News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක මදාවි ගනන්කාරයාට විදුලි වේගයෙන් පිළිතුරු එවූ කොලොම්බියා ජනාධිපති..

Jan 6, 2026 at 09:12 AM
|

කොලොම්බියා ජනාධිපති Gustavo Petro විදුලි වේගයෙන් ලෝක මදාවි ගනන්කාරයාට පිළිතුරු එව්වේ මීට සුලු මොහොතකට පෙරය.

ඔහු කොහොමත් වමේන් දේශපාලනයට පිවිසි ඉතාම සරල සාමාන්‍ය රාජ්‍ය නායකයෙකු බැවින් ලෝක වාමාංශික ව්‍යාපාරයේද ගෞරවය දිනාගෙන සිටින රාජ්‍ය නායකයෙකි. 

කලාපයේ ආර්ථික බලවතෙකුද වේ. පාබ්ලෝ ස්කොබාර්  නැමති ලෝකේ කුඩු විෂමත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ පියා වූ ඒ අති භයානක පාතාල නායකයාව මරා දමන්න ඇමෙරිකාවට නොහැකි වූ විට කොලොම්බියා ආරක්ෂක අංශ සහයෙන් ලෝකෙටම කුඩු නිෂ්පාදනය කල දැවැන්ත නිෂ්පාදනාගාර සමග ස්කොබාර් නැමති ප්‍රකෝටිපති පාතාල නායකයාව මරා දමා කොලොම්බියාව නිදහස් කල කණ්ඩායමේ ප්‍රබල චරිතයකි.

කොකා වගාබිම් වල සිටම පාතාලයෙන් ගේම ඉල්ලපු නිර්භීත උපාධිදාරි උගත් මහත්මයෙකි. ගෞරවණිය මිනිසෙකි සරල සාමාන්‍ය වමේ අදහස් වලින් පිරිපුන් ලස්සන හිතක් ඇති කිසිවෙකුට බිය නැති නිර්භීත නායකයෙකි.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රතිචාරය හැරෙන තැපෑලෙන් ඇමෙරිකාවේ දවල මන්දීරයට පැමිණියේ එක්සත් ජනපද ආක්‍රමණයක තර්ජන සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රජය ඔහු "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු" බවට කරන ලද හාස්‍යජනක චෝදනාවලට ප්‍රතිචාර වශයෙනි.

එය මුළු ලෝකයම කියවිය යුතු අතිමහත් දේශපාලන බලයක් සහ විශාල මූල්‍ය ගෞරවයක් පිළිබඳ ප්‍රතිචාරයකි.

මෙම ප්‍රකශය වචනයෙන් වචනය කියවන්න.

" විශේෂයෙන් අපේ රටේ "නයිට්ස්ටෑන්ඩ්" සහ "චියර්ලීඩර්ස්" ලා බිහි විය.

ට්‍රම්ප් මහතා, මට අපහාස කිරීම නවත්වන්න. සන්නද්ධ අරගලයට සහ පසුව කොලොම්බියානු ජනතාවගේ සාමය සඳහා වූ අරගලයට ස්තූතිවන්ත වෙමින් බලයට පත් වූ ලතින් ඇමරිකානු ජනාධිපතිවරයෙකුට ඔබ මේ තර්ජනය කරන්නේ ..

ඔබ මට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ කොකේන් කර්මාන්ත ශාලාවක හිමිකරු බවට බොරු චෝදනා කරයි. 

නමුත් මට කිසිදා විදේශයක මෝටර් රථයක් හෝ දේපළක් හිමි වී නැත;

මම තවමත් මගේ වැටුපෙන් මගේ ගෙවල් කුලිය ගෙවමි.

මා රටේ ජනාධිපති වුවත් ජනතා මුදලින් යැපීමට වඩා මා මගේ වැටුපෙන්ම මා යැපෙමි. 

රටේ භාණ්ඩාගාරය පිරෙන්න මුදල් ඉතිරි කොට කොලොම්බියාව කලාපයේ බලවත් රාජ්‍යක් වන්න නායකත්වය ලබා දෙන්නේ එවැනි නායකත්ව ආදර්ශ තුලිනි.

මට ඔබ මේ කරන පැමිණිල්ල අසාධාරණය. මම අයුක්තියට එරෙහිව සටන් කරනවා.

