News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම් වූ මේ ආණ්ඩුවේ කාබනික මොහොත..

Jan 5, 2026 at 11:49 AM
|

අධ්‍යාපන ඇමතිතුමිය කියනවනේ ලංකාවේ මේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා විශාල පීඩනයක් දරුවන් මත පැටවිලා තියෙනවා, ඒ පීඩනය දුරු කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ කියලා. ඇත්තෙන්ම ජනාධිපතිතුමත් එතුමාගේ පාර්ලිමේන්තු කතාවෙදි ඒ කාරණය ගැන ගොඩක් කිව්වා. මේ ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි, මේ ප්‍රතිසංස්කරණ සඳහා මූලාරම්භය ලබා දීපු කණ්ඩායම මතු කරන ප්‍රධාන කාරණයත් ඕක තමයි.

හැබැයි මේ අය අමතක කරන වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔය කියන විභාග කේන්ද්‍රීය ක්‍රමය තමයි අපේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානතම යහපත් දේ වෙන්නෙත් කියන එක. වෙන විදියකට කිව්වොත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන "ප්‍රධානතම නරකම" තමයි ඒකෙ තියෙන ප්‍රධානතම හොඳ දේ වෙන්නෙත්. මම මේක ටිකක් විස්තර කරන්නම්.

අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන යහපත්ම ලක්ෂණය තමයි ඒ මගින් කුසලතාව සහිත ශිෂ්‍යයන්ට ඉතාම සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යන්න ඉඩ සලසලා තිබීම. ඒ කියන්නේ දෙමව්පියන්ගේ වත්පොහොසත්කම, දෙමව්පියන්ගේ සමාජ හෝ දේශපාලන සබඳතා වගේ දේවල් වෙනුවට දරුවාගේ දක්ෂතාව මත ඉදිරියට යන්න අවස්ථාව සකසලා තිබීම. ඒ කියන්නේ පහේ ශිෂ්‍යත්වයෙන් වඩා හොඳ ඒ කියන්නේ ජනප්‍රිය පාසලකට යන්න පුළුවන්. උසස් පෙළින් තමන් කැමති විශ්වවිද්‍යාලයක තමන් කැමති පාඨමාලාවකට ඇතුලත් වෙන්න පුළුවන්. ඒ අතර මැද්දේ තියෙන සාමාන්‍ය පෙල විභාගයෙන් ගන්න ප්‍රතිඵල මත උසස් පෙළදී තමන් කැමති ධාරාවක් තෝරා ගන්න පුළුවන්.

මේ විභාග තුන අතුරිනුත් වඩාත්ම සාධාරණ විභාගය තමයි උසස් පෙළ. එතැනදී ආදි ශිෂ්‍ය පදනම සලකා බලන්නේ නැහැ. ආසන්නතාව සලකා බලන්නෙත් නැහැ. සහෝදර පදනම සලකන්නෙත් නැහැ. හමුදාවට, පොලිසියට නිල වශයෙනුත්, දොස්තරලට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, නඩුකාරයන්ට වගේ අයට සම්මුතියක් විදියටත් දෙන කෝටා ඇත්තෙත් නැහැ. සම්පූර්ණයෙන්ම ශිෂ්‍යයාගේ දක්ෂතාව විතරයි. ජනාධිපතිගේ දරුවාට උනත් විශ්වවිද්‍යාලෙ යන්න බැහැ උසස් පෙළින් අවශ්‍ය ප්‍රමාණයට ලකුණු ගත්තේ නැතිනම්. තමන්ගේ පරම හතුරාගේ පුතා වුනත් අවශ්‍ය ලකුණු ගත්තොත් එයා විශ්වවිද්‍යාලේ යන එක ජනාධිපතිටවත් නවත්වන්න බැහැ. මැති ඇමැතින්ගේ ලියුම්වලින් විශ්වවිද්‍යාලේ යන්න බැහැ. රාජ්‍ය අංශයේ ආයතනයකට දේශපාලන බලපෑමකින් ඇතුලත් වෙන්න බැරි එකම එක විශ්වවිද්‍යාල විතරයි. ඒක ඒ තරම් සාධාරණයි.

