News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවට කඩේ ගිය මහාචාර්යවරයෙකුගෙ අනුවේදනීය පාපොච්චාරණය... NPP ආණ්ඩුව : කුක්කන් බැඳ තබනු! වාචාලයන් මෙල්ල කරනු...! - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්..

Oct 3, 2025 at 06:56 AM
|

(උපුටා ගැනීම )

ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය. මේ සටහන ඒ ගැනයි. සටහන තබන්නේ ද විශේෂ දිනයකයි. 2025.09.30.  මුළු රටේම රාජ්‍ය විශ්වවිද්‍යාල NPP රජයට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාවට නැංවූ දිනයකි.

මේ සටහන තබන මම, මගේ කුළුඳුල් ඡන්දයේ සිට බොහෝ අවස්ථාවල JVPය හෝ NPPය හෝ ඔවුන්ගේ නියෝජනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අයෙක්මි. එය වෙනස් වූයේ ‌ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මහින්දට ඡන්දය දීමෙන් පමණි. කිසිදු දේශපාලනික පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවූ නමුත් අරගලයෙන් පසු NPP සාමාජිකත්වය ලබාගත් අතර කොට්ඨාස සභා පිහිටුවීම්, ජන හමු ආදි ගණනාවකට සහභාගි වූයෙමි. කිහිප වතාවක් NPP වේදිකාවටද ගොඩවීමි.ඒ වෙනුවෙන් ඡන්දය ලබා ගැනීම උදෙසා මැදිහත්වීමි. වසරකට විදේශගත වීමට තිබූ අවස්ථාව දින කිහිපයකට පමා කරගත්තේ අනුර සහෝදරයාට ඡන්දය දී යාමට අවශ්‍ය වූ නිසාය. ඔහුගේ ජයග්‍රහණය මා දැනගත්තේ තායිලන්තයේ ස්වර්ණ භූමි ගුවන් තොටුපළහි දීය. කෙසේ වෙතත් ඒ කිසිවක් මා උදෙසා කිසිවක් ලබාගැනීමට නොවේ. රට උදෙසාමය.

ජනාධිපතිවරයා පත් වී මාස පහ, හයකට පසුව නැවතත් මා නිවාඩුවකට ලංකාවට පැමිණ ගිය අවස්ථාවේදී රටෙහි කිසිදු දැනෙන වෙනසක් ඇතිවී තිබුණේ නැත. පොලිස්කාරයන් යොදවා කඩිමුඩියේ වාහනවල කෑලි ගැලවීම වැනි සිල්ලර වැඩ ටිකක් පමණි. ආණ්ඩුවට තවදුරටත් කාලය දිය යුතුය යන අදහසින් නිහඬව සිටියෙමි. පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී මෙරට සිටියේ නැති උනත් දන්නා කියන අයගේ ඡන්දය ලබාදීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඡන්දදායක මහජනතාව රජයට ලබා දී තිබුණු පණිවුඩයද දැක ගතිමු.

විදේශගත වූ කාර්යය සමාප්ත කොට නැවත මා මෙරටට පැමිණියේ ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට ආසන්න කාලයේ ය. සැබැවින්ම වසරක කෙරුවාව ගැන සෑහීමකට පත්විය හැකිද?

හොරු ඇල්ලීම්මේ උත්සාහය, නාස්තිය හා දූෂණය අවම කිරීම, ක්ලීන්ශ්‍රී ලංකා වැඩසටහන, දේශපාලනඥයන් අනිසි සැප භුක්ති නොවිඳීම සහ මහජන මුදල් අවභාවිත නොකිරීම වැනි ඇතැම් දේහි සාධනීය ලක්ෂණ ඇතත් සෑහීමකට පත්විය නොහැකි කරුණු කාරණා ද ගන්නාවක්ම පවතී.

1. මහ මහජනතාව ලබා දුන් අතිවිශාල ජනවර්ම නිසා උද්දාමයට පත්ව පොදු මහජනතාවත් විරුද්ධ බලවේගත් නොතකා හැර අහංකාරීව වහසි දොඩන දේශපාලඥයන් කිහිප දෙනෙකුම දුටුවෙමු. අප මාලිමාවට ඡන්දය දුන්නේ එවැනි අපේක්ෂාවකින් නොවේ.

