News Category
From Date
To Date
Maximum Number of Result

තාක්ෂණ විවිධත්වය, ඩිජිටල් යටත්විජිතකරණයෙන් මිදීමේ යතූර..

Oct 8, 2025 at 04:34 PM
|

මෙම ලිපියේ කතුවරයා වන Domenico Fiormonte ඉතාලියේ University of Roma Tre 3 දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන හා සංස්කෘතික සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර, ඔහු ඩිජිටල් භාෂා විද්‍යාව, දැනුමේ භූ දේශපාලනය සහ සංස්කෘතික විචාර වේදය සම්බන්ධ පර්යේෂණ, ඉගැන්වීම් හා ප්‍රකාශන කටයුතු වල නියැලී සිටී. ඔහු විසින් UNESCO COURIER සඟරාවට ලියන ලද Technodiversity as the key to digital decolonization ලිපිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.

තාක්ෂණ විවිධත්වය, ඩිජිටල් යටත්විජිතකරණයෙන් මිදීමේ යතූර ලෙස

ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය හැරුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. ආර්ථික, භූ දේශපාලනික හා සංස්කෘතික මානයන් සියල්ල ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමාන අසමතුලිතතාව පැරදවීමට සහ ඩිජිටල් බහුත්වවාදය (digital pluralism) ප්‍රවර්ධනය කිරීමට ආමන්ත්‍රණය කළ යුතු එකම කාරණය තාක්ෂණ දැවැන්තයින්ගේ ආධිපත්‍යය නොවන්නේය. භාෂාමය, සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට ගරු කරන විකල්ප, තිරසාර තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

තනිකර ම සුපිරි තාක්ෂණය හෝ මිලිටරි බලය පිළිගැනීම හා ප්‍රදර්ශනය කිරීම හරහා පමණක් කවදාවත් ආධිපත්‍යය අත්කරගෙන නැත. දැනුම යනු බලය වන සේ ම, එය ඉතාලි දාර්ශනිකයකු වන අන්තෝනියෝ ග්‍රාම්ස්චි පවසන ආකාරයට, සංස්කෘතික ආධිපත්‍ය (cultural hegemony) ක්ෂේත්‍රයෙහි, දැනුම යනු කුමක් ද යන්නෙහි සීමා ස්ථාපිත කරමින් එහි බලපෑම පවත්වා ගෙන යයි. තොරතුරු, අධ්‍යාපනය සහ සංස්කෘතික හා විද්‍යාත්මක නිෂ්පාදන ආකෘති යනු භූ දේශපාලන අන්තර් ක්‍රියාකාරිත්වයේ ගැඹුරු මට්ටමකි.

දැන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට, මතවාදයන්ගේ - භාවිතයන්ගේ - අන්තර් හුවමාරුවේ මෙම සංකීර්ණ සැකැස්ම, නිෂ්පාදනයේ, ප්‍රවේශයේ හා ව්‍යාප්තියේ ඒකාබද්ධ මාධ්‍යයක් බවට සංකේන්ද්‍රණය වී තිබේ. ඒ වෙබ් සහ එහි මෙවලම් ය. දේශපාලනය හා සෞඛ්‍යය පාලනය කිරීමට, නව පරම්පරා පුහුණු කිරීමට, විද්‍යාත්මක ප්‍රතිඵල ව්‍යාප්ත කිරීමට, ආර්ථික තෝරා ගැනීම් සඳහා බලපෑම් කිරීමට සහ සමාජ සම්මතයන්ට අභියෝග කිරීමට වෙබ් හා ඊට අයත් තාක්ෂණයන් පදනම බවට පත් වී ඇත. 21 වන සියවසේ මුල් අවුරුදු දක්වා මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය විදහා දැක්වූ සංස්කෘතික, සෞන්දර්යාත්මක, සමාජයීය, නෛතික, ආර්ථික හා අනෙකුත් ව්‍යුහයන් නව විෂය වස්තුවක් මගින් ඉවතට අතුගා දමා තිබේ. ඒ අල්ගොරිදමයේ අධිරාජ්‍යයයි. (the empire of the algorithm)

ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක්

භූ දේශපාලනය, ඩිජිටල් භූ දේශපාලනය බවට පත් වී ඇත්තේ, ඩිජිටල් දැනුම සඳහා තරගයක් හා අරගලයක් සඳහා එහි පාලනය පිණිස පමණක් නොව, එහි යටිතල පහසුකම් සහ එය ගොඩනැඟීමට හා නඩත්තු කිරීමට භාවිත කරන භෞතික අමුද්‍රව්‍ය ද සඳහා ය. රැහැන්, යෙදුම්, මෘදුකාංග, දත්ත මධ්‍යස්ථාන, ලෝහ, දුර්ලභ ඛනිජ සහ අනෙකුත් මූල ද්‍රව්‍ය, ඩිජිටල් දැනුම් භූ දේශපාලනයේ සංකීර්ණ විචිත්‍රත්වය හැඩගන්වයි. තමන්ගේ ම මිසයිල සහ හමුදා, ගෑස් සහ තෙල්, ආර්ථික බලය, පර්යේෂණ මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ මාධ්‍ය හෝ ආගමික බලයෙන් ආයෝජනය කිරීම පමණක් ප්‍රමාණවත් නො වන්නේ, කාර්යක්ෂම සන්නිවේදනයක් සඳහා වන යටිතල පහසුකම් හා මෙවලම් පාලනයෙන් තොර ව මෙම සම්පත් අඳ, ගොලු හා බිහිරි බැවිනි.

ග්‍රාම්ස්චි විසින් පෙන්වා දෙන ලද ක්‍රියාවලියේ අවසාන අදියර නියෝජනය කරන්නේ මෙම ඩිජිටල්කරණ යයි. එය අපට පෙන්වා දෙන්නේ. ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය, සමාජ ජාල වල මහජන මතය පාලනය කිරීම පිළිබඳ සංග්‍රාමවල සිට කෘත්‍රිම බුද්ධියේ භාවිතය පිළිබඳ විවාද දක්වා, වර්තමාන ඓතිහාසික අවධියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක සිටින ආකාරයයි.

කැනේඩියානු ආර්ථික විද්‍යාඥ Harold Innis 1950 ගණන්වල දී, සෑම තාක්ෂණයකට ම ආවේණික වූ දේශපාලනික, සංස්කෘතික හා මතවාදීමය පක්ෂග්‍රාහීත්වය පිළිබඳ තම න්‍යාය දියුණු කළේ ය. මේ එකම බැඳුම් හරහා ඒවා පාලනය කෙරුණු එවක, ඔවුන්ගේ පාලක පංතියේ සැලසුම්කරුවන්, බොහෝ විට කතිපයාධිකාරීන් මගින් තාක්ෂණයන්හි භෞතික ආධාරක වලට සීමා හා බන්ධන කා වද්දා ඇති බව ඔහුගේ න්‍යායෙන් පෙන්වා දෙයි. 1930 - 1940 ගණන්වල විශ්වාසදායක කඩදාසි පල්ප් සැපයුමක් නො මැති ව නවීන මුද්‍රණ කර්මාන්තයක් දියුණු කිරීම සිතාගත නොහැකි වූවා සේ ම, වර්තමානයේ ප්‍රමාණවත් ජාල යටිතල පහසුකම් ව්‍යුහයක් නො මැතිව කිසිදු ආකාරයක සන්නිවේදනයක් ගැන සිතාගත නොහැකි වනු ඇත.

සංස්කෘතික ප්‍රශ්නයක්

දැවැන්ත තාක්ෂණ ඒකාධිකාරයන් මගින් පාලනය කරනු ලබන ලෝකයක් තුළ. ඇත්තෙන් ම. ඔවුන්ගේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛ ස්ථාන වලට පහර දීම අවශ්‍ය ය. නමුත් සැබෑ ප්‍රශ්නය සංස්කෘතික ය. Harold Innis පැහැදිලි කළ ලෙස, ඔවුන්ගේ ආධිපත්‍යය හා පවත්වා ගැනීමට හා ව්‍යාප්ත කිරීමට, බලයේ සිටින්නන් හැකිතාක් දුරට සන්නිවේදන මෙවලම් හා විධි ක්‍රම " ප්‍රමිතිගත("standardize") කළ යුතු ය. අනිවාර්යයෙන් ම මෙයින් අදහස් කරන්නේ විවිධත්වය අඩු වීමයි. ප්‍රොටොකෝල, අල්ගොරිදම හා මෘදුකාංග වලට ලෝකයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා බාධාවකින් තොර ව ගලා යාමට හැකි විය යුතු ය.

මෙසේ හෙයින් විවිධත්වය හා පාලනය. අත්‍යන්තයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. විශාල තාක්ෂණික දැවැන්තයින්ට ඔවුන්ගේ බලය සදාකාලික කර ගැනීම සඳහා තරගය පරාජය කළ යුතු වන අතර, විභව තරගකරුවන් මිල දී ගත යුතු වේ. ඇමරිකානු පරිගණක විද්‍යාඥ Jaron Lanier පවසන පරිදි, නවෝත්පාදනය මන්දගාමී කර ඔවුන්ගේ තාක්ෂණය ආරක්ෂා කරගැනීමයි. ('lock-in effect'') සියල්ලට ම පසු, පෞද්ගලික ලාභ ලබන විශාල තාක්ෂණ සමාගමක්, තමන්ට පැහැදිලි වෙළෙඳ පොළ වටිනාකමක් නො මැති භාෂා හා සංස්කෘතීන් තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු නොවනු ඇත. උදාහරණයක් ලෙස, Google හි සෙවුම් පිටුව භාෂා 149කින් ද, Google Maps භාෂා 70කට වඩා වැඩි ගණනකින් ද සමන්විත වන අතර, වෙනත් මූලාශ්‍ර පවසන්නේ Google හි සෙවුම් යන්ත්‍රයට භාෂා 348 ක් දක්වා සහාය දැක්විය හැකි බවයි.

කෙසේ වෙතත්, 2020 නොවැම්බරයේ දී Google නිවේදනය කළේ, අන්තර්ජාලයෙහි ව්‍යාපාර කිරීමට කැමති ඕනෑ ම කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක් වන Google Ads, භාෂා 49 කට පමණක් සහාය දක්වන බවයි. ඒ භාෂා වලින් අඩකටත් වඩා යුරෝපීය භාෂා වේ. නමුත්, ලෝකයේ භාෂා වර්ගී කරණය කරන Ethnologue නමැති විශ්ව කෝෂ විමර්ශන කෘතියට අනුව, ලෝකයේ සජීවී භාෂා 7,000 කට වඩා තිබෙන බව හඳුනාගෙන ඇති අතර, ලෝකයේ බලවත් ම ඩිජිටල් සමාගමට පවා නියෝජනය කළ හැක්කේ අපගේ ග්‍රහ ලෝකයේ භාෂා විවිධත්වයෙන් කුඩා ප්‍රතිශතයක් පමණි.

අධිපති ආඛ්‍යාන විසුරුවා හැරීම

නමුත් සම්මතයන් හා විවිධත්වය අතර හෝ ප්‍රභූ දෘෂ්ටිය (elitism) හා ඩිජිටල් බහුත්වවාදය අතර හෝ වන මෙම ස්වාභාවික ගැටුම තුළ හරියට ම ගැටලුවට විසඳුමක් තිබේ. බලය ඒකරාශි කර ගැනීමේ හා පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව සත්‍ය නම්, ජෛව - සංස්කෘතික විවිධත්වය ද (biocultural diversity) පෘථිවියේ ජීවය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද ඒ හා සමාන සත්‍යයකි. එය අපගේ ජිවිත රක්ෂණය වන අතර, එහි ආරක්ෂාව සඳහා පෙළ ගැසීමට තාක්ෂණ විවිධත්වය (technodiversity) වඩ වඩාත් අවශ්‍ය වනු ඇත.