ශිෂ්‍යත්වේ තත්ත්වය මීට වඩා තරමක් වෙනස්. හොඳ ජනප්‍රිය පාසලක් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය ශිෂ්‍යත්වය නෙවෙයි. දෙමව්පියන්ගේ හැකියාව සහ ඔවුන්ගේ සමාජ හා දේශපාලන සබඳතා එතැනදී බලපානවා. නමුත් එහෙම හැකියාවක් නැති දෙමව්පියන්ට තියෙන එකම අවස්ථාව තමයි ශිෂ්‍යත්වය. ඇත්තටම කන්නන්ගර මහත්තයා ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නෙත් ඒ අරමුණටනේ. එලීට් ඉස්කෝල ක්‍රමයක් ඒක. ඒ කියන්නේ පාසල් සමාන නැහැ, ධූරාවලිගතයි කියන යථාර්තය පිළිගන්නවා, ඒ නිසා කුඩා පාසල්වල දක්ෂ දරුවන්ට, මධ්‍ය මහා විද්‍යාල කියලා හඳුන්වන හොඳ ඉස්කෝලවලට යන්න අවස්ථාව දෙනවා. පස්සේ 1961 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම නිසා දුප්පත් දරුවන්ට, එයාලට කවදාවත් යන්න හිතන්නවත් බැරිව තිබුණු ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මලියදේව, රාහුල, මහින්ද, විසාකා, මහාමායා වගේ, එතෙක් පෞද්ගලිකව පැවති ඉස්කෝලවලට යන්න අවස්ථාව සැලසුණා. මේ වගේ පෞද්ගලික පාසලුත්, සියලු මහජනයාට විවෘත පොදු පද්ධතියකට එකතු වීම කියන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් තබපු යෝධ පියවරක්. ඉතින් ඒවාට ඇතුල්වෙන්න තියෙන සාධාරණම ක්‍රමය තමයි ශිෂ්‍යත්වය. මේ වගේ ක්‍රමයක් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ සමාජ සාධාරණත්වය පැත්තට ලොකු බරක් දීලා තියෙන රටවලවත් නැහැ. ඒ රටවල ගොඩක් පෞද්ගලික පාසල් රජයේ පාසල්වලට වඩා කීර්තිමත් සහ වැඩි පහසුකම් තියෙනවා. ලංකාවේ ශිෂ්‍යත්වය වගේ විභාගයකින් ඒවාට ඇතුලත් වෙන්න බැහැ. ඒ අතින් ඉතින් කන්නන්ගර සහ සිරිමා දෙදෙනාගේ මැදිහත් වීම මත අපිට ලැබිල තියන මේ ශිෂ්‍යත්ව විභාගය ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. 

ඇත්තටම ඉතින් සාමාන්‍ය පෙළ ඒ තරම් වැදගත් විභාගයක් නෙවෙයි. ඒත් උසස් පෙළට තමන් කැමති ධාරාවක් හදාරන්න නම් තමන්ගේ හැකියාව ඔප්පු කරන්න ඕනෙනේ. ඒක කරන්න පුළුවන් සාධාරණම ක්‍රමවේදය තමයි සාමාන්‍ය පෙළ. ඒ වගේම ශිෂ්‍යත්වයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ජනප්‍රිය පාසලකට යන්න බැරිවුන ළමයෙකුට සාමාන්‍ය පෙළ මගින් තවත් අවස්ථාවක් දෙනවා ජනප්‍රිය පාසලකට ඇතුලත් වෙන්න. ඒ අනුව සාමාන්‍ය පෙළ කියන්නෙත් දෙමව්පියන්ගේ හැකියාව වෙනුවට දරුවාගේ හැකියාව මත ඉහලට යන්න දරුවන්ට ලැබිලා තියෙන අවස්ථාවක්. 

