News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරනයන් ඉදිරියේ දිලීප පිරිස් නීතිපතිතුමන් නියෝජනය කරමින් සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ පිලිබඳ නීතියේ ඇසින් සිදුකරනු ලබන විවරනයක්!

Feb 3, 2026 at 06:30 AM
|

මෑතකාලීනව පැවති ආන්දෝලනාත්මක නඩු විභාගයන්හිදී  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිලිබදව නීතිඥ ප්‍රජාව හමුවේ යම් කතා බහක් ඇතිවී තිබේ.

එවැනි ප්‍රකාෂ කිරීමට පීරිස් මහතාට පවතින වෟත්තිමය අයිතිය පිලිගනිමින්ම එම කරුනු දැක්වීම් හුදු ජනප්‍රියවාදී" හෝ "අතාර්කික" ප්‍රකාෂද වන්නේද යන්න පිලිබදව මෙන්ම එවැනි චර්යාවකට ඇති අයිතිය විමර්ශනය කිරීම නීතියේ ප්‍රගමනයට දායකත්වයක් ලැබිය හැකි මාතෟකාවක් වන්නේය.

මෙසේ කතා බහට ලක්වන කෂේත්‍රය නීතිඥවරයකුගේ වරප්‍රසාදී වපසරියකට අදාල වන්නේ නමුදු එවැන්නක අන්තර්ගතය නීතිමය ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිති කිහිපයක් ඔස්සේ එය ඇගයිය හැකිව තිබේ.

මෙහිලා සාකච්ඡාවට ලක්වන්නේ පීරිස් මහතා අධිකරනයන් ඉදිරියේ සිදු කරන ලද ප්‍රකාෂයන් ලෙසට ජන මාධ්‍ය විසින් එසේ වාර්ථා කරන ලද ප්‍රකාෂ පමනකි.

එම ප්‍රකාෂ එලෙසටම අධිකරනයේ වාර්ථාවන සාක්ෂි සටහන් තුල අන්තර්ගත නොවන්නට පිලිවන.

නමුත් එසේ ජනමාධ්‍ය මගින් වාර්ථා කොට ඇති ප්‍රකාෂ දෙස බලන කල ඒවා සාමාන්‍ය ජන සමාජය ඇද බැදගන්නා අධි වෝල්ටීයතාවයෙන් ප්‍රකාෂ බව පෙනෙන්නට තිබේ.

එවැනි ප්‍රකාෂ ගනනාවක් මාධ්‍ය විසින් වාර්ථාගත කොට තිබේ.

පසුගියදා මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියට පමුනුවන ලද හිටපු ජනාධිපති ලේකම් වරයාගේ නම හා වාසගම උපුටමින් සිදුකල ප්‍රකාෂය මෙහිලා ගිනිය හැති ආසන්නතම උදාහරනය වන්නේය. 

වාර්ථා කරනය තුල සමාජය තේරුම් ගෙන තිබුනේ එම පුද්ගලයා තම නම පවා වෙනස් කොට සමාජයට වංචා කරන පුද්ගලයකු බවයි.

 එසේම හිටපු ජනාධිපති ලේකම් වරයා අධිකරනය මගහැරීමට උත්සාහ දරන පුද්ගලයකු ලෙස අධිකරයට තහවුරු කරන්නට භාවිතා කරන ලද වාග්මාලාවද එවැනි කථිවකට සුදුසු ප්‍රකාෂයක් වන්නේය.

වාර්ථාකරනය තුල සමාජය තේරුම්ගත්තේ අදාල පුද්ගලික විශ්ව විද්‍යාලයතුල වාඩිවීමට පුටුවක් හෝ නොලැබ පුද්ගලික සුඛවිහරනයට පොදු මුල්‍ය වැය කල වංචනිකයකු ලෙසටය.

එසේම රනිල් වික්‍රමසිංහ එංගලන්තයේදී නියෝජනය කරන ලද්දේ නිල කාර්යක්ද නැද්ද අදාලව ඒ මහතා භාවිතා කල වාග්මාලාවද කථිකාවකට පොලඹවන්නේය.