තවද, මෙහිදී මම චීන දාර්ශනික Yuk Hui ගේ චින්තාවන් පුළුල් කිරීමට කැමති අතර, තාක්ෂණ විවිධත්වය. තෝරා ගැනීමේ නිදහස (freedom of choice) ලෙස නිරීක්ෂණය කරමි. ඇතැම් සංස්කෘතික සන්දර්භ තුළ ආක්‍රමණශීලී හෝ හානිකර ලෙස සැලකෙන තාක්ෂණයන්ගේ ප්‍රතික්ෂේපණය " ("rejection" of a technology) අදහස් කිරීමට පිළිවන. වෙනත් වචන වලින් කිවහොත්, කෙනෙකුට තමන්ගේ ම "ඩිජිටල් දේහය" ('' digital corpus") පාලනය කිරීමට, ඩිජිටල් යටත්විජිත වාදයට එරෙහි ව සටන් කිරීමට සහ චින්තන ප්‍රදේශයන්ගේ, සංස්කෘතීන්ගේ සහ භාෂාවල පරිසර විද්‍යාවට ගරු කරන විසඳුම් වගා කිරීමට ඇති අයිතියයි.

ග්‍රහලෝකයේ ඊනියා "මායිම්වල " කේන්ද්‍රීය භූමිකාව සම්බන්ධ ව පරෙස් සම් සහගත නැවතඇගයීමකින් තොර ව ඥානාන්විත භාවයක් තිබිය නො හැකි අතර, එබැවින් තාක්ෂණ විවිධත්වයක් ද නැත. ලෝකයේ දකුණු ප්‍රදේශයේ ඩිජිටල්කරණය කළ හැකි ද්‍රව්‍යමය සම්පත් සංකේන්ද්‍රණය වී තිබීම නිසා පමණක් නොව. " දැනුමේ ප්‍රතිපක්ෂ විධි ක්‍රමානුකූලව සංහාරය කිරීමේ" "ඥාන ඝාතනය ද (epistemicide) සැම විට ම ඌන සංවර්ධිත භාවයට හේතුවක් වී ඇත.

දාර්ශනිකයකු හා මනෝචිකිත්සකයකු වූ Frantz Fanon සිය මතවාදය බිහිකළ The Wretched of the Earth කෘතියෙහි, ස්වදේශීය සංස්කෘතීන් අහෝසි කරමින්, හුදෙක් අමුද්‍රව්‍ය උකහා ගැනීම හා ශ්‍රමය සූරාකෑම මත පදනම් වූ දුෂ්ට යටත් විජිත මතවාදය කෙරෙහි අවධානය යොමු කරයි.

යටත් විජිතවාදීන්ගේ ලොකු ම ජයග්‍රහණය, යටත් විජිත කොල්ලකෑම නොව. ඔවුන්ගේ සංස්කෘතිය පහත් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම බව Frantz Fanon ලියා තිබේ. ස්වදේශීය දැනුම එහි අයිතිකරුවන්ට අදාළ නොවන බවට පත් කළ පසු, යටත් විජිතවාදියා ඊළඟට ඉදිරිපත් කරන්නේ යටත් විජිත වැසියාට අනුගත වීමෙන් වැළකී සිටීමට අසමත් වන ජයග්‍රාහී මාදිලියකි. 'සම්මතයකි. මේ හේතුවෙන්, ග්‍රහලෝකයේ උතුර හා දකුණ අතර වර්තමානයේ පවතින තාක්ෂණ අසමතුලිතතාව ආමන්ත්‍රණය කිරීම ලෙස, පෙර ඇසුරුම් කළ විසඳුම් ඉදිරිපත් කිරීම, දත්ත සොරකම් කිරීම සඳහා ප්‍රතිචාර පුඩුව සවි බල ගැන්වීමට උතුරේ සිට තාක්ෂණය මාරු කිරීම සහ ඉන්පසු දකුණ තාක්ෂණික කුණු කසල ගොඩක් බවට පරිවර්තනය කිරීම අදහස් කළ නො හැකිය. පාරිසරික වශයෙන් තිරසාර හා ඒ ඒ භූමියේ භාෂාමය, සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට අනුකූල වන ස්වදේශික තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ග්‍රහලෝකයේ දකුණු මායිම් දැනටමත් උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ඔවුන් නීත්‍යනුකූල කරණයේ තමන්ගේ ම (යටිතල) ව්‍යුහ නිර්මාණය කළ යුතු ද, නැතිනම් දෘෂ්‍යතාව හා ආධිපත්‍යයික සම්පත් (හා කතිකා) වලට ප්‍රවේශය සහතික කරන කණ්ඩායම් සමඟ එක් විය යුතු ද? අර්ධ හෝ මැදිහත් මතු වීමක් සඳහා ගෙවීමට බලාපොරොත්තු වන විවිධත්වයේ මිල කුමක්ද? ස්වාමියාගේ මෙවලම් කිසිවිටක ස්වාමියාගේ නිවස කඩා බිඳ දමන්නේ නැති" ("Las herramientas del amo no desmantelarán nunca la casa del amo" The master's tools will never dismantle the master's house) බව නිදහස් මෘදුකාංග ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුට පැහැදිලි ය. නමුත් ඇත්ත වශයෙන් ම, විවිධත්වයට හා නවෝත්පාදනයට සහජිවනයෙන් සිටීමට පිළිවන. තාක්ෂණයන්ගේ යොදා ගැනීම සහ ස්වදේශීය භූමි හා සංස්කෘතීන් සංරක්ෂණය කිරීම, ගැටුම තුළ අවශ්‍යයෙන් ම නැත. එසේ ම, ඇත්ත වශයෙන් ම දකුණු - දකුණු සංවාදය (South-South dialogue), ඩිජිටල් යටත් විජිත කරණයෙන් මිදීම සමග ඩිජිටල් නවෝත්පාදනය ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන අමුද්‍රව්‍යවලින් එකකි.

