News Category
From Date
To Date
Maximum Number of Result

කොටි දණගස්සමින් නැවු 10කට වැඩි ප්‍රමාණයක් දඩයම් කරපු ලංකාවේ SIS බුද්ධි අංශය දියත් කරපු අංක එකේ බුද්ධි මෙහෙයුම..

Feb 19, 2026 at 05:32 AM
|

යාළුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ හොලිවුඩ් ෆිල්ම් එකකවත් දකින්න නැති තරම් තීරණාත්මක, භයානක වගේම අතිශය රහසිගතව සිද්ධ වුණ සත්‍ය මෙහෙයුමක් ගැන.. මේ කතාව ඇහුවම ඔයාලට හිතේවි මේ සිදුවීම පාදක කරගෙන ෆිල්ම් එකක් හැදුවනම් හොඳයි කියලා...

 මුලින්ම කියන්න ඕන මිත්‍රවරුනි මේක නිකම්ම නිකම් මුහුදු සටනක් නෙවෙයි. මේක බුද්ධි තොරතුරු සහ නොසැලෙන ධෛර්යය එකතු වෙලා කරපු දැවැන්ත ගේම් එකක්..

🚢 යුද්ධය දරුණුවටම යන කාලේ, LTTE සංවිධානයට ඕන කරන බෝම්බ, පතරොම්, මෝටාර්, යාත්‍රා සහ මරාගෙන මැරෙන බෝට්ටු පවා හොර රහසේ ලංකාවට ආවේ මුහුදෙන්.. මුලින් මුලින් මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 20-30ක් දුරින් මේවා මාරු කළත්, අපේ නාවික හමුදාව මුර සංචාර දැඩි කරපු නිසා ඔවුන් උපක්‍රමය වෙනස් කළා..

ඔවුන් ජාත්‍යන්තර මුහුදේ, ඒ කියන්නේ ලංකාවේ වෙරළේ ඉඳලා නාවික සැතපුම් 1000කටත් වඩා ඈතින්, විශාල වෙළඳ නැව් නවතා තැබුවා.. මේවා තමයි ඔවුන්ගේ Floating Arsenals හෙවත් පාවෙන අවි ගබඩා. මේ නැව් වල ඇතුළේ තිබුණේ සීනි මලු හරි පිටි මලු හරි නෙවෙයි... අපේ වීරෝදාර හමුදාවට එරෙහිව පාවිච්චි කරන්න ගෙනාපු මරණයේ ආයුධ..

🕵️ නැව් මුහුදේ තියෙනවා කියලා දැනගත්තට විතරක් මදි.. ඒ නැව් තියෙන තැන Exact Coordinates, ඒවයේ තියෙන බඩු මොනවද, ඒවා ලංකාවට එන වෙලාව හරියටම දැනගන්න ඕන... අන්න එතනදී තමයි අපේ රාජ්‍ය බුද්ධි සේවාව SIS සහ නාවික බුද්ධි අංශය සුවිශේෂී වැඩක් කළේ..

කොටි සංවිධානයේ සැපයුම් ජාලය ඇතුළටම අපේ බුද්ධි අංශ රිංගා සිටියා.. සමහර නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේම විශ්වාසවන්තයෝ වගේ රඟපාමින්, ජීවිතය පරදුවට තියලා තොරතුරු එළියට දුන්නා.. "දැන් නැව පිටත් වුණා, තව දවස් දෙකකින් අහවල් තැනට එනවා" වගේ අතිශය රහසිගත තොරතුරු මූලස්ථානයට ලැබෙන්න ගත්තා..

⚓ තොරතුරු ලැබුණා විතරයි, එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ උපදෙස් මත මාරක මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

ඔයාලා දන්නවාද? මේ නැව් දඩයම් කරන්න අපේ නාවික හමුදාවේ වෙරළාරක්ෂක යාත්‍රා P411 වගේ බෝට්ටු විතරක් මදි. මොකද මේ සටන තිබුණේ ලංකාවට පේන මානයේ නෙවෙයි, මාලදිවයිනත් පහු කරලා, ඉන්දුනීසියාවටත් කිට්ටු ගැඹුරු මුහුදේ..

අපේ නිලධාරීන් මාස ගණන් යන කෑම බීම, තෙල් තොග නැව් වල පටවාගෙන, සති ගණන් මුහුදේ රළ අතරේ සැඟවිලා සතුරා එනකම් බලාගෙන හිටියා... රේඩාර් ක්‍රියා විරහිත කරලා, හරියට නිකම් දඩයමට බලන් ඉන්න සිංහයෙක් වගේ...

මේ නැව් දඩයම ලෙහෙසි වුණේ නැහැ. LTTE නැව් වල හිටපු අයත් දක්ෂයෝ. ඔවුන් ජාත්‍යන්තර මුහුදේ ගමන් කළේ සාමාන්‍ය වෙළඳ නැව් වගේමයි. ඔවුන්ගේ නැව් වල නම සහ වර්ණය පවා වරින් වර වෙනස් කළා.

අපේ බුද්ධි අංශ සොයාගත් තොරතුරු අනුව, LTTE එකට අයත් ප්‍රධාන නැව් පෙළක්ම තිබුණා.

