සඟ සමුළුව..
පෙබරවාරි 20 දා පවත්වන්නට සුදානම් කර ඇති සඟ සමුළුව සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමි උන්වහන්සේගේ සමාජමාධ්‍ය ගිනුමේ තබා ඇති සටහනක් පහළින්..
"පෙබරවාරි 20 දා පවත්වන්නට සුදානම් කර ඇති සඟ සමුළුවෙන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට විදුලි සැර වැදී ඇති අයුරු සිවුරට එරෙහිව ඔවුන්ගේ මුර බල්ලන් මුදාහැර ඇති ආකාරයෙන් පෙනේ. එහෙත් මෙවැනි සඟ සමුළුවක් යුගයේ අවශ්‍යතාවකි. සිංහල බෞද්ධ උරුමයන්, එහි වටිනාකම්, හර පද්දතීන් පිළිබඳ කිසිදු වගතුගක් නැති වනචාරී පිරිසකට බලය ලැබීමේ විපාකය දැන් බොහෝ භික්ෂුන්ට වැටහෙමින් තිබීම සාධනීය ලකුණකි. සිංහල බෞද්ධ වචන දෙක සහ ජාතිකත්වය ගැන කතා කරන භික්ෂුන්ට ඉතාම සංවිධානාත්මකව කැත පන්නයේ මඩ අවලාද නගමින් පහරදෙන අකාරය තේරුම් යමින් තිබීම ද මෙවැනි සමුළුවක් ඉක්මන් කිරීමට හේතු විය. ජාතික ආරක්ෂාව හෝ බෞද්ධ උරුමය වෙනුවෙන් හඬක් නැගූ සැණින් ඔවුන්ට "රාජපක්ෂ ගැත්තන්" යැයි ලේබල් ගසා නිහඩ කරවීමේ මානසික මෙහෙයුමට නොබියව අභියෝග කළ යුතුය. ධර්මපාලතුමා අනාවැකි පළ කළ පරිදිම අද මේ රටේ පාලනය 'කළු සුද්දන්' පිරිසකට පත්ව තිබේ. ඔවුන්ට රට, ජාතිය, ආගම අබිං ය. ආපේ භාෂාව, සිරිත් විරිත්, සංස්කෘතික වටිනාකම් ගැන කතා කිරීම පස්ස පැත්තේ කහඹිලියා ගෑමට සමානය. එනිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාජ මුහුණුවරින් එන මේ රටේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමේ උපායමාර්ග ගැන භික්ෂුව අන් කවරදාටත් වඩා අවදියෙන් සිටිය යුතු කාලයක් පැමිණ තිබේ. එනිසා මේ සඟ සමුළුවෙන් ආණ්ඩුවට දෙන සංඥාව වැදගත්ය. රාජ්‍ය අනුග්‍රහය ලබන කල්ලතෝනින්ගේ මඩ අවලාද චරිත ඝාතන තුළින් භික්ෂුවගේ උරුමයත්, සිංහල බෞද්ධ බලයත් විනාශ කළ නොහැකි බව මේ මිසදුටු පාලකයන්ට මතක් කරදීම යහපත්ය."
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..