News Category
From Date
To Date
Maximum Number of Result

චරිත සහතිකයක් - 1 වැනි කොටස

Jan 7, 2026 at 08:01 AM
|

(ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන චීන ජාතිකයෙක් ලියපු දීර්ඝ ලිපියක් මම කියෙව්වා. ඒක හුඟක් රසවත් සහ වැදගත් එකක් කියලා මම හිතනවා. ඒ දිග ලිපිය කොටස් කීපයකින් පළ කරන්න ඕන. මම පරිවර්තනය කරපු ඒ ලිපියේ මුල් කොටස අද කියවමු).

මම කොළඹ ගුවන්තොටුපලට එද්දි මගේ හිත සෑහෙන්න හිස් එකක්. වෑංජන රස, පිච්ච මල් සුවඳ, මුහුදු හුළ‍ඟේ පහස වගේ දේවල් ගැන අහපු කතාවලින් නම් මගේ හිත වෙළිලා තිබුණා. කොහොම වුනත්, මම ආපු ගමන් ම එක මොහොතින් ලක්‍ෂපතියෙක් බවට පත්වුණා. ඒ, ශ්‍රී ලංකා රුපියල හුඟක් පුංචි එකක් හින්දා. මගේ පසුම්බිය අලුත් ම අලුත් රුපියල් 5000 නොට්ටුවලින් පිරුණා. මම ඒ එකක් දීලා වතුර බෝතලයක් ගත්තාම නැමිච්ච, පොඩිවෙච්ච, පරණ නෝට්ටු ගොඩක් ඉතුරු විදිහට මට ලැබුණා. ඉතින් මගේ හිතෙත් ඇතිවෙලා තිබිච්ච ප්‍රබෝධය එක මොහොතකින් දිය බුබුලක් වගේ බිඳ වැටුණා.

“ඉන්දියානු සාගරයේ කඳුළු බිංදුව” කියලා හඳුන්වන රටට මම ඇතුළුවෙලා. මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය තවමත් විසැඳිලා නෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතුරුවෙලා තිබුණා. බංකොලොත් බව ප්‍රකාශයට පත් කරලා මහ ජංජාලයක් බවට පත්වුණා කියලා මාධ්‍යවලින් කියපු රට ද මේ? ඇත්තටම දැන් මේ රටේ තත්ත්වය මොකක්ද?

මම දවස් 25 ක් ශ්‍රී ලංකාවේ රැඳිලා හිටියා. දකුණේ ඉඳලා උතුරටත්, මුහුදු වෙරළේ ඉඳලා කඳුකරයටත් මම ගමන් කළා. දොරවල් නැති දුම්රියෙන්, සෙනඟ පිරිලා ඉතිරිච්ච බස්වලින් මම ගමන් කළා. යටත්විජිත පන්නයේ හෝටල්වලින් මම හවස තේ රස බැලුවා. පාර අයිනේ තියෙන දූවිලි වැහිච්ච කඩවලිනුත් මම කෑම කෑවා.

මගේ මේ අත්දැකීම් පදනම් කරගෙන මට එක කාරණයක් කියන්න ඕන. සංචාරක පත්‍රිකාවලින් විස්තර කරන “හිනාවෙන රට” කියන එකට වඩා මේ රටේ ස්වරූපය දහ දහස් වතාවක් සංකීර්ණ එකක්. ඒ වගේ ම, මාධ්‍යවලින් පෙන්නන “ගිනිගත් දේශය” කියන හැඳින්වීමට දහස් ගුණයකින් වෙනස් විචිත්‍ර රටක් මේක. මේ රටේ ඒ දෙපැත්ත ම තියෙනවා. සමහර කාරණා සැළකුවාම ඔබට මේ රටේ සඳහට ම ජීවත්වෙන්න හිතෙයි. ඒත් තවත් සමහර කාරණා සැළැකුවාම ඔබට ඒ මොහොතේ ම ගුවන් ටිකට් පතක් ඇරැගෙන ඊ ළඟ ගුවන්යානයෙන් ම ගෙදර යන්න හිතෙයි. මේ දෙපැත්ත ම මොහොතක් මොහොතක් පාසා ඔබ වටේ කැරැකෙනවා.