ඔය විභාග තුන කියන සැකිල්ල මත තමයි ලංකාවේ සම්පූර්ණ පාසල් අධ්‍යාපන ක්‍රමයම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒක විභාග කේන්ද්‍රීයයි තමයි. අපේ අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය වෙලා තියෙන්නේ ඒ විභාග තියෙන නිසාම නෙවෙයි වෙනත් කරුණු දෙකක් නිසයි. ඒ තමයි (1) ඒ විභාග සමත්වීම මගින් ලැබෙන ප්‍රතිලාභය ඉතා විශාල එකක් වීම සහ (2) මේ විභාග ක්‍රමය ඉතාමත්ම සාධාරණ එකක්ය කියන විශ්වාසය සමාජයට තිබීම. 

මේ කරුණු දෙක ආපහු විස්තර කරන්න දෙයක් නැහැනේ. ශිෂ්‍යත්වය හොඳින් සමත් වුනොත් රාජකීය හෝ විසාකා යන්න පුළුවන්, අඩුම ගානේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන හොඳම පාසලට යන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ සමත් වුනොත් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක් හෝ ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. සමත් වුනොත් ලැබෙන ප්‍රතිලාභය ලොකුයි කියන්නේ ඒකයි. අනික මේක සාධාරණ විභාගයක් වීම. ප්‍රශ්න පත්‍ර හදන්නේ විධිමත්ව, රහසිගතව. හැමෝටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයක්. ඒ වගේම කාටත් උත්තර ලියන්න වෙන්නේ සමාන වෙලාවක, සමාන තත්ත්වයන් යටතේ. කාටවත් විශේෂ උදව් නැහැ. ඊට පස්සේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්නේ ශිෂ්‍යයාගේ හිතවතෙක්වත්, තරහකාරයෙක්වත් නෙවෙයි. අඩුම තරමින් එක ප්‍රදේශයක ප්‍රශ්න පත්‍ර ඒ ප්‍රදේශයෙන්ම එන උත්තර පත්‍ර පරීක්ෂකයන්ට (ප්‍රදේශයේ ගුරුවරුන්ට) බලන්න දෙන්නේවත් නැහැ. ඒ නිසා තමයි "මගේ පේපර් එක බලලා තියෙන්නේ අපේ තරහකාරයෙක්, අනිත් ළමයාගේ පේපර් එක බලලා තියෙන්නේ එයාලගේ යාළුවෙක්" වගේ චෝදනා කවදාවත් එන්නේ නැත්තේ. ඒ වගේම ඉතින් අවශ්‍ය ලකුණු ලබා ගත්තොත් ළමයා කළුද සුදුද, දෙමව්පියෝ කවුද වගේ දේවල් බලන්න්ගේ නැතිව ඒ ළමයට හිමි ප්‍රතිලාභය (ඒ කියන්නේ ලොකු ඉස්කෝලය හෝ කැමති පීඨය) ලැබෙනවා. ඒකයි මේ විභාග ක්‍රමය සාධාරණයි කියන්නේ. විභාගේ පාස් කර ගන්න මන්ත්‍රීගේ ලියුමක් ගන්න කවුරුත් හිතන්නෙවත් නැත්තේ මේ විභාග ක්‍රමය සාධාරණ එකක් බවට වන අදහස සමාජයේ මුල් බැසගෙන තියෙන නිසයි.    

ඉතින් විභාගයෙන් ලැබෙන ප්‍රතිලාභය ඉතාමත්ම ඉහල එකක් වෙලා, විභාගෙත් ඉතාම සාධාරණ එකක් වුනාම ඉතින් ඒ ක්‍රමය අනිවාර්යයෙන්ම විභාග කේන්ද්‍රීය වෙනවා තමයි. ඒ කියන්නේ ශිෂ්‍යයන් කොහොම හරි විභාගය සමත් වෙන්න උත්සාහ කරනවා. එතකොට මුළු අධ්‍යාපන ක්‍රමයම ඒ විභාග ඉලක්ක කර ගත්තු එකක් බවට පත්වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. 