2. අනුමණ්ඩල පත් කිරීම, අධ්‍යක්ෂවරුන් පත්කිරීම වැනි අවස්ථාවල ද ගැටළු රාශියක් පවතී. මහින්ද යටතේත්, ගෝඨා යටතේත්, රනිල් යටතේත්, මෛත්‍රිපාල යටතේත් අනුමණ්ඩලවල කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් අපට ඇත. එහෙත් ඒ කිසිදු අවස්ථාවක නොපැවැති ආකාරයෙන් දේශපාලනික අගතිගාමීත්වයක් වර්තමානයේ නිරීක්ෂණය වේ. මේ සම්බන්ධව දැනට දිගට නොකියමි. මාලිමා වේදිකාවේ සිට ඒ වෙනුවෙන් කටයුතු කළ අයට වරදාන හා වරප්‍රසාද හැටියට විවිධ තනතුරු ලබාදුන් අවස්ථා රැසක් නිරීක්‍ෂණය වී ඇත. කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව පත් කළ එවැනි අධ්‍යක්ෂ තනතුරු ආදියෙන් දැනට සැලකිය යුතු පිරිසක් ඉල්ලා අස්වී ඇති බවද පැහැදිලිය. මේ හැම එකක් දෙසම පුළුල්ව දැකිය යුතුවේ.

3. මාලිමාවේ ඇතැම් දේශපාලනඥයන් අදටත් තමා ලද දේශපාලන බලයටත් වඩා සමාජ මාධ්‍යයේ ළාමක ප්‍රචාරකවාදී දේ විශ්වාස කරන බවක් පෙනේ. සමාජ මාධ්‍යවල හුවා දක්වන දේ හැරුණු කොට සැබවින්ම ඔවුන් අතින් මේ වන තුරුත් රට හා ජනතාව වෙනුවෙන් ඵලදායී යමක් සිදුවී නැත.

4. මාලිමාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පොදු ජන සමාජයේ අපේක්ෂා කළ පරමාදර්ශී භාවය ශීඝ්‍රයෙන් විඳවැටීමට පටන් ගැනිණ. එය ආචාර්ය පට්ටම්වලින් ඇරඹී වත්කම් බැරකම් ප්‍රකාශනයේදී තීව්‍ර විය. වත්කම් තිබීම හොඳ දෙයක් නමුත් බලයට පත්වන තුරු මාධ්‍ය හමුවේ ප්‍රකට කළ ව්‍යාජ ප්‍රතිරූපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය ප්‍රශ්න කරමින් සිටි.

5. ඇහුම්කන් නොදෙන උද්දච්ච ස්වභාවය මාලිමාවේ බලධාරීන්ගේ ඇති අගතිගාමී ලක්ෂණයකි. බලය ලබා දෙන තුරු දේශපාලඥයන් මහජනතාවගේ පසු පසින් යාමත් බලය ලද පසු මහජනතාවට ඔවුන් පසුපස යාමට සිදුවීමක් පූර්ව කාලයේ පටන් හුරු පුරුදු තත්ත්වයකි. දැනටත් එයින් වෙනස් දෙයක් සිදුවී නැත.

6. බලය  ලැබීමට පෙරාතුව අගමැති හරිනි විශ්වවිද්‍යාලය අවට පැවැත්වූ කුඩා රැස්වීම් හා සුහද හමු ගණනාවක් මතකය. ජනාධිපතිවරයා සූම් මගින් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡා ලබා දුන් අවස්ථා මතකය. එහෙත් දැනට තත්වය නම් ඔවුන්ගේ රජය විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්නවලට වත් විසඳුම් ලබා දීමට තරම් වගවීමක් ප්‍රකට නොකිරීමයි. විශ්වවිද්‍යාල පද්ධතියේත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තියේත් ඇති කළ ගැටලු ඊට හොඳම නිදසුනකි.

