News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ෆේල්...!!!

Jan 6, 2026 at 10:01 AM
|

🔴 ජනාධිපති අනුර කුමාර දිසානායක - ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ ඇත.
◼️ඉන්දියාව සහ ඇමරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් තවමත් අභිරහසකි.
◼️ශ්‍රී ලංකා රේගුව පවතින්නෙ මුදල් අමාත්‍යාංශය යටතේය. ඔහු මුදල් ඇමති වී මාස 06 ක් යාමට පෙර ඉන් කන්ටේනර් 323 ක් හොරෙන් පැන්නු අතර ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව හංගාගෙන ඇත.
◼️2024 වසරේදි 5% ක තිබූ ආර්ථික වර්ධන වේගය 4% ආසන්නයටද,
◼️බිලියන 6.5 ක තිබූ ඩොලර් සංචිතය බිලියන 6.21 ටද,
◼️රුපියල් 290 ට තිබූ ඩොලරයෙ අගය රුපියල් 313 ටද,
◼️සෘණ 0.2% ක් තිබූ උද්ධමනය 2.1% දක්වා ද,
◼️ඩිජිටල් ආර්ථික ඇමතිවරයා ලෙස ඩිජිටල් හැඳුම්පත් මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාව සතුවන බවත්, එය පරිපාලන කලමණාකරනය ඉන්දියානු සමාගමකට පවරන බවටද චෝදනා ඇත.
◼️ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ කාලගුණ දෙපාර්තමේන්තුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එම දෙපාර්තමේන්තුවල පසුගිය කාලයේ සිදු වූ අකාර්යක්ෂමතා නිසා සිදු වූ සමූහ මිනිස් ඝාතනයන් සියල්ලන්ම දනී..
◼️ රටේ සංවර්ධනය සඳහා අය වැයෙන් යෙද වූ ප්‍රාග්ධන වියදම් වලින් 60% ක් නැවතත් භාණ්ඩාගාරයට..
🔴 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය.
◼️නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් ඉවත් කරමින්, දරුවන්ගෙ පාසල් පෙළපොත් තුළට සමලිංගික අසැබි වෙබ් සයිට් ඇතුළු කළ බවට ඇය විවිධ චෝදනාවන්ට ලක්ව ඇත.
◼️ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක් වෙන් කරන ලෙස විපක්ෂයෙ සිටියදි ඇය සටන් කළ අතර 2026 අය වැයෙන් එය 1.5% දක්වාවත් වැඩි කිරීමට ඇය අපොහොසත් විය.
◼️ගුරු විදුහල්පති වැටුප් විෂමතා, විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළු වලදී ඇය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇත.
🔴 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය.
◼️ ජනාධිපතිවරයා සමග විදෙස් සංචාර 08 කට පමණ සහභාගී වී ඇතත් ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමට ඔහු අසමත්ව ඇත.
◼️ගංවතුර ආපදා අවස්ථාවේදි ඩොලර් බිලියන 01 කවත් විදේශ ආධාර ලබා ගැනීමට සම්බන්ධිකරණය කිරීමට ඔහු අසමත් විය.
◼️විදේශ රැකියා ක්ෂ්‍රේත්‍රය ගත්තත් එහි වර්ධනයක් නැත. නව රැකියා වෙළෙඳපොළවල් සොයා ගොස් නැත.
◼️සංචාරක ඇමතිවරයා ලෙස ඉතිහාසයෙ වැඩිම සංචාරකයන් ගෙන ආවායැයි පම්පෝරි ගැසුවත් එය සංචාරකයන් ඉලක්කයෙන් 80% කි. ඉලක්කය සංචාරකයන් මිලියන 03 ක් වූ අතර එහෙත් පැමිණි සැබෑ සංචාරකයින් ප්‍රමාණය සංඛ්‍යාව මිලියන 2.36 කි. එයිනුත් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 04 ක් වුවත් ලැබූ සැබෑ ආදායම ඩොලර් බිලියන 3.2 කි.
🔴 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
◼️ගත වූ වසර තුළ රටට වැඩදායක කිසිම පනතක් අලුතින් ගෙන ඒමට ඔහු අසමත් වූ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ පොරොන්දු හමස් පෙට්ටියට දමා ඇත.
🔴 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යය.
◼️ගොවියාට වී වලට අල වලට, බී ළූණු වලට, එළවළු වලට, නියමිත මිලක් නොමැතිව අසරණ විය.
