරතුරු යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා හෙළිකරයි.

මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම්ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක්‌ වූහ.

ජීවිත ආරක්ෂාව උදෙසා රාජවංශිකයෝ විවිධ වෘත්තිකයින් වෙත භාර කළ බවත් ඉන් ඔවුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් අපි ඉතිහාස කතා ඔස්සේ අසා ඇත්තෙමු. කුඹල්කරුවන්, බෙරකරුවන්, රෙදි අපුල්ලන්නන්, කම්මල්කරුවන් ඇසුරෙහි ආරක්ෂාවට තැබූ බොහෝ රාජවංශිකයන් පසුකාලීනව එම වෘත්තීන් හි ම නියැලි එය සිය ජීවන වෘත්තිය කර ගත් අයුරුත් ඇතැම් විට එයින් සමාජ වියවුල් ඇති වූ අයුරුත් අප දැක ඇත්තෙමු. මෙය ද එවන් කතාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

ලාංකික දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙන ගෙනයමින් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.