මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥ සංගමයේ සභාපතිට උත්තර නැති වුනු හැටි..
කොළඹ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අකුරේගොඩදී සිදුවූ නීතිඥ ඝාතනය හෙළා දකිමින් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ මාරාන්තික පහරක් බවයි. රජය සහ පොලිසිය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළේය.
නමුත් එහි සිටි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නය හමුවේ සභාපතිවරයා ඇතුළු පිරිස නිරුත්තර වන අයුරු දැකගත හැකි විය.
මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්නකර සිටියේ "ඔබ ඔය කියන නීතිඥවරයා වෙත වෙඩි තබන ලද වෙඩික්කරුවන් හෙට අත්අඩංගුවට ගත්තොත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඔබලාගේම සංගමයේ නීතිඥවරු නේද? ඔවුන්ටත් නීති සහාය ලබා දෙනවා නේද?" යන්නය.
මෙම ප්‍රශ්නය හමුවේ නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් නිරුත්තර වනු දැකගත හැකි විය.
මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය අසනතෙක් නීතිඥ සංගමයේ සභාපතිවරයා රජයට සහ පොලිසියට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් "නීතියේ ආධිපත්‍යය" ගැන කතා කළද, මාධ්‍යවේදියෙකු නැගූ තනි ප්‍රශ්නයක් හමුවේ එම තර්ක සියල්ල දියවී යන අයුරු දැකගත හැකි විය.
කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිඥ ආචාර ධර්ම පද්ධතියට අනුව, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති නීතිඥවරයෙකු මගින් නීතිමය සහාය ලබා ගැනීමේ අයිතියක් ඇත. නීතිඥවරයෙකු වෙත පැමිණෙන ඕනෑම සේවාදායකයෙකු ප්‍රතික්ෂේප නොකර තම සේවය සැපයිය යුතුය යන්න නීතිමය ප්‍රතිපත්තියයි.
එහෙත් වර්තමානයේ මෙම "ව්‍යවස්ථාපිත අයිතිය" යන්න, මහා පරිමාණ කුඩු මුදලාලිලාගේ සහ පාතාල කල්ලි නායකයන්ගේ කළු සල්ලි හමුවේ "මුදල් ගරා ගැනීමේ පටු අරමුණක්" බවට පත්ව ඇති බවට මහජනතාව චෝදනා නගති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්