හැඩවැඩ දාපු ඡායාරූප ගොන්නක් ඔබට පෙන්නන්න ඕනකමක් මට නෑ. දවස් 25 ක් තිස්සේ මම මේ රටේ දී අත්විඳපු නියම ගිණුම් වාර්තාවයි මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ. සමහර සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක බ්ලොග් අඩවි කවදාවත් ඔබට කියන්නේ නැති ඇත්තක් මම ඔබට කියන්නම්.

1. අහසට පොළොව තරම් වෙනස් ගණන් දෙකක්:

(යුවාන් 3 ක තැඹිලි ගෙඩියක් සහ යුවාන් 500 ක “චයිනා ස්පෙෂල්” හෝටලයක්)

මගපෙන්නන්ගේ රෙකමදාරුවලින් විතරක් ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ඔබ මේක “බජට් ට්‍රැවල්” පාරාදිසයක් කියලා හිතේවි.

ඒක ඇත්ත! මුල් ම දවසේ මම මීගමුවේ වීදියකින් ලොකු තැඹිලි ගෙඩියක් මිල දී ගත්තා. ඒකට වියදම් වුණේ රුපියල් 150 යි. ඒ කියන්නේ, යුවාන් 3 ක් විතර. ඒ වෙළෙන්දා ලොකු පිහියකින් ඒකේ කට කපලා බීම බටයකුත් එක්ක මට ඒක බොන්න දුන්නා.

ඒ මිහිරි රස මගේ උතුරෙන් පහළට බහිද්දි ගිම්හානයේ මුළු පිපාසය ම සංසිඳුණා කියලා මට හැඟුණා.

පාර දෙපැත්තේ කඩවල විකුණන ත්‍රිකෝණාකාර හැඩැති සමෝසා, කට්ලට් රුපියල් 50 ත් 100 ත් අතර මිලකට මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ, යුවාන් එකක් - දෙකක් විතර මුදලකට. මේ නගරවල යන බස් එකකට නගින්න. එක පොඩි නගරයකින් තවත් නගරයකට යන්න වියදම් කරන්න ඕන යුවාන් දෙකක තුනක මුදලක් විතරයි.

මේ වියදම් දකින ඔබ මහ මුලාවකට පත්වෙනවා. “අනේ හැම දෙයක් ම කොච්චර ලාබ ද!” කියලා ඔබට හිතෙනවා. මමත් එහෙම හිතුවා. සල්ලි ඉතුරු කරගන්න මම ලබාගත්ත සුපිරි හැකියාව ගැන මම උද්දාමයට පත්වුණා.

හැබැයි, බොහොම ඉක්මනින් ම මට පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණා.

මේ හැම දෙයක් ම “ලාභ” ලෝකය තියෙන්නේ දේශීය ජනතාවගේ ලෝකය ඇතුළේ විතරයි. සංචාරකයන් වෙනුවෙන් හදලා තියෙන “සිස්ටම් එක” ඇතුළට කකුල ති‍යන කොට ම ඔබට ඒ මොහෙතේ ම මහ හඬින් අඬන්නත් කොක් හඬ ලා හිනාවෙන්නත් හිතේවි.

ඇල්ලේ දී ලබාගත්ත සැබෑ අත්දැකීමක් ගැන මම ඔබට කියන්නම්.

ඇල්ල කියන්නේ තේ වතුවලින් වටවෙච්ච කුඩා කඳුකර නගරයක්. යුරෝපීය සහ ඇමෙරිකානු කදමළු සංචාරකයෝ යන්න කැමැති තැනක්. මේ ප්‍රදේශයේ දර්ශනය ඇත්තෙන් ම අනභිභවනීයයි. බොහොම ඉහළින් ලකුණු ලැබිලා තියෙන හෝටලයක් මම බුක් කරගෙන තිබුණා. රෑ නිදාගැනීමත් උදේ කෑමත් තමයි ඒ මිලට ඇතුළත් වුණේ. හෝටලයේ ලස්සන පින්තූරත් අන්තර්ජාලයේ තිබුණා. ජනේලයෙන් පේන දර්ශනත් ඒ ඡායාරූප අතර තිබුණා. ඒ වෙනුවෙන්, මම රුපියල් 25,000 ක් ගෙව්වා. ඒ කියන්නේ යුවාන් 600 ක විතර මුදලක්!

