News Category
From Date
To Date
Maximum Number of Result

බාල අනුරගෙ ලාබ සෙල්ලං නිදහස් උත්සවය හෙවත් රාජ්‍ය පීචං කිරිම...

Feb 5, 2026 at 09:05 AM
|

අනුරලා අනුරලාගෙ බාල, ලාබ, පුංචි සිතුවිලි අතරෙ රාජ්‍ය හකුලවමින් ඇත...

වරායවල්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, අහස සිඹින ගොඩනැගිලි වලින් තෘප්තිමත් වූ ජනතාව පාරේ බෝක්කුවකට, අතුරු පාරකට කොන්ක්‍රීට් ටිකක් දැමීමෙන්, වැලි කොට්ට ටිකක් දැමීමෙන් මිනිස්සු සතුටු කරන තරමට ජනතා අපේක්ෂා හකුළුවලා තියෙනවා..

ජාතික නිදහස් උත්සවය පමණක් නොව ප්‍රාදේශීය වශයෙන් පැවතුණු නිදහස් උත්සව පවා ජනතාවගෙ හාස්‍යයට ලක් වෙමින් ඇත..  එය අනුරලාගෙ ජයග්‍රහණයකි... ඔවුන්ට අවශ්‍යය අභිමානවත් රාජ්‍යයක් හෑල්ලු කිරීමටය...

ඉතිහාසයේ පැවැති ඇල්මැරුණුම ජාතික නිදහස් උත්සවය ඊයෙ පැවැති බව කාටත් රහසක් නොවේ...

යකාගෙ හැටියට විමානෙ කියන්නා සේ අනුරගෙ කොලිටිය අනුව තමයි ඉතින් මේ දේවල් කියා හිත හදාගත යුතුය. 

නිදහසින් පැවැති බරපතලම ගැටළුව වූ යුද්ධයෙ ජයග්‍රහණ පවා පයිසයකට මායිම් නොකර දිට්ටා සුලි කුණාටුවෙ පාරවල් අතු ගෑම, කෑම පැකට් බෙදීම දක්වාම වීරෝදාර රණවිරුවන්ගෙ ජයග්‍රහණ ලඝු කොට තිබුණි...

ජාතික උත්සවයෙ ත්‍රිවිධ හමුදාවේ වාහන සහ අවි ආයුධ සැඟවීම පිටුපස තිබුණේ දෙමළ ඩයස්පෝරාවට ඇති බය මිසක් වෙන කෙංගෙඩියක් නොවේ.. ගිය වර රණවිරු උත්සවයට අනුරව අරගෙන ගියේ පිස්සු බල්ලෙක් නාවන්න අරගෙන යනවා වගේ බව අපට මතකය.. ඒද ඩයස්පෝරා භීතිකාව නිසාය.

ණයට ගත් අවි ආයූධ වලින් අභිමානය එන්නෙ නැතැයි කී උන් ණයට ගත් වාහන වල පුක තියාගෙන පැමිණියෙ පට්ට අභිමානයෙන්ය. 

ජනාධිපති කතාවේද දිට්ටා හැර වෙන මඟුලක් තිබ්බෙ නැත. රාජපක්ෂලා යුද්ධය විකුණං කනවයි කෑ මොර දුන් එවුන් දැන් ටොයිලටි යනකොට තටමන්නෙත් දිට්ටා දිට්ටා කියමින්ය...

" දිට්ටා නැත්නම් මිට්ටා ඉවරයි" කියා තව කවුද ලියි තිබුණි.

අපේ රටේ පවතින ගෞරවනීයම ජාතික උත්සවයක් දෙකේ කොලේට දැමූ අතර සමහර මැති ඇමතිවරුන්ගෙ සහ ඇම්බැට්ටයන්ට අනුව මේ රටට නිදහස ලැබී තිබුණේ 2024 සැප්තැම්බර් 21 න් පසුවය...

සමහර ප්‍රාදේශීය නිදහස් උත්සව වලට වඩා පුංචි ලමුන්ගෙ සෙල්ලම් ගෙවල් වල තත්වය උසස් බව්න් වැඩිය...

ප්‍රාදේශීය ජවිපෙ නායකයින් පොලීසියට හමුදාවට කියා සැලියුට් ගස්සවා ගනිමින් තමන්ගේ ජීවිතෙ පුංචි පුංචි ඇරියස් කවර් කර ගත්තේය..

ජාතික නිදහස් උත්සවයෙ තිබ්බෙ නැත්තේ කෝම්පිට්ටු ඉදීයන් කියමින් කෝම්පිට්ටු හදන එකත්, සබන් බෝල පුම්බන කණ්ඩායමකුත් පමණි. ජාතික උත්සවය ඒ තරම් ලාමකය, ලාබය, බාලය..

ලාබ, බාල අනුරගෙන් සහ ආණ්ඩුවෙන් ඔයිට වඩා අටමගලයක් බලාපොරොත්තු විය නොහැකිය...

අනුර කොළඹ සිංහල මිනිස්සුන්ට ජාතිවාදය එපා යැයි පකුම් කියවද්දී ඒ මොහොතේ දීම ද්‍රවිඩ ජනතාව මුලතිව් සහ කිලිනොච්චි වල ස්වයං පාලන රාජ්‍යයක් ඕනා කියමින් පෙලපාලි යනවාය..

වසර 78 කට පසු ඇල්මැරුණු පජාතම ජාතික නිදහස් උත්සවය ඊයෙ දැක බලා ගත්තෙමි. ජාතික නිදහස් දිනය එනතුරු ඇඟිලි ගනිමින් බලාපොරොත්තුවෙ දෑස් දල්වා ගනිමින් සිටි කාලය මතක් විය. පැයෙන් පැය දවසින් දවස රාජ්‍ය ගෞරවය කෙලසවමින් ඇත..

ලෝකයෙ සෑම රටක්ම රාජ්‍ය බලවත් කරද්දී තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රන් බංඩගෙ පුතා උත්තරීතර රාජ්‍ය හකුළුවා තුට්ටු දෙකට දමමින් ඇත. දුකය.. ඒත් කරන්නට දෙයක් නැත. හැට අට ලක්ෂයක අම්බරුවන්ට ඕන වූයේද එයයි..

- නිලන්ත සත්සර ගමගේ 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.