News Category
From Date
To Date
Maximum Number of Result

නේපාලයේ නව යොවුන් පරපුර ආරම්භ කළ විරෝධතා අවසන් වූයේ එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගිණිතැබීමෙන් අනතුරුවය.

මේ මොහොතේ ශ්‍රී ලංකාවට බොහෝ දුරින් ලෝකයේ වෙනත් කොනක ජීවත් වෙන පිරිසක්, ඉතාම උණන්දුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති නරඹමින් ජයපැන් බොනවා ඇති.

ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවා නරුමයා ලෝකයේ සියල්ලේම මිල හොයනවා සසදනවා නමුත්, නරුමයා කිසිදේක වටිනාකම හොයන්නේ හෝ සසදන්නේ නෑ කියලා.

ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න.

උතුරු පළාතට ගොඩක් තුවාල වී ඇති නිසා උතුරට වැඩියෙන් වැඩ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

නේපාලයේ අද වන විට ඇතිවී තිබෙන වතාවරණය පිළිබඳව බරපතල කනස්සල්ලක් ඇති බවත්, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙම ඊනියා අරගලවලින් පසු කිසිදු යහපත් සමාජ-දේශපාලනික හෝ ආර්ථික තත්වයක් අත්කර ගෙන නොමැත.

මම වයසක මිනිහෙක්.. උදේ පාන්දර නැගිටින එක මහ අමාරු වැඩක්. ඇඟපත රිදෙනවා.. මහන්සියි. ඒත් එහෙම කියලා බෑ. මම මාළු කාරයෙක්.. බෑ කියලා බෑ මම මාළුකාරයෙක්. මේ තමයි මගෙ ජීවිතය. මෙහෙම කියන්නෙ මහළු කියුබානු ධීවරයෙක් වූ සන්තියාගෝ.

ඇමෙරිකාවේ ආර්ථිකය සුපිරියට ම නැගලා යනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්‍ෂණවාදී තීරු බදු පනවන්නේ නෑ. මේ වෙද්දි ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල්වල ආර්ථිකය නොන්ඩි ගහනවා. ඉතින් ඇමෙරිකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන තීරු බදු යුද්ධයක් මෙහෙයවන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා යොමුවෙලා. මෙහෙම ආරක්‍ෂණවාදී ප්‍රතිපත්තියකින් ඇමෙරිකාවේ රැකියා රැකගන්න, ආර්ථික වර්ධනයට දිරිදෙන්න, ආරම්භක මට්ටමේ පවතින කර්මාන්තවලට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා ඔහු හිතනවා. කොහොම හරි, ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ නැටුම නටන්නේ ඇමෙරිකාවේ ආර්ථිකය නොන්ඩි ගහන හින්දා කියන එක හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.