මේ මිලට චීනයේ දී, ඉතාමත් ඉහළ පන්නයේ හෝටලයක ඉන්න පුළුවන් බව ඔබ දන්නවා. ඉතින් මේක හුඟක් ගණන් බව මම දැනැගෙන හිටියා. ඒත් ඉතින් ඒ තරම් ආකර්ෂණයක් තියෙන තැනක එහෙම වෙන්න පුළුවන්නේ කියලා මම හිත හදාගත්තා.

ඒත්, මම එතැනට යද්දි තව පොඩ්ඩෙන් මට කලන්තය හැදෙනවා!

මම ගිය වාහනය මඩ පිරිච්ච පාරක් දිගේ වළවල්වල වැටි වැටී ඉස්සරහට ගියා. මම ගිය රථයේ රියැදුරා ටික දුරක් ගිහිල්ලා වාහනය නැවැත්තුවා. “ඔන්න අපි ආවා” කියලා කියපු රියැදුරා මට “හෝටලය” පෙන්නුවා. පුංචි තට්ටු දෙකේ ගෙදරක්!

“කඳුකර දර්ශනය සහිත” කියලා හඳුන්වලා තිබුණේ වර්ග මීටර් 15 කටත් පුංචි කාමරයක්. පොඩි ඇඳක් තිබුණා. කැරැකෙන කොට දෙපැත්තට පැද්දිලා සද්ද කරන ෆෑන් එකක් සිවිලිමේ එල්ලලා තිබුණා. නාන කාමරයේ තිබුණු වතුර හීටරය වෙලාවකට වැඩ කරනවා. වෙලාවකට වැඩ කරන්නේ නෑ. ඉතින් ඒකෙන් නාන එක මහ වීර ක්‍රියාවක්. වෙන කිසිම පහසුකමක් ඒ කාමරයේ තිබුණේ නෑ. ඒත් කමක් නෑ. කාමරය වෙලාගෙන තිබුණු අමුතු දුර්ගන්ධය නම් ඉවසන්න අමාරු එකක්.

මම ගිහිල්ලා හෝටලයේ “අයිතිකාරයා” මුණ ගැහුණා. ඒ, කපටි පෙනුමක් තිියෙන මැදි වයසේ කෙනෙක්. “ඔයා එක රැයකට රුපියල් 25,000 ක් අය කළේ මේ කාමරයට ද?” මම ඔහුගෙන් ඇහුවා.

ඔහු පොඩ්ඩක්වත් මවිතවෙච්ච බවක් පෙන්නුවේ නෑ. ඒ “අයිතිකාරයා” තමන්ගේ ජංගම දුරකථනය ඇරැගෙන මට පෙන්නුවා. “බුකිං ඩොට් කොම්” එක තමයි ඔහු මට පෙන්නුවේ. “බලන්න අපිට ලැබිලා තියෙන රේටිංස්. හැම කෙනෙක් ම කැමැතියි. මේ මිල ඇල්ලේ සාමාන්‍ය එකක්. මෙහෙට එන චීන සංචාරකයෝ මෙහෙම දර්ශනයක් තියෙන කාමරවලට කැමැතියි” ඔහු කියාගෙන කියාගෙන ගියා.

“චීන අය මේකට කැමැතියි” කියපු කතාව අහලා මගේ හදවතේ කටුවක් ඇනුණා වගේ හැඟීමක් මට ඇතිවුණා.

ශ්‍රී ලංකාවේ “අලිඛිත සංචාරක මිල ගණන්” සෙට් එකකුත් තියෙනවා කියලා මම පස්සