News Category
From Date
To Date
Maximum Number of Result

හිංසනය වැළැක්වීමේ නාමයෙන්; දරුවන් මරුවන් කිරීමට නීති පැනවීම..

Oct 4, 2025 at 10:10 AM
|

පසුගිය සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එම විවාදයේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් එම සංශෝධන මගින් අනාගතයේදී අධ්‍යාපන පද්ධතියට සහ දරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව සාධනීය අදහස් ඉදිරිපත් කිරීම අගය කළ යුතු වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සැබෑ හෙවත් යටි අරමුණ පිළිබඳව ආණ්ඩුවේ යම් පාර්ශ්වවලට ඉඟියක් හෝ ලැබීම නිසා එසේ විවාදය සහ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත.

ආණ්ඩුවේ යම් පාර්ශව අදාළ සංශෝධනය පිළිබඳව පමාවී ප්‍රතිචාර දැක්විමට හේතුව එම පනත් කෙටුම්පත වගකිවයුතු පාර්ශ්ව විසින් ගැඹුරින් අධ්‍යනය නොකිරීම විය හැක. අදාළ පනත් කෙටුම්පත 2025.07.08 දින ගැසට් පත්‍රයේ පළවුවද එහි බරපතළකමට සාපේක්ෂව මහජන සංවාදයක් ගොඩනැගීමට අසමත් වීම පිළිබඳව මෙම ලියුම්කරුද ඇතුළව සමාජයේ දැනුම්වත් පාර්ශව වලට අයත් සියළු දෙනා කණගාටු විය යුතුය. එවැනි තත්වයක් තුළ පනත් කෙටුම්පත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමේදී අදාළ සංශෝධනවල බරපතළකම පිළිබඳව පැහැදිලි තක්සේරුවක් නොතිබෙන්නට ඇති බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව ඒ මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුවට එල්ල විය හැකි සමාජ විරෝධය ඉතා බරපතළ විය හැකි වීමය. කෙසේ වෙතත් බොහෝ විට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ ලේබලය “ළමා හිංසනය වැළැක්වීම” යන්න නිසා සහ අමාත්‍යවරයා විසින් ආණ්ඩුව අමාරුවේ නොදමනු ඇතැයි යන විශ්වාසය නිසා ඒ ආකාරයට දැඩි අවධානය යොමු නොවීමට ඉඩක් ඇත.

එසේ වුවත් පනතට අදාළ ආණ්ඩුවේ යම් පාර්ශවය විසින් විවාදයේදී ඉදිරිපත් කළ අදහස් අනුව ඔවුන් එම පනත සම්මත කිරීම සඳහා තම දේශපාලන ජීවිතයම වුවද කැපකිරීමට සූදානම් බවක් පෙන්විය. එසේ නොවේ නම් සිහි බුද්ධිය ඇති සහ රටේ සෑම දරුවෙකුටම ආදරය කරන කිසිදු මවක් හෝ පියකු අනුමත නොකරන බවට සහතික කළ හැකි බරපතළ ප්‍රකාශ සිදු කිරීමට හැකියාවක් නැත. වයස 16 පිරුණු දරුවන් ලිංගිකව හැසිරීමේ වරද කුමක්දැයි අප රටේ ඓතිහාසික සභ්‍යත්වය  පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් ඇති කිසිදු පුද්ගලයෙකු විසින් ප්‍රශ්න නොකෙරෙනු ඇත.

නව නීතියක් සම්මත කිරීමේ සාමාන්‍ය පටිපාටියට අනුව නව නීතියක අවශ්‍යතාවය, අරමුණ සහ සංශෝධන පදනම් වන සංකල්පීය සහ උපාය මාර්ගික රාමුව පිළිබඳව මෙන්ම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වගකීම භාරදෙන නිලධාරීන් සහ බාහිර විද්වතුන් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ යුතු වේ. නමුත් බොහෝ විට යටි අරමුණු සහිතව යම් නීති කෙටුම්පත් කිරීමේදී අදාළ පටිපාටිය ඒ ආකාරයටම සිදු නොවිය හැක. බොහෝ විට එවැනි තොරතුරු පොදු මහජනතාවට දැන

ගැනීමට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙනි. කෙසේවෙතත් විවාදයට පසුව පනත් කෙටුම්පත පිළිබඳව අදහස්  දැක්වූ විද්වතුන්  පිරිසකගේ  සංවාදයකට  සම්බන්ධ  වීමට  මෙම  ලියුම්කරුට  ද අවස්ථාව

ලැබුණි. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු සඳහන් කළේ මෙවැනි පනත් කෙටුම්පත් කළ පුද්ගලයින් කවුද යන්න දැනගැනීම රටේ මහජනයාට කෙසේ වෙතත් ආණ්ඩුවේ අනාගත සෞඛ්‍යයට ඉතා වැදගත් වන බවය.

මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කරන ගුරුවරයකුට, විදුහල්පතිවරයෙකුට හෝ දැනුම්වත් මවකට හෝ පියකුට ඇතිවිය හැකි භීතිය කෙසේ විය හැකිදැයි පියකු වන මෙම ලියුම්කරුගේ හදවතට බලවත් ලෙස සංවේදී වේ. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට පියවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ගෞරවය කෙලෙසමින් අදහස් දැක් වූ ආණ්ඩුවේ පාර්ශව වක්‍රව තර්ජනය කරන්නේ වයස 16ට වැඩි දරුවන් ලිංගිකව එක්වීම වැළැක්වීම සඳහා මානසික බලපෑම් කරන ගුරුවරුන් සහ දෙමාපියන් “සිරබත් කෑමට” සූදානම් වන ලෙසය. එහිදී වයස 16ට වැඩි පාසල් ළමුන්ගේ හැසිරීම මගින් ඊට අඩු වයස් කාණ්ඩවල දරුවන්ට පූර්වාදර්ශය සපයන බව පාසල් සිසුවෙකුට වුවද තේරුම් ගත හැකි තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වයස 16ට වැඩි දරුවන් වැඩිහිටියන් ලෙස සැලකේ. එසේ වුවත් යෝජිත සංශෝධනය මගින් ඊට අදාළ බල අධිකාරිය වයස 18 දක්වා ඉහළ දමා ඇත. ඊට හේතුව වයස 16 සීමාව සැලකිල්ලට ගතහොත් උසස් පෙළ සිසුන් බහුතරයක් එම අදාල නීතිය යටතට ගත නොහැකි බැවින් යන්න ඉතා පැහැදිළිය. ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියන් ලෙස සැළකෙන වයස් සීමාව 18 විය යුතු බවට ප්‍රබළ සංවාදයක් ඇත. ශ්‍රී ලංකාවේ නීති සකස් කරන්නන්ගේ දෙඩඩි පිළිවෙත තුළින් ඔවුන්ගේ යටි අරමුණු වටහා ගැනීමට පහසු වේ.

ඒ අනුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනතේ ප්‍රකාශිත යුක්තිගරුක අරමුණ ළමා හිංසනය වැළැක්වීම ය. ඒ මගින් පනතේ විවිධ ප්‍රතිපාදන මගින් ඉටුකර ගැනීමට අපේක්ෂිත යටි අරුමුණ යතපත් කිරීම සිදවේ පනත් කෙටුම්පතේ දක්වා ඇති නිදර්ශනවලට අනුව විභාගය සඳහා අධ්‍යයන කටයුතු නිසි අයුරින් සිදුකරන ලෙසට බලපෑම් කිරීම සඳහා ගුරුවරයකු විසින් සිසුන්ට ශාරිරිකව තුවාල සිදුවන දඬුවමක් කළහොත් එය පනත යටතේ බරපතළ වරදකි. නමුත් එවැනි ශාරිරිකව තුවාල සිදුකෙරන වරදවල්වලට එරෙහිව පියවර ගැනීම සඳහා දැනටමත් දණ්ඩනීති සංග්‍රහය මගින් සහ ළමා ආරක්ෂක අධිකාරී පනත මගින් අවශ්‍ය ප්‍රතිපාදන පනවා ඇත. දරුවන්ට අමානුෂික පහරදීමේ වරදට සිරබත් කෑමට සිදූවුූ ගුරුවරුන් පිළිබඳව මීට වසර 20 කට පෙර පුවත්පත් වාර්තා පවා සාක්ෂි දරයි. දරුවන් විවිධ අයුරින් ලිංගිකව අපයෝජනය කිරීම වැළැක්වීම සඳහා ද දණ්ඩනීති සංග්‍රහයේ 165 සහ 165 (අ) මගින් ප්‍රතිපාදන පනවා ඇත. පසුකාලීනව 1995 දී අදාල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හරහා දඩුවම් බලවත් කිරීම මගින් එම ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කරනු ලැබීය.

