News Category
From Date
To Date
Maximum Number of Result

තාක්ෂණ විවිධත්වය, ඩිජිටල් යටත්විජිතකරණයෙන් මිදීමේ යතූර..

Oct 8, 2025 at 04:34 PM
|

මෙම ලිපියේ කතුවරයා වන Domenico Fiormonte ඉතාලියේ University of Roma Tre 3 දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන හා සංස්කෘතික සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර, ඔහු ඩිජිටල් භාෂා විද්‍යාව, දැනුමේ භූ දේශපාලනය සහ සංස්කෘතික විචාර වේදය සම්බන්ධ පර්යේෂණ, ඉගැන්වීම් හා ප්‍රකාශන කටයුතු වල නියැලී සිටී. ඔහු විසින් UNESCO COURIER සඟරාවට ලියන ලද Technodiversity as the key to digital decolonization ලිපිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.

තාක්ෂණ විවිධත්වය, ඩිජිටල් යටත්විජිතකරණයෙන් මිදීමේ යතූර ලෙස

ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය හැරුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. ආර්ථික, භූ දේශපාලනික හා සංස්කෘතික මානයන් සියල්ල ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමාන අසමතුලිතතාව පැරදවීමට සහ ඩිජිටල් බහුත්වවාදය (digital pluralism) ප්‍රවර්ධනය කිරීමට ආමන්ත්‍රණය කළ යුතු එකම කාරණය තාක්ෂණ දැවැන්තයින්ගේ ආධිපත්‍යය නොවන්නේය. භාෂාමය, සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට ගරු කරන විකල්ප, තිරසාර තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

තනිකර ම සුපිරි තාක්ෂණය හෝ මිලිටරි බලය පිළිගැනීම හා ප්‍රදර්ශනය කිරීම හරහා පමණක් කවදාවත් ආධිපත්‍යය අත්කරගෙන නැත. දැනුම යනු බලය වන සේ ම, එය ඉතාලි දාර්ශනිකයකු වන අන්තෝනියෝ ග්‍රාම්ස්චි පවසන ආකාරයට, සංස්කෘතික ආධිපත්‍ය (cultural hegemony) ක්ෂේත්‍රයෙහි, දැනුම යනු කුමක් ද යන්නෙහි සීමා ස්ථාපිත කරමින් එහි බලපෑම පවත්වා ගෙන යයි. තොරතුරු, අධ්‍යාපනය සහ සංස්කෘතික හා විද්‍යාත්මක නිෂ්පාදන ආකෘති යනු භූ දේශපාලන අන්තර් ක්‍රියාකාරිත්වයේ ගැඹුරු මට්ටමකි.

දැන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට, මතවාදයන්ගේ - භාවිතයන්ගේ - අන්තර් හුවමාරුවේ මෙම සංකීර්ණ සැකැස්ම, නිෂ්පාදනයේ, ප්‍රවේශයේ හා ව්‍යාප්තියේ ඒකාබද්ධ මාධ්‍යයක් බවට සංකේන්ද්‍රණය වී තිබේ. ඒ වෙබ් සහ එහි මෙවලම් ය. දේශපාලනය හා සෞඛ්‍යය පාලනය කිරීමට, නව පරම්පරා පුහුණු කිරීමට, විද්‍යාත්මක ප්‍රතිඵල ව්‍යාප්ත කිරීමට, ආර්ථික තෝරා ගැනීම් සඳහා බලපෑම් කිරීමට සහ සමාජ සම්මතයන්ට අභියෝග කිරීමට වෙබ් හා ඊට අයත් තාක්ෂණයන් පදනම බවට පත් වී ඇත. 21 වන සියවසේ මුල් අවුරුදු දක්වා මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය විදහා දැක්වූ සංස්කෘතික, සෞන්දර්යාත්මක, සමාජයීය, නෛතික, ආර්ථික හා අනෙකුත් ව්‍යුහයන් නව විෂය වස්තුවක් මගින් ඉවතට අතුගා දමා තිබේ. ඒ අල්ගොරිදමයේ අධිරාජ්‍යයයි. (the empire of the algorithm)

ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක්

භූ දේශපාලනය, ඩිජිටල් භූ දේශපාලනය බවට පත් වී ඇත්තේ, ඩිජිටල් දැනුම සඳහා තරගයක් හා අරගලයක් සඳහා එහි පාලනය පිණිස පමණක් නොව, එහි යටිතල පහසුකම් සහ එය ගොඩනැඟීමට හා නඩත්තු කිරීමට භාවිත කරන භෞතික අමුද්‍රව්‍ය ද සඳහා ය. රැහැන්, යෙදුම්, මෘදුකාංග, දත්ත මධ්‍යස්ථාන, ලෝහ, දුර්ලභ ඛනිජ සහ අනෙකුත් මූල ද්‍රව්‍ය, ඩිජිටල් දැනුම් භූ දේශපාලනයේ සංකීර්ණ විචිත්‍රත්වය හැඩගන්වයි. තමන්ගේ ම මිසයිල සහ හමුදා, ගෑස් සහ තෙල්, ආර්ථික බලය, පර්යේෂණ මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ මාධ්‍ය හෝ ආගමික බලයෙන් ආයෝජනය කිරීම පමණක් ප්‍රමාණවත් නො වන්නේ, කාර්යක්ෂම සන්නිවේදනයක් සඳහා වන යටිතල පහසුකම් හා මෙවලම් පාලනයෙන් තොර ව මෙම සම්පත් අඳ, ගොලු හා බිහිරි බැවිනි.

ග්‍රාම්ස්චි විසින් පෙන්වා දෙන ලද ක්‍රියාවලියේ අවසාන අදියර නියෝජනය කරන්නේ මෙම ඩිජිටල්කරණ යයි. එය අපට පෙන්වා දෙන්නේ. ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය, සමාජ ජාල වල මහජන මතය පාලනය කිරීම පිළිබඳ සංග්‍රාමවල සිට කෘත්‍රිම බුද්ධියේ භාවිතය පිළිබඳ විවාද දක්වා, වර්තමාන ඓතිහාසික අවධියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක සිටින ආකාරයයි.

කැනේඩියානු ආර්ථික විද්‍යාඥ Harold Innis 1950 ගණන්වල දී, සෑම තාක්ෂණයකට ම ආවේණික වූ දේශපාලනික, සංස්කෘතික හා මතවාදීමය පක්ෂග්‍රාහීත්වය පිළිබඳ තම න්‍යාය දියුණු කළේ ය. මේ එකම බැඳුම් හරහා ඒවා පාලනය කෙරුණු එවක, ඔවුන්ගේ පාලක පංතියේ සැලසුම්කරුවන්, බොහෝ විට කතිපයාධිකාරීන් මගින් තාක්ෂණයන්හි භෞතික ආධාරක වලට සීමා හා බන්ධන කා වද්දා ඇති බව ඔහුගේ න්‍යායෙන් පෙන්වා දෙයි. 1930 - 1940 ගණන්වල විශ්වාසදායක කඩදාසි පල්ප් සැපයුමක් නො මැති ව නවීන මුද්‍රණ කර්මාන්තයක් දියුණු කිරීම සිතාගත නොහැකි වූවා සේ ම, වර්තමානයේ ප්‍රමාණවත් ජාල යටිතල පහසුකම් ව්‍යුහයක් නො මැතිව කිසිදු ආකාරයක සන්නිවේදනයක් ගැන සිතාගත නොහැකි වනු ඇත.

සංස්කෘතික ප්‍රශ්නයක්

දැවැන්ත තාක්ෂණ ඒකාධිකාරයන් මගින් පාලනය කරනු ලබන ලෝකයක් තුළ. ඇත්තෙන් ම. ඔවුන්ගේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛ ස්ථාන වලට පහර දීම අවශ්‍ය ය. නමුත් සැබෑ ප්‍රශ්නය සංස්කෘතික ය. Harold Innis පැහැදිලි කළ ලෙස, ඔවුන්ගේ ආධිපත්‍යය හා පවත්වා ගැනීමට හා ව්‍යාප්ත කිරීමට, බලයේ සිටින්නන් හැකිතාක් දුරට සන්නිවේදන මෙවලම් හා විධි ක්‍රම " ප්‍රමිතිගත("standardize") කළ යුතු ය. අනිවාර්යයෙන් ම මෙයින් අදහස් කරන්නේ විවිධත්වය අඩු වීමයි. ප්‍රොටොකෝල, අල්ගොරිදම හා මෘදුකාංග වලට ලෝකයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා බාධාවකින් තොර ව ගලා යාමට හැකි විය යුතු ය.

මෙසේ හෙයින් විවිධත්වය හා පාලනය. අත්‍යන්තයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. විශාල තාක්ෂණික දැවැන්තයින්ට ඔවුන්ගේ බලය සදාකාලික කර ගැනීම සඳහා තරගය පරාජය කළ යුතු වන අතර, විභව තරගකරුවන් මිල දී ගත යුතු වේ. ඇමරිකානු පරිගණක විද්‍යාඥ Jaron Lanier පවසන පරිදි, නවෝත්පාදනය මන්දගාමී කර ඔවුන්ගේ තාක්ෂණය ආරක්ෂා කරගැනීමයි. ('lock-in effect'') සියල්ලට ම පසු, පෞද්ගලික ලාභ ලබන විශාල තාක්ෂණ සමාගමක්, තමන්ට පැහැදිලි වෙළෙඳ පොළ වටිනාකමක් නො මැති භාෂා හා සංස්කෘතීන් තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු නොවනු ඇත. උදාහරණයක් ලෙස, Google හි සෙවුම් පිටුව භාෂා 149කින් ද, Google Maps භාෂා 70කට වඩා වැඩි ගණනකින් ද සමන්විත වන අතර, වෙනත් මූලාශ්‍ර පවසන්නේ Google හි සෙවුම් යන්ත්‍රයට භාෂා 348 ක් දක්වා සහාය දැක්විය හැකි බවයි.

කෙසේ වෙතත්, 2020 නොවැම්බරයේ දී Google නිවේදනය කළේ, අන්තර්ජාලයෙහි ව්‍යාපාර කිරීමට කැමති ඕනෑ ම කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක් වන Google Ads, භාෂා 49 කට පමණක් සහාය දක්වන බවයි. ඒ භාෂා වලින් අඩකටත් වඩා යුරෝපීය භාෂා වේ. නමුත්, ලෝකයේ භාෂා වර්ගී කරණය කරන Ethnologue නමැති විශ්ව කෝෂ විමර්ශන කෘතියට අනුව, ලෝකයේ සජීවී භාෂා 7,000 කට වඩා තිබෙන බව හඳුනාගෙන ඇති අතර, ලෝකයේ බලවත් ම ඩිජිටල් සමාගමට පවා නියෝජනය කළ හැක්කේ අපගේ ග්‍රහ ලෝකයේ භාෂා විවිධත්වයෙන් කුඩා ප්‍රතිශතයක් පමණි.

අධිපති ආඛ්‍යාන විසුරුවා හැරීම

නමුත් සම්මතයන් හා විවිධත්වය අතර හෝ ප්‍රභූ දෘෂ්ටිය (elitism) හා ඩිජිටල් බහුත්වවාදය අතර හෝ වන මෙම ස්වාභාවික ගැටුම තුළ හරියට ම ගැටලුවට විසඳුමක් තිබේ. බලය ඒකරාශි කර ගැනීමේ හා පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව සත්‍ය නම්, ජෛව - සංස්කෘතික විවිධත්වය ද (biocultural diversity) පෘථිවියේ ජීවය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද ඒ හා සමාන සත්‍යයකි. එය අපගේ ජිවිත රක්ෂණය වන අතර, එහි ආරක්ෂාව සඳහා පෙළ ගැසීමට තාක්ෂණ විවිධත්වය (technodiversity) වඩ වඩාත් අවශ්‍ය වනු ඇත.

