News Category
From Date
To Date
Maximum Number of Result

නන්දන හිරේ යයිද?.. රංග දිසානායක ගෙදර යයිද?..

Oct 2, 2025 at 02:27 PM
|

අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධව ජවිපෙ හිටපූ දේශපාලන මණ්‌ඩල සහික නන්දන ගුණතිලක කරපු ප්‍රකාශයක් අල්ලගෙන නන්දන ගුණතිලක හිරේ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පැලවත්ත ජවිපෙ මූලස්ථානය පැත්තෙන් ආරංචි වෙනවා. දැනට ජවිපෙ නායකයන් පහලට කරන පැහැදිලි කිරීම්වලත් එහෙම කතාවක් තියනවා. නන්දන ගුණතිලක ජවිපෙ නීති කමිටුව කැඳවපු බව ඇත්ත. සුනිල් වටගල ඒකේ ලේකම් විදිහට හිටපු බවත් ඇත්ත.

ඒත් ඒ කමිටුවේ හිටිය අය ගැන අදහසක් රටේ රාළට නෑ. දැන් ජවිපෙ ඩෝඩිලා කඩු පොලු අරගෙන ඇවිත් නන්දනගෙන් ඒකේ අත්සන් ලේඛණය ඉල්ලනවා. ඒක දෙන නොදෙන එක නන්දනගේ වැඩක්. දැන් කොහොමත් නන්දන ඒක දෙන එකක් නෑ. මොකද නන්දනටත් උසාවියට ගිහින් කියන්න පැහැදිලි සාක්ෂි තියෙන්නේ ඕනි. ඒකට අත්සන් ලේඛණයක් විතරක් ප්‍රමාණවත් නෑ. තව ඒකට ඕනි කරන දේවල් ගොඩක් නන්දන ලඟ ඇති. නන්දන හිරේ දැමීමේ වැඩේ පෑලවත්ත පැත්තෙන් බාරදීලා තියෙන්නේ සුනිල් වටගලට.

ඒ වගේම රංග දිසානායකත් වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න සැලසුම් කරන බව එයාගේ ප්‍රකාශවලින් පේනවා. දැන් ජෙප්පෝ බැහැලා ඉන්නේ රංග දිසානායකගේ අත්සන් ලේඛණය නැත්තං නන්දන හිරේ යවන වැඩේට. අපිට නං අත්සන් ලේඛණය තිබුණා හෝ නොතිබීම අදාල නෑ.රටේ රාළ නං ඉන්නේ රංග දිසානායක ගෙදර යන්න ඕනි කියන ස්ථාවරයේ.මොකද රංග දිසානායක මෙතනදී කියපු සහ කරපූ බොරු ගොඩක් තියනවා.ජවිපෙ විසින් රංග දිසානායකව ඔතෙන්ට ගේන්න කරපු අභයන්තර මෙහෙයුමක තොරතුරු දැන් අනාවරණය වෙලා තියනවා.

ඒ වගේම අනුර දිසානායක නීතිය පසිදලීමට අධිකරණයට සහයවෙන ආයතනවලට පත් කරලා තියෙන්නේ දේශපාලන පත්වීම්. අනුරලා දේශපාලන පත්වීමී කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනයි කියලා ලේබල කරන්න හදනවා. පොලීසිය ස්වාධීනයි කියලා ලේබලය අලවන්න හදනවා.අල්ලස් හෝ දූෂණ කොමිසමත් ස්වාධීනයි කියලත් කියනවා. ඒක පිලිගනිල්ලා කියලා ජනතාවට බල කරනවා.

රවී සෙනවිරත්න යටතේ තියන පොලීසීයක් ස්වාධීනයි කියලා පිලිගන්න තරමට,ශානි යටතේ තියන CID එක ස්වාධීනයි කියලා පිලිගන්න තරමට, රංග දිසානායක යටතේ තියන අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීනයි කියලා පිලිගන්න තරමට මේ රටේ ජනතාව අඳබාලයෝ නෙවෙයි. එහෙම අද බාලයෝ,බත්බැලයෝ ඉන්නවා නං ඉන්නේ ජවිපෙම තමයි. ඒක නිසා මේක නන්දන සහ ජවිපෙ අතර හරි නන්දන සහ රංග දිසානායක අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.

මේක නීතිය මගින් යුක්තිය ඉෂ්ඨ කරගන්න යනකොට ඇවිත් තියන ප්‍රශ්නයක්. මේක අත්තනෝමතිකත්වයට එරෙහි සමාජ සාධාරණත්වය සම්බන්ධ ප්‍රශ්නයක්. මතුවෙමින් තියන ෆැහිස්ට්වාදයට එරෙහිව මානව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ සටනේ කොටසක් සජිත් ප්‍රේමදාසට සහ අජිත් පී පෙරේරාට තියනවා.අපි හිතනවා එයාලා ඒ වගකීම ඉෂ්ඨ කරයි කියලා.ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ ඉන්න ස්වධින නියෝජිතයන්ට තියනවා. රංග දිසානායකගේ පත්කිරීම වෙනුවෙන් බිමල් රත්නායක ඒ කමිටුවේ කරපු මැදිහත්වීම හෙලි කරන එක එයාලගේ වගකීමක්.

