News Category
From Date
To Date
Maximum Number of Result

හිංසනය වැළැක්වීමේ නාමයෙන්; දරුවන් මරුවන් කිරීමට නීති පැනවීම..

Oct 4, 2025 at 10:10 AM
|

පසුගිය සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එම විවාදයේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් එම සංශෝධන මගින් අනාගතයේදී අධ්‍යාපන පද්ධතියට සහ දරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව සාධනීය අදහස් ඉදිරිපත් කිරීම අගය කළ යුතු වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සැබෑ හෙවත් යටි අරමුණ පිළිබඳව ආණ්ඩුවේ යම් පාර්ශ්වවලට ඉඟියක් හෝ ලැබීම නිසා එසේ විවාදය සහ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත.

ආණ්ඩුවේ යම් පාර්ශව අදාළ සංශෝධනය පිළිබඳව පමාවී ප්‍රතිචාර දැක්විමට හේතුව එම පනත් කෙටුම්පත වගකිවයුතු පාර්ශ්ව විසින් ගැඹුරින් අධ්‍යනය නොකිරීම විය හැක. අදාළ පනත් කෙටුම්පත 2025.07.08 දින ගැසට් පත්‍රයේ පළවුවද එහි බරපතළකමට සාපේක්ෂව මහජන සංවාදයක් ගොඩනැගීමට අසමත් වීම පිළිබඳව මෙම ලියුම්කරුද ඇතුළව සමාජයේ දැනුම්වත් පාර්ශව වලට අයත් සියළු දෙනා කණගාටු විය යුතුය. එවැනි තත්වයක් තුළ පනත් කෙටුම්පත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමේදී අදාළ සංශෝධනවල බරපතළකම පිළිබඳව පැහැදිලි තක්සේරුවක් නොතිබෙන්නට ඇති බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව ඒ මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුවට එල්ල විය හැකි සමාජ විරෝධය ඉතා බරපතළ විය හැකි වීමය. කෙසේ වෙතත් බොහෝ විට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ ලේබලය “ළමා හිංසනය වැළැක්වීම” යන්න නිසා සහ අමාත්‍යවරයා විසින් ආණ්ඩුව අමාරුවේ නොදමනු ඇතැයි යන විශ්වාසය නිසා ඒ ආකාරයට දැඩි අවධානය යොමු නොවීමට ඉඩක් ඇත.

එසේ වුවත් පනතට අදාළ ආණ්ඩුවේ යම් පාර්ශවය විසින් විවාදයේදී ඉදිරිපත් කළ අදහස් අනුව ඔවුන් එම පනත සම්මත කිරීම සඳහා තම දේශපාලන ජීවිතයම වුවද කැපකිරීමට සූදානම් බවක් පෙන්විය. එසේ නොවේ නම් සිහි බුද්ධිය ඇති සහ රටේ සෑම දරුවෙකුටම ආදරය කරන කිසිදු මවක් හෝ පියකු අනුමත නොකරන බවට සහතික කළ හැකි බරපතළ ප්‍රකාශ සිදු කිරීමට හැකියාවක් නැත. වයස 16 පිරුණු දරුවන් ලිංගිකව හැසිරීමේ වරද කුමක්දැයි අප රටේ ඓතිහාසික සභ්‍යත්වය  පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් ඇති කිසිදු පුද්ගලයෙකු විසින් ප්‍රශ්න නොකෙරෙනු ඇත.

නව නීතියක් සම්මත කිරීමේ සාමාන්‍ය පටිපාටියට අනුව නව නීතියක අවශ්‍යතාවය, අරමුණ සහ සංශෝධන පදනම් වන සංකල්පීය සහ උපාය මාර්ගික රාමුව පිළිබඳව මෙන්ම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වගකීම භාරදෙන නිලධාරීන් සහ බාහිර විද්වතුන් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ යුතු වේ. නමුත් බොහෝ විට යටි අරමුණු සහිතව යම් නීති කෙටුම්පත් කිරීමේදී අදාළ පටිපාටිය ඒ ආකාරයටම සිදු නොවිය හැක. බොහෝ විට එවැනි තොරතුරු පොදු මහජනතාවට දැන

ගැනීමට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙනි. කෙසේවෙතත් විවාදයට පසුව පනත් කෙටුම්පත පිළිබඳව අදහස්  දැක්වූ විද්වතුන්  පිරිසකගේ  සංවාදයකට  සම්බන්ධ  වීමට  මෙම  ලියුම්කරුට  ද අවස්ථාව

ලැබුණි. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු සඳහන් කළේ මෙවැනි පනත් කෙටුම්පත් කළ පුද්ගලයින් කවුද යන්න දැනගැනීම රටේ මහජනයාට කෙසේ වෙතත් ආණ්ඩුවේ අනාගත සෞඛ්‍යයට ඉතා වැදගත් වන බවය.

මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කරන ගුරුවරයකුට, විදුහල්පතිවරයෙකුට හෝ දැනුම්වත් මවකට හෝ පියකුට ඇතිවිය හැකි භීතිය කෙසේ විය හැකිදැයි පියකු වන මෙම ලියුම්කරුගේ හදවතට බලවත් ලෙස සංවේදී වේ. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට පියවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ගෞරවය කෙලෙසමින් අදහස් දැක් වූ ආණ්ඩුවේ පාර්ශව වක්‍රව තර්ජනය කරන්නේ වයස 16ට වැඩි දරුවන් ලිංගිකව එක්වීම වැළැක්වීම සඳහා මානසික බලපෑම් කරන ගුරුවරුන් සහ දෙමාපියන් “සිරබත් කෑමට” සූදානම් වන ලෙසය. එහිදී වයස 16ට වැඩි පාසල් ළමුන්ගේ හැසිරීම මගින් ඊට අඩු වයස් කාණ්ඩවල දරුවන්ට පූර්වාදර්ශය සපයන බව පාසල් සිසුවෙකුට වුවද තේරුම් ගත හැකි තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වයස 16ට වැඩි දරුවන් වැඩිහිටියන් ලෙස සැලකේ. එසේ වුවත් යෝජිත සංශෝධනය මගින් ඊට අදාළ බල අධිකාරිය වයස 18 දක්වා ඉහළ දමා ඇත. ඊට හේතුව වයස 16 සීමාව සැලකිල්ලට ගතහොත් උසස් පෙළ සිසුන් බහුතරයක් එම අදාල නීතිය යටතට ගත නොහැකි බැවින් යන්න ඉතා පැහැදිළිය. ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියන් ලෙස සැළකෙන වයස් සීමාව 18 විය යුතු බවට ප්‍රබළ සංවාදයක් ඇත. ශ්‍රී ලංකාවේ නීති සකස් කරන්නන්ගේ දෙඩඩි පිළිවෙත තුළින් ඔවුන්ගේ යටි අරමුණු වටහා ගැනීමට පහසු වේ.

ඒ අනුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනතේ ප්‍රකාශිත යුක්තිගරුක අරමුණ ළමා හිංසනය වැළැක්වීම ය. ඒ මගින් පනතේ විවිධ ප්‍රතිපාදන මගින් ඉටුකර ගැනීමට අපේක්ෂිත යටි අරුමුණ යතපත් කිරීම සිදවේ පනත් කෙටුම්පතේ දක්වා ඇති නිදර්ශනවලට අනුව විභාගය සඳහා අධ්‍යයන කටයුතු නිසි අයුරින් සිදුකරන ලෙසට බලපෑම් කිරීම සඳහා ගුරුවරයකු විසින් සිසුන්ට ශාරිරිකව තුවාල සිදුවන දඬුවමක් කළහොත් එය පනත යටතේ බරපතළ වරදකි. නමුත් එවැනි ශාරිරිකව තුවාල සිදුකෙරන වරදවල්වලට එරෙහිව පියවර ගැනීම සඳහා දැනටමත් දණ්ඩනීති සංග්‍රහය මගින් සහ ළමා ආරක්ෂක අධිකාරී පනත මගින් අවශ්‍ය ප්‍රතිපාදන පනවා ඇත. දරුවන්ට අමානුෂික පහරදීමේ වරදට සිරබත් කෑමට සිදූවුූ ගුරුවරුන් පිළිබඳව මීට වසර 20 කට පෙර පුවත්පත් වාර්තා පවා සාක්ෂි දරයි. දරුවන් විවිධ අයුරින් ලිංගිකව අපයෝජනය කිරීම වැළැක්වීම සඳහා ද දණ්ඩනීති සංග්‍රහයේ 165 සහ 165 (අ) මගින් ප්‍රතිපාදන පනවා ඇත. පසුකාලීනව 1995 දී අදාල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හරහා දඩුවම් බලවත් කිරීම මගින් එම ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කරනු ලැබීය.