කෙටුම්පතේ දක්වා ඇති එවැනි දෙවැනි නිදර්ශනයට අනුව ළමා නිවාසයක පාලකයා, එක් ළමයෙක් විසින් තවත් ළමයෙකුට හිරිහැර කිරීමේ වරදට දඬුවම් ලෙස, ආහාර ලබාදීම පමා කළහොත් එය ශාරීරික දඩුවමක් ලෙස සැලකේ. තුන්වන නිදර්ශනයට අනුව විදුහල්පතිවරයෙකු විසින් සොරකම් කිරීමේ වරදකට සැකය මත සිසුවකට ප්‍රසිද්ධියේ අවවාද කිරීම යනු සිසුවාට අවමන් කිරීමක් වන අතර එය ද ශාරීරිකව දඬුවම් කිරීමේ වරදක් ලෙස සැලකේ. හතරවන නිදර්ශනයට අනුව වයස 16ක් වයැසැති, රටේ නීතිය අනුව වැඩිහිටියෙකු ලෙස සැලකෙන, ශිෂ්‍ය නායකයෙකු පාසල් නිල ඇඳුම නිසි ලෙස ඇඳගන්නා ලෙසට සිසුවකුගේ ශරීරයට පහරක් දුනහොත් ශාරීරික තුවාලයක් සිදු නොවුන ද එය ශාරීරිකව දඩුවම් ලබාදීමේ වරදක් බවට පත්වේ. ඒ අනුව ගුරුවරයකු සිසුවෙකුගේ කනින් ඇදීම, දණ ගස්වා තැබීම, සිටගන්වා තැබීම ආදී සියල්ල ශාරීරික දඩුවම් බවට පත්වේ.

ඒ අනුව, ඊනියා ශාරීරික වරදකට පවා විදුහල්පතිවරයකුට, ගුරුවරයකුට, සිසුවෙකුට හෝ ළමා නිවාස පාලකයෙකුට වසර 2ක් දක්වා සිර දඬුවමක් සහ ලක්ෂයක දඩයක් නියම විය හැක. යම් වැරදිකාර සිසුවෙකු වයස අවුරුදු 18ට අඩුනම් සිර දඬුවම මාස 6ක් දක්වා වන සහනශිලී දඩුවමක් බවට පත්වේ. ඊට අමතරව පනත් කෙටුම්පතේ 4වැනි වගන්තිය මගින් දණ්ඩ නීති සංග්‍රහයට නව වගන්තියක් ඇතුල් කර ඇත. ඊට අනුව වයස 18 ට අඩු දරුවෙකුගේ එනම් රටේ නීතියට අනුව වැඩිහිටියෙකු හෙවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කරන 16ට වැඩි දරුවෙකුගේ භාරකාරීත්වය හෝ ආරක්ෂාව දරන්නෙකු (ඊට මව සහ පියා ද අයිත් වේ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් හෝ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතුවිය හැකි ආකාරයට ශාරීරික බලය භාවිතා කිරීම මගින් ශාරීරිකව දඩුවම් කිරීමේ වරදක් සිදු කරන අතර වසර 2ක් දක්වා සිරදඬුවමකට යටත්වේ. ඊට අමතරව එම වගන්තියේ (ආ) උපවන්තිය අනුව කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතුවිය හැකි ශාරීරික නොවන යම් ක්‍රියාවන් ද පනත යටතේ ශාරීරික දඩුවම් යටතට ගැනෙන අතර ඉහත දඬුවම නියම විය හැක.

මේ සියල්ල ගැඹුරින් හෙවත් වචන අර්ථයෙන් ඔබ්බට ගොස් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ පනත මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණු ඉතා බරපතල බවය. එනම් සමාජ ආචාර ධර්ම පද්ධතියකට යටත් නොවන මෙන්ම සමාජ සබඳතා, සමාජ සංස්ථා සහ සමාජ වටිනාකම් වලට ගරු

 නොකරන හිතුවක්කාරී නොහික්මුණු දරු පරපුරක් සහ එමගින් එවැනිම යෞවන පරපුරක් සහ වැඩිහිටි පරපුරක් බිහි කිරීමය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත හුදකලාව ඉදිරිපත් කෙරෙන්නක් නොවන බවට ද වටහා ගැනීම අපහසු නැත. එනම් ළමා හිංසනය හෙවත් නංගි පෙන්වා අක්කා දීමේ උත්සාහය, ඊට පෙර අදාළ මහා අරමුණට සාපේක්ෂව ආරම්භ කරන ලද දීර්ඝ ක්‍රියාවලියක කොටසක් බව පැහැදිලි වේ. මෙම ක්‍රියාවලිය ඇමරිකානු ඔත්තු සේවාවල රහස්‍යභාවයෙන් නිදහස් වූ ලේඛනවල බහුලව සඳහන් වන සමාජයක් බිඳවැට්ටවීමේ ක්‍රියාවලියේ මූලික පදනම බව ඉතා පැහැදිලිය. ඔවුන් පිළිගන්නා මාක්ස්වාදී සංකල්පයකට අනුව දරුවා යනු වැඩිහිටියාගේ පියාය. ඒ අනුව දරුවන්ගේ සමාජය හෙවත් දරු පරපුර බිඳවැටවීම මගින් අධ්‍යාපන පද්ධතිය සහ අනාගත වැඩිහිටි සමාජය බිඳවැට්ටවීම නියත වශයෙන්ම අපේක්ෂා කළ හැක.