දැන් අපේ අධ්‍යාපන ඇමතිතුමිය ඇතුළු ආණ්ඩුව කියනවා "මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඉතාම නරකයි. මේක වහාම වෙනස් කරන්න ඕනේ. ඒ අනුව විභාග වෙනුවට අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා" කියලා. දැන් මේ කරන්න යන දේ හොඳද? මේක එක පාරටම හොඳද නරකද කියනවාට වඩා අපි මේක ලිහලා බලන්න ඕනේ. ඒ අනුව පළමුවෙන් අහන්න අවශ්‍ය දේ තමයි අපේ අගමැතිතුමිය මේ කියනවා වගේ මේ විභාග ක්‍රමය නරකයිද කියන එක. ඒකට දෙන්න තියෙන උත්තරය තමයි, මේ ක්‍රමයේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා කියන එක. වෙන විදියකට කියනවා නම් මේක නරකයි කියලා අහක දාන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි, නමුත් මෙහි සමහර බරපතල අඩුපාඩු තියෙනවා. ඒ මොනවාද කියන එක මම මෙතන විස්තර කරන්නේ නැහැ. ඒවා පස්සේ දවසක ලියන්නම්. නමුත් වැදගත්ම ප්‍රශ්නය එන්නේ ඊට පස්සේ. දැන් මේ විභාග ක්‍රමය නරකයි කියලා එතුමියලා ඒ වෙනුවට හඳුන්වා දෙන්න යන ඔය කියන පාසල් පාදක අඛණ්ඩ ඇගයීම් ක්‍රමය හොඳද, නරකද? ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ඒකෙ හොඳට වඩා නරක පැත්ත ගොඩක් වැඩියි කියන එක. කොටින්ම කියනවා නම් එතුමියලා මහා නරකයක් කියලා අතහරින්න යන විභාග ක්‍රමයට වඩා අතිශයින්ම නරක ක්‍රමයක් තමයි ඒ වෙනුවට යෝජනා කරන අඛණ්ඩ ඇගයීම් ක්‍රමය. තවත් විදියකට කියනවා නම් ඒකෙන් එතුමියලා හිතන කිසිම හොඳක් වෙන්නේ නැහැ, හැබැයි එතුමියලාට නොපෙනෙන විශාල විනාශයක් වෙන්න නියමිතයි. 

පළමුවෙන්ම මේ අඛණ්ඩ ඇගයීම් ක්‍රමය නිසා දරුවන් මත දැනට තිබෙන පීඩනය අඩු වෙනවා කිව්වට ඒක වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. සෙමෙස්ටර් ක්‍රමය යටතේ අඛණ්ඩ ඇගයීම් ක්‍රමය හඳුන්වා දීමෙන් පස්සේ විශ්ව විද්‍යාලවලට වුනේ මොකක්ද කියල දන්නා කෙනෙකුට මේක අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. අඛණ්ඩ ඇගයීම් කියන්නේ හැමදාම විභාග. ශිෂ්‍යයාගේ ඔළුවට හැමතිස්සෙම ඒක බරක්. විෂයයන් ගණනාවක් සමාන්තරව ඉගැන්වෙන නිසා ඒ හැම එකකම ඇගයීම් අඛණ්ඩව අවුරුදු කිහිපයක් කරන්න වුනාම ඒ අවුරුදු ගණනටම කවදාවත් මානසික නිදහසක් නැහැ. නිදසුනක් විදියට දැන් ළමෙක් තුන වසරේ සිටම පහේ පන්තියේ ශිෂ්‍යත්වයට සූදානම් වෙන එකෙන් ඒ ළමයට ඒ අවුරුදු දෙක හමාර තුළ ඇති කරන පීඩනයට වඩා අඛණ්ඩ පීඩනයක් තුන වසරේ සිට හැමදාම ඇගයීම්වලට මුහුණ දෙත්දී ඇති වෙනවා. 

