News Category
From Date
To Date
Maximum Number of Result

යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරේ හි පිහිටි ඒ තනි තට්ටුවේ නිවස ඒ පළාතේ අනෙකුත් නිවාස මෙන්ම සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක් විය.වැදගත් රාජ්‍ය සේවකයකු මෙන්ම ප්‍රදේශයේ පිළිගැනීමට ලක් වූ තැනැත්තකු වූ තිරුවෙන්කාදම් වේලුපිල්ලේ සිය දහඩිය මහන්සියෙන් ඉදි කර ගත් මෙම නිවසේ සතුට උතුරා ගිය කාලයක්ද විය. ඒ වේලුපිල්ලේ මහතා සිය දයාබර බිරිය වූ වල්ලිපුරම් පාර්වති සමඟ දියණියන් දෙදෙනකුත් පුතුන් දෙදෙනකුත් උස් මහත් කරමින් සිටි කාලයයි.

ජනාධිපති අනුර කුමාර සහ ටිල්වින් සිල්වාගෙන් කවුද හොඳ කියලා ඇහුවොත් ඔයා මොකද්ද කියන්නේ.ගොඩක් වෙලාවට හම්බවෙන්න පුළුවන් උත්තර හතරක් තියනවා.සමහරු කියයි අනුර හොඳයි කියලා,3%නේ ජෙප්පෝ ටිල්වින් හොඳයි කියයි.තව සමහරු දෙන්නම හොඳයි කියයි නැත්තං දෙන්නම නරකයි කියයි. ඔය ප්‍රශ්නය රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළ දෙන්නේ ඔය උත්තර හතරම නෙවෙයි.ඒ රටේ රාළ ටිල්වින් සහ අනුර දෙන්නම හරියට කියවගෙන තියෙන හින්දයි.

ලෝකයේ බලවත්ම, ධනවත්ම සහ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සමඟ පසුගිය දිනවල කරළියට ආ "එප්ස්ටීන් ෆයිල්ස්" ගැන ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම අසා ඇති! ඇමරිකානු යුදෙව් බිලියනපතියෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් පවත්වා ගෙන ගිය මහා පරිමාණ ලිංගික ජාවාරම සහ ඒ වටා ගෙතුණු අභිරහස් දැන් එකින් එක දිගහැරෙමින් පවතිනවා.

හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය කෘතිය මේ වන විට මුද්‍රණය වී ඇති අතර එම කෘතිය පිළිබඳව ඒ මහතා විසින් සිදුකරනු ලබන විග්‍රහයක් පහළ වීඩියෝවෙන්..

රටවල් ආක්‍රමනය කරන ඒකාධිපති යැයි හංවඩු ගහපු මේ අය ගැන අති අමානුශික චිත්‍රයක් තමයි බටහිර විසින් අද වෙනකොට මවලා තියෙන්නෙ...මේ අතරට ගඩාෆි,සදාම් හුසේන් වගේ අයත් ඉන්නවා.. හැබැයි අපි දේවත්වයෙන් සලකපු මදර් තෙරේසා , ගාන්ධි සහ ගොඩක් අයගෙ පිලෝසොපිකල් මෙන්ටර් කෙනෙක් වෙච්ච චොම්ස්කි වගේ අයගෙ ඇත්ත තත්වය දැන් දැන් එලිවෙමින් පවතිනවා.

එප්ස්ටීන් යනු ලිංගික අපරාධකරුවෙකු මෙන්ම ලොව බලවත්, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලිංගික සේවා සැපයීමට වෙනස්ම විදිහේ කුරිරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එයට හේතුව මොහුගෙන් සේවා සපයාගනු ලැබ ඇත්තේ ලෝකයෙහි ඉතාම බලවත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වීමය. ඒ අතර ලොව සුප්‍රසිද්ධ නළුවන්, ධනවතුන්, දේශපාලකයන්, රාජ කුමාර වරුන්, ආගමික නායකයින්, සුප්‍රසිද්ධ විද්‍යාඥයන්, පාතාල නායකයන්, ගායකයන්, ආදී අදහා ගත නොහැකි පිරිසක ගේ නම් ගම් හෙළි වී ඇත.

මේ රූපය කියන්නේ ජවිපයේ තුන්වන කාර්තුව නිම වු වගය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද වරදකරු වූ ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින්ගේ නවතම ලිපිගොනු, සමඟ බිල් ගේට්ස්ගේ පැටලීම පිළිබඳ හෙළිදරව් කිරීම් රාශියක් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඊමේල් පණිවිඩ, සටහන් සහ ඡායාරූප පිටු මිලියන 3 කට අධික සංඛ්‍යාවක් කරදරකාරී චිත්‍රයක් චිත්‍රණය කරනු ලබයි. ඒ අනුව ගෝලීය සෞඛ්‍ය ආධිපත්‍යය සඳහා බිල් ගේට්ස් එප්ස්ටයින්ගේ සෙවනැලි ජාලය භාවිතා කළේද?

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.