කෙටුම්පතේ දක්වා ඇති එවැනි දෙවැනි නිදර්ශනයට අනුව ළමා නිවාසයක පාලකයා, එක් ළමයෙක් විසින් තවත් ළමයෙකුට හිරිහැර කිරීමේ වරදට දඬුවම් ලෙස, ආහාර ලබාදීම පමා කළහොත් එය ශාරීරික දඩුවමක් ලෙස සැලකේ. තුන්වන නිදර්ශනයට අනුව විදුහල්පතිවරයෙකු විසින් සොරකම් කිරීමේ වරදකට සැකය මත සිසුවකට ප්‍රසිද්ධියේ අවවාද කිරීම යනු සිසුවාට අවමන් කිරීමක් වන අතර එය ද ශාරීරිකව දඬුවම් කිරීමේ වරදක් ලෙස සැලකේ. හතරවන නිදර්ශනයට අනුව වයස 16ක් වයැසැති, රටේ නීතිය අනුව වැඩිහිටියෙකු ලෙස සැලකෙන, ශිෂ්‍ය නායකයෙකු පාසල් නිල ඇඳුම නිසි ලෙස ඇඳගන්නා ලෙසට සිසුවකුගේ ශරීරයට පහරක් දුනහොත් ශාරීරික තුවාලයක් සිදු නොවුන ද එය ශාරීරිකව දඩුවම් ලබාදීමේ වරදක් බවට පත්වේ. ඒ අනුව ගුරුවරයකු සිසුවෙකුගේ කනින් ඇදීම, දණ ගස්වා තැබීම, සිටගන්වා තැබීම ආදී සියල්ල ශාරීරික දඩුවම් බවට පත්වේ.

ඒ අනුව, ඊනියා ශාරීරික වරදකට පවා විදුහල්පතිවරයකුට, ගුරුවරයකුට, සිසුවෙකුට හෝ ළමා නිවාස පාලකයෙකුට වසර 2ක් දක්වා සිර දඬුවමක් සහ ලක්ෂයක දඩයක් නියම විය හැක. යම් වැරදිකාර සිසුවෙකු වයස අවුරුදු 18ට අඩුනම් සිර දඬුවම මාස 6ක් දක්වා වන සහනශිලී දඩුවමක් බවට පත්වේ. ඊට අමතරව පනත් කෙටුම්පතේ 4වැනි වගන්තිය මගින් දණ්ඩ නීති සංග්‍රහයට නව වගන්තියක් ඇතුල් කර ඇත. ඊට අනුව වයස 18 ට අඩු දරුවෙකුගේ එනම් රටේ නීතියට අනුව වැඩිහිටියෙකු හෙවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කරන 16ට වැඩි දරුවෙකුගේ භාරකාරීත්වය හෝ ආරක්ෂාව දරන්නෙකු (ඊට මව සහ පියා ද අයිත් වේ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් හෝ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතුවිය හැකි ආකාරයට ශාරීරික බලය භාවිතා කිරීම මගින් ශාරීරිකව දඩුවම් කිරීමේ වරදක් සිදු කරන අතර වසර 2ක් දක්වා සිරදඬුවමකට යටත්වේ. ඊට අමතරව එම වගන්තියේ (ආ) උපවන්තිය අනුව කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතුවිය හැකි ශාරීරික නොවන යම් ක්‍රියාවන් ද පනත යටතේ ශාරීරික දඩුවම් යටතට ගැනෙන අතර ඉහත දඬුවම නියම විය හැක.

මේ සියල්ල ගැඹුරින් හෙවත් වචන අර්ථයෙන් ඔබ්බට ගොස් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ පනත මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණු ඉතා බරපතල බවය. එනම් සමාජ ආචාර ධර්ම පද්ධතියකට යටත් නොවන මෙන්ම සමාජ සබඳතා, සමාජ සංස්ථා සහ සමාජ වටිනාකම් වලට ගරු

 නොකරන හිතුවක්කාරී නොහික්මුණු දරු පරපුරක් සහ එමගින් එවැනිම යෞවන පරපුරක් සහ වැඩිහිටි පරපුරක් බිහි කිරීමය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත හුදකලාව ඉදිරිපත් කෙරෙන්නක් නොවන බවට ද වටහා ගැනීම අපහසු නැත. එනම් ළමා හිංසනය හෙවත් නංගි පෙන්වා අක්කා දීමේ උත්සාහය, ඊට පෙර අදාළ මහා අරමුණට සාපේක්ෂව ආරම්භ කරන ලද දීර්ඝ ක්‍රියාවලියක කොටසක් බව පැහැදිලි වේ. මෙම ක්‍රියාවලිය ඇමරිකානු ඔත්තු සේවාවල රහස්‍යභාවයෙන් නිදහස් වූ ලේඛනවල බහුලව සඳහන් වන සමාජයක් බිඳවැට්ටවීමේ ක්‍රියාවලියේ මූලික පදනම බව ඉතා පැහැදිලිය. ඔවුන් පිළිගන්නා මාක්ස්වාදී සංකල්පයකට අනුව දරුවා යනු වැඩිහිටියාගේ පියාය. ඒ අනුව දරුවන්ගේ සමාජය හෙවත් දරු පරපුර බිඳවැටවීම මගින් අධ්‍යාපන පද්ධතිය සහ අනාගත වැඩිහිටි සමාජය බිඳවැට්ටවීම නියත වශයෙන්ම අපේක්ෂා කළ හැක.

