රීසෙට් කරගැනීම ලංකාවට මෙතරම් වැදගත් ඇයි?
ඔය කහපාටින් රවුම් කරලා තියෙන වචනය බලන්න. ඒක තමයි ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මං/අපි ප්‍රවර්ධනය කරන වචනය.
අවුරුදු කීපයක ඉඳලා මං පවත්වාගෙන යන වට්ස්ඇප් ගෘප් එකකට දැම්මෙත් රීසෙට් ලංකා කියලා. මෑතදී මහාචාර්ය රොහාන් සමරජීව පටන් ගත්ත චින්තන පර්ෂද වැඩසටහනක නමත් රීසෙට් ලංකා.
ලංකාව රීසෙට් කළ යුතුයි. ඔබේ පරිගණකය වයිරස්වලින්, වෙනත් ගැටලුවලින් දූෂිත වෙලා ගොඩදාගන්නටම අමාරු තත්වයක තිබෙනවා නම් කළ යුතුව තිබෙන්නෙ රීසෙට් කරන එක. ඒ කියන්නෙ එහි මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටුවන එක. ලංකාවත් එහෙම කළ යුතුයි.
කොම්පියුටරේට වයිරස් එන්නෙ ඒක භාවිතා කරපු විදියෙ වැරදි නිසා. හොඳ වයිරස් ගාඩ් එකක් භාවිතා නොකළ එක, ලයිසන් තියෙන සොෆ්ට්වෙයා භාවිතා නොකළ එක වැනි හේතු නිසා පරිගණකය හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ස්ලෝ වෙනවා. මේ ඇනෙක්ඩෝට් එක නැතිනම් උපමා කතාව පරිගණක විශේෂඥභාවය සම්බන්ධ එකක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන ඔබ දන්න දේ මෙතන ලියන්නට අවශ්‍ය නැහැ.
ලංකාවටත් වුණේ ඒක. හිටපු ප්‍රභූ පාලකයන් රාජ්‍යයට වයිරස් ගලා එන්නට ඉඩ දුන්නා. රාජ්‍යයත් සමග ඔවුනුත් දූෂණය වුණා. ජනතාවත් දූෂණය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, අන්ත දූෂිත බලවේගයක් වන ලාංකික ටොක්සික් ප්‍රජාවට නායකත්වය දෙමින් ජවිපෙ නම් වාමාංශික වයිරසය දේශපාලන බලය ඇල්ලුවේ.
ලංකාවෙ ආණ්ඩුවේ වත්මන් අවධිය මෙහෙමයි: ආණ්ඩුව අති විශාල වශයෙන් බදු සූරාකනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් අති විශාල වශයෙන් දේශීය ණයත් ගන්නවා. ඒ සල්ලි භාණ්ඩාගාරයේ ගොඩගැහෙනවා. ඒකට හේතුව තමයි, වාර්ෂික අයවැයෙන් 50%ක්වත් රාජ්‍ය අංශයට වියදම් කරගන්නට බැරි වීම. එහෙම වෙලා තියෙන්නෙ ඇයි? එක පැත්තකින් අකාර්යක්ෂම නායකත්වය. අනෙක් පැත්තෙන් රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව තවත් වැඩි වීම.
ලංකාවෙ ජනතාවට කවදා හෝ ලංකාව සංවර්ධිත රටක් විය යුතුයි කියා බලාපොරොත්තුවක් තියෙනවා නම් හෝ අසල්වැසි ඉන්දියාවට සමාන්තර ගමනක නියැලිය යුතුයි කියලා හිතෙනවා නම් හෝ කළ යුතුව තිබෙන්නේ වහාම ලංකාව රීසෙට් කරගන්න එකයි. ඒ කියන්නෙ දෘෂ්ටිවාදී වයිරස ඉවත් කර පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නැවත තිබුණා වගේ සකස් කරගන්නා එකයි.
වාමාංශික අන්තවාදයේ වෛරය අන්තයටම ගිය බංග්ලාදේශය අවුරුද්දක විකෘති පාලනයකින් පසු මහ මැතිවරණයෙන් තම රට රීසෙට් කරගෙන තිබෙනවා. තිබුණු විදියේ ප්‍රභූ පාලනයක් නැවත බලයට පත්වී තිබෙනවා. යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර විකෘති පාලනය හා සම්බන්ධ වූ බලවේගවලට හිමි වී තිබෙන්නේ අන්ත පරාජයක්.
ජවිපෙ නායකත්වයට, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට අරාජිකවාදයෙන් මිදී රාජ්‍ය පාලනය විධිමත් කරගැනීමේ උවමනාවක් තිබෙන බව පෙනෙනවා. එහෙත්, ඔවුන්ට එය කරගත නොහැකියි. අන්ත කල්ලිවාදය හා ටොක්සික් ප්‍රජාවගේ වෛරී දේශපාලනය එයට ප්‍රධාන හේතුවක්.
ලංකාව රීසෙට් කරගත යුතු බව අප කියන්නේ මේ වෛරී දේශපාලනය පරාජය කළ යුතු නිසායි. ලංකාවේ සියලු පුරවැසියන්ට සම්බන්ධ විය හැකි දේශපාලන ක්‍රමයක් හා කාරයක්ෂම රජයක් නිර්මාණය කරගන්නට අප උත්සාහ කළ යුතුයි. මේ දෙකටම හෙනහුරා ලෙස කාලයක් ක්‍රියාත්මක වූ ජවිපෙ රාජ්‍ය බලයට පත්වීම එක්ක ඔවුන්ගේ ශක්තිය ලැබුණු පැරණි කඩාකප්පල්කාරීත්වයේ යුගය අවසන් කරන්නට පුළුවන්. 2022 මැයි 9 ප්‍රචණ්ඩත්වයෙන් පසු හා විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා මහමග පොලුවලින් ගසා මරාදැමීමෙන් පසු ප්‍රභූ දේශපාලනයේ ද එක් යුගයක් අවසන් වුණා.
රීසෙට් කිරීම ලංකාවට වැදගත් වන්නේ මේ නිසායි.
- අජිත් පැරකුම් ජයසිංහ,
(උපුටා ගැනීම Praja.lk)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්