News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.

ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ ගියේ ය. සිංහලේ හෙවත් "ඇකිරියන් කුඹුරේ" ඔහු ජීවත් වූ බව සඳහන් වේ. ජිනදාස නිර්මාණය කෙරුණ චරිතයක් වුව ද, අද ද ඇකිරියන් කුඹුරේ ජිනදාස මෙන් දුක්විඳින සැබෑ මිනිස්සු රැසකි.

LGBTQ ගැන නූතන වෛද්‍ය මතය මොකක් උනත්, බෞද්ධයෙක් විදියට බෞද්ධ මූලාශ්‍ර අනුව බැලුවොත්, සසරේ කරපු කර්ම විපාක අනුව සමහරුන්ට කැමති උනත්, අකමැති උනත්, ලිංගික වෙනසකට මූණ දෙන්න සිද්ධ වෙනවා..

කවදත් මගේ ජීවිතයේ දවස ආරම්භ වූයේ මාධ්‍යයත් සමගය. නමුත් මා ඇමරිකාවට පැමිණියායින් පසුව එය වෙනස් විය. ඒත් මෑතක සිට මගේ දවස ආරම්භ වන්නේ සේපාල් අමරසිංහ චැනල්, මාතලන් ,බයි තක්සලාව, වරුණ රාජපක්ෂ, කැළුම් ජයසුමන,චාමර විජේසූරිය, පචහන්ටර්ස් ,ඩාක් රූම්,මී මැස්සෝ, සිසි සහ එස් එල් ලීඩර්ස් අභීත එදිරිසිංහ වැනි චැනල් සමගය.

බුදුදහම නාමයෙන් විවිධ කල්ලි ගොඩනැගී ඇති බවත්, නූතනයේ විවිධ වැරදි අර්ථකථනයන් සමාජගත වී ඇති බවත් මේ හේතුවෙන් විශාල අර්බුදයකට ලක්වී අවසාන ප්‍රතිඵලය ලෙස මෙරටත් මාලදිවයිනක්, පාකිස්ථානයක් නැතහොත් ඉන්දුනීසියාවක් බවට පත්වීමට හැකි බවට සැකයක් මතුවී ඇති බවත් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

ඒ දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සෝවියට් දේශය ලෝකයේ ප්‍රබලම මට්ටමක සිටි හැටේ දශකයේ මුල යුගයයි....

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ බදු විශාල වශයෙන් ඉහළ දැමීම සහ උපයෝගිතා සේවාවන් සඳහා වියදම අනුව මිල ගණන් යාවත්කාලීන කිරීම කළද, රජයේ ණය බර සහ ණය පරිමාණය අනතුරුදායක වේගයකින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර, මේ නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සිංහලයින් මෙයට එරෙහිව සටන් කළ යුතුය.. නමුත්, සටන් කිරීම තියා හිතන්න වත් බැහැ. හේතුව බහුතර ෆේස්බුක් සිංහලයන්ට සටන් කිරීම කියල තේරෙන්නේ කඩු පොලු අරන් කරන සටනක් විතරක් වීම.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.