මෑත අතීතයට ගියහොත් හිටපු පොලිස්පති දේශබන්දුගේ නඩුවේදී මාතර මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ කල ආවේගාත්මක කරුනු දැක්වීම අන්තර්ගතවු වාග්මාලාවද කථිකාවකට සුදුසු මාතෟකාවක් වුයේය. 

ගෝටාභය පාලන සමයේදී පාඨලී චම්පික රනවක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සිදු කරන ලද නීතිපති වරයාගේ ඉල්ලීම තුල ඇතුලත්වු වාග්මාලාවද එවැන්නකි.

ගොටාභය ජනාධිපති වරයාගේ සමයේ දී මහාධිකරන නඩුවේදී පීරිස් මහතා රජයේ අභිචෝදක ලෙස 

කරන ලද කරුනු දැක්වීම් තුල ඇතුලත්වු වාග්මාලාවන් තුල ගැබ්වු හරයද එවැනිමය.

නීතිමය රාමුවක් ඔස්සේ සිදු කරන ලද ප්‍රකාෂ වුවද පීරිස් මහතා මෑත භාගයේදී අධිකරනයන් ඉදිරියේ සිදුකරන ලද ප්‍රකාෂ නීතීඥ ප්‍රජාව තුල කතා බහට ලක්වන්නේ එම ප්‍රකාෂ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියකුට අධිකරනයක් ඉදිරියේ ප්‍රකාෂ කිරීම් වලට තරම් නොවන ප්‍රකාෂයන් ලෙසටය.

එම නිසා එවැනි නිමිත්තක ගුන අගුන සලකා බැලීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට සහයෝගයක් වන්නේය.

නීතිපති තුමා මෑතකදී කියා තිබුනේ තමන්ගේ අභිමතය ඉහල අධිකරනයන් ඉදිරියේ අභියෝග කල හැකිබවය.

නීතීඥ සංගමය ප්‍රකාෂ කොට තිබුනේ නීතිපති වරයා අර්ධ අධිකරන බලය හොබවන පද්දතියක් වන බවය.

ඒ අනුව අප රජයේ නීතිඥවරයකුගෙ හැසිරීමද එලෙසට සදහන් අර්ධ අධිකරන බලයට යටත් වන නිසා එවැනි බලයක් අධිකරනයක් ඉදිරියේ ක්‍රියාත්මක විය යුත්තේ කෙලෙසටද යන්න සොයාබැලීම කාලෝචිතය.

නීතිඥ වෘත්තීය ආචාර ධර්ම (Legal Ethics)

1988 අංක 02 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීති (නීතිඥයන්ගේ චර්යා ධර්ම හා විනය) මගින් නීතිඥයෙකු අධිකරණය තුළ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරයි.

ඒ යටතේ නීතිඥයකු අධිකරණයට ඇති ගෞරවය ආරක්ෂා කිරීමට බැදී සිටී.

ඒ අනුව ඕනෑම නීතිඥයෙකු අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී "අධිකරණයේ ගරුත්වය සහ ස්වාධීනත්වය" ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුව තිබේ. 

ඒ අනුව යම් නීතීඥයකු අධිකරනයට කරුනු දැක්වීමේදී “අතාර්කික" හෝ හුදෙක් "ජනප්‍රියවාදී" ප්‍රකාශ මගින් නඩුවේ යුක්තිය පසිඳලීමට බාධා වේ නම්, එය වෘත්තීය විනය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිව තිබේ.

එලෙසටම යම් නීතීඥවරයකු විසින් තමන් අභිමුඛවන ප්‍රතිවිරුද්ධ පාර්ශවයට සැලකීමේ වගකීමක් පවතී.

නීතිඥයෙකු තමාට පෞද්ගලිකව අකමැති පුද්ගලයෙකුට වුවද, අධිකරණය හමුවේ අපහාසාත්මක හෝ අගෞරවනීය ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුය.

