News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක මදාවි ගනන්කාරයාට විදුලි වේගයෙන් පිළිතුරු එවූ කොලොම්බියා ජනාධිපති..

Jan 6, 2026 at 09:12 AM
|

කොලොම්බියා ජනාධිපති Gustavo Petro විදුලි වේගයෙන් ලෝක මදාවි ගනන්කාරයාට පිළිතුරු එව්වේ මීට සුලු මොහොතකට පෙරය.

ඔහු කොහොමත් වමේන් දේශපාලනයට පිවිසි ඉතාම සරල සාමාන්‍ය රාජ්‍ය නායකයෙකු බැවින් ලෝක වාමාංශික ව්‍යාපාරයේද ගෞරවය දිනාගෙන සිටින රාජ්‍ය නායකයෙකි. 

කලාපයේ ආර්ථික බලවතෙකුද වේ. පාබ්ලෝ ස්කොබාර්  නැමති ලෝකේ කුඩු විෂමත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ පියා වූ ඒ අති භයානක පාතාල නායකයාව මරා දමන්න ඇමෙරිකාවට නොහැකි වූ විට කොලොම්බියා ආරක්ෂක අංශ සහයෙන් ලෝකෙටම කුඩු නිෂ්පාදනය කල දැවැන්ත නිෂ්පාදනාගාර සමග ස්කොබාර් නැමති ප්‍රකෝටිපති පාතාල නායකයාව මරා දමා කොලොම්බියාව නිදහස් කල කණ්ඩායමේ ප්‍රබල චරිතයකි.

කොකා වගාබිම් වල සිටම පාතාලයෙන් ගේම ඉල්ලපු නිර්භීත උපාධිදාරි උගත් මහත්මයෙකි. ගෞරවණිය මිනිසෙකි සරල සාමාන්‍ය වමේ අදහස් වලින් පිරිපුන් ලස්සන හිතක් ඇති කිසිවෙකුට බිය නැති නිර්භීත නායකයෙකි.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රතිචාරය හැරෙන තැපෑලෙන් ඇමෙරිකාවේ දවල මන්දීරයට පැමිණියේ එක්සත් ජනපද ආක්‍රමණයක තර්ජන සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රජය ඔහු "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු" බවට කරන ලද හාස්‍යජනක චෝදනාවලට ප්‍රතිචාර වශයෙනි.

එය මුළු ලෝකයම කියවිය යුතු අතිමහත් දේශපාලන බලයක් සහ විශාල මූල්‍ය ගෞරවයක් පිළිබඳ ප්‍රතිචාරයකි.

මෙම ප්‍රකශය වචනයෙන් වචනය කියවන්න.

" විශේෂයෙන් අපේ රටේ "නයිට්ස්ටෑන්ඩ්" සහ "චියර්ලීඩර්ස්" ලා බිහි විය.

ට්‍රම්ප් මහතා, මට අපහාස කිරීම නවත්වන්න. සන්නද්ධ අරගලයට සහ පසුව කොලොම්බියානු ජනතාවගේ සාමය සඳහා වූ අරගලයට ස්තූතිවන්ත වෙමින් බලයට පත් වූ ලතින් ඇමරිකානු ජනාධිපතිවරයෙකුට ඔබ මේ තර්ජනය කරන්නේ ..

ඔබ මට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ කොකේන් කර්මාන්ත ශාලාවක හිමිකරු බවට බොරු චෝදනා කරයි. 

නමුත් මට කිසිදා විදේශයක මෝටර් රථයක් හෝ දේපළක් හිමි වී නැත;

මම තවමත් මගේ වැටුපෙන් මගේ ගෙවල් කුලිය ගෙවමි.

මා රටේ ජනාධිපති වුවත් ජනතා මුදලින් යැපීමට වඩා මා මගේ වැටුපෙන්ම මා යැපෙමි. 

රටේ භාණ්ඩාගාරය පිරෙන්න මුදල් ඉතිරි කොට කොලොම්බියාව කලාපයේ බලවත් රාජ්‍යක් වන්න නායකත්වය ලබා දෙන්නේ එවැනි නායකත්ව ආදර්ශ තුලිනි.

මට ඔබ මේ කරන පැමිණිල්ල අසාධාරණය. මම අයුක්තියට එරෙහිව සටන් කරනවා.