නමුත් මීට වඩා ලොකුම ප්‍රශ්නය ඇති වෙන්නේ මේ විභාගයේ සාධාරණත්වය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ අලුත් ක්‍රමය නිශ්චිතවම වංචාවලට තෝතැන්නක් වෙනවා. මේ ගැන මම කියත්දී කෙනෙක් කිව්වා "මේක සමහර දියුණු රටවල තියෙනවානේ, ඇයි ඉතින් අපිට බැරි?" කියලා. සරල පිළිතුර ඉතින් "අපි දියුණු නැහැනේ". මේ සම්බන්ධ පළමු ප්‍රශ්නය එන්නේ ඒ අඛණ්ඩ ඇගයීම් කරන ගුරුවරයා අපක්ෂපාතීද කියන කාරණය මතයි. මේක අර විභාග අපේක්ෂකයා සහ පරීක්ෂකවරයා එකිනෙකා නොහඳුනන වර්තමාන ක්‍රමයට වඩා සහමුලින් වෙනස්. ඔය වගේ පාසල පාදක අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් ආවොත් අදාළ ගුරුවරුන්ට ප්‍රියමනාප, එයාලට සම්බන්ධ, එයාලව තෘප්තිමත් කරන ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ ගුරුවරයා දැනෙන සුළු විශේෂයක් කරන්න ඕනේ තරම් ඉඩ තියෙනවා. අපි ඉතින් ගුරුවරුන් දෙවිවරුන් කිව්වට, ගුරුවරු කියන්නෙත් මේ ලංකාවේ සමකාලීන සමාජය තුළ ජීවත් වන පෘතග්ජන කොට්ඨාශයක්නේ. ලංකාව වගේ වංචා දූෂණ සහ "හිතවත්කමට කරන උදව් පදව්" ප්‍රචලිත සමාජයක, ඒ අඛණ්ඩ ඇගයීම් සාධාරණව වෙයි කියලා කිසිසේත්ම කියන්න බැහැ. මතක තියාගන්න දැනට යෝජනා වෙලා තියන ක්‍රමය යටතේ අඛණ්ඩ ඇගයීම්වලින් ශිෂ්‍යත්වයට ලබා දෙන ලකුණු ප්‍රමාණය සමස්ත ලකුණු ප්‍රමාණයෙන් 50% ක් බව. රාජකීය සහ ආනන්ද විද්‍යාල අතර ඇතුළත් වීමේ ලකුණු වෙනස බොහෝ විට එක ලකුණයි. රාජකීය, ආනන්ද, නාලන්ද, ඩී. එස්., තර්ස්ටන් කියන පාසල් පහම ලකුණු හය හතක පරතරයෙන් තමයි තියෙන්නේ. ඉතින් ගුරුවරයෙකුගේ මැදිහත්වීමෙන් යම් දරුවෙකුට හිමි වෙන්නේ රාජකීය විද්‍යාලයද නැතිනම් මහානාම හෝ ඊටත් අඩු කුඩාම ඉස්කොලයක්ද කියන එක තීරණය වෙන්න පුළුවන්.  

