News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට එරෙහිව ආරම්භයේදීම සටන් කළේ සුළු පිරිසක් පමණයි.

වෙනිසියුලාවට එල්ල වූ එක්සත් ජනපද සාපරාධී ප්‍රහාර සහ ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක, උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, වොෂින්ටනයේ හමුදා මෙහෙයුම පාලන තන්ත්‍ර වෙනසක් සහ වෙනිසියුලාවේ ස්වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ කරන බව නැවත අවධාරණය කළේය. වෙනිසියුලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ජනාධිපති අනුප්‍රාප්තික රේඛාවට අනුව, ජනාධිපති මධුරෝ නොමැති විට රොඩ්‍රිගස් ජාතියේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.

අපි කලින් ඉරාන ජල අර්බුදය ගැන කලින් කතා කළා, දැන් එහි සෑබෑ ගැටළුව විදි වලට ඇවිත්! කොහොමත් මැදපෙරදිග දේශපාලනය කියන්නේ හරියට චෙස් පුවරුවක් වගේ. එක ඉත්තෙක් එහා මෙහා වෙද්දී මුළු ක්‍රීඩාවේම ස්වරූපය වෙනස් වෙනවා. පසුගිය කාලය පුරාම ඉරානය ඇතුළතින් වගේම පිටතිනුත් "පාලන තන්ත්‍රයේ වෙනසක්" ගැන කතාබහ මතු වුණා. වීදි බැස උද්ඝෝෂණය කරන සාමාන්‍ය වැසියන්ගේ හඬ අපි මාධයෙන් ඇසුවා. නමුත්, ලෝක දේශපාලන සිතියම දෙස බැලූ විට අපට පෙනෙන අමුතු ඇත්තක් තිබෙනවා. ඒ තමයි, ඉරානයේ වත්මන් "මුල්ලා පාලනය" බිඳ වැටෙනවාට ලෝකයේ ප්‍රබල රටවල් සහ කණ්ඩායම් රැසක් ඇත්තටම අකමැති බව!

පොත් වලට සමගාමීව , අපේම LMS එකක් අවශ්‍යයි ඇයි?

පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන තිබුනද, එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කිරීමෙන් දවසක කාලච්ඡේද ගණන 7ක් බවට පත්කර ඇති බවත්, එමගින් සතියක දී කාලච්ඡේද 5ක් අඩුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩමහතා සිට මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

අනතුරු ඇඟවීම් තිබියදීත් කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුළු 700 කට ආසන්න සංඛ්‍යාවක් පණපිටින් වැළලී යන්නට ඉඩ ඇරපු මාලිමා ආණ්ඩුව අනාගතයේදී තවත් සමූලඝාතනයකට එහා ගිය අපරාධයකට සූදානම් වන බව සමාජ මාධ්‍යවල කතා බහක් යනවා.

ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

මේ තියෙන්නෙ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩ්‍යුල පොතේ සංස්කාරක මණ්ඩලය. අප මිත්‍ර දර්ශනත් ඉන්නව ඒකෙ. මෙයාලට අමතරව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මේ පොත අනුමත කළ අවසාන කමිටුවේ ඉඳල තියෙනවා. ඒ කියන්නෙ පොත අන්තිමට අනුමත වෙන්නෙ ඔහුගෙන්.

පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කරන්න ඕන කියලා ලොකු කතාවක් යනවනේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ මොඩියුල් ගැන ලොකු සංවාදයක් ආවේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරලා තිබුණු නිසා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.