පීරිස් මහතා විසින් අධිකරනය ඉදිරියේ සිදුකොට ඇතැයි වාර්ථාවන ඇතැම් ප්‍රකාෂ ගත් කල ඒවා බොහෝ දුරට නීති නිලධාරයකුගේ වෘත්තිමය භාෂනයකින් එපිටට යන අධිකරණයට සහාය දක්වන නිලධාරියෙකුගෙන් අපේක්ෂා කරන වෘත්තීය, සදාචාරාත්මක සහ නිපුනතා ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පැවතින බවට මතයක් සමාජය තුල මෝදු වෙමින් පවතී.

මෙය නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම ලාංකික යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට සුභදායක කරුනක් වන්නේනේ නැත.

එවැනි පසුබිමක නීතිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරනයක් ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාෂයක් ඇගයීමේ නිර්නායක පිලිබදව කථිකාවක් කාලෝචිතවී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ කරුණු දැක්වීමක් ඇගයීමට ලක් කළ හැකි සම්මත නීතිමය මූලධර්ම ගනනාවක් තිබේ.

ඉන් පලමුවැන්න යුක්තියේ අමාත්‍යවරයා" (Minister of Justice) පිළිබඳ සංකල්පයයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සම්ප්‍රදායට (ශ්‍රී ලංකාවද එම සම්ප්‍රදාය අනුගමනය කරයි) අනුව, රජයේ නීතිඥයෙකු යනු හුදෙක් නඩුවක් ජයග්‍රහණය කිරීමට පමණක් උත්සාහ කරන පාර්ශවීය නියෝජිතයෙකු නොවේ. ඔහු "යුක්තියේ අමාත්‍යවරයෙකු" ලෙස සැලකේ.

එම සංකල්පය තුලින් අපට දිලීප පීරිස් මහතා අධිකරනය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු මහජන මතයට වඩා සත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී තිබේද යන්න සොයා බැලීමකට පෙලඹවනු ලබයි.

එසේ කරුනු ඉදිරිපත් කිරීමකදී වරදේ ස්වභාවය පසෙකලා ප්‍රකෝපකාරී භාෂාවක් හෝ මහජන ක්‍රෝධය ඇවිස්සීමට (populism) උත්සාහ කර ඇත්නම්, එවැනි කරුනු දැක්වීමක් අපේක්ෂිත මධ්‍යස්ථභාවය පිළිබඳ වගකීමෙන් බැහැර වීමකි.

දෙවැනි පදනම වන්නේ  පදනම වන්නේ බැලු බැල්මට නඩුවක් පවතින්නේ ද යන පදනමින් (Prima Facie case) තහවුරු කිරීම සදහා කරුනු දැක්වීමයි.

එවැනි නීතිමය කරුණු දැක්වීමක පදනම විය යුත්තේ අනුමාන හෝ සදාචාරාත්මක කෝපය මත නොව, පිළිගත හැකි සාක්ෂි මතය.

පොලිස් පරීක්ෂන අවසන් නොවී තිබෙන පදනමක බැලුබැල්මට නඩුවක් තිබේ යයි කියමින් අනුමානයට අවලාද නැගීම වෟත්තිය භාවයක් නොවේ.

තුන්වන මුලධර්මය වන්නේ අධිකරණ විනය සහ වෘත්තීය ආචාර ධර්ම, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ රජයේ නීති නිලධාරීන්ගේ චර්යා ධර්ම තුලින් තහවුරු කොට ඇනි වෟත්තීමය රාමුවෙන් එබිටට යන “නොහොබිනා" (Unbecoming) හැසිරීමක් යන්නට එවැනි ප්‍රකාෂ යටත් වන්නේද යන්නයි.

එවැනි කරුණු දැක්වීම් මගින් අදාල නිලයේ ගෞරවය සහ බැරෑරුම්කම ආරක්ෂා වී තිබේද යන්නයි.

දැඩි ලෙස තර්ක කිරීම වෘත්තීයමය අයිතියක් වුවද, නීතිමය පූර්වාදර්ශ නොසලකා හරිමින් "මහජන අධිකරණය" (Court of public opinion) සතුටු කිරීමට කරුණු දක්වන්නේ නම්, එය වෘත්තීය විනයට පටහැනි වන්නේය.