අනිත් කාරණය තමයි මේ සමගම මේ අඛණ්ඩ ඇගයීම් වෙනත් බාහිර පාර්ශ්වයක් මගින් කර දීමේ හැකියාව. ඇත්තටම කිව්වොත් අපේ අධ්‍යාපන සංස්කෘතිය හැදිලා තියෙන්නේ පාසල් අධ්‍යාපනය සඳහා බාහිර පාර්ශ්වයක (ටියුෂන්) උදව් ගැනීම සහිතවනේ. දැනට එහෙම ලැබෙන බාහිර උදව්ව තමයි "දරුවාව විභාගය සඳහා සූදානම් කරවීම". ඒකත් ඉතින් කොයිතරම් නරක තැනකට ගිහින්ද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. නමුත් විභාග ස්වරූපය නොවන අඛණ්ඩ ඇගයීම් ආවොත් අනිවාර්යයෙන්ම ඒ පැවරුම් ඒ ශිෂ්‍යයා වෙනුවෙන් කර දෙන ව්‍යාපාර බිහිවීම නවත්වන්න බැහැ. ඒ කියන්නේ "විභාගය වෙනුවෙන් සූදානම් කරවීමේ" වර්තමාන ක්‍රමය වෙනුවට "විභාගය කර දීමේ" ක්‍රමයක් බිහි වීම අනිවාර්යයි. දැන් තියන ක්‍රමය තුළ ටියුෂන් ගුරුවරයා විභාග ශාලාවේ දොරකඩ ළඟ නතර වෙනවා නම්, අලුත් ක්‍රමය යටතේ ඔහු විභාග ශාලාව තුළටම යනවා. උඩ ඡේදයේ කියලා තියනවා වාගෙම මෙබඳු සුළු මැදිහත්වීමකින් වුනත් ඇතිවිය හැකි අයුතු ලාභය හෝ අයුක්තිසහගත පාඩුව අති විශාලයි. 

ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඒවායේ දැනට ඉතිරි වෙලා තියන සාධාරණත්වය ඉතාමත්ම දරුණු ලෙස නැති වී යාමට නියමිතයි. මම කලින් කිව්වා වගේම මේ පවත්නා විභාග ක්‍රමයේ අතිවිශාල දුර්වලතා තියෙනවා. නමුත් මේ හඳුන්වා දෙන්න යන ක්‍රමයෙන් වෙන්නේ ඒ දුර්වලතා නැති වෙන්නෙත් නැතිව ඊට වඩා විශාල අයහපතක් සහ අසාධාරණයක් සිදු වීමයි. අධ්‍යාපනයේ තරගකාරීත්වය හැමවිටම නරක දෙයක් නෙවෙයි කියන එකත් මේ සමගම අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් රැල්ලට වගේ ගොඩක් අය අධ්‍යාපනයේ තරගයට බනිනවා. හරියට ලෝකේ කොහෙවත් නැති ඉතාම නරක ක්‍රමයක් අපි මේ රටේ තියාගෙන යනවා කියලා තමයි මේ අය හිතාගෙන ඉන්නේ. ඒක වැරදියි. එක අතකින් තවත් රටවල් ගොඩක අපිට සමාන හෝ අපිටත් වඩා ඉහළ තරගයක් තියන විභාග ක්‍රමයක් තියනවා. දකුණු කොරියාව සහ චීනය උදාහරණ. ඒ රටවලත් තරගය තියෙන්නේ තරගය සාධාරණ නිසාත්, ඒ මගින් ලැබෙන ප්‍රතිලාභය විශාල එකක් නිසාත්. ඉතින් අපි බලන්න ඕනේ ඒ තරගකාරී ක්‍රමයේ යහපත් අංග තියාගෙනම ඒකෙ තියන අයහපත් අංග අඩු කර ගන්න. 

ඒ සඳහා මගේ යම් යෝජනා වගේකුත් තියනවා. ඒ යෝජනා අර අපේ ලාල්කාන්ත මැතිතුමා ඉල්ලුවා වගේ පැකේජ් ක්‍රමයට දෙන්න බැහැ, ඒවා දෙන්න පුළුවන් සාකච්ඡාවක් සඳහා යම් ප්‍රවේශයක් විදියට විතරයි. අධ්‍යාපනය වගේ අතිශය සංකීර්ණ ක්‍රමයක් ඉස්සරහ අපි කවුරුවත් තනියෙන් බුද්ධිමත් නැහැ. අපේ හරිනි මැතිනිය ඇතුළු කණ්ඩායමේ තියෙන එක වරදක් තමයි එයාලා නිවැරදියි කියලා හිතෙන බරපතල වැඩපිළිවෙලක ඡායාමාත්‍රයක් හිතේ තියාගෙන අනිත් හුදී ජනයාව "දැනුවත් කරන්න" හදන එක. මගේ අවංක අදහස කිව්වොත් එතුමියවත්, එතුමියට බුද්ධිමය මග පෙන්වීම කරලා තියන අධ්‍යාපන ලියවිලි දෙක (සුනිල් හෙට්ටිආරච්චි සහ ආශු මාරසිංහගේ නමින් යුත් ලියවිලි දෙක) හදලා තියන අයවත් මේ ප්‍රශ්නයේ ඇති සංකීර්ණතාව ගැන ඒ තරම් හොඳින් දැනුවත් වෙලා නැහැ. හරිනි මැතිනිය හඳුනාගෙන තිබෙන ගැටළුව සහ එය සඳහා යෝජනා කරන වැඩපිළිවෙල මට අනුව නම් එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් ගැටළුව කොහෙවත්, විසඳුම කොහෙවත්. 