◼️ගොවි සහනාධාර, පොහොර ටික නිසි කලට වේලාවට ලැබුනේ නැත.
◼️කෘෂිකර්මය සම්බන්ධයෙන් දිගුකාලීන යෝජනා කිසිවක් නැත.
◼️කළ එකම දෙය වඳුරු සංගණනය පමනක් වූ අතර එය සම්පූර්ණයෙන්ම අසාර්ථකයැයි ඔහුම පිලිගත්තේය
🔴 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යය
◼️නිවාස 100 ක් අලුතින් සදන්නට ඔහු අසමත්ව ඇත.
🔴 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
◼️බලයට ඒමට පෙර කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදු කරනවා යැයි කියූ මහා විප්ලවය එනම් මිනිරන් වලින් ග්‍රැෆයිට් සෑදීම, මුහුදු වතුරින් සල්ෆියුරික් සෑදීම වැනි ව්‍යාපෘති ගැන දැන් කතාවක්වත් නැත.
◼️ඔහු නිසා ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම ශ්‍රී ලංකාව අපහසුතාවයට සහ හාස්‍යයට ලක් විය.
🔴 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
◼️දවසේ වෙඩිල්ල ජනප්‍රිය මාතෘකාවක් වූ අතර අදටත් පාතාල ක්‍රියා මර්දනය කිරීමට ඔහූ අසමත් විය.
◼️කුඩු සහ අයිස් සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ අතර තමන්ගෙ පාක්ෂිකයන් ඒ සම්බන්ධයෙන් චෝදනා ලබන විට එම මෙහෙයුම් වලට වෙච්ච දෙයක් නැත.
🔴 බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
◼️2025 අයවැයෙන් රුපියල් මිලියන 20000 ක් වෙන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔහු යටතේ තවත් මිලියන 7900 ක් පාඩු ලැබීය. ඒ 2024 වසරෙ මිලියන 3700 ක් ලාබ ලැබූ තත්වයක් යටතේය.
◼️එකදු අධිවේගී මාර්ග කිලෝමීටරයක්වත් ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එකතු කිරීමට ඔහු අසමත් විය.
◼️වරායෙ කන්ටේනර් තදබදය සම්බන්ධයෙන් කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත..
🔴 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
◼️බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් මොහුගෙ නිද්‍රාශීලී ක්‍රියාකලාපය නිසා ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය, දෙහිවල ගල්කිස්ස නගර සභා බුදු පිළිම සිද්ධිය, යාපනෙ තිස්ස විහාරය සම්බන්ධ සිදුවීම් සියල්ලම වර්ධනය විය.
🔴 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
◼️රජයෙ රෝහල් වල ඖෂධ නැති චෝදනා නැවතත් කරලියේය.
◼️ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) ඖෂධ නිසා ඇති වූ මරණ සම්බන්ධයෙන් සෘජුවම ඔහුට චෝදනා එල්ල වෙමින් ඇත.
◼️බාල ඉන්දියානු ඖෂධ මාෆියාවක් මෙරට තුළ ඇති කරන බවට විවිධ පාර්ශවයන් චෝදනා කරති.
🔴 සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
◼️කල වැවිල්ලක් නැත. කටින් බතල කොළනම් සෑහෙන වවමින් ඇත.
🔴 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
◼️සහල්, ලුණු, බී ළූණු, අල ආනයනයේදි සිදු වූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් ඔහු සතුව ඇත.
◼️අයථා ලෙස ඉපයූ වත්කම් සම්බන්ධයෙන්ද සමාජයෙ කතිකාවක් නිර්මාණය විය.
◼️මොහුට විරුද්ධව මේ වනවිටත් අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත.
🔴 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය
◼️විදුලි බිල සම්බන්ධයෙන් ඔවුන් පොරොන්දු වූ ආකාරය සහ සැබෑ විදුලි බිල අතර විශාල පරතරයක් ඇත.
◼️විදුලිබල මණ්ඩලය මේ වනවිටත් ඈවර කිරීමට සියල්ල සූදානම්ය.
මේ වර්තමාන ආණ්ඩුවෙ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුගෙ පසුගිය වසරේ ඇගැයීම් වාර්තායි ( Evaluation Report) සමස්තයක් ලෙස ගත් විට සියළුම දෙනා ෆේල්ය..
එහෙත් ඉතිහාසය පුරාවටම කටින් පාස් වූ මෙවැනි ආණ්ඩුවක් තිබී නැත.
නිලන්ත සත්සර ගමගේ ✍️
(මුහුණුපොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.