News Category
From Date
To Date
Maximum Number of Result

කොටි දණගස්සමින් නැවු 10කට වැඩි ප්‍රමාණයක් දඩයම් කරපු ලංකාවේ SIS බුද්ධි අංශය දියත් කරපු අංක එකේ බුද්ධි මෙහෙයුම..

Feb 19, 2026 at 05:32 AM
|

යාළුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ හොලිවුඩ් ෆිල්ම් එකකවත් දකින්න නැති තරම් තීරණාත්මක, භයානක වගේම අතිශය රහසිගතව සිද්ධ වුණ සත්‍ය මෙහෙයුමක් ගැන.. මේ කතාව ඇහුවම ඔයාලට හිතේවි මේ සිදුවීම පාදක කරගෙන ෆිල්ම් එකක් හැදුවනම් හොඳයි කියලා...

 මුලින්ම කියන්න ඕන මිත්‍රවරුනි මේක නිකම්ම නිකම් මුහුදු සටනක් නෙවෙයි. මේක බුද්ධි තොරතුරු සහ නොසැලෙන ධෛර්යය එකතු වෙලා කරපු දැවැන්ත ගේම් එකක්..

🚢 යුද්ධය දරුණුවටම යන කාලේ, LTTE සංවිධානයට ඕන කරන බෝම්බ, පතරොම්, මෝටාර්, යාත්‍රා සහ මරාගෙන මැරෙන බෝට්ටු පවා හොර රහසේ ලංකාවට ආවේ මුහුදෙන්.. මුලින් මුලින් මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 20-30ක් දුරින් මේවා මාරු කළත්, අපේ නාවික හමුදාව මුර සංචාර දැඩි කරපු නිසා ඔවුන් උපක්‍රමය වෙනස් කළා..

ඔවුන් ජාත්‍යන්තර මුහුදේ, ඒ කියන්නේ ලංකාවේ වෙරළේ ඉඳලා නාවික සැතපුම් 1000කටත් වඩා ඈතින්, විශාල වෙළඳ නැව් නවතා තැබුවා.. මේවා තමයි ඔවුන්ගේ Floating Arsenals හෙවත් පාවෙන අවි ගබඩා. මේ නැව් වල ඇතුළේ තිබුණේ සීනි මලු හරි පිටි මලු හරි නෙවෙයි... අපේ වීරෝදාර හමුදාවට එරෙහිව පාවිච්චි කරන්න ගෙනාපු මරණයේ ආයුධ..

🕵️ නැව් මුහුදේ තියෙනවා කියලා දැනගත්තට විතරක් මදි.. ඒ නැව් තියෙන තැන Exact Coordinates, ඒවයේ තියෙන බඩු මොනවද, ඒවා ලංකාවට එන වෙලාව හරියටම දැනගන්න ඕන... අන්න එතනදී තමයි අපේ රාජ්‍ය බුද්ධි සේවාව SIS සහ නාවික බුද්ධි අංශය සුවිශේෂී වැඩක් කළේ..

කොටි සංවිධානයේ සැපයුම් ජාලය ඇතුළටම අපේ බුද්ධි අංශ රිංගා සිටියා.. සමහර නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේම විශ්වාසවන්තයෝ වගේ රඟපාමින්, ජීවිතය පරදුවට තියලා තොරතුරු එළියට දුන්නා.. "දැන් නැව පිටත් වුණා, තව දවස් දෙකකින් අහවල් තැනට එනවා" වගේ අතිශය රහසිගත තොරතුරු මූලස්ථානයට ලැබෙන්න ගත්තා..

⚓ තොරතුරු ලැබුණා විතරයි, එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ උපදෙස් මත මාරක මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

ඔයාලා දන්නවාද? මේ නැව් දඩයම් කරන්න අපේ නාවික හමුදාවේ වෙරළාරක්ෂක යාත්‍රා P411 වගේ බෝට්ටු විතරක් මදි. මොකද මේ සටන තිබුණේ ලංකාවට පේන මානයේ නෙවෙයි, මාලදිවයිනත් පහු කරලා, ඉන්දුනීසියාවටත් කිට්ටු ගැඹුරු මුහුදේ..

අපේ නිලධාරීන් මාස ගණන් යන කෑම බීම, තෙල් තොග නැව් වල පටවාගෙන, සති ගණන් මුහුදේ රළ අතරේ සැඟවිලා සතුරා එනකම් බලාගෙන හිටියා... රේඩාර් ක්‍රියා විරහිත කරලා, හරියට නිකම් දඩයමට බලන් ඉන්න සිංහයෙක් වගේ...

මේ නැව් දඩයම ලෙහෙසි වුණේ නැහැ. LTTE නැව් වල හිටපු අයත් දක්ෂයෝ. ඔවුන් ජාත්‍යන්තර මුහුදේ ගමන් කළේ සාමාන්‍ය වෙළඳ නැව් වගේමයි. ඔවුන්ගේ නැව් වල නම සහ වර්ණය පවා වරින් වර වෙනස් කළා.

අපේ බුද්ධි අංශ සොයාගත් තොරතුරු අනුව, LTTE එකට අයත් ප්‍රධාන නැව් පෙළක්ම තිබුණා.