ඩිජිටල් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති

නවෝත්පාදනය පිළිබඳ බොහෝ උදාහරණ පෙන්නුම් කරන්නේ දකුණු ගෝලයේ නව ප්‍රවේශ මතුවෙමින් පවතින බවයි. ස්වදේශීය දත්ත ස්වෛරීභාවයට සම්බන්ධ ව්‍යාපෘතිවල සිට නො බැඳි තාක්ෂණ ව්‍යාපාරය දක්වා ද, ඉක්වදෝරයේ පුරෝගාමී FLOK Society බඳු පොදුජන ව්‍යාපාරය මගින් පිබිදුණු Big Data Sur දක්වා ද මෙම උදාහරණ පවතී. ආසියාවේ. අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ ප්‍රජා ජාල ව්‍යාපාරය (The community networks movement) සාර්ථක ව දියුණු වෙමින් පවතී.

ලෝකයේ විශාලත ම විවෘත ප්‍රවේශ විද්‍යාත්මක ප්‍රකාශන මුලපිරීම්වල මහගෙදර වන්නේ ද ලතින් ඇමරිකාවයි. Redalyc, Scielo, Amelica යනාදිය. බටහිරට අයත් ගෙවීම් පවුරු සහිතප්‍රකාශන පද්ධතියට පමණක් නොව, සමස්තයක් ලෙස ඉංග්‍රීසි වහරන සංස්කෘතික ආධිපත්‍යයට ද (Anglophone cultural hegemony) අභියෝග කරයි.

දකුණු ගෝලය තුළ 'ඩිජිටල් සවි බල ගැන්වීම ඇති කිරීමට මෙම ව්‍යාපෘති ප්‍රමාණවත් නො වන බව ඇතැමුන් පැවසීමට පිළිවන. මගේ පිළිතුර වන්නේ. පරිවර්තනය (transformation) යනු දැවැන්ත ලෙස ණය වැඩිවන විදේශ ආයෝජන සහ තාක්ෂණික පරාධීනතාව නොව, කෙන්යානු ලේඛක Ngugi wa Thiongo ගේ වචන වලින් කියන්නේ නම් " මානසික යටත්විජිත බවින් මිදීම " (decolonization of the mind) යන්නයි.

ලෝකය වෙනස් වෙමින් පවතින අතර, පෙර පරිධියේ සිටි රටවල් ඩිජිටල් ආකෘති තුළ දැනුම සංරක්ෂණය. ප්‍රවේශය හා සම්ප්‍රේෂණය සඳහා බහු සහ තිරසාර ආකෘති යොදාගන්නා ප්‍රමුඛ කේන්ද්‍ර බවට පත් වෙමින් තිබේ. තාක්ෂණ විවිධත්වයේ සජීව, බහු සංස්කෘතික සහ සාධාරණ ආකෘතියක් දැනටමත් මෙහි තිබේ.

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.