News Category
From Date
To Date
Maximum Number of Result

1970 සහ 1980 ගණන් වලදී, ශ්‍රී ලංකාව විසින් තමන්ගේම ජාතික වෙළඳ නාවික බලඇණියක් ගොඩනැගීමට නිර්භීත පියවරක් ගත්තා. අපනයන, ආනයන සහ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික පියවරක් විදියට, රජය 1971 දී පාර්ලිමේන්තු පනතක් යටතේ ලංකා නැව් සංස්ථාව (CSC) ආරම්භ කරේ මෙහි මූලික අඩිතාලම විදියට. මෙය ශ්‍රී ලංකාව ගෝලීය සමුද්‍රීය සිතියමේ ඉහලින් තැබීම සඳහා බිහිවූ සම්පූර්ණයෙන්ම රජය සතු නැව් සමාගමක්.

ඊයෙ දවසෙ මම දැක්කා ජෙපි බඩී නෙට්ලා සෙට් එකක්ම කොළඹ අයවැය දිනාගැනීම සම්බන්දයෙන් හෙන උජාරුවෙන් කතා කරනවා.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අමුතුම මඟුලක් හඳුන්වා දී ඇත. ඒ යහළුවන් හඳුනාගැනීමට යි.

ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්‍ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කිරීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.

ලතා වල්පොල මහත්මිය ගැන අද අපි හැමෝම කතාකරනවා. ලතා කියන්නෙ ලංකාවේ සංගීත ක්ශේස්ත්‍රයේ අයිකොන් එකක්. ඒ වගේම තමයි බ්‍රිජිට් බාදෝ කියන්නෙ ලෝක සිනමාවේ අයිකොන් එකක්.

අධ්‍යාපන ඇමතිතුමිය කියන විදිහට ලංකාවේ පවතින විභාග කේන්ද්රීය අධ්‍යාපන නිසා විශාල පීඩනයක් දරුවන් මත පැටවිලා තියෙනවා, ඒ පීඩනය දුරු කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්රධාන අරමුණ. ඇත්තෙන්ම මේ ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි, මේ ප්‍රතිසංස්කරණ සඳහා මූලාරම්භය ලබා දීපු කණ්ඩායම මතු කරන ප්‍රධාන කාරණයත් ඕක තමයි. හැබැයි මේ අය අමතක කරන වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔය කියන විභාග කේන්ද්රීය ක්රමය තමයි අපේ පවතින අධ්‍යාපන ක්රමයේ ප්රධානතම යහපත් දේ වෙන්නෙත් කියන එක. වෙන විදියකට කිව්වොත් අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන "ප්රධානතම නරක ලෙස හැදින්වෙන දේම තමයි ඒකෙ තියෙන ප්රධානතම හොඳ දේ වෙන්නෙත්. මම මේක ටිකක් විස්තර කරන්නම්.

2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලන මූල ධර්ම වලට මරු පහරක් එල්ල වෙනවා.

තුයියකොන්ත මහත්තයා දෙසැම්බර් 15 වෙනිද වෙනකොටත් විස්තීරන අපදා තත්වය ඉවර කරලා. (සුපුරුදු පරිදි ලිපි ශීර්ෂය විතරක් කියවලා නතර වෙන්න එපා ලිපි අන්තර්ගතයත් කියවන්න)

මෑත කාලයේ සිරියාවෙන් අසන්නට ලැබුණු එක් අපූරු කතාවක් ලෝකය පුරාම මහත් කතාබහට ලක්වුණා. ඒ සාඩර් ඉසා (Sader Issa) සහ ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome) සහිත ඔහුගේ පියා වන ජාඩ් ඉසා (Jad Issa) පිළිබඳවයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.