ඒ වගේම රංග දිසානායකට වඩා වැඩි ලකුණු ගත්ත මාධව තෙන්නකෝන් කැපුණ විදිහත් රටට නිල වශයෙන් අණාවරණය වෙන්න ඕනි.ඒ අනාවරණය සජිත් හෝ අජිත් පී පෙරේරා විසින් නොකරනවා කියන්නේ නන්දනව දඩයම් කරන්න අවශය පිට්ටනිය ජවිපෙට හදලා දෙනවා කියන එකයි. හැබැයි එහෙම කරනවා නම් සජිත් සහ අජිත් පී පෙරේරා මේකත් මතක තියාගන්න ඕනි. මුලින්ම හාවෙක් දඩයම් කරලා දඩයම පටන් ගන්න දඩයක්කරු ඊළඟට කෑලේ ඉන්න හැම සතාම දඩයම් කරනවා.

ඊළඟට රංග දිසානායක අනූරගේ හිතවතෙක් කියලා ඔප්පු කරන්න තීයන හොඳම දේ තමයි රංග දිසානායක අල්ලස් හෝ දුෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරය වෙනුවෙන් ඉදිරිපත් කරපු ඇප්ලිකේෂන් එක. ඒකේ එයා තමන් ගැන නිර්දේශ ගන්න නම් කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු දෙන්නෙක්.අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ පුරප්පාඩුව ගැසට් කරලා තියෙන්නේ 2024 ඔක්තොම්බර් 14 වෙනිදා.ඒකේ Closing date තිබිලා තියෙන්නේ ඒ මාසෙම 28 වෙනිදා.එතකොට ඒ අතර තමයි රංග දිසානායක මේ ඇප්ලිකේෂන් එක දාන්නේ.

අනූර ආණ්ඩුකාරවරු පත්කරලා තියෙන්නේ සැප්තැම්බර් 27. ආණ්ඩුකාරවරයා කියන්නේ පලාතේ ඉන්න ජනාධිපතිගේ දේශපාලන නියෝජිතයා.පලාතේ ඉන්න ජනාධිපතිගේ පරිපාලන නිලධාරියා පලාත් ලේකම්.පලැත් ලේකම් පත්වෙන්නේ රාජ්‍ය සේවයෙන්.ආණ්ඩුකාරවරයා කියන්නේ දේශපාලන පත්වීමක්. ඒක නිසා මේක අනුරගේ එක තිබුණ කුළුපග දේශපාලන කවයක්. රංග ඊයේ කියලා තිබුණේ එයා ඉතා හොඳින් බලා ඉන්නවා කියලා.අල්ලස් හෝ දුෂණ කොමිෂමට යම් අවමානයක් වෙනවද කියලා.

එහෙම වෙනවා නම් පනතේ 118 වෙනි වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න පුලුවන් කියලා. රංග කියන්නේ ගොඩක් media showවලට බර කෙනෙක්.රංග ඉතාමත් හොඳන් බලා ඉන්නේ අල්ලස් කොමිසම ඇතූලේ ඉඳන්.හැබැයි රංගත් දැන ගන්න ඕනි මේ රටේ ජනතාවත් ඉතාමත් අවධානයෙන් රංග දිසානායක ගැනත් අල්ලස් කොමිෂම ගැනත් බලාගෙන ඉන්නවා කියලා.රංග ඔය කියන පනතේම තියනවා අල්ලස් දූෂණ කොමිසම ස්වාධීන කොමිසමක් කියලා.

ඒකේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න පත්වීම් කරන්නේ කොහොමද කියලත් තියනවා.ඒවා අවභාවිතා වෙනවා නම් ඒ වෙනුවෙන් පුරවැසියාට ගන්න පූළුවන් නීතිමය ක්‍රියාමාර්ගත් තියනවා.එක නිසා ඒ අවස්ථාව දෙපැත්තටම තියනවා.දැන් රංග දිසානායක ප්‍රශ්න පොදු කරගන්න හදන බව පේනවා.ඒ කියන්නේ රංග දිසානායකගේ ප්‍රශ්නය අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ප්‍රශ්නයක් කරන්න හදනවා.අපට ප්‍රශ්නය තියෙන්නේ රංග දිසානායක පත්කිරීම ගැනීම දක්වා ආපූ ක්‍රියාවලිය ගැනයි.

ඒකේ පැහැදිලි දේශපාලනීකරණය වීම් සිදුවුන බවට සැක කරන්න පුළුවන් තැන් ගොඩක් තියනවා.ඒ සැකය තහවුරු කරන්නේ වෙන කවුරුත් නෙවෙයි රංග දිසානායකම තමයි.ඒ එයා මේ දක්වා ආණ්ඩුවේ මැති ඇමතිලාට එරෙහිව ඇවිත් තියන චෝදනාවලට සාධාරණ පරීක්ෂණ කරන්න පියවර අරන් නෑ.සමහරු ගැන රංග අනුරට කතා කරලා කිව්ව බවටත් තොරතුරු සමාජ මාධ්‍යවල පලවෙනවා.ඒවා ඇත්ත නම් රංග දිසානායක කරලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි අනුරට ගොට්ට අල්ලන එකයි.

ආණ්ඩුවේ කාට හරි චෝදනාව එනකොට රංග දිසානායක නිදහසට කරුණු විදිහට කියන්නේ අවශ්‍ය පිරිස නෑ, පුහුණු නිළධාරීන් නෑ කියලයි. හැබැයි රංග කොතනින් බේරුණාත් රංගට බේරෙන්න බැරි එක තැනක් තියනවා.ඒ තමයි රංගගේ හෘද සාක්ෂියෙන්.රංග ජවිපෙ සාමාජිකයෙක් නං ඒකත් අදාල වෙන එකක් නෑ.මොකද ජවිපෙ අයට හෘද සාකිෂියක් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.