News Category
From Date
To Date
Maximum Number of Result

නන්දන හිරේ යයිද?.. රංග දිසානායක ගෙදර යයිද?..

Oct 2, 2025 at 02:27 PM
|

අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධව ජවිපෙ හිටපූ දේශපාලන මණ්‌ඩල සහික නන්දන ගුණතිලක කරපු ප්‍රකාශයක් අල්ලගෙන නන්දන ගුණතිලක හිරේ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පැලවත්ත ජවිපෙ මූලස්ථානය පැත්තෙන් ආරංචි වෙනවා. දැනට ජවිපෙ නායකයන් පහලට කරන පැහැදිලි කිරීම්වලත් එහෙම කතාවක් තියනවා. නන්දන ගුණතිලක ජවිපෙ නීති කමිටුව කැඳවපු බව ඇත්ත. සුනිල් වටගල ඒකේ ලේකම් විදිහට හිටපු බවත් ඇත්ත.

ඒත් ඒ කමිටුවේ හිටිය අය ගැන අදහසක් රටේ රාළට නෑ. දැන් ජවිපෙ ඩෝඩිලා කඩු පොලු අරගෙන ඇවිත් නන්දනගෙන් ඒකේ අත්සන් ලේඛණය ඉල්ලනවා. ඒක දෙන නොදෙන එක නන්දනගේ වැඩක්. දැන් කොහොමත් නන්දන ඒක දෙන එකක් නෑ. මොකද නන්දනටත් උසාවියට ගිහින් කියන්න පැහැදිලි සාක්ෂි තියෙන්නේ ඕනි. ඒකට අත්සන් ලේඛණයක් විතරක් ප්‍රමාණවත් නෑ. තව ඒකට ඕනි කරන දේවල් ගොඩක් නන්දන ලඟ ඇති. නන්දන හිරේ දැමීමේ වැඩේ පෑලවත්ත පැත්තෙන් බාරදීලා තියෙන්නේ සුනිල් වටගලට.

ඒ වගේම රංග දිසානායකත් වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න සැලසුම් කරන බව එයාගේ ප්‍රකාශවලින් පේනවා. දැන් ජෙප්පෝ බැහැලා ඉන්නේ රංග දිසානායකගේ අත්සන් ලේඛණය නැත්තං නන්දන හිරේ යවන වැඩේට. අපිට නං අත්සන් ලේඛණය තිබුණා හෝ නොතිබීම අදාල නෑ.රටේ රාළ නං ඉන්නේ රංග දිසානායක ගෙදර යන්න ඕනි කියන ස්ථාවරයේ.මොකද රංග දිසානායක මෙතනදී කියපු සහ කරපූ බොරු ගොඩක් තියනවා.ජවිපෙ විසින් රංග දිසානායකව ඔතෙන්ට ගේන්න කරපු අභයන්තර මෙහෙයුමක තොරතුරු දැන් අනාවරණය වෙලා තියනවා.

ඒ වගේම අනුර දිසානායක නීතිය පසිදලීමට අධිකරණයට සහයවෙන ආයතනවලට පත් කරලා තියෙන්නේ දේශපාලන පත්වීම්. අනුරලා දේශපාලන පත්වීමී කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනයි කියලා ලේබල කරන්න හදනවා. පොලීසිය ස්වාධීනයි කියලා ලේබලය අලවන්න හදනවා.අල්ලස් හෝ දූෂණ කොමිසමත් ස්වාධීනයි කියලත් කියනවා. ඒක පිලිගනිල්ලා කියලා ජනතාවට බල කරනවා.

රවී සෙනවිරත්න යටතේ තියන පොලීසීයක් ස්වාධීනයි කියලා පිලිගන්න තරමට,ශානි යටතේ තියන CID එක ස්වාධීනයි කියලා පිලිගන්න තරමට, රංග දිසානායක යටතේ තියන අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීනයි කියලා පිලිගන්න තරමට මේ රටේ ජනතාව අඳබාලයෝ නෙවෙයි. එහෙම අද බාලයෝ,බත්බැලයෝ ඉන්නවා නං ඉන්නේ ජවිපෙම තමයි. ඒක නිසා මේක නන්දන සහ ජවිපෙ අතර හරි නන්දන සහ රංග දිසානායක අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.

මේක නීතිය මගින් යුක්තිය ඉෂ්ඨ කරගන්න යනකොට ඇවිත් තියන ප්‍රශ්නයක්. මේක අත්තනෝමතිකත්වයට එරෙහි සමාජ සාධාරණත්වය සම්බන්ධ ප්‍රශ්නයක්. මතුවෙමින් තියන ෆැහිස්ට්වාදයට එරෙහිව මානව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ සටනේ කොටසක් සජිත් ප්‍රේමදාසට සහ අජිත් පී පෙරේරාට තියනවා.අපි හිතනවා එයාලා ඒ වගකීම ඉෂ්ඨ කරයි කියලා.ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ ඉන්න ස්වධින නියෝජිතයන්ට තියනවා. රංග දිසානායකගේ පත්කිරීම වෙනුවෙන් බිමල් රත්නායක ඒ කමිටුවේ කරපු මැදිහත්වීම හෙලි කරන එක එයාලගේ වගකීමක්.

