News Category
From Date
To Date
Maximum Number of Result

පසුගියදා දීර්ඝ ගුවන් ගමනක යෙදුණු මේ ලියුම්කරුගේ ගමන් සගයකු වූයේ ජීවන්තය. ගුවන් යානයේ මගේ යාබද අසුනේ සිටි ජීවන්ත සමඟ යෙදුණු අල්ලාප සල්ලාපයේදී ඈඳුණු එක් මාතෘකාවක් වූයේ වෙනිසියුලාවය. අපේ කතාව සිදුවන්නේ ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ අල්ලාගෙන යන්නට මාසයකට පමණ කලින්ය. ඔහු ගිය අවුරුද්දේ ජූලි මාසයේදී පමණ වෙනිසියුලාවට ගිය ගමන ගැන කළ විස්තරය එකවරම යළි සිහියට ආවේ එරට ජනාධිපතිවරයා සිය බිරියද සමඟ බලහත්කාරයෙන් එරටින් අල්ලාගෙන යෑමත් සමඟය.

‘වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගෙයි’ කියල පිරුළක් තියෙනවා. ඒක අර්ථ නොගැන්නුවාට ගොඩක් අයට අර්ථය වැටහෙනවා. මේකත් එවැනි පන්නයේ පොදු කතාවක්. කතාව කියවගෙන යන කොට කාරණය ඒත්තු යයි. මේ අය නම්, ගම් ප්‍රසිද්ධ කරනවට බයයි. අද මුදලට හෙට ණයට වගේ හෙට දේ වෙනකම් මේ අය අද දුන් මුදලට සාධාරණය වෙතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ‘මගේ එකම හීනය නැවක ‘කෙඩෙට්‘ කෙනෙක් වෙන එක තමයි. අපේ ගෙවල් පැත්තේ නැවක වැඩ කරන කෙනෙක් ඉන්නවා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මොඩයුලවල ඇතුළත් සමරිසි වෙබ් යොමු ඉවත් කිරීමෙන් සුජාතභාවයක් ලැබෙන්නේ නැත. මෙය අනාගත පරපුරට අතිශය ව්නාශකාරීය.

රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මුදල් අවභාවිත කළ බවට අධිචෝදනා ගොනු කිරීමට ගැන නීතිපති දෙපාර්තමේන්තුව අභ්‍යන්තර බෙදීමක් තිබෙන බව Sunday Times වාර්තාව අනුව හැගෙනවා.

ජගත්ගේ සමීපතයෙකු ලෙස ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව දින කිහිපයක සිට දැන සිටියද ඒ ගැන නිහඬව සිටියේ ජනාධිපතිවරයා විසින් එය බාර ගන්නා තෙක් එහෙත් දැන් මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ තොරතුරු පල වී ඇති නිසා ඒ සම්බන්ධව කෙටියෙන් යමක් සදහන් කල යුතුය.

ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ආදර්ශමත් අධිරාජ්‍යවිරෝධියෙකි. එලෙසම අධිරාජ්‍යවිරෝධී ජාතික මතවාදය තුළ සිටින ප්‍රායෝගික සටන් සගයෙකි. අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ සැබෑ ගුරුවරයෙකි. තම ජීවන අත්දැකීම් නිවැරැදිව විග්‍රහ කරගෙන අධිරාජ්‍යවිරෝධී මාවත තම පෞද්ගලික ජීවිතයටද දේශපාලන ජීවිතයටද එක් කරගත් ඒ මහතා ලංකා ලීඩර් වෙබ් අඩවියේ වීඩියෝ කවුළුවට දැක්වූ අදහස් අප පාඨකයාගේ බුද්ධිමය නිම් වලලු පුළුල් කරනු පිණිස මෙසේ සලකුණු කරමු.

දීර්ග කාලීනව වෙනිසියුලාවේ ආණ්ඩු යටත් කර ගැනීම, පාලනය කිරීම හෝ පලවා හැරීම සඳහා වන ඇමෙරිකාහු උවමනාව ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් මත රඳා පවතින බව පැහැදිලි සත්‍යයකි. පළමුවැන්න, වෙනිසියුලාව සතු මහා ඛනිජ සම්පත් පාලනය කිරීමේ උවමනාව වන අතර දෙවැන්න, වෙනිසියුලාවේ බිහි වූ ඇමරිකානු විරෝධී වාමාංශික පාලකයින්ගේ පෞරුෂය සහ දේශපාලන තේරීම් තුළ කලාපයේ ඇමරිකානු උවමනාවන් අනතුරට පත්වීමය. විශේෂයෙන්ම ස්පාඤ්ඤ යටත්විජිතපාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් කළ නිදහස් සටතේ පියා ලෙස සැලකෙන සයිමන් බොලිවර්ගේ අධ්‍යාත්මය තුළින් උපත ලැබූ ප්‍රබල වාමාංශික නායකයෙකු වූ හියුගෝ චාවේස් 1999 දී බලය ලබා ගැනීමෙන් පසුව ඇමරිකානු සමාගම් සතු වූ මහා ඛනිජ සම්පත් නැවත වෙහි සියුලානු ජනතාව සතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඇමෙරිකානු ප්‍රතිප්‍රහාරය වඩා දරුණු විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් පසුගිය දිනෙක සිදුකළ ප්‍රසිද්ධ සාකච්ඡාවකි.

ගමේ පාසලකින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පළමු පෙල සාමාර්ථයක් සහිතව සමත්ව, ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් වලින් ආචාර්ය උපාධිය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක, ඇමරිකාවේ විශ්වවිද්‍යාල තුනක, ජපානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක, චීනයේ RCEES ආයතනයේ, ජර්මනියේ බහුඅවයව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ, නෝර්වේහි බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේත් සේවය කරපු කෙනෙක් වශයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දශක හතරකටත් වඩා ආචාය්‍ය, මහාචාය්‍ය, ජේෂ්ඨ මහාචාය්‍ය වශයෙන් කටයුතු කරපු හා තවදුරටත් සේවය කරන කෙනෙක් විදිහටත් මට ගම ගැනත්, නගරය ගැනත්, රට ගැනත්, ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.