තවද, මෙහිදී මම චීන දාර්ශනික Yuk Hui ගේ චින්තාවන් පුළුල් කිරීමට කැමති අතර, තාක්ෂණ විවිධත්වය. තෝරා ගැනීමේ නිදහස (freedom of choice) ලෙස නිරීක්ෂණය කරමි. ඇතැම් සංස්කෘතික සන්දර්භ තුළ ආක්‍රමණශීලී හෝ හානිකර ලෙස සැලකෙන තාක්ෂණයන්ගේ ප්‍රතික්ෂේපණය " ("rejection" of a technology) අදහස් කිරීමට පිළිවන. වෙනත් වචන වලින් කිවහොත්, කෙනෙකුට තමන්ගේ ම "ඩිජිටල් දේහය" ('' digital corpus") පාලනය කිරීමට, ඩිජිටල් යටත්විජිත වාදයට එරෙහි ව සටන් කිරීමට සහ චින්තන ප්‍රදේශයන්ගේ, සංස්කෘතීන්ගේ සහ භාෂාවල පරිසර විද්‍යාවට ගරු කරන විසඳුම් වගා කිරීමට ඇති අයිතියයි.

ග්‍රහලෝකයේ ඊනියා "මායිම්වල " කේන්ද්‍රීය භූමිකාව සම්බන්ධ ව පරෙස් සම් සහගත නැවතඇගයීමකින් තොර ව ඥානාන්විත භාවයක් තිබිය නො හැකි අතර, එබැවින් තාක්ෂණ විවිධත්වයක් ද නැත. ලෝකයේ දකුණු ප්‍රදේශයේ ඩිජිටල්කරණය කළ හැකි ද්‍රව්‍යමය සම්පත් සංකේන්ද්‍රණය වී තිබීම නිසා පමණක් නොව. " දැනුමේ ප්‍රතිපක්ෂ විධි ක්‍රමානුකූලව සංහාරය කිරීමේ" "ඥාන ඝාතනය ද (epistemicide) සැම විට ම ඌන සංවර්ධිත භාවයට හේතුවක් වී ඇත.

දාර්ශනිකයකු හා මනෝචිකිත්සකයකු වූ Frantz Fanon සිය මතවාදය බිහිකළ The Wretched of the Earth කෘතියෙහි, ස්වදේශීය සංස්කෘතීන් අහෝසි කරමින්, හුදෙක් අමුද්‍රව්‍ය උකහා ගැනීම හා ශ්‍රමය සූරාකෑම මත පදනම් වූ දුෂ්ට යටත් විජිත මතවාදය කෙරෙහි අවධානය යොමු කරයි.

යටත් විජිතවාදීන්ගේ ලොකු ම ජයග්‍රහණය, යටත් විජිත කොල්ලකෑම නොව. ඔවුන්ගේ සංස්කෘතිය පහත් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම බව Frantz Fanon ලියා තිබේ. ස්වදේශීය දැනුම එහි අයිතිකරුවන්ට අදාළ නොවන බවට පත් කළ පසු, යටත් විජිතවාදියා ඊළඟට ඉදිරිපත් කරන්නේ යටත් විජිත වැසියාට අනුගත වීමෙන් වැළකී සිටීමට අසමත් වන ජයග්‍රාහී මාදිලියකි. 'සම්මතයකි. මේ හේතුවෙන්, ග්‍රහලෝකයේ උතුර හා දකුණ අතර වර්තමානයේ පවතින තාක්ෂණ අසමතුලිතතාව ආමන්ත්‍රණය කිරීම ලෙස, පෙර ඇසුරුම් කළ විසඳුම් ඉදිරිපත් කිරීම, දත්ත සොරකම් කිරීම සඳහා ප්‍රතිචාර පුඩුව සවි බල ගැන්වීමට උතුරේ සිට තාක්ෂණය මාරු කිරීම සහ ඉන්පසු දකුණ තාක්ෂණික කුණු කසල ගොඩක් බවට පරිවර්තනය කිරීම අදහස් කළ නො හැකිය. පාරිසරික වශයෙන් තිරසාර හා ඒ ඒ භූමියේ භාෂාමය, සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට අනුකූල වන ස්වදේශික තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ග්‍රහලෝකයේ දකුණු මායිම් දැනටමත් උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ඔවුන් නීත්‍යනුකූල කරණයේ තමන්ගේ ම (යටිතල) ව්‍යුහ නිර්මාණය කළ යුතු ද, නැතිනම් දෘෂ්‍යතාව හා ආධිපත්‍යයික සම්පත් (හා කතිකා) වලට ප්‍රවේශය සහතික කරන කණ්ඩායම් සමඟ එක් විය යුතු ද? අර්ධ හෝ මැදිහත් මතු වීමක් සඳහා ගෙවීමට බලාපොරොත්තු වන විවිධත්වයේ මිල කුමක්ද? ස්වාමියාගේ මෙවලම් කිසිවිටක ස්වාමියාගේ නිවස කඩා බිඳ දමන්නේ නැති" ("Las herramientas del amo no desmantelarán nunca la casa del amo" The master's tools will never dismantle the master's house) බව නිදහස් මෘදුකාංග ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුට පැහැදිලි ය. නමුත් ඇත්ත වශයෙන් ම, විවිධත්වයට හා නවෝත්පාදනයට සහජිවනයෙන් සිටීමට පිළිවන. තාක්ෂණයන්ගේ යොදා ගැනීම සහ ස්වදේශීය භූමි හා සංස්කෘතීන් සංරක්ෂණය කිරීම, ගැටුම තුළ අවශ්‍යයෙන් ම නැත. එසේ ම, ඇත්ත වශයෙන් ම දකුණු - දකුණු සංවාදය (South-South dialogue), ඩිජිටල් යටත් විජිත කරණයෙන් මිදීම සමග ඩිජිටල් නවෝත්පාදනය ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන අමුද්‍රව්‍යවලින් එකකි.

ඩිජිටල් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති

නවෝත්පාදනය පිළිබඳ බොහෝ උදාහරණ පෙන්නුම් කරන්නේ දකුණු ගෝලයේ නව ප්‍රවේශ මතුවෙමින් පවතින බවයි. ස්වදේශීය දත්ත ස්වෛරීභාවයට සම්බන්ධ ව්‍යාපෘතිවල සිට නො බැඳි තාක්ෂණ ව්‍යාපාරය දක්වා ද, ඉක්වදෝරයේ පුරෝගාමී FLOK Society බඳු පොදුජන ව්‍යාපාරය මගින් පිබිදුණු Big Data Sur දක්වා ද මෙම උදාහරණ පවතී. ආසියාවේ. අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ ප්‍රජා ජාල ව්‍යාපාරය (The community networks movement) සාර්ථක ව දියුණු වෙමින් පවතී.

ලෝකයේ විශාලත ම විවෘත ප්‍රවේශ විද්‍යාත්මක ප්‍රකාශන මුලපිරීම්වල මහගෙදර වන්නේ ද ලතින් ඇමරිකාවයි. Redalyc, Scielo, Amelica යනාදිය. බටහිරට අයත් ගෙවීම් පවුරු සහිතප්‍රකාශන පද්ධතියට පමණක් නොව, සමස්තයක් ලෙස ඉංග්‍රීසි වහරන සංස්කෘතික ආධිපත්‍යයට ද (Anglophone cultural hegemony) අභියෝග කරයි.

දකුණු ගෝලය තුළ 'ඩිජිටල් සවි බල ගැන්වීම ඇති කිරීමට මෙම ව්‍යාපෘති ප්‍රමාණවත් නො වන බව ඇතැමුන් පැවසීමට පිළිවන. මගේ පිළිතුර වන්නේ. පරිවර්තනය (transformation) යනු දැවැන්ත ලෙස ණය වැඩිවන විදේශ ආයෝජන සහ තාක්ෂණික පරාධීනතාව නොව, කෙන්යානු ලේඛක Ngugi wa Thiongo ගේ වචන වලින් කියන්නේ නම් " මානසික යටත්විජිත බවින් මිදීම " (decolonization of the mind) යන්නයි.

ලෝකය වෙනස් වෙමින් පවතින අතර, පෙර පරිධියේ සිටි රටවල් ඩිජිටල් ආකෘති තුළ දැනුම සංරක්ෂණය. ප්‍රවේශය හා සම්ප්‍රේෂණය සඳහා බහු සහ තිරසාර ආකෘති යොදාගන්නා ප්‍රමුඛ කේන්ද්‍ර බවට පත් වෙමින් තිබේ. තාක්ෂණ විවිධත්වයේ සජීව, බහු සංස්කෘතික සහ සාධාරණ ආකෘතියක් දැනටමත් මෙහි තිබේ.

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.