හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමට පැමිණි චීන කණ්ඩායම ආපසු හැරීයයි..
හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.
පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතිය දී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් 'සිනොපැක්' ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද එම පුවත් වාර්තාවෙන් කියවේ.
කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවේ.
* හම්බන්තොට පිරිපහදුවත් නැවතිලා!
* මධ්‍යම අධිවේගය හදන එකත් නවත්තලා!
* සංචාරකයො එන එකත් අඩුකරලා!
* ආයෝජකයොත් පිටවෙලා!
* විදේශ ඇමැති අනුරව හමුවෙන එකත් කැන්සල් කළා!
* චීනය හිටිහැටියේ වෙනස් වුණේ ඇයි?
යනාදී සිරස්තලයන්ගෙන් යුතුව එම පුවත්පතේ ''රාජ්‍ය රහස්'' තිරයේ පලවී ඇති එම අනාවරණය මතු පළවේ.
'' දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරවාරයේදී අතරමැදි ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියද, එම ගමනේදී කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසීමට චීන විදේශ අමාත්‍යවරයා මුලින් සැලසුම් කොට තිබිණී. නමුත් අවසන් මොහොතේදී සිය සැලසුම වෙනස් කරමින් චීන විදේශ අමාත්‍යවරයා කොළඹට නොපැමිණ කටුනායක පිහිටි ‘ජෙට්වින් ලැගූන් නිගම්බෝ’ හෝටලයේ නවාතැන් ගත් අතර, ජනාධිපතිවරයා හමුවූයේද නැත.
කෙසේ වෙතත් මේ සතිය වනවිට චීන විදේශ අමාත්‍යවරයා කටුනායකට පැමිණියද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමු නොවීමට බලපෑ තවත් සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වී තිබේ. මෙහි ඇත්තම කතාව නම් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේදී පළමුවෙන්ම තීන්දු වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමටය.
නමුත් අප්‍රිකානු රටවල් හතරකට ගොස් චීන විදේශ අමාත්‍යවරයා එම සංචාරය අවසන් කරනවාත් සමගම චීනයේ බීජිංවලින් එවා තිබූ විශේෂ වාර්තාවක් චීන විදේශ අමාත්‍යවරයා අතට පත්ව තිබිණි. මෙම වාර්තාව මගින් චීන රජය සිය විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබුණේ ලංකාව සහ චීනය අතර ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වයය. මෙහිදී ඇතැම් යෝජනා ධනාත්මක ආකාරයට ක්‍රියාත්මක වන බවත්, සමහර කරුණු කිසිදු ප්‍රතිඵලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ වාර්තාවෙන් චීන විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබිණි. කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට කර තිබූ සියලු සැලසුම් කනපිට පෙරළී ගියේ බීජිංවලින් චීන විදේශ අමාත්‍යවරයාට ලැබුණු මෙම විශේෂ වාර්තාවත් සමගය.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..