News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රමිතියෙන් බාල ඉන්දියානු ඖෂධ සම්බන්ධයෙන් සහ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.

ඊයේ දින පැවති දෙරණ 360’ වැඩසටහනෙන් හෙළි වූයේ මාලිමා ආණ්ඩුවේ සැබෑ තත්වයයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට එක් රූපවාහිනී වැඩසටහනකට මුහුණ දීමට සමස්ත ආණ්ඩුවම සූදානම් වූ ආකාරය දුටු විට ඔවුන් සත්‍යයට කොතරම් බිය වී ඇත්දැයි පැහැදිලිය.

අනුර හෙලිකොප්ටර් එකේ ගිහින් රන්වලව මිනිස්සුන්ට පේන්න බදාගත්තෙ නැත.

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් ඊශ්‍රායලයේ මිලේච්ඡත්වය දකින ආකාරය දැක්වෙන වීඩියෝවක් පහළින්..

අනුර සහ නලින්ද අත්සන් කළ ගිවිසුම් වලට අනුව දැන් IP සහ Schedule M ඉන්දියානු බාල බෙහෙත් ශ්‍රී ලංකාවට එනවා.

ජාතික නිදහස් සටනේ වගේම 1956 ජාතික දේශපාලන පෙරලියේ දීත්, සිංහල බෞද්ධයාට අහිමි වූ ස්ථානය නැවත ලබාගැනීම සඳහා සටන් කළ යුග පුරුෂයෙකු ලෙස ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා හඳුන්වාදිය හැකියි. විශේෂයෙන්ම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සටනේත් එතුමා පුරෝගාමී මෙහෙවරක් ඉටුකලා. හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් සහ මෙත්තානන්ද මහතා එකතුව නිර්මාණය කල බෞද්ධ ජනතා බලවේගය, එවකට තිබූ අධිරාජ්‍ය ගැති එජාප ආණ්ඩුව පරාජය කිරීමට විශාල කාර්යභාරයක් සිදුකළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විභාග අහෝසි කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කථිකාවක් මතුව ඇති පසුබිමක විභාග අහෝසිය මගින් සිදුවන ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සමාජ මාධ්‍යයෙන් උපුටාගත් ලිපියක් පහළින් දක්වා තිබේ..

වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය. එනම් අපගේ ශරීරයට තනිවම සුව වීමේ සහ අලුත්වැඩියා වීමේ පුදුමාකාර හැකියාවක් පවතින බවත්, එම ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා ප්‍රධානතම යතුර වන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීම හෝ යම් කාලසීමාවක් නිරාහාරව සිටීම බවත්ය. මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ 'ඔටෝෆජි' (Autophagy) යනුවෙනි. ග්‍රීක භාෂාවෙන් බිඳී ආ මෙම වචනයේ සරල අර්ථය වන්නේ 'තමන් විසින්ම තමන්ව අනුභව කිරීම' යන්නයි. මෙය බැලූ බැල්මට බියකරු බවක් පෙනුනද, සත්‍ය වශයෙන්ම මෙය ශරීරය තුළ සිදුවන ඉතා හිතකර ස්වභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාව අද වන විට, එක් පැත්තකින් චීනය සහ අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ තවත් අය සමඟ බලවත් විදේශ රටවල් කිහිපයක්, නැගෙනහිර-බටහිර පැරණි සමුද්‍රීය වෙළඳ මාර්ගයේ(silk road) ඉන්දියන් සාගරයේ හදවතේ උපායමාර්ගිකව පිහිටා ඇති දිවයින පාලනය කිරීම සඳහා තරඟ වදිති.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.