ඇමෙරිකාවේ ආර්ථිකය සුපිරියට ම නැගලා යනවා නම් ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයා ආරක්ෂණවාදී තීරු බදු පනවන්නේ නෑ. මේ වෙද්දි ඇමෙරිකාව ප්රමුඛ අධිරාජ්යවාදී රටවල්වල ආර්ථිකය නොන්ඩි ගහනවා. ඉතින් ඇමෙරිකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන තීරු බදු යුද්ධයක් මෙහෙයවන්න ට්රම්ප් ජනාධිපතිවරයා යොමුවෙලා. මෙහෙම ආරක්ෂණවාදී ප්රතිපත්තියකින් ඇමෙරිකාවේ රැකියා රැකගන්න, ආර්ථික වර්ධනයට දිරිදෙන්න, ආරම්භක මට්ටමේ පවතින කර්මාන්තවලට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා ඔහු හිතනවා. කොහොම හරි, ට්රම්ප් ජනාධිපතිවරයා මේ නැටුම නටන්නේ ඇමෙරිකාවේ ආර්ථිකය නොන්ඩි ගහන හින්දා කියන එක හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
මාතෘභූමිය කෙරෙහි ප්රේමයක් වර්ධනය කිරීමත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපැවීම සඳහා ළැදියාවක් ඇති කරවීමත් තමයි දේශප්රේමී අධ්යාපනයෙන් සිද්දවෙන්නේ. දේශපාලන සහ මතවාදී අධ්යාපනයටත් දේශප්රේමී අධ්යාපනය නැතුව ම බෑ. ඉතින් චීනයේ අධ්යාපනය තුළ දේශප්රේමයේ බැනරය ඉහළින් ම ඔසවලා තියෙනවා. පාසල් ශිෂ්යයන් ඇතුළු තමන්ගේ ජනතාවට දේශප්රේමී අධ්යාපනය ලබාදීමේ නීතිගත වැඩපිළිවෙළක් චීනයේ ක්රියාත්මක වෙනවා.
ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)