හතරවනුව සාධාරණ තර්කනය පිළිබඳ මූලධර්මය (Wednesbury Unreasonableness)

පරිපාලන තීරණයක් සම්බන්ධයෙන් භාවිත වන මෙම මූලධර්මය, නීතිමය තර්කනයක ඇති "අතාර්කික බව" මැන බැලීමට ද යොදාගත හැකිව තිබේ.

එහිලා භාවිතා කරනු ලබන මිනුම් දන්ඩ වන්නේ පවතින නීතිය සහ කරුණු දන්නා කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු මෙවැනි තර්කයක් ඉදිරිපත් කරනු ඇත්ද යන්නය.

එලෙසට කරනු ලබන යම් කරුණු දැක්වීමක් තර්කනයෙන් තොර හෝ පවතින නීතිමය ප්‍රොටෝකෝල සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ නම්, එවැනි ප්‍රකාෂයක් අතාර්කික ප්‍රකාෂ ලෙස හැඳින්විය හැකිය.

යුක්තිය ඉටුකිරීමේ වගකීම" පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ ලබාදී තිබෙන පදනමක නීතිපති දෙපාර්තමේන්තුවද එකී පුර්වාදර්ශ මගින් බැදී සිටින බව සිහිපත් කලයුතුව තිබේ.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භූමිකාව ගැන වැදගත් නිරීක්ෂණ කිහිපයක් ලබා දී ඇත.

ඉන් පලමු වැන්න අගතිගාමී නොවීමයි.

රජයේ නීතිඥයෙකුගේ අරමුණ විය යුත්තේ පුද්ගලයෙකු කෙසේ හෝ වරදකරු කිරීම නොව, පවතින සාක්ෂි මත යුක්තිය ඉටු කිරීමයි.

දෙවැන්න සාධාරණත්වයයි. (Fairness). නීතිපති දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් රජයේ නිලධාරීන්ද වන බැවින් ඔවුන් සැමවිටම සාධාරණව හා පක්ෂපාතී නොවී කටයුතු කරනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරයි. 

තුන්වැන්න වන්නේ කරුණු දැක්වීමේදී එම ඉදිරිපත් කිරීම් දේශපාලනික හෝ සමාජීය රැල්ලක් මත පදනම් වන්නේ නම් එවැනි කරුනු දැක්වීමක් "නීතියේ ආධිපත්‍යයට" (Rule of Law) පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.

දේශපාලන මැදිහත්වීම් සහ ස්වාධීනත්වය අරබයා

නීතිපතිවරයාගේ සහ ඔහුගේ සහායකයින්ගේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රියසත් ඩෙප් එදිරිව නීතිපති වැනි නඩු වලදී අවධාරණය කොට තිබේ.

එහිලා වැදගත් වන්නේ යුක්තියට ඇති වගවීමයි.

මක් නිසාද යත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දක්වන්නේ මුළු රාජ්‍යයම නියෝජනය කරමිනි. 

එබැවින්, ඔවුන්ගේ ප්‍රකාශ "අසම්බන්ධිත" හෝ "අතාර්කික" වීම මුළු දෙපාර්තමේන්තුවේම විශ්වාසනීයත්වයට හානි කරවිය හැකිව තිබේ.

අවසාන වශයාගෙන් කිව යුත්තේ යම් නීතිඥයෙකු අධිකරණයට බලපෑම් කිරීමට හෝ ජනප්‍රිය මතවාද ඔස්සේ විනිසුරුවරයා තීරණයක් කරා මෙහෙයවීමට (Emotional manipulation) උත්සාහ කරන්නේ නම් එය 

අධිකරණ නිදහසට අදාල කරුනක් වන බවයි.

එසේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් (Contempt of Court) දක්වා දුරදිග යා හැකි කරුනක් වන්නේය.

අවාසනාවකට මෙවැනි කරුනු පිලිබදව ශ්‍රී ලංකාවේ නීතීඥ ප්‍රජාවට පවතින්නේ මදහසකි.

එම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සිතන්නේ තමන් රජකු වෙනුවෙන් පෙනී සිටිමින් නඩු මෙහෙයවන බවය.

- Shiral Lakthilaka

 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.