News Category
From Date
To Date
Maximum Number of Result

ආසන්න වශයෙන් ගත්තොත් 1970 කාලයේ ඉදන් මේ කර්මාන්තෙ කරනවා කියල කියන්න පුලූවන්.

2001 සිට 2025 කියන්නේ වසර 24 ක්. ඩග්ලස් දෙවානන්දාට නිකුත් කරපු පිස්තෝලයක් මදුෂ් ලග තිබිලා තියනවලු..

ෙකොළඹ ජාතික රෝහලේ රසායනාගාරවල රුපියල් කෝටි 900කට අධික වංචා, දූෂණ සහ අක්‍රමිකතා සිදු වී ඇතැයි, එහි වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටී.

මගෙන් මිත්‍රයෙක් ඇහුවා ඇයි උඔ මහින්දට ඔච්චර කැමති කියලා. මම කීවා මම කැමති මහින්දට නෙවෙි ඒ දැක්මට කියලා.‼️

ඔහු උතුර දකුණ යා කරන සාහිත්‍යයකරුවා ලෙස හැඳින්විය හැකිය. ඔහු විසින් පරිවර්තනය කරන ලද “තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය ” සහ “වට්ටුක්කෝට්ටෙයි සිට මුලතිව් දක්වා ” යන ග්‍රන්ථ විසල් පිරිසකගේ අවධානයට ලක්විය. ඔහු උතුරේ ජනතාවාදී සාහිත්‍යකරුවන් දකුණේ පාඨකයන්ට හඳුන්වාදීමට වෙහෙසකාරී වැඩකොටසක් ද සිදුකෙරෙමින් පවතියි. යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන සාමිනාදන් විමල් මහතා අද වටමඬල සාහිත්‍ය කථිකාව සඳහා එක්ව සිටියි.

ක්‍රිස්තු පූර්ව යුගවල සිට පැවති පුරාණ ශ්‍රී ලංකාවේ වීදුරු නිෂ්පාදන තාක්ෂණය හා ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාධක පිළිබද කෙරෙන වීඩියෝවක් මෙහි දැක්වේ.

හිතන දේ වෙන්නෙ නැද්ද? ඇත්තටම අප තථාගතයාණන් වහන්සේ දේසනා කලේ කුමක්ද? ප්‍රශ්ණයට උත්තරය මෙතැන ඇත ! මුලාවේ නොවැටෙන්න !

ඊයේ සටන වැඩ සටහනට සහභාගී වුන රජයේ නියෝජිතයෙක් කීවා මෙම කාළගුණ ආපදාව තමයි මෑත කාලීනව රට මුහුණ දුන් විශාලතම ව්‍යසනය කියලා.

ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජාතිකත්වයට, රටේ සංස්කෘතික වටිනාකම්වලට පහරදීලා හීනමානයෙන් යුත් මිනිස්සු හදන්න පාවිච්චි කරන ප්‍රබලතම මතවාදී මෙවලමක්. හැබැයි ලිංගිකත්වය පිළිබඳ කිසිම විද්‍යාත්මක හෝ සමාජීය පදනමක් නැති මිත්‍යා මත කන්දරාවක් ඔස්සේ තමයි මේ පහරදෙන අය ඒ වැඩේ කරන්නේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.