News Category
From Date
To Date
Maximum Number of Result

හරිනි "හරි"!

Feb 16, 2026 at 09:21 AM
|

මේ අගමැතිතුමිය ඊයේ මන්නාරමේදි කියපු කතාව.මෙතුමිය  යුද්ධය කියල මෙතනදි විශේෂයෙන් අවධාරණය කරන්නේ  අවසන් යුද්ධය..ගොඩක් දෙනෙක් ඇය විවේචනයට ලක් කරලා තියෙනව දැක්කා.

නමුත් එතුමිය කියන මේ කතාව බොරු ද?.

පොඩ්ඩක් විමසලා බලමු.

එදා ත්‍රස්තවාදයට එරෙහි සටන අවසන් කරන්න ඕන කියපු පාර්ශව මොනවද?, එතන හරිනි ලා හිටියද කියලනේ අපි බලන්න ඕන..

එදා 2005 වෙද්දි ජනාධිපතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ සහය ලබා දෙනවා. ඔවුන් ගේ මූලික සතුරා ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය. එයට මූලිකම හේතුව ඔවුන්ගේ  'රට බෙදන,රට විකුණන' ප්‍රතිපත්තිය කියලයි ජවිපෙ නායකයින් කිව්වේ.

කොහොම හරි ජනාධිපතිවරණයෙන් දිනපු මහින්ද රාජපක්ෂ ට යුද්ධය ඉක්මන් කරන ලෙස බල්පෑම් කරපු ප්‍රධාන කණ්ඩායමත් ජනතා විමුක්ති පෙරමුණ. සහ එහි අනුබද්ධ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය.

මාවිල් ආරුවෙන් ඇරඹි අවසන් සටන කෙමෙන් ඉදිරියට යද්දි තමයි ඔවුන්ගේ වෙස් පෙරළිය එළියට එන්න පටන් ගත්තේ. 2008 විතර වෙද්දි අර පරාජය කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒකාබද්ධව ආණ්ඩුව අයවැයේදී පරාජය කරන්න ඔවුන් එක පෙරමුණකට එනවා. යුද්ධයේ අවසන් මොහොතේ ත්‍රිවිධ හමුදාවේ අවධානය වෙනතකට යොමු කරන්න දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවලා වෙනත් අයුරකින් උත්සාහ කරනවා. 

ඒ ජනතා විමුක්ති පෙරමුණ කලින් සිටි මගෙන් පීලි පැන්නවූ තැන..

ඒ පීලි පැනීම නොඉවසූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි සංවිධාන වටා ක්‍රියාත්මක වූ ජවිපෙ ජාතිකවාදී  කොටස 2008 විතර වෙද්දි ජවිපෙන් වෙන් වෙලා යනවා..එතැන් පටන් ජවිපෙ යුද්ධය අසාර්ථක වෙන්න්නේ කොයි මොහොතෙද කියල ඇඟිලි ගැන ගැන හිටියේ. මේ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංස අමරසිංහ පසුව පාපොච්චාරණය කළා..

2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කර මහින්ද දිනවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරද්දි පක්ෂය තුළ මධ්‍යම කාරක සභාවේ එයට විරුද්ධව අදහස් දක්වපු කුමාරලා දෙන්නෙක් හිටියා.මේ පිළිබඳ විමල් වීරවංශ ලියපු "නැත්ත වෙනුවට ඇත්ත' ග්‍රන්ථයේත් මෑතකදී අභාවප්‍රාප්ත වුනු ජවිපෙ එවකට ප්‍රබලයෙක් වුන නන්දන ගුණතිලක මහතා ලියූ දීර්ඝ ලිපි මාලාවෙත් සඳහන් වෙනවා.

පසුව සෝමවංස අමරසිංහ මහතා ඒ කරුණු නිවැරදි බව තහවුරු කළා..

ඒ කුමරලාගෙන් කෙනෙක් අද රටේ සහ ජවිපෙ ප්‍රධානියා.

මේ ඒ පිළිබඳ පසුව ඔහුම කරපු තහවුරු කිරීම

උපුටා ගැනීම:

 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය.

2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 

 -අනුර කුමාර දිසානායක 

- Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07

එහෙම බැලුවම හරිනි මෙනවිය කියන කතාව අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සැලකුවම නිවැරදියි.

දැන් බලපු හරිනි මෙනවිය ගැන..

ජවිපෙ එකල ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න ඕන කියන ස්ථාවරයේ ඉන්නකොට ඔවුන්ගේ රළු විවේචනයට ලක් වුනු ප්‍රධාන පාර්ශවයක් හිටියා. ඒ තමයි ත්‍රස්තවාදී යුද්ධය යුද්ධයෙන්ම ඉවර කරන්න බෑ කියල මතවාදය හදපු ඒය පෝෂණය කරපු රාජ්‍ය නොවන සංවිධාන. ජවිපෙ ඔවුන්ව හැඳින්වූවේ රටට හතුරු ද්‍රෝහී NGO කල්ලි කියලා.

ඒ සංවිධාන වල ප්‍රධාන සතුරා වුනෙත් ජනතා විමුක්ති පෙරමුණ.එයට අනුව වැඩ කළ (අද මාලිමා ආණ්ඩුවේ හොරණෑ වෙලා තියෙන ) සමහර මාධ්‍ය වලත් ප්‍රධාන හතුරා වෙලා තිබුණේ ජවිපෙ.

මාලිමාවේ සැරසිල්ල විදියට හරිනිව එහි පක්ෂ නායකයින් විසින් තෝරගන්න කොටත් හරිනි අමරසූරිය හිටියේ ඒ රාජ්‍ය නොවන සංවිධාන කියල ජවිපෙම විවේචනය කරපු මතවාදයේ.

කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන වල ඉහළ කැමැත්ත එදත් අදත් හරිනි ට ලැබෙන්නේ ඒ ලැබැඳියාව නිසා.

ඒ සංවිධාන තමයි 'යුද්ධය එපා!' කියල යුද්ධය නැති දකුණේ පෙළපාලි ගියේ...

යුද්ධය අවසන් වීමේන් දේශපාලනිකව අවතැන් වුනේ ඔවුන්. හරිනි හරියටම කියනව වගේ යුද්ධයෙන් කිසිම දේශපාලන වාසියක් ඉන් පස්සේ ඔවුන්ට ගන්න බැරි වුනා. මොකද එය අවසන් වුනා. ඒ ජයහ්‍රහණය එක්ක හිටපු දේශපාලන ව්‍යාපාරවලට ඉහළ ජනතා පිළිගැනීමක් ලැබුනා.ඒක තමයි හරිනි කියන හරිනිලාට නොලැබුනු,අනිත් අයට ලැබුනු "වාසිය".

එහෙම බැලුවම යුද්ධය කරන්න එදා "හරිනිලාගෙන්" ඇහුවේ නෑ කියන එකත් හරි.ඔවුන්ට එයින් "වාසියක්" ලැබුනේ නෑ කියන එකත් හරි.!

හරිනි "හරි"!

(Kelum Niranjana ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.