පලස්තීන සහ රෝහීන්ග්‍යා සරණාගතයන් මහත් සංවේදීව පිළිගත් රටකට චිතගොන් බෞද්ධයන් අමතකද?..
බංග්ලාදේශයේ චිතගොන්හී වාසය කරන සුළුතරයක් වන බෞද්ධයන් ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
ලෝක ජනගහනයෙන් කෝටි 40 කට වඩා මඳක් වැඩි වන ලෙස බෞද්ධ ජනතාවක් වාසය කලද ලෝක මට්ටම තුළ බලපෑම් කිරීමේ හැකියාවක් බෞද්ධයන් සතුව නොමැති පසුබිමක, බංග්ලාදේශ චිතගොන් බෞද්ධයන් පත්ව ඇති ඉරණම බොහෝ සෝචනීය වේ.
මේ ඔවුන් වෙත එල්ල වුනු පළමු ප්‍රහාරය නෙවේ. අනාදිමත් කලක සිට ඔවුන් වෙත ප්‍රචණ්ඩත්වයක් එල්ල වී තිබුණු අතර, බංග්ලාදේශය නමින් රටක් බිහිවූ කාලයට වඩා මෑතකාලීනව බංග්ලාදේශය තුළ ඉස්ලාම් අන්තවාදී අදහස් ව්‍යාප්ත වීමත් සමඟ එල්ල වුනු ඒ ප්‍රචණ්ඩත්වය දැන් දැන් වැඩිවෙමින් පවතී.
පසුගිය කාලය තුළ හටගත් දේශපාලනික අරගල තත්වයත් සමඟ තවමත් ප්‍රකෘති තත්වයට පත් නොවූ සමාජ පසුබිමක් තුළ බංග්ලාදේශ බෞද්ධයන් තවත් අසරණ තත්ත්වයකට ඇද දමා තිබේ.
ඒ කෙසේ වෙතත් තවත් රටක සහෝදර බෞද්ධ ප්‍රජාවක් ඉලක්ක කොටගෙන මෙවැනි තත්වයක් නිර්මාණය වී ඇති බව හෝ මෙරට බෞද්ධයන් දැනසිටීම පවා අතිශයෙන්ම වැදගත් කරුණකි.
එමෙන්ම පලස්තීන සරණාගතයන්, රෝහීන්ග්‍යා සරණාගතයන් මහත් සංවේදීව පිළිගත් රටක් වන ශ්‍රී ලංකාව චිතගොන් බෞද්ධයන් අමතක කර බලා සිටීමට නම් කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැති බව අපගේ වැටහීමය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්