7. ඒ කාලයේ දුරකථනයෙන් කතාකර අතන මෙතන රැස්වීම්වලට ආරාධනා කළ සහෝදරයන් කිසිවෙකු වත් දැන් කතාකරන්නේ නැත. එසේ කතා කරන්නට වුවමනාවක් ද නැත. එහෙත් ගැටලුවට විසඳුම් ලබාදිය යුතුවේ. ඇත්තට නිදිගත් තැනැත්තන් අවදි කරවිය හැකි වුවත් බොරුවට නිදි ගත්තවුන් අවදි කරවිය හැකි නොවෙයි. අද කරුණු පැහැදිලි කළ යුතුව ඇත්තේ අපටත් වඩා හැමදේම හොඳින් දත් එවකට වෘත්තිය සමිතියේ ප්‍රමුඛයන් වූ පුද්ගලයන්ටයි. ඔවුන් අපට වඩා හොඳින් හැමදේම දන්නා නමුත් නොදන්නවා සේ පසුවෙති.

8. ඇතැම් වෘත්තිකයන් දැනට වෘත්තීය ක්‍රියාකාරකම්වලින් ඉවත්ව ආණ්ඩුව ආරක්‍ෂා කිරීමේ සහ එහි කුණුසේදීමේ කටයුතුවල පමණක් නිරතව සිටිති. ඔවුහු වට්සැප් සමූහ ආදියේ ස්වයං වින්දනය කරමින් පසු වෙති. ඇතැමුන් තවදුරටත් තානාන්තර පතා වෘත්තිය සංගම ආදියේ බලය පවා දෙමින් සිටිනවා දැයි සැක සිතේ. කෙසේ වෙතත් 2025.09.30 දින සංකේත වැඩවර්ජනය සඳහා කිසිදු භේදයකින් තොරව ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සියලු ආචාර්යවරුන් සම්බන්ධ වීම රජය හරිහ හැටි කියවා ගත යුතු තත්ත්වයකි. 

9. තම පෞද්ගලික සුඛ විහරණ කැපකොට තමා ඉපයූ මුදල් පවා ජනතා විමුක්ති පෙරමුණ උදෙසා මිඩංගු කොට අද ජීවිකාව පවා පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති පැරණිතම, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගැන මම දනිමි. එවැන්නන් ගැන නොතකා, එවැන්නන්ගේ අදහස් උදහස් වලට පවා අවධානයක් යොමු නොකොට ඉතාම මෑත කාලයේ එක් වූ ළාමක පිරිස් පෙරට ගෙන සිදු කරන්නාව වූ අපරිණත දේශපාලනික කටයුතු පිළිබඳ අපට අවබෝධයක් ඇත.

10. 2025 09.30 දින වර්ජනය මුල්කොට අදහස් පළ කළ එක් කුක්කෙකු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව පදනම් කොටගත් අදහසක් වශයෙන්, විශ්වවිද්‍යාලවලට විශේෂ තත්ත්වයක් ලබා නොදිය යුතු බවත් ඒවාද පාසල්වලම දිගුවක් වූ හුදු අධ්‍යාපන ආයතන වශයෙන් සැලකීම ප්‍රමාණවත් බවත් පැවසූ බවක්ද දැනගන්නට ලැබිණ. ඒ ගැන පසුව ලියමි.

 වසරක්ම නිහඬව සිට මේ කියා ඇත්තේ නොකියාම බැරි තැනය. දැනට දිගට නොකියමි. NPP ආණ්ඩුව කුක්කන් බැඳ තැබීමටත්, අපරිණත වාචාලයන් මෙල්ල කිරීමටත් කටයුතු කළ යුතුවේ. එසේ නැතහොත් හඳුන්නෙත්ති ඇමතිවරයා කියූ “බිග් කුච්චෙන්” සියැසින් ම දැක ගැනීමට ලැබෙනු ඇත. රජයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම මහජනතාව පෙරටත් වඩා සැහැසි ලෙස නිසි ප්‍රතිචාර දක්වනු ඇත.

බිහේෂ් ඉන්දික සම්පත්,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,

කැලණිය විශ්වවිද්‍යාලය.

2025.09.30

උපුටා ගැනීම අවසන්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.