එම ලේඛනවල බහුලව සඳහන් වන ආකාරයට අදාළ ක්‍රියාවලියේ අරමුණු 4ක් ඇත. පළමුවැන්න සමාජය දෘෂ්ටිමය වශයෙන් හෙවත් මතවාදී වශයෙන් බිඳවැට්ටවීමය, දෙවැන්න සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීමය, තුන්වැන්න ශ්‍රී ලංකාවට අදාළව ගත්විට සමාජ සංස්ථා එනම් පවුල, භික්ෂු සමාජය සහ අධ්‍යාපන පද්ධතිය බිඳවැට්ටවීමය. ශ්‍රී ලංකාව වැනි ඓතිහාසික සභ්‍යත්වයේ බලපෑමට යටත් වූ සමාජයක් සහ ඓතිහාසික අධ්‍යාපන සම්ප්‍රදායක් පවතින රටක අධ්‍යාපන පද්ධතිය ද සමාජ සංස්ථාවක් ලෙස සැලකේ. ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා සංවර්ධනය ආදිය සඳහා විදේශ ආධාර ලැබීමේ රහස් ඒ මඟින් පැහැදිලි වේ. හතර වැන්න සමාජය ප්‍රචණ්ඩකරණය කිරීමය. එම දැනුම් පද්ධතිය තුළින් මෙම ලිපියට විෂය වන නීති ප්‍රතිසංස්කරණය දෙස බැලීමේදී අදාළ ප්‍රතිසංස්කරණ මගින් නිර්මාණය කරන හික්මීමට හෙවත් ශික්ෂණයට ලක් නොවන ඊනියා නිදහස් දරු පරපුර මගින් අදාල අරමුණු සියල්ල ඉටු කරගත හැකි බව වටහා ගැනීම අපහසු නැත.

ඒ අනුව මෙම ඊනියා නීති ප්‍රතිසංස්කරණය හුදකලා ක්‍රියාවලියක් නොවන බව සහ ඉහත සඳහන් කළ දීර්ඝ පින්තූරයට සාපේක්ෂව සිදු වූ සහ සිදුවෙමින් පවතින මහා ක්‍රියාවලියක දිගුවක් හෙවත් කොටසක් බව සමස්තය දෙස ඉහළ සිට බැලීමේදී පෙනී යයි. එම සෙසු ක්‍රියාවලිය තුළ ප්‍රධාන සංධිස්ථාන 4ක් හඳුනාගත හැක. පළමු වැන්න දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති සංශෝධනය කිරීම මගින් සමාජයේ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ උත්සාහය ලෙස හඳූනාගත හැක. දෙවැන්න “හතේ අපේ පොත” හෙවත් ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේ නාමයේ දරුවන්ට “කුණුහරුප” උගන්වන සහ ඒවා අත්හදා බැලීම දිරිගන්වන ග්‍රන්ථයක් අතිරේඛ පෙළපොතක් ලෙස හඳුන්වාදීමට උත්සාහ කිරීමය. එම උත්සාහයන් දෙකම මේ වන විට තාවකාලිකව හෝ අන්තර්කාලීනව පරාජය වී ඇත. තුන්වැන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් බුදු දහමේ ඉගැන්වීම් අවතක්සේරු කර සියලු ආගම්වල “සුප්” එකක් දරුවන්ට පෙවීම සහ ඉතිහාසය විෂය අනිවාර්යය නොකිරීම ය.

