News Category
From Date
To Date
Maximum Number of Result

හරිනි "හරි"!

Feb 16, 2026 at 09:21 AM
|

මේ අගමැතිතුමිය ඊයේ මන්නාරමේදි කියපු කතාව.මෙතුමිය  යුද්ධය කියල මෙතනදි විශේෂයෙන් අවධාරණය කරන්නේ  අවසන් යුද්ධය..ගොඩක් දෙනෙක් ඇය විවේචනයට ලක් කරලා තියෙනව දැක්කා.

නමුත් එතුමිය කියන මේ කතාව බොරු ද?.

පොඩ්ඩක් විමසලා බලමු.

එදා ත්‍රස්තවාදයට එරෙහි සටන අවසන් කරන්න ඕන කියපු පාර්ශව මොනවද?, එතන හරිනි ලා හිටියද කියලනේ අපි බලන්න ඕන..

එදා 2005 වෙද්දි ජනාධිපතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ සහය ලබා දෙනවා. ඔවුන් ගේ මූලික සතුරා ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය. එයට මූලිකම හේතුව ඔවුන්ගේ  'රට බෙදන,රට විකුණන' ප්‍රතිපත්තිය කියලයි ජවිපෙ නායකයින් කිව්වේ.

කොහොම හරි ජනාධිපතිවරණයෙන් දිනපු මහින්ද රාජපක්ෂ ට යුද්ධය ඉක්මන් කරන ලෙස බල්පෑම් කරපු ප්‍රධාන කණ්ඩායමත් ජනතා විමුක්ති පෙරමුණ. සහ එහි අනුබද්ධ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය.

මාවිල් ආරුවෙන් ඇරඹි අවසන් සටන කෙමෙන් ඉදිරියට යද්දි තමයි ඔවුන්ගේ වෙස් පෙරළිය එළියට එන්න පටන් ගත්තේ. 2008 විතර වෙද්දි අර පරාජය කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒකාබද්ධව ආණ්ඩුව අයවැයේදී පරාජය කරන්න ඔවුන් එක පෙරමුණකට එනවා. යුද්ධයේ අවසන් මොහොතේ ත්‍රිවිධ හමුදාවේ අවධානය වෙනතකට යොමු කරන්න දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවලා වෙනත් අයුරකින් උත්සාහ කරනවා. 

ඒ ජනතා විමුක්ති පෙරමුණ කලින් සිටි මගෙන් පීලි පැන්නවූ තැන..

ඒ පීලි පැනීම නොඉවසූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි සංවිධාන වටා ක්‍රියාත්මක වූ ජවිපෙ ජාතිකවාදී  කොටස 2008 විතර වෙද්දි ජවිපෙන් වෙන් වෙලා යනවා..එතැන් පටන් ජවිපෙ යුද්ධය අසාර්ථක වෙන්න්නේ කොයි මොහොතෙද කියල ඇඟිලි ගැන ගැන හිටියේ. මේ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංස අමරසිංහ පසුව පාපොච්චාරණය කළා..

2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කර මහින්ද දිනවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරද්දි පක්ෂය තුළ මධ්‍යම කාරක සභාවේ එයට විරුද්ධව අදහස් දක්වපු කුමාරලා දෙන්නෙක් හිටියා.මේ පිළිබඳ විමල් වීරවංශ ලියපු "නැත්ත වෙනුවට ඇත්ත' ග්‍රන්ථයේත් මෑතකදී අභාවප්‍රාප්ත වුනු ජවිපෙ එවකට ප්‍රබලයෙක් වුන නන්දන ගුණතිලක මහතා ලියූ දීර්ඝ ලිපි මාලාවෙත් සඳහන් වෙනවා.

පසුව සෝමවංස අමරසිංහ මහතා ඒ කරුණු නිවැරදි බව තහවුරු කළා..

ඒ කුමරලාගෙන් කෙනෙක් අද රටේ සහ ජවිපෙ ප්‍රධානියා.

මේ ඒ පිළිබඳ පසුව ඔහුම කරපු තහවුරු කිරීම

උපුටා ගැනීම:

 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය.

2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 

 -අනුර කුමාර දිසානායක 

- Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07

එහෙම බැලුවම හරිනි මෙනවිය කියන කතාව අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සැලකුවම නිවැරදියි.

දැන් බලපු හරිනි මෙනවිය ගැන..

ජවිපෙ එකල ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න ඕන කියන ස්ථාවරයේ ඉන්නකොට ඔවුන්ගේ රළු විවේචනයට ලක් වුනු ප්‍රධාන පාර්ශවයක් හිටියා. ඒ තමයි ත්‍රස්තවාදී යුද්ධය යුද්ධයෙන්ම ඉවර කරන්න බෑ කියල මතවාදය හදපු ඒය පෝෂණය කරපු රාජ්‍ය නොවන සංවිධාන. ජවිපෙ ඔවුන්ව හැඳින්වූවේ රටට හතුරු ද්‍රෝහී NGO කල්ලි කියලා.

ඒ සංවිධාන වල ප්‍රධාන සතුරා වුනෙත් ජනතා විමුක්ති පෙරමුණ.එයට අනුව වැඩ කළ (අද මාලිමා ආණ්ඩුවේ හොරණෑ වෙලා තියෙන ) සමහර මාධ්‍ය වලත් ප්‍රධාන හතුරා වෙලා තිබුණේ ජවිපෙ.

මාලිමාවේ සැරසිල්ල විදියට හරිනිව එහි පක්ෂ නායකයින් විසින් තෝරගන්න කොටත් හරිනි අමරසූරිය හිටියේ ඒ රාජ්‍ය නොවන සංවිධාන කියල ජවිපෙම විවේචනය කරපු මතවාදයේ.

කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන වල ඉහළ කැමැත්ත එදත් අදත් හරිනි ට ලැබෙන්නේ ඒ ලැබැඳියාව නිසා.

ඒ සංවිධාන තමයි 'යුද්ධය එපා!' කියල යුද්ධය නැති දකුණේ පෙළපාලි ගියේ...

යුද්ධය අවසන් වීමේන් දේශපාලනිකව අවතැන් වුනේ ඔවුන්. හරිනි හරියටම කියනව වගේ යුද්ධයෙන් කිසිම දේශපාලන වාසියක් ඉන් පස්සේ ඔවුන්ට ගන්න බැරි වුනා. මොකද එය අවසන් වුනා. ඒ ජයහ්‍රහණය එක්ක හිටපු දේශපාලන ව්‍යාපාරවලට ඉහළ ජනතා පිළිගැනීමක් ලැබුනා.ඒක තමයි හරිනි කියන හරිනිලාට නොලැබුනු,අනිත් අයට ලැබුනු "වාසිය".

එහෙම බැලුවම යුද්ධය කරන්න එදා "හරිනිලාගෙන්" ඇහුවේ නෑ කියන එකත් හරි.ඔවුන්ට එයින් "වාසියක්" ලැබුනේ නෑ කියන එකත් හරි.!

හරිනි "හරි"!

(Kelum Niranjana ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.