News Category
From Date
To Date
Maximum Number of Result

22 කණ්ඩායමේ ධර්ම ගවේශනය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කෙටි කථාවකි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගලගමුවේ කුසලධම්ම හිමියන් අන්තර්ජාල නාලිකාවක වීඩියෝවක් නිකුත් කරමන් සඳහන් කරන්නේ ලංකාවේ සංස්කෘතිය සහ බුදු දහමට ගරු නොකරන මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් බොහෝමයක් මෙම සිදුවීමත් සමග එළියට පැමිණි බවය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර යුද හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ බව කවුරුත් දනිති. එනමුත් ඔහුගේ බිරිඳ හා දරුවන්ට තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබීමට පසුබිම් වු කතාව අප්‍රකටය. විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන්වැනිදාට තිස් හය වසරක් සපිරෙන මේ මොහොතේ අපට විජේවීරගේ බිරිඳ හා දරුවන් බලාගත් හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් හමුවිය. මේ ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියු ලිපියකි.

විදේශ රටවල් සමඟ අත්සන් තබන ගිවිසුම් සියල්ල හෙළිදරව් කල නොහැකි බව නිවාස සහ ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

88 - 89 මලේච්ඡ යුගයේ දී පැහැර ගැනීමකට ලක්ව වදකාගාරයක සිරගත කර අනේක විධ වද වේදනා විඳි විප්ලව වාදියෙකුගේ හෘද සාක්ෂිය දිගහැරෙන වීඩියෝවක් පහළින් දැක්වේ.

හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා මුල් වරට භෞතිකව හමු වූයේ ගුණදාස අමරසේකර මහතාගේ සභ්‍යත්ව රාජ්‍යය කරා පොත එළි දැක්වූ මොහොතේ දී ය. ඔහුගේ අභාවය දැනගන්නට ලැබුණේ අද ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනයට සම්බන්ධ වූ අවස්ථාවේ ය.

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය - ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.

කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය ආදී නන්විධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයා සේම වික්‍රමසිංහ මහතාගේ සමකාලීනයකු ද වෙයි. එකල වික්‍රමසිංහ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ වූ පේරාදෙණිය සාහිත්‍යයේ නියමුවකු වූ අමරසේකර පසුව සිය කෘතීත් පේරාදෙණිය සාහිත්‍යයත්, ප්‍රතික්‌ෂේප කරමින් වික්‍රමසිංහ මඟ ගත්තේය. එකල පේරාදෙණි සාහිත්‍යකරුවන්ගේද නොමද ප්‍රශංසාවට ලක්‌ වූ 'විරාගය' නවකතාව මෙතෙක්‌ සිංහලෙන් පළ වූ විශිෂ්ටම නවකතාව බව විචාරක මතයයි. 1956දී පළ වූ මෙම නවකතාවට පසුගියදා 60 වසරක්‌ සම්පූර්ණ විය. මේ ඒ නිමිත්තෙන් අමරසේකර මහතා සමඟ 'වටමඬල' කළ සංවාදයේ සංක්‌ෂිප්ත සටහනයි.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.