ෆොන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියකි..
ෆොන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියකි. ඔහු කියන ආකාරයට යුද්ධය අවසාන මොහොතේ කොටි නායකයාට පැන යාම පිණිස මහින්ද අවස්ථාවක් දී තිබේ. එය සැබෑවක් නම් කොටි ඩයස්පොරාව සහ කොටි හිතවාදී සංවිධාන මහින්දට වෛර කිරීම මෝඩ වැඩකි. ඔවුන් සැබැවින් ම මහින්දට ගෞරව කළ යුතුවා පමණක් නොව ආදරය කළ යුතු ය. මන්ද අර්චූනා කියන ආකාරයෙන් ඔවුන්ගේ ‘දෙයියප්පාගේ’ ජීවිතය බේරීමට මහින්ද ම උත්සාහ දරා ඇත. ෆන්සේකා සැබැවින් ම අපට කරන්නේ මහත් උදව්වකි.
සටනකදී පරාජයට පත් වන ප්‍රතිවාදියාට බේරී යාමට කුඩා හෝ මගක් ලබා දීම වනාහි උතුම් පිළිවෙතකි. එය ගෞරවාන්විත යුද්ධයක පිළිගත් ක්‍රමවේදයකි. විවාදයකදී වුවත් සිය ප්‍රතිවාදියාට ලැජ්ජාවකින් තොරව ගැලවී යාමට අවස්ථාවක් දීම සදාචාරයයි. එයින් පෙන්වන්නේ ඔබේ මහා මානුෂීය කරුණා ගුණයයි. දරුණුතම සතුරාට පවා සිය ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් දීමට හැක්කේ බෝධිසත්ත්ව නායකයෙකුට ම පමණී. මා විසින් ලියූ අවතරණය නමැති ඓතිහාසික නවකථාවේත් එවැනි සිද්ධියක් ලියා ඇත්තෙමි. ෆන්සේකා සැබැවින්ම කර තිබෙන්නේ මහින්දව තවත් ඉහළට නැංවීමකි.
අනෙක් පැත්තෙන් ගත් කල එවැනි අවස්ථාවක් දී තිබියදීත් කොටි නායකයා පැන නොගොස් මරණය තෙක් සටන් කිරීම ෆන්සේකා හඳුන්වන්නේ ‘මෝඩකමක්’ ලෙසට ය. දෙමළුන්ගේ දෙයියප්පාට මෝඩයෙකු කියා ෆන්සේකා අවමන් කළත් මට නම් එය පෙනෙන්නේ කොටි නායකයාගේ වීරත්වය ලෙසට ය. පැන යාමට අවස්ථාව දී තිබියදීත් මරණය තෙක් සටන් කිරීම සැබැවින් ම වීරකමකි. ෆන්සේකා එය මෝඩකමක් ලෙස දැකීමෙන් ගම්‍ය වන්නේ එවැනි අවස්ථාවක් ඔහුට ලැබුණහොත් ඔහු නම් පණ කෙන්ද බේරාගෙන පැන යනු ඇත කියා ය. එය වීරත්වය නොවේ. ඒ අතින් ගත් කල ප්‍රභා යනු ෆන්සේකාට වඩා වීරයෙකි.
මා නම් යෝජනා කරන්නේ ෆන්සේකාගේ ප්‍රකාශය අප හැකිතරම් ප්‍රචාරය කළ යුතු ය කියා ය. එය ප්‍රතික්ෂේප කිරීම මෝඩකමකි. මෙය අපට කියලාවත් කර ගන්න බැරි වැඩකි. එයට අනුව කොටි නායකයාගේ මරණයට මහින්ද වග කිව යුතු නැත. මරණය තෝරා ගෙන ඇත්තේ ප්‍රභා ම ය. මෙය අපට ගජ වාසියකි. අනෙක කොටි ත්‍රස්තවාදය පරාජය කළා කියා සිංහලයන් කොහොමත් මහින්දට කෘතගුණ සලකන්නේ නැත. අප වැනි සුළු පිරිසක් එසේ කළාට බහුතරය ඔහුට ‘හොරා’ කියා නින්දා අපහාස කර ගෙදර යවා සිරිසේනව පත් කර ගත්තේ ය. ඔහු ඝාතනය කිරීමට අරගලකරුවන් රොතු පිටින් පැමිණියේ ය. අර්චුනා කියන්නාක් මෙන් වත්මන් සිංහලයා ගුණමකු අධමයෙකි. එබැවින් නිස්කාරණේ දෙමළුන්ගේ වෛරයට මහින්ද තව දුරටත් පාත්‍ර විය යුතු නැත. අඩුම තරමින් දෙමළුන් සිය නායකයා මළ පසුත් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී. ෆන්සේකාගේ කථාවෙන් පසු දෙමළුන් මහින්ද කෙරෙහි ඇති වෛරය අත් හරිනු නිසැක ය. ධර්මය අපට මග වේවා!
- එරන්ද ගිනිගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්