ඊට ගරු අග්‍රාමාත්‍ය හරින අමරසූරිය මැතිණියගේ පුද්ගලික මැදිහත්වීම මත පාසල් විෂය නිර්දේශ තුළට ඊනියා සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ඉගැන්වීම් ඇතුළත් කිරීම ද අයත් වේ. සමලිංගික හැසිරීම් යනු මානව හිමිකමක් නොව ලිංගික චර්යාවක් බව එතුමියට සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටූර්ක්ට කියා දීමට කිසිවකු සමත් වී නැත. කෙසේ වෙතත් ඒ සඳහා උපදෙස් ලබා දෙන පිරිස් වල අවසන් අරමුණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නාමයෙන් එම හැසිරීම් ප්‍රචලිත කිරීම් බව තේරුම් නොගැනීම බලවත් වේදවාචකයක් බව අනාගතයේදී පැහැදිලි වනු ඇත. හතරවැන්න සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක වෙළඳපළ පුළුල් කිරීම සඳහා සමලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා ගමනාන්තයක් සොයන සංචාරකයින් දිරිගැන්වීමට ඉදිරිපත් වීමය. මේ සියල්ල මගින් සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීමට අමතරව බරපතළ මහජන සෞඛ්‍ය ඛේදවාචකයට ද මුහුණ දීමට සිදුවිය හැක. එම නිසා ඉහත සඳහන් කළ සමස්ත ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන එම දූෂ්ඨ නීතිය අකුලා ගත යුතු බවට මහා සංඝරත්නය ප්‍රමුඛ පොදු මහජනතාව ආණ්ඩුවට බලකළ යුතුය.

ඊට අමතරව මේ සියල්ල සිදුවන්නේ හිස් අවකාශයක නොවන බවද මහජනයා තේරුම් ගත යුතුය. ඉහත ක්‍රියාවලිය මගින් නිර්මාණය කරන නොහික්මුණු දරුවා හසුරුවනු ලබන්නේ සකර්බර්ගේ ඉගැන්වීම් සහ පෙළඹවීම්වලට අනුව බව ඉතා පැහැදිලිය. එනම් ඒ නොහික්මුණු දරුවාට මග පෙන්වනු ලබන්නේ සමාජ ජාලා මගිනි. එම සමාජ ජාලා විසින් භික්ෂු සමාජය සහ පවුල බිඳවැට්ටුවීම මෙන්ම සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සහ සමාජය ප්‍රචණ්ඩකරණය කිරීම සඳහා ඉටුකරනු ලබන භූමිකාව ඉතා භයානක බව දැන් බොහෝ වැඩිහිටියන් තේරුම් ගෙන ඇත. එහෙත් චීනයේ හෝ ඉන්දියාවේ සිදුකෙරෙන ආකාරයට සමාජ ජාලා ආශ්‍රිත විනාශකාරී අන්තර්ගතය සහ ප්‍රවේශය පාලනය කළ යුතු බවට අපේ සමාජයේ ප්‍රබල මතයක් ගොඩනැගී නැත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ අපචාර ප්‍රචලිත කිරීම සඳහා සිදුකරන ක්‍රියාවලට නිසි අවධානය යොමුවී නැත.

අවසාන වශයෙන්, ළමා හිංසනය වැළැක්වීම සහ ළමුන්ගේ මානසික සංවර්ධනය සඳහා හෙවත් කිරි කෑම සඳහා දැලි පිහියක් වෙනුවට අප රටේ සභ්‍යත්වය සතු ඓතිහාසික දැනුම් පද්ධතිය නැමැති හැන්ද යොදා ගැනීමේ බාධාව කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. අපගේ ඓතිහාසික පද්ධතිය කුළ දැනුම කුසලතාවයට වඩා ප්‍රමුඛතාවය ලබාදුන් හික්මවීම නමැති මහා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ ගැටලුව කුමක්ද? පාසල් විනය පටිපාටි තවදුරටත් සංවර්ධනය කර ගුරුවරුන් අතලොස්සකගේ වැරදි නිවැරදි කිරීම සහ ඔවුන්ට මග පෙන්වීම මෙන්ම දරුවන්ට අදාළව සමස්ත ගරු දෙගුරු පරපුරේ වගකීම සහ වගවීම තවදුරටත් සහතික කිරීමේ බාධාව කුමක්ද? විවිධ උපදේශකයින් විසින් යොදා ගන්නා මානසික යුද උපක්‍රම මගින් ආණ්ඩුවක් අමාරුවේ දැමීම සහ ගුරු දෙගුරුන්ට මානසික බාධක පැනවීම සඳහා නීතිය යොදා ගැනීමේ උත්සාහය සහ ඊට අදාල ක්‍රියාවලිය තේරුම් ගැනීම ඒ තරමටම දුෂ්කර ද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

මහ ලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.