News Category
From Date
To Date
Maximum Number of Result

රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම නතර කළ යුතුය.

ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිෂම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.

‘වෙල්ලාර්” නම් ඉහල කුලය විසින් ප්‍රභාකරන් අයත් ‘කරයියර්’ (ධීවර කුලය) මත ඇති කරන ලද පීඩනය,කුලය පදනම් කරගෙන සිදුකල වෙනස්කම්, එහිම ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සමාජ බැහැර කිරීම සහ ආන්තීකකරණයේ ඵලයක් ලෙස ප්‍රභාකරන්ගේ සටන ඇරඹුණු බවත්, පසුව එය දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කරා තල්ලුවූ බවත් දැක්වෙන මතයක් සමාජයේ බහුලව සාකච්ඡාවෙමින් පවතී.

ප්‍රමිතියෙන් බාල ඉන්දියානු ඖෂධ සම්බන්ධයෙන් සහ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.

ඊයේ දින පැවති දෙරණ 360’ වැඩසටහනෙන් හෙළි වූයේ මාලිමා ආණ්ඩුවේ සැබෑ තත්වයයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට එක් රූපවාහිනී වැඩසටහනකට මුහුණ දීමට සමස්ත ආණ්ඩුවම සූදානම් වූ ආකාරය දුටු විට ඔවුන් සත්‍යයට කොතරම් බිය වී ඇත්දැයි පැහැදිලිය.

ලෝක යුද්ධ දෙකෙන් සහ සීතල යුද්ධයෙන් පසු ලෝකයේ බලවත්ම රට අමෙරිකාව බවට පත්වීමෙන් පසු, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට, ආධිපත්‍යය පවත්වා ගැනීමට සහ කඩාකප්පල් කිරීම් සහ ආක්‍රමණ ඉදිරියට ගෙන යාමට සහ ජාත්‍යන්තර ප්‍රජාවට හානියක් සිදු කරමින් හිතාමතාම යුද්ධ කිරීමට වඩාත් නිර්භීතව ක්‍රියා කර ඇත.

කියුබාවේ ආර්ථිකය වැනසීමට national endowment of democracy ආයතනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝවක් පහළින්..

අනුර සහ නලින්ද අත්සන් කළ ගිවිසුම් වලට අනුව දැන් IP සහ Schedule M ඉන්දියානු බාල බෙහෙත් ශ්‍රී ලංකාවට එනවා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.