ෆොන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියකි..
ෆොන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියකි. ඔහු කියන ආකාරයට යුද්ධය අවසාන මොහොතේ කොටි නායකයාට පැන යාම පිණිස මහින්ද අවස්ථාවක් දී තිබේ. එය සැබෑවක් නම් කොටි ඩයස්පොරාව සහ කොටි හිතවාදී සංවිධාන මහින්දට වෛර කිරීම මෝඩ වැඩකි. ඔවුන් සැබැවින් ම මහින්දට ගෞරව කළ යුතුවා පමණක් නොව ආදරය කළ යුතු ය. මන්ද අර්චූනා කියන ආකාරයෙන් ඔවුන්ගේ ‘දෙයියප්පාගේ’ ජීවිතය බේරීමට මහින්ද ම උත්සාහ දරා ඇත. ෆන්සේකා සැබැවින් ම අපට කරන්නේ මහත් උදව්වකි.
සටනකදී පරාජයට පත් වන ප්‍රතිවාදියාට බේරී යාමට කුඩා හෝ මගක් ලබා දීම වනාහි උතුම් පිළිවෙතකි. එය ගෞරවාන්විත යුද්ධයක පිළිගත් ක්‍රමවේදයකි. විවාදයකදී වුවත් සිය ප්‍රතිවාදියාට ලැජ්ජාවකින් තොරව ගැලවී යාමට අවස්ථාවක් දීම සදාචාරයයි. එයින් පෙන්වන්නේ ඔබේ මහා මානුෂීය කරුණා ගුණයයි. දරුණුතම සතුරාට පවා සිය ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් දීමට හැක්කේ බෝධිසත්ත්ව නායකයෙකුට ම පමණී. මා විසින් ලියූ අවතරණය නමැති ඓතිහාසික නවකථාවේත් එවැනි සිද්ධියක් ලියා ඇත්තෙමි. ෆන්සේකා සැබැවින්ම කර තිබෙන්නේ මහින්දව තවත් ඉහළට නැංවීමකි.
අනෙක් පැත්තෙන් ගත් කල එවැනි අවස්ථාවක් දී තිබියදීත් කොටි නායකයා පැන නොගොස් මරණය තෙක් සටන් කිරීම ෆන්සේකා හඳුන්වන්නේ ‘මෝඩකමක්’ ලෙසට ය. දෙමළුන්ගේ දෙයියප්පාට මෝඩයෙකු කියා ෆන්සේකා අවමන් කළත් මට නම් එය පෙනෙන්නේ කොටි නායකයාගේ වීරත්වය ලෙසට ය. පැන යාමට අවස්ථාව දී තිබියදීත් මරණය තෙක් සටන් කිරීම සැබැවින් ම වීරකමකි. ෆන්සේකා එය මෝඩකමක් ලෙස දැකීමෙන් ගම්‍ය වන්නේ එවැනි අවස්ථාවක් ඔහුට ලැබුණහොත් ඔහු නම් පණ කෙන්ද බේරාගෙන පැන යනු ඇත කියා ය. එය වීරත්වය නොවේ. ඒ අතින් ගත් කල ප්‍රභා යනු ෆන්සේකාට වඩා වීරයෙකි.
මා නම් යෝජනා කරන්නේ ෆන්සේකාගේ ප්‍රකාශය අප හැකිතරම් ප්‍රචාරය කළ යුතු ය කියා ය. එය ප්‍රතික්ෂේප කිරීම මෝඩකමකි. මෙය අපට කියලාවත් කර ගන්න බැරි වැඩකි. එයට අනුව කොටි නායකයාගේ මරණයට මහින්ද වග කිව යුතු නැත. මරණය තෝරා ගෙන ඇත්තේ ප්‍රභා ම ය. මෙය අපට ගජ වාසියකි. අනෙක කොටි ත්‍රස්තවාදය පරාජය කළා කියා සිංහලයන් කොහොමත් මහින්දට කෘතගුණ සලකන්නේ නැත. අප වැනි සුළු පිරිසක් එසේ කළාට බහුතරය ඔහුට ‘හොරා’ කියා නින්දා අපහාස කර ගෙදර යවා සිරිසේනව පත් කර ගත්තේ ය. ඔහු ඝාතනය කිරීමට අරගලකරුවන් රොතු පිටින් පැමිණියේ ය. අර්චුනා කියන්නාක් මෙන් වත්මන් සිංහලයා ගුණමකු අධමයෙකි. එබැවින් නිස්කාරණේ දෙමළුන්ගේ වෛරයට මහින්ද තව දුරටත් පාත්‍ර විය යුතු නැත. අඩුම තරමින් දෙමළුන් සිය නායකයා මළ පසුත් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී. ෆන්සේකාගේ කථාවෙන් පසු දෙමළුන් මහින්ද කෙරෙහි ඇති වෛරය අත් හරිනු නිසැක ය. ධර්මය අපට මග වේවා!
- එරන්ද ගිනිගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..