එම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ ආණ්ඩුවේ "කාබනික මොහොත" වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මම ආපහු ආපහු කියන්න ඕනේ නැහැ, මම මේ ආණ්ඩුව තව අවුරුදු දහයක්වත් තියෙන්න ඕනේ කියලා විශ්වාස කරන කෙනෙක්. එතැනදී ආණ්ඩුව පරෙස්සම්ම වෙන්න ඕනේ ක්ෂේත්‍ර දෙකම ආණ්ඩුව ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරනවා. ඒ තමයි (1) ආර්ථිකය සහ (2) සිංහල බුද්ධාගම. මේ ආණ්ඩුව රැඩිකල් වාමාංශික වෙන්න ගියා නම් අවුල් කරගෙන විනාශ වෙන්න තිබුනේ ඒ දෙකෙන් එකකින්. නමුත් මේ ආණ්ඩුව සමාජවාදී ආර්ථිකයක් හදන්න ගියෙත් නැහැ රට නිරාගමික කරන්න ගියෙත් නැහැ. ඇත්තටම ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ ප්‍රායෝගික බුද්ධියට සියලු ගෞරවාචාර දෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ  මේ ආණ්ඩුව එහෙම පැටලෙන්න ඕනේ එකක් නෙවෙයි. කොටින්ම මේ ආණ්ඩුවට ඡන්දය දීපු කවුරුත් මෙයාල අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රතිසංස්කරණයක් කරයි කියලා බලාපොරොත්තු වුණේවත් නැහැ. කාටවත් එහෙම වුවමනාවක් තිබුනේ නැහැ. අනිත් එක අපේ රටේ අධ්‍යාපනය කියන්නේ ඉතාමත්ම සංකීර්ණ එකක්. ඒක නිකන් අතට අරගෙන ඇඳුමක් කණපිට (හෝ හොඳපිට) හරවනවා වගේ වෙනස් කරන්න බැහැ. 

ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ. මේ අධ්‍යාපන විකාරය කරන්න එපා. ඔයාලට මුණගැහෙන සාමාන්‍ය මිනිස්සු අනේ මැඩම් මේක නියමයි, මේක කරන්න, පිටරටවලත් මෙහෙමයි, ඔය කුහකයෝ කියන ඒවා ගණන් ගන්න එපා කියනවා තමයි. ඒ වගේම සමහර වෙලාවට මහා සංඝරත්නය පවා මේක නම් හොඳයි කියනවා තමයි. නමුත් ඒකට රැවටෙන්න එපා. මේක හොඳ නැති බව එයාලට වැටහෙන්නේ මේ ක්‍රමය යටතේ පළමු ශිෂ්‍ය කණ්ඩායම ශිෂ්‍යත්වය හෝ උසස් පෙළ ලියන දවසටයි. එදාට මේකට විරුද්ධව දෙමව්පියෝ සහ ශිෂ්‍යයෝ නැගිටිනවා. නැගිටිනවා කියන්නේ ආයේ ලොවෙත් නැතිවෙන්න නැගිටිනවා. ඒ නිසා මේක කරන්න එපා. කරන්නත් බැහැ. කරන්නත් එපා.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.