"මොන්යා" (Monia)

"ෂෝෂින්" (Shoshin)

"කෝෂියා" (Koshia)

මේවා ඇතුළේ තිබුණේ නිකම්ම තුවක්කු නෙවෙයි. යුද්ධයේ ගමන් මග වෙනස් කරන්න පුළුවන් Artillery Gun (කැනන් තුවක්කු), අධි වේගී ප්‍රහාරක යාත්‍රා කෑලි වලට ගලවපු ඒවා, සහ යුරෝපයෙන් ගෙනාපු නවීනතම තාක්ෂණික උපකරණ. මේවා ලංකාවට ගොඩබෑවා නම් යුද්ධය තවත් අවුරුදු ගණනාවකට ඇදිලා යන්න තිබුණා.

🔥 2007 වසරේදී තමයි වැඩිම නැව් ප්‍රමාණයක් දියබත් කළේ.. අපේ සයුර, සමුදුර වගේ නෞකා සැතපුම් දහස් ගණනක් ඈතදී LTTE නැව් වට කළා. අපේ හමුදාව මුලින්ම දුන්නේ එක අවස්ථාවයි. "නැව නවත්වන්න, අපිට පරීක්ෂා කරන්න ඕන"

නමුත් කොටි කළේ මොකක්ද? ඔවුන් නැවේ ඉඳලා අපේ නැව් වලට වෙඩි තියන්න ගත්තා. එතනින් එහාට ඉතින් සමාවක් නැහැ. අපේ 76mm තුවක්කු වලින් පිටවුණ උණ්ඩ LTTE නැව් වල තිබුණ මෝටාර් සහ පතරොම් ගබඩා වලටම වැදුණා.

💥💥💥BOOM..💥💥💥

මුළු සාගරයම ඒකාලෝක කරමින් අහසට මතු වුණේ දැවැන්ත ගිනි ජාලාවක්. නැවක් නෙවෙයි, මහා ගිනි කන්දක් මුහුද මැද පුපුරනවා වගේ. තත්පර ගණනක් ඇතුළත මිලියන ගණනක් වටිනා ආයුධ තොගයයි,  

ලෝක නාවික ඉතිහාසයේ කුඩා රටක නාවික හමුදාවක් තම මව්බිමේ සිට නාවික සැතපුම් 1600ක් (කිලෝමීටර් 3000කට ආසන්නයි) ඈතට ගිහින් මෙහෙයුමක් කරපු පළමු අවස්ථාව මෙයයි. ඒ කියන්නේ අපේ නැව් හිටියේ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ

ඉන්දුනීසියාවේ ඇන්ඩමන් දූපත් ආසන්නයේදී තමයි මේ මාරක ගැටුම් ඇති වුණේ. ඒ වෙලාවේ අපේ නිලධාරීන් මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි තෙල්... නැව් වල තෙල් ඉවර වුණොත් ආපහු එන්න විදියක් නැහැ. ඒ නිසා ඔවුන් අතිශය අරපිරිමැස්මෙන් තෙල් පාවිච්චි කරමින් මේ දඩයම අවසානය දක්වාම ගෙනිච්චා.

සමහර LTTE නැව් වල හිටපු පිරිස් තේරුම් ගත්තා තමන් කොටු වෙලා කියලා. ඔවුන් අවසන් මොහොතේ උත්සාහ කළේ තමන්ගේ නැව අපේ නාවික හමුදා නැවක හප්පලා දෙකම විනාශ කරන්න. කෝෂියා නැව විනාශ කරන වෙලාවේ ඒක ඇතුළේ තිබුණ බෝම්බ පිපිරිලා ඇති වුණ කම්පනයට සැතපුම් ගණනක් ඈතින් තිබුණ අපේ නැව් පවා හෙල්ලුනා කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ...

🏆 මෙහෙයුම් මාලාව අවසානයේ නැව් 10කට වඩා විනාශ කරන්න නාවික හමුදාවට පුළුවන් වුණා. මේක කොටි සංවිධානයට වැදුණු මාරාන්තිකම පහරක්. මොකද ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැසුණා. ගොඩබිමේ ඉන්න කොටි සාමාජිකයන්ට පතරොම් නැති වුණා. ජාත්‍යන්තරව ඔවුන් ගොඩනගාගෙන තිබුණ නොපෙනෙන ජාලය කුඩුපට්ටම් වුණා.

අද අපි මේ භුක්ති විඳින නිදහස පිටුපස, එදා ගැඹුරු මුහුදේ රළ අතරේ නිදි නැතිව හිටපු, බුද්ධි තොරතුරු හොයන්න ජීවිතය පරදුවට තියපු ඒ වීරයන්ගේ ශක්තිය ධෛර්යය තියෙනවා..

මේ මෙහෙයුම් වලට නායකත්වය දුන්න වගේම, තොරතුරු සෙව්ව බුද්ධි නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ නැහැ. ඔවුන් නිහඬ වීරයෝ...

දැන් ඉන්න ගොඩක් අයට මේ දේවල් මතවත් නැහැ... මිත්‍රවරුනි මේ වගේ කතා අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕන... ඔව්න් අපේ රට රැකගන්න කරපු කැප කිරීම් අමතක කරන්න හොඳ නැහැ. 🇱🇰❤️

මුහුණු පොතෙන් උපුටා ගැනීමකි 

( හිමිකම් මුල්.ලේඛකයාට )

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.