News Category
From Date
To Date
Maximum Number of Result

2025 දී ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් (LAC) හි ප්‍රගතිශීලී ආණ්ඩු නීති විරෝධී කර, අවතැන් කර, දක්ෂිණාංශික බලවේග විසින් රජයන්ට පහර දීම සඳහා මත්ද්‍රව්‍ය ආශ්‍රිත අර්බුද අල්ලාගෙන , ප්‍රතිගාමී පසුබෑමක් ඇති කරමින් සහ නව, නව ලිබරල් පරිපාලන රජයන් බලයට පත් කර ඇත.

මේ වන විට මොඩියුලවල විවිධ කොටස් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා.

වෙනිසියුලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාපරාධී මැදිහත්වීමට එරෙහිව පැහැදිලිම ශක්තිමත්ම සහ නිවැරදිම වචන යොදා ගනිමින් මෙම ප්‍රකාශය කරන්නේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගෙනි. ඔහු ලංකාවේ අනුර දිසානායක ජයග්‍රහණයද සුබ වාදීව විග්‍රහ කල ඇමෙරිකන් ට්‍රම්ප් නියෝජනය කරන රිපුබ්ලිකන් පක්ෂයට වඩා වෙනස් අදහස් දරන්නෙකු ලෙස ප්‍රසිද්ධය. ඇමෙරිකාවේ වාමාංශික අදහස් ඇති නායකයන්ගේ අවසන් කණ්ඩායමේ ප්‍රබලයෙකි.

මේ තියෙන්නෙ තොරතුරු තාක්ශණ පොතේ ජෙනරාල් තුමියගෙ පනිවිඩය..

මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට එරෙහිව ආරම්භයේදීම සටන් කළේ සුළු පිරිසක් පමණයි.

වෙනිසියුලාවට එල්ල වූ එක්සත් ජනපද සාපරාධී ප්‍රහාර සහ ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක, උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, වොෂින්ටනයේ හමුදා මෙහෙයුම පාලන තන්ත්‍ර වෙනසක් සහ වෙනිසියුලාවේ ස්වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ කරන බව නැවත අවධාරණය කළේය. වෙනිසියුලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ජනාධිපති අනුප්‍රාප්තික රේඛාවට අනුව, ජනාධිපති මධුරෝ නොමැති විට රොඩ්‍රිගස් ජාතියේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නව ප්‍රවේශයකින් ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNEPA) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආදී ජාත්‍යන්තර සංවිධාන එකතුවක් මගින් එම නව ප්‍රවේශය සාධාරනීකරණය කිරීම සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා ලේඛන රාශියක් නිකුත් කර ඇත. ඒ අතුරින් ප්‍රධාන වන්නේ පිටු 139කින් සමන්විත "ලිංගික අධ්‍යාපනය ບໍ່ ວາລະຫົດ ໑໑ ວົ າ (International Technical Guidance on Sexuality Education) අත් පොතයි.

පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන තිබුනද, එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කිරීමෙන් දවසක කාලච්ඡේද ගණන 7ක් බවට පත්කර ඇති බවත්, එමගින් සතියක දී කාලච්ඡේද 5ක් අඩුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩමහතා සිට මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.