එම ලේඛනවල බහුලව සඳහන් වන ආකාරයට අදාළ ක්‍රියාවලියේ අරමුණු 4ක් ඇත. පළමුවැන්න සමාජය දෘෂ්ටිමය වශයෙන් හෙවත් මතවාදී වශයෙන් බිඳවැට්ටවීමය, දෙවැන්න සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීමය, තුන්වැන්න ශ්‍රී ලංකාවට අදාළව ගත්විට සමාජ සංස්ථා එනම් පවුල, භික්ෂු සමාජය සහ අධ්‍යාපන පද්ධතිය බිඳවැට්ටවීමය. ශ්‍රී ලංකාව වැනි ඓතිහාසික සභ්‍යත්වයේ බලපෑමට යටත් වූ සමාජයක් සහ ඓතිහාසික අධ්‍යාපන සම්ප්‍රදායක් පවතින රටක අධ්‍යාපන පද්ධතිය ද සමාජ සංස්ථාවක් ලෙස සැලකේ. ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා සංවර්ධනය ආදිය සඳහා විදේශ ආධාර ලැබීමේ රහස් ඒ මඟින් පැහැදිලි වේ. හතර වැන්න සමාජය ප්‍රචණ්ඩකරණය කිරීමය. එම දැනුම් පද්ධතිය තුළින් මෙම ලිපියට විෂය වන නීති ප්‍රතිසංස්කරණය දෙස බැලීමේදී අදාළ ප්‍රතිසංස්කරණ මගින් නිර්මාණය කරන හික්මීමට හෙවත් ශික්ෂණයට ලක් නොවන ඊනියා නිදහස් දරු පරපුර මගින් අදාල අරමුණු සියල්ල ඉටු කරගත හැකි බව වටහා ගැනීම අපහසු නැත.

ඒ අනුව මෙම ඊනියා නීති ප්‍රතිසංස්කරණය හුදකලා ක්‍රියාවලියක් නොවන බව සහ ඉහත සඳහන් කළ දීර්ඝ පින්තූරයට සාපේක්ෂව සිදු වූ සහ සිදුවෙමින් පවතින මහා ක්‍රියාවලියක දිගුවක් හෙවත් කොටසක් බව සමස්තය දෙස ඉහළ සිට බැලීමේදී පෙනී යයි. එම සෙසු ක්‍රියාවලිය තුළ ප්‍රධාන සංධිස්ථාන 4ක් හඳුනාගත හැක. පළමු වැන්න දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති සංශෝධනය කිරීම මගින් සමාජයේ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ උත්සාහය ලෙස හඳූනාගත හැක. දෙවැන්න “හතේ අපේ පොත” හෙවත් ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේ නාමයේ දරුවන්ට “කුණුහරුප” උගන්වන සහ ඒවා අත්හදා බැලීම දිරිගන්වන ග්‍රන්ථයක් අතිරේඛ පෙළපොතක් ලෙස හඳුන්වාදීමට උත්සාහ කිරීමය. එම උත්සාහයන් දෙකම මේ වන විට තාවකාලිකව හෝ අන්තර්කාලීනව පරාජය වී ඇත. තුන්වැන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් බුදු දහමේ ඉගැන්වීම් අවතක්සේරු කර සියලු ආගම්වල “සුප්” එකක් දරුවන්ට පෙවීම සහ ඉතිහාසය විෂය අනිවාර්යය නොකිරීම ය.

