News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වෙනි සැසිය මේ සතියේ ආරම්භ වීමට නියමිත බවත්, මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සහ කැනඩාව සූදානම් වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

රණවිරු දඩයම... ඛෙදුම්වාදී මාර්ග සිතියම... ආර්ථිකය බිඳ වැට්ටවීම... QUAD වටලෑම අබියස චීන රුසියානු භූමිකාව කුමක් ද? චීන විරෝධයේ යටිපෙළ කුමක් ද? විද්වත් කතිකාව සැප්තැම්බර් 10 සවස 3.30 ට කොළඹ 08, බොරැල්ල, එන්. එම්. පෙරේරා මාවතේ අංක 91, සුගීෂ්වර ශාලාවේදි පැවැත් වේ.

මාතෘභූමිය කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කිරීමත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපැවීම සඳහා ළැදියාවක් ඇති කරවීමත් තමයි දේශප්‍රේමී අධ්‍යාපනයෙන් සිද්දවෙන්නේ. දේශපාලන සහ මතවාදී අධ්‍යාපනයටත් දේශප්‍රේමී අධ්‍යාපනය නැතුව ම බෑ. ඉතින් චීනයේ අධ්‍යාපනය තුළ දේශප්‍රේමයේ බැනරය ඉහළින් ම ඔසවලා තියෙනවා. පාසල් ශිෂ්‍යයන් ඇතුළු තමන්ගේ ජනතාවට දේශප්‍රේමී අධ්‍යාපනය ලබාදීමේ නීතිගත වැඩපිළිවෙළක් චීනයේ ක්‍රියාත්මක වෙනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ නැදුන්කේනි ප්‍රාදේශීය සභාවට අයත් බෝගස්වැව ගම්මානයේ ගොවීයෝ ගොවිබිම්වල අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවකට මැදිවී අද වන විට තම ගොවිබිම්වල ගොවිතැන් කිරීමටවත් නොහැකි ලෙස අසරණ වී සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්‍රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්‍රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටි අවධියේ පැවසූ කතාවක් සහ ජනාධිපති වූ පසුව පැවසූ කතාවක් සම්බන්ධයෙන් මේ වන විට වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත්වීම පිළිබඳව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සුභාශිංසන එක්කොට තිබේ.

ඉංග්‍රීසි,ජර්මන් ,රුසියානු භාෂා චතුර ලෙස හසුරුවන්න ඇයට පුළුවන්. ඒ දැනුමෙන් ඇය කරන්නෙ අපේ කුරුඳු ලෝකයට ගෙනයන එක. මේක බලන්නම වටින කතාවක්..

හැමතැනම පෝස්ට්ස් දැක්කා මේ අවස්ථාවෙ එකට එකතු වුනාට කවදාවත් දේශපාලන බලවේග එකම අරමුණක් වෙනුවෙන් එකතුවෙලා නෑ කියලා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.