අධ්‍යාපන පරිපාලන සේවා (SLEAS) සම්මුඛ පරීක්ෂණ මණ්ඩල තුළ සිදු වූ අහස පොළොව නුසුලන අක්‍රමිකතා සහ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය..
අධ්‍යාපන පරිපාලන සේවා (සීමිත) බඳවා ගැනීම් තුළ "නීතිය" සහ "ගැසට්ටුව" හිතවත්කම් මත පාවා දුන් ආකාරය ලේඛනගත සාක්ෂි සහිතව දැන් හෙළි වෙමින් පවතී. සාමාන්‍ය ගුරුවරුන්ට තාක්ෂණික හේතු පෙන්වා දොර වසන බලධාරීන්, තමන්ගේ හිතවතුන් වෙනුවෙන් නීති පද්ධතියම උඩුයටිකුරු කර ඇත!
📍 සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සිදු කළ බරපතලම වැරදි 04 ක් ඔබ හමුවේ සාක්ෂි සහිතව මෙලෙස අනාවරණය කරන්නෙමු.
1️⃣ සුදුසුකම් නැති බව දැන දැනත් "වාචික" පරීක්ෂණට දැමීම:
සම්මුක පරීක්ෂක්ෂණ සදහා කැදවීම් ලිපියේ පැහැදිලිවම දක්වා ඇති පරිදි "මූලික සුදුසුකම් පරීක්ෂාවෙන් පසු එම සුදුසුකම් සම්පුර්ණ කරන අයදුම්කරුවන් පමණක් වාචික පරීක්ෂක්ෂණ මණ්ඩල වෙත යොමු කරන බව පැහැදිලිවම දක්වා තිබියදී සම්මුක පරීක්ෂක්ෂණ සදහා සහභාගී වූ සියලූම දෙනාව වාචික පරීක්ෂක්ෂණ මණ්ඩල සදහා යොමු කිරීමට අදාළ නිලධාරීන් කටයුතු කොට ඇත.
ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා පවසන පරිදි
මූලික සුදුසුකම් නැති අයව එදිනම වාචික පරීක්ෂණ මණ්ඩල වෙත යොමු කළේ "අයදුම්කරුවන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට" බව පවසමිනි. නමුත් සැබෑ අරමුණ වූයේ හිතවත්කම්මත නුසුදුස්සන්ට ද ලකුණු ලබා දී, පසුව නිලධාරීන්ට අවශ්‍ය පරිදි ලැයිස්තු සකස් කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි!
2️⃣ පශ්චාත් ලේඛන ඉදිරිපත් කිරීමේ "සූදුව":
ගැසට් නිවේදනයේ සහ කැඳවුම් ලිපියේ "පසුව ලේඛන ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන" බව පැහැදිලිව තිබුණ ද, නිලධාරීන්ගේ හිතවතුන්ට සම්මුඛ පරීක්ෂණය අවසන් වී දින කිහිපයකට පසුව පවා අසම්පූර්ණ ලේඛන සහ සහතික ඉදිරිපත් කිරීමට හොර රහසේ අවස්ථාව ලබා දී ඇත.
3️⃣ තමන්ට රිසි පරිදි දින වෙනස් කර ගැනීම:
"සම්මුඛ පරීක්ෂණ දිනය කිසිසේත් වෙනස් නොකරන" බවට තිබූ නීතිය, ඇතැම් බලගතු අයදුම්කරුවන් වෙනුවෙන් වෙනස් කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයාගේ වාර්තා අනුව පවා පැහැදිලි වන අතර ඊට අදාළ ලේඛනයෙන් උපුටාගත් කොටස පහතින් පළ කොට ඇත.ඒ අනුව ඇතැමුන් තමන්ට පහසු දිනවල සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට ඇති බව තහවුරු වී ඇත.
4️⃣ වසරකට පසු තොරතුරු ගෙන්වා ගැනීම:
සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගතවීමෙන් පසුව ද, ඇතැම් අයදුම්කරුවන් 80 කට අධික පිරිසකගේ අසම්පූර්ණ තොරතුරු කලාප කාර්යාලවලින් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මගින් තහවුරු වන්නේ, සම්මුඛ පරීක්ෂණ මොහොතේ එම අයදුම්කරුවන් සතුව කිසිදු මූලික සුදුසුකමක් නොතිබූ බවයි!
⚠️ අසාධාරණයේ උපරිමය:
පාසල්වල ඉගෙනුම්-ඉගැන්වීමේ දී ව්‍යාජ කාලසටහන් ඉදිරිපත්කළ හිතවතුන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හරහා "සුදුස්සන්" කර ඇති අතර
බරපතල විනය පරීක්ෂණ පවතින විදුහල්පතිවරුන් පවා පත්වීම් ලැයිස්තුවේ ඉහළටම පැමිණ පත්වීම් ගෙන වැඩතහනමට ලක්වූයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිදුවූ අක්‍රමිකතා නිසාවෙනි.
ඒ අනුව මෙහිදී සිදුව ඇත්තේ අධ්‍යාපන පරිපාලන සේවයට සුදුසුකම් සම්පුර්ණ කළ කුසලතාවයෙන් යුක්ත නිලධාරීන්ව බඳවා ගැනීමක් නොව, රජයේ ගැසට්ටුවට මුවා වී හිතවතුන් අතර තනතුරු බෙදා දීමකි!
සාක්ෂි සහිතව ඉදිරිපත් කළ මෙම සියලූම තොරතුරු සැලකිල්ලට ගෙන අගතියට පත් සියලූම දෙනා බදවා ගැනීම කෙරෙහි වත්මන් පාලකයින් වහා කටයුතු කිරීම නුවණට හුරු බව පමණක් සිහිපත් කරන්නෙමු.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..