ඊට ගරු අග්‍රාමාත්‍ය හරින අමරසූරිය මැතිණියගේ පුද්ගලික මැදිහත්වීම මත පාසල් විෂය නිර්දේශ තුළට ඊනියා සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ඉගැන්වීම් ඇතුළත් කිරීම ද අයත් වේ. සමලිංගික හැසිරීම් යනු මානව හිමිකමක් නොව ලිංගික චර්යාවක් බව එතුමියට සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටූර්ක්ට කියා දීමට කිසිවකු සමත් වී නැත. කෙසේ වෙතත් ඒ සඳහා උපදෙස් ලබා දෙන පිරිස් වල අවසන් අරමුණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නාමයෙන් එම හැසිරීම් ප්‍රචලිත කිරීම් බව තේරුම් නොගැනීම බලවත් වේදවාචකයක් බව අනාගතයේදී පැහැදිලි වනු ඇත. හතරවැන්න සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක වෙළඳපළ පුළුල් කිරීම සඳහා සමලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා ගමනාන්තයක් සොයන සංචාරකයින් දිරිගැන්වීමට ඉදිරිපත් වීමය. මේ සියල්ල මගින් සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීමට අමතරව බරපතළ මහජන සෞඛ්‍ය ඛේදවාචකයට ද මුහුණ දීමට සිදුවිය හැක. එම නිසා ඉහත සඳහන් කළ සමස්ත ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන එම දූෂ්ඨ නීතිය අකුලා ගත යුතු බවට මහා සංඝරත්නය ප්‍රමුඛ පොදු මහජනතාව ආණ්ඩුවට බලකළ යුතුය.

ඊට අමතරව මේ සියල්ල සිදුවන්නේ හිස් අවකාශයක නොවන බවද මහජනයා තේරුම් ගත යුතුය. ඉහත ක්‍රියාවලිය මගින් නිර්මාණය කරන නොහික්මුණු දරුවා හසුරුවනු ලබන්නේ සකර්බර්ගේ ඉගැන්වීම් සහ පෙළඹවීම්වලට අනුව බව ඉතා පැහැදිලිය. එනම් ඒ නොහික්මුණු දරුවාට මග පෙන්වනු ලබන්නේ සමාජ ජාලා මගිනි. එම සමාජ ජාලා විසින් භික්ෂු සමාජය සහ පවුල බිඳවැට්ටුවීම මෙන්ම සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සහ සමාජය ප්‍රචණ්ඩකරණය කිරීම සඳහා ඉටුකරනු ලබන භූමිකාව ඉතා භයානක බව දැන් බොහෝ වැඩිහිටියන් තේරුම් ගෙන ඇත. එහෙත් චීනයේ හෝ ඉන්දියාවේ සිදුකෙරෙන ආකාරයට සමාජ ජාලා ආශ්‍රිත විනාශකාරී අන්තර්ගතය සහ ප්‍රවේශය පාලනය කළ යුතු බවට අපේ සමාජයේ ප්‍රබල මතයක් ගොඩනැගී නැත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ අපචාර ප්‍රචලිත කිරීම සඳහා සිදුකරන ක්‍රියාවලට නිසි අවධානය යොමුවී නැත.

අවසාන වශයෙන්, ළමා හිංසනය වැළැක්වීම සහ ළමුන්ගේ මානසික සංවර්ධනය සඳහා හෙවත් කිරි කෑම සඳහා දැලි පිහියක් වෙනුවට අප රටේ සභ්‍යත්වය සතු ඓතිහාසික දැනුම් පද්ධතිය නැමැති හැන්ද යොදා ගැනීමේ බාධාව කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. අපගේ ඓතිහාසික පද්ධතිය කුළ දැනුම කුසලතාවයට වඩා ප්‍රමුඛතාවය ලබාදුන් හික්මවීම නමැති මහා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ ගැටලුව කුමක්ද? පාසල් විනය පටිපාටි තවදුරටත් සංවර්ධනය කර ගුරුවරුන් අතලොස්සකගේ වැරදි නිවැරදි කිරීම සහ ඔවුන්ට මග පෙන්වීම මෙන්ම දරුවන්ට අදාළව සමස්ත ගරු දෙගුරු පරපුරේ වගකීම සහ වගවීම තවදුරටත් සහතික කිරීමේ බාධාව කුමක්ද? විවිධ උපදේශකයින් විසින් යොදා ගන්නා මානසික යුද උපක්‍රම මගින් ආණ්ඩුවක් අමාරුවේ දැමීම සහ ගුරු දෙගුරුන්ට මානසික බාධක පැනවීම සඳහා නීතිය යොදා ගැනීමේ උත්සාහය සහ ඊට අදාල ක්‍රියාවලිය තේරුම් ගැනීම ඒ තරමටම දුෂ්කර ද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

මහ ලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.