News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව අදත් මාධ්‍ය ඉදිරියේදී අදානිගේ වියපෘතියට කැමති නැහැ කිව්වට නීතිපති එවල ඒ වියාපෘතිය නවත්වාගෙන ඉන්න නඩුවට උසාවියේදී අදාල කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තේ නැහැ.

යුධ පිටියේ සිට මනෝවිද්‍යාත්මක සහ සයිබර් මෙහෙයුම් දක්වා මෑත කාලීන මාරුවීම බටහිර ප්‍රභූන්ගේ සැබෑ ප්‍රමුඛතා හෙළි කරයි.

1996 ජූලි 18 වන බදාදා LTTE ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය. දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි.

ඉතිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා...

මෙය සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනා පිළිතුර දැනගත යුතු වැදගත් ප්‍රශ්නයකි.

මෙය සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනා පිළිතුර දැනගත යුතු වැදගත් ප්‍රශ්නයකි.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කලේ ජාතික ජන බලවේගයයි .එයිනුත් වැඩිම ඡන්ද ලබාගත්තේ දොඹගහවෙල කොට්ඨාශය නියෝජනය කරන අජිත් පුෂ්පනන්දන මහතායි

කාඩිනල්ගේ අනාචාරී දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. එය සැබැවින්ම අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් සහමුලින්ම ප්‍රශ්න කිරීමකි. ජවිපෙ කලක් හිටි වරුණ රාජපක්ෂ කියන ආකාරයට එය හුදෙක් ජවිපෙට හුරුපුරුදු පාවාදීමක් ලෙස මම නොදකිමි. මේ ආණ්ඩුවේ දේශපාලනික දැනුමක් සහ බුද්ධියක් තිබෙන පුද්ගලයා බිමල් රත්නායක පමණී. ඔහු එම ප්‍රකාශය කළේ සිතාමතා ම බව මාගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයට සාක්ෂිකරුවෝ බොහෝදෙනෙක් සිටිය හ. එහෙත්, ඒ ගෝර්ඩන් වයිස්, ෆ්‍රැන්සිස් හැරිසන්, චැනල් 4, දරුස්මාන් මණ්ඩලය, චාල්ස් පෙටි්‍ර යන අය නොවේ. ඔවුන් එහි සාක්ෂිකරුවන් නොවන්නේ, ඒ අය කිසි විටෙකත් යුද කලාපය තුළ නොසිටි හෙයිනි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.