1- කොලොම්බියාවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාමය නියෝගයක් මගින් කොලොම්බියානු හමුදාවේ සහ පොලිසියේ උත්තරීතර අණ දෙන නිලධාරියා වන අතර කැරැල්ල අතරතුර ආයුධ බිම තැබීමෙන් පසු මගේ ව්‍යාපාරය කෙටුම්පත් කළ වසර 34 ක් පැරණි ව්‍යවස්ථාවකි.

2- බහුත්වවාදයට සහ විවිධත්වයට ගරු කරමින්, අපි ගිවිසුමක් කෙටුම්පත් කර ඇත්තෙමු. කොලොම්බියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ජනතාවගේ මූලික සහ විශ්වීය අයිතිවාසිකම් සහතික කරමින් නීතියේ ආධිපත්‍යය මගින් පාලනය වන සුභසාධන රාජ්‍යයක් ස්ථාපිත කිරීම අරමුණු කරයි.

3- දැන් සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා ලෙස සහ සැමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව යටතේ මම ලෝක ඉතිහාසයේ විශාලතම කොකේන් හේන් රජයට අත්පත් කර ගැනීමට නියෝග කළෙමි. ඒ වෙනුවෙන් කොකා වගාකරුවන් විසින් එම වගා බිම්වල වෙනත්  බෝග ආදේශ කිරීමේ ප්‍රධාන වැඩසටහනක් මම ආරම්භ කළෙමි. මෙම ක්‍රියාවලිය කොකා වගාකාරතිබූ හෙක්ටයාර 30,000 කට බලපා ඇති අතර එය මගේ ඉහළම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයයි.

4- සියලුම වෙනිසියුලානු, කොලොම්බියානු සහ ලතින් ඇමරිකානුවන් වීදි බැසීමට කාලය එළඹ ඇත.

5-ඇමෙරිකාව එම වගාකරුවන්ට බෝම්බ හෙළුවහොත්, දහස් ගණනක් ගරිල්ලන් කඳුකරයේ නැඟී සිටිනු ඇත.

6- මගේ ජනතාවගෙන් විශාල කොටසක් ආදරය කරන සහ ගරු කරන ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ නම් ඔවුන් මහජන කෝපය ඇමෙරිකාවට විරුද්ධව මුදා හරිනු ඇත.

7-මෙම  පණිවිඩය ඔබට එවන මොහොතේ සිට කොලොම්බියාවේ සෑම සොල්දාදුවෙකුටම නියෝගයක් ලැබී ඇත.කොලොම්බියානු ධජයට වඩා ඔබ භාවිතා කරන ධජයට කැමති ඕනෑම සන්නද්ධ හමුදා අණ දෙන නිලධාරියෙකු හමුදාවේ සහ මගේ නියෝගයෙන් වහාම ආයතනයෙන් ඉවත් කරනු ලැබේ.

8- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සන්නද්ධ හමුදා කැඳවනු ලබන්නේ මහජන ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ය.

9- මම කිසිදා සොල්දාදුවෙකු නොවූවත් මම යුද්ධය සහ මෙහෙයුම් ගැන හදාරා ඇත.

1989 සාම ගිවිසුමෙන් පසු නැවත කිසිදා ආයුධයක් ස්පර්ශ නොකරන බවට මම දිවුරුම් දුන්නෙමි, නමුත් මගේ රටේ යහපත සඳහා මට අවශ්‍ය නොවන ආයුධ වලින්ම මම නැවත මගේ රට සන්නද්ධ කරමි.

10- මම අවජාතක දරුවෙකු හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවේ.

11- මගේ ජනතාව කෙරෙහි මට මහත් විශ්වාසයක් ඇත.

12- මම ඇමෙරිකන් ජනතාව සහ රාජ්‍ය ලේකම් රුබියෝ මහතා කියවා නැති කොලොම්බියාවේ ඉතිහාසය විශ්වාස කරමි. 

බොලිවර්ගේ පුත්‍රයා සහ ඔහුගේ ත්‍රිවර්ණ ධජය බව දන්නා සොල්දාදුවා මම විශ්වාස කරමි.

කොලොම්බියාව නිදහස් රටකි කිසිවෙකුට යටත් නොවේ. එසේ ඔහුගේ ප්‍රකාශය අවසන් වේ.

කොලොම්බියා ජනාධිපති සහෝදරයා ඔබ යෝධයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඔබ සමගය. 

Neel Jayasuriya Milano ,Italy. 2026.01.05.

.. උපුල් දේවප්‍රිය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.