News Category
From Date
To Date
Maximum Number of Result

පලස්තීනයට ආහාර විදුලිය ඉන්ධන සැපයුම් පවතින්නේ ඊශ්‍රායළය මතය. නිදහස දිනා ගැනීමට තබන පළමු පියවර තුළම ඊශ්‍රායලය ආහාර සැපයුම විදුලිය ඉන්ධන ජළය නතර කර පලස්තීනය දණ ගස්සවන්නේය.

පසුගියදා ඉන්දියාවේ උත්සවයක් අවස්ථාවේදී දලයි ලාමා දරුවෙකුගේ තොල් සිපගෙන මගේ දිව උරන්න යැයි දරුවෙකුට පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ථෙරවාදී බුදුදහමට අබමල් රේණුවක වැඩක් නැති චරිතයක් වන දලයි ලාමා නම් මගේ හිතේ නැත. බුදුදහමට මෙහායින් කියවූ ඕෂෝත් මගේ පපුව ඇතුලේ නැත චේ ගැන මෙතන නොලියා ඉම්මු.

ඉන්දියානු පාසලක බෞද්ධ ආගමානුකූලව පංසිල් සමාදන් වන අයුරු දැක්වෙන වීඩියෝවක් පහළින් දැක්වේ.

ඕනෑම යුද්ධයක දී සොල්දාදුවන් ආයුද අතට ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් දරුවන් අතට ආයුධ ලබාදී සිදුකරන යුද්ධයක් කිසිසේත් අනුමත කළ හැකි නොවේ.

ගණිකා වෘත්තිය නීතිගත කිරීම හා කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ පර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර අතර ඇති වූ ගුටි කෙලිය සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක්ව තිබේ.

ඉකුත් දා අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතා බෞද්ධ දර්ශනයේ විශ්මය සහගත බව වරක් සම්මුඛ සාකච්ඡාවක දී පැහැදිලි කළ අයුරු දැක්වෙන වීඩියෝවක් පහළින් දැක්වේ.

වෛද්‍ය සම­න්තගේ පෞද්ග­ලික වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය රාජ­කාරී වෙලා­වෙන් පසුව ඕනෑම විටක අස­රණ රෝගීන් වෙනු­වෙන් විවෘතව ඇති බව ඔහු පව­සයි.

දැන් ඔය අපේ මුස්ලිම් සහෝදරවරුන්ටත් ඔය වගේම ඉරණමක් අත්වුනා. සමහරවිට එයාලට ඒක අමතක ඇති.. 1990 ඔක්තෝබර් වලදී එල්ටීටීඊ ත්‍රස්තයො උතුරේ හිටපු මුස්ලිම් ජනතාවට නියෝග කලා පැය විසිහතරක් ඇතුලත ගම්බිම් ගෙවල් දොරවල් අත්ඇරලා උතුරෙන් පිටවෙන්න කියලා.. ගෙනියන්න අවසර දුන්නේ මුදලින් රුපියල් එකසිය පනහක් විතරයි..

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබේ.


ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.