ඒ වගේම රංග දිසානායකට වඩා වැඩි ලකුණු ගත්ත මාධව තෙන්නකෝන් කැපුණ විදිහත් රටට නිල වශයෙන් අණාවරණය වෙන්න ඕනි.ඒ අනාවරණය සජිත් හෝ අජිත් පී පෙරේරා විසින් නොකරනවා කියන්නේ නන්දනව දඩයම් කරන්න අවශය පිට්ටනිය ජවිපෙට හදලා දෙනවා කියන එකයි. හැබැයි එහෙම කරනවා නම් සජිත් සහ අජිත් පී පෙරේරා මේකත් මතක තියාගන්න ඕනි. මුලින්ම හාවෙක් දඩයම් කරලා දඩයම පටන් ගන්න දඩයක්කරු ඊළඟට කෑලේ ඉන්න හැම සතාම දඩයම් කරනවා.

ඊළඟට රංග දිසානායක අනූරගේ හිතවතෙක් කියලා ඔප්පු කරන්න තීයන හොඳම දේ තමයි රංග දිසානායක අල්ලස් හෝ දුෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරය වෙනුවෙන් ඉදිරිපත් කරපු ඇප්ලිකේෂන් එක. ඒකේ එයා තමන් ගැන නිර්දේශ ගන්න නම් කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු දෙන්නෙක්.අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ පුරප්පාඩුව ගැසට් කරලා තියෙන්නේ 2024 ඔක්තොම්බර් 14 වෙනිදා.ඒකේ Closing date තිබිලා තියෙන්නේ ඒ මාසෙම 28 වෙනිදා.එතකොට ඒ අතර තමයි රංග දිසානායක මේ ඇප්ලිකේෂන් එක දාන්නේ.

අනූර ආණ්ඩුකාරවරු පත්කරලා තියෙන්නේ සැප්තැම්බර් 27. ආණ්ඩුකාරවරයා කියන්නේ පලාතේ ඉන්න ජනාධිපතිගේ දේශපාලන නියෝජිතයා.පලාතේ ඉන්න ජනාධිපතිගේ පරිපාලන නිලධාරියා පලාත් ලේකම්.පලැත් ලේකම් පත්වෙන්නේ රාජ්‍ය සේවයෙන්.ආණ්ඩුකාරවරයා කියන්නේ දේශපාලන පත්වීමක්. ඒක නිසා මේක අනුරගේ එක තිබුණ කුළුපග දේශපාලන කවයක්. රංග ඊයේ කියලා තිබුණේ එයා ඉතා හොඳින් බලා ඉන්නවා කියලා.අල්ලස් හෝ දුෂණ කොමිෂමට යම් අවමානයක් වෙනවද කියලා.

එහෙම වෙනවා නම් පනතේ 118 වෙනි වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න පුලුවන් කියලා. රංග කියන්නේ ගොඩක් media showවලට බර කෙනෙක්.රංග ඉතාමත් හොඳන් බලා ඉන්නේ අල්ලස් කොමිසම ඇතූලේ ඉඳන්.හැබැයි රංගත් දැන ගන්න ඕනි මේ රටේ ජනතාවත් ඉතාමත් අවධානයෙන් රංග දිසානායක ගැනත් අල්ලස් කොමිෂම ගැනත් බලාගෙන ඉන්නවා කියලා.රංග ඔය කියන පනතේම තියනවා අල්ලස් දූෂණ කොමිසම ස්වාධීන කොමිසමක් කියලා.

ඒකේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න පත්වීම් කරන්නේ කොහොමද කියලත් තියනවා.ඒවා අවභාවිතා වෙනවා නම් ඒ වෙනුවෙන් පුරවැසියාට ගන්න පූළුවන් නීතිමය ක්‍රියාමාර්ගත් තියනවා.එක නිසා ඒ අවස්ථාව දෙපැත්තටම තියනවා.දැන් රංග දිසානායක ප්‍රශ්න පොදු කරගන්න හදන බව පේනවා.ඒ කියන්නේ රංග දිසානායකගේ ප්‍රශ්නය අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ප්‍රශ්නයක් කරන්න හදනවා.අපට ප්‍රශ්නය තියෙන්නේ රංග දිසානායක පත්කිරීම ගැනීම දක්වා ආපූ ක්‍රියාවලිය ගැනයි.

ඒකේ පැහැදිලි දේශපාලනීකරණය වීම් සිදුවුන බවට සැක කරන්න පුළුවන් තැන් ගොඩක් තියනවා.ඒ සැකය තහවුරු කරන්නේ වෙන කවුරුත් නෙවෙයි රංග දිසානායකම තමයි.ඒ එයා මේ දක්වා ආණ්ඩුවේ මැති ඇමතිලාට එරෙහිව ඇවිත් තියන චෝදනාවලට සාධාරණ පරීක්ෂණ කරන්න පියවර අරන් නෑ.සමහරු ගැන රංග අනුරට කතා කරලා කිව්ව බවටත් තොරතුරු සමාජ මාධ්‍යවල පලවෙනවා.ඒවා ඇත්ත නම් රංග දිසානායක කරලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි අනුරට ගොට්ට අල්ලන එකයි.

ආණ්ඩුවේ කාට හරි චෝදනාව එනකොට රංග දිසානායක නිදහසට කරුණු විදිහට කියන්නේ අවශ්‍ය පිරිස නෑ, පුහුණු නිළධාරීන් නෑ කියලයි. හැබැයි රංග කොතනින් බේරුණාත් රංගට බේරෙන්න බැරි එක තැනක් තියනවා.ඒ තමයි රංගගේ හෘද සාක්ෂියෙන්.රංග ජවිපෙ සාමාජිකයෙක් නං ඒකත් අදාල වෙන එකක් නෑ.මොකද ජවිපෙ අයට හෘද සාකිෂියක් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.