1- කොලොම්බියාවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාමය නියෝගයක් මගින් කොලොම්බියානු හමුදාවේ සහ පොලිසියේ උත්තරීතර අණ දෙන නිලධාරියා වන අතර කැරැල්ල අතරතුර ආයුධ බිම තැබීමෙන් පසු මගේ ව්‍යාපාරය කෙටුම්පත් කළ වසර 34 ක් පැරණි ව්‍යවස්ථාවකි.

2- බහුත්වවාදයට සහ විවිධත්වයට ගරු කරමින්, අපි ගිවිසුමක් කෙටුම්පත් කර ඇත්තෙමු. කොලොම්බියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ජනතාවගේ මූලික සහ විශ්වීය අයිතිවාසිකම් සහතික කරමින් නීතියේ ආධිපත්‍යය මගින් පාලනය වන සුභසාධන රාජ්‍යයක් ස්ථාපිත කිරීම අරමුණු කරයි.

3- දැන් සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා ලෙස සහ සැමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව යටතේ මම ලෝක ඉතිහාසයේ විශාලතම කොකේන් හේන් රජයට අත්පත් කර ගැනීමට නියෝග කළෙමි. ඒ වෙනුවෙන් කොකා වගාකරුවන් විසින් එම වගා බිම්වල වෙනත්  බෝග ආදේශ කිරීමේ ප්‍රධාන වැඩසටහනක් මම ආරම්භ කළෙමි. මෙම ක්‍රියාවලිය කොකා වගාකාරතිබූ හෙක්ටයාර 30,000 කට බලපා ඇති අතර එය මගේ ඉහළම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයයි.

4- සියලුම වෙනිසියුලානු, කොලොම්බියානු සහ ලතින් ඇමරිකානුවන් වීදි බැසීමට කාලය එළඹ ඇත.

5-ඇමෙරිකාව එම වගාකරුවන්ට බෝම්බ හෙළුවහොත්, දහස් ගණනක් ගරිල්ලන් කඳුකරයේ නැඟී සිටිනු ඇත.

6- මගේ ජනතාවගෙන් විශාල කොටසක් ආදරය කරන සහ ගරු කරන ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ නම් ඔවුන් මහජන කෝපය ඇමෙරිකාවට විරුද්ධව මුදා හරිනු ඇත.

7-මෙම  පණිවිඩය ඔබට එවන මොහොතේ සිට කොලොම්බියාවේ සෑම සොල්දාදුවෙකුටම නියෝගයක් ලැබී ඇත.කොලොම්බියානු ධජයට වඩා ඔබ භාවිතා කරන ධජයට කැමති ඕනෑම සන්නද්ධ හමුදා අණ දෙන නිලධාරියෙකු හමුදාවේ සහ මගේ නියෝගයෙන් වහාම ආයතනයෙන් ඉවත් කරනු ලැබේ.

8- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සන්නද්ධ හමුදා කැඳවනු ලබන්නේ මහජන ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ය.

9- මම කිසිදා සොල්දාදුවෙකු නොවූවත් මම යුද්ධය සහ මෙහෙයුම් ගැන හදාරා ඇත.

1989 සාම ගිවිසුමෙන් පසු නැවත කිසිදා ආයුධයක් ස්පර්ශ නොකරන බවට මම දිවුරුම් දුන්නෙමි, නමුත් මගේ රටේ යහපත සඳහා මට අවශ්‍ය නොවන ආයුධ වලින්ම මම නැවත මගේ රට සන්නද්ධ කරමි.

10- මම අවජාතක දරුවෙකු හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවේ.

11- මගේ ජනතාව කෙරෙහි මට මහත් විශ්වාසයක් ඇත.

12- මම ඇමෙරිකන් ජනතාව සහ රාජ්‍ය ලේකම් රුබියෝ මහතා කියවා නැති කොලොම්බියාවේ ඉතිහාසය විශ්වාස කරමි. 

බොලිවර්ගේ පුත්‍රයා සහ ඔහුගේ ත්‍රිවර්ණ ධජය බව දන්නා සොල්දාදුවා මම විශ්වාස කරමි.

කොලොම්බියාව නිදහස් රටකි කිසිවෙකුට යටත් නොවේ. එසේ ඔහුගේ ප්‍රකාශය අවසන් වේ.

කොලොම්බියා ජනාධිපති සහෝදරයා ඔබ යෝධයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඔබ සමගය. 

Neel Jayasuriya Milano ,Italy. 2026.01.05.

.. උපුල් දේවප්‍රිය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.