"මොන්යා" (Monia)

"ෂෝෂින්" (Shoshin)

"කෝෂියා" (Koshia)

මේවා ඇතුළේ තිබුණේ නිකම්ම තුවක්කු නෙවෙයි. යුද්ධයේ ගමන් මග වෙනස් කරන්න පුළුවන් Artillery Gun (කැනන් තුවක්කු), අධි වේගී ප්‍රහාරක යාත්‍රා කෑලි වලට ගලවපු ඒවා, සහ යුරෝපයෙන් ගෙනාපු නවීනතම තාක්ෂණික උපකරණ. මේවා ලංකාවට ගොඩබෑවා නම් යුද්ධය තවත් අවුරුදු ගණනාවකට ඇදිලා යන්න තිබුණා.

🔥 2007 වසරේදී තමයි වැඩිම නැව් ප්‍රමාණයක් දියබත් කළේ.. අපේ සයුර, සමුදුර වගේ නෞකා සැතපුම් දහස් ගණනක් ඈතදී LTTE නැව් වට කළා. අපේ හමුදාව මුලින්ම දුන්නේ එක අවස්ථාවයි. "නැව නවත්වන්න, අපිට පරීක්ෂා කරන්න ඕන"

නමුත් කොටි කළේ මොකක්ද? ඔවුන් නැවේ ඉඳලා අපේ නැව් වලට වෙඩි තියන්න ගත්තා. එතනින් එහාට ඉතින් සමාවක් නැහැ. අපේ 76mm තුවක්කු වලින් පිටවුණ උණ්ඩ LTTE නැව් වල තිබුණ මෝටාර් සහ පතරොම් ගබඩා වලටම වැදුණා.

💥💥💥BOOM..💥💥💥

මුළු සාගරයම ඒකාලෝක කරමින් අහසට මතු වුණේ දැවැන්ත ගිනි ජාලාවක්. නැවක් නෙවෙයි, මහා ගිනි කන්දක් මුහුද මැද පුපුරනවා වගේ. තත්පර ගණනක් ඇතුළත මිලියන ගණනක් වටිනා ආයුධ තොගයයි,  

ලෝක නාවික ඉතිහාසයේ කුඩා රටක නාවික හමුදාවක් තම මව්බිමේ සිට නාවික සැතපුම් 1600ක් (කිලෝමීටර් 3000කට ආසන්නයි) ඈතට ගිහින් මෙහෙයුමක් කරපු පළමු අවස්ථාව මෙයයි. ඒ කියන්නේ අපේ නැව් හිටියේ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ

ඉන්දුනීසියාවේ ඇන්ඩමන් දූපත් ආසන්නයේදී තමයි මේ මාරක ගැටුම් ඇති වුණේ. ඒ වෙලාවේ අපේ නිලධාරීන් මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි තෙල්... නැව් වල තෙල් ඉවර වුණොත් ආපහු එන්න විදියක් නැහැ. ඒ නිසා ඔවුන් අතිශය අරපිරිමැස්මෙන් තෙල් පාවිච්චි කරමින් මේ දඩයම අවසානය දක්වාම ගෙනිච්චා.

සමහර LTTE නැව් වල හිටපු පිරිස් තේරුම් ගත්තා තමන් කොටු වෙලා කියලා. ඔවුන් අවසන් මොහොතේ උත්සාහ කළේ තමන්ගේ නැව අපේ නාවික හමුදා නැවක හප්පලා දෙකම විනාශ කරන්න. කෝෂියා නැව විනාශ කරන වෙලාවේ ඒක ඇතුළේ තිබුණ බෝම්බ පිපිරිලා ඇති වුණ කම්පනයට සැතපුම් ගණනක් ඈතින් තිබුණ අපේ නැව් පවා හෙල්ලුනා කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ...

🏆 මෙහෙයුම් මාලාව අවසානයේ නැව් 10කට වඩා විනාශ කරන්න නාවික හමුදාවට පුළුවන් වුණා. මේක කොටි සංවිධානයට වැදුණු මාරාන්තිකම පහරක්. මොකද ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැසුණා. ගොඩබිමේ ඉන්න කොටි සාමාජිකයන්ට පතරොම් නැති වුණා. ජාත්‍යන්තරව ඔවුන් ගොඩනගාගෙන තිබුණ නොපෙනෙන ජාලය කුඩුපට්ටම් වුණා.

අද අපි මේ භුක්ති විඳින නිදහස පිටුපස, එදා ගැඹුරු මුහුදේ රළ අතරේ නිදි නැතිව හිටපු, බුද්ධි තොරතුරු හොයන්න ජීවිතය පරදුවට තියපු ඒ වීරයන්ගේ ශක්තිය ධෛර්යය තියෙනවා..

මේ මෙහෙයුම් වලට නායකත්වය දුන්න වගේම, තොරතුරු සෙව්ව බුද්ධි නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ නැහැ. ඔවුන් නිහඬ වීරයෝ...

දැන් ඉන්න ගොඩක් අයට මේ දේවල් මතවත් නැහැ... මිත්‍රවරුනි මේ වගේ කතා අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕන... ඔව්න් අපේ රට රැකගන්න කරපු කැප කිරීම් අමතක කරන්න හොඳ නැහැ. 🇱🇰❤️

මුහුණු පොතෙන් උපුටා ගැනීමකි 

( හිමිකම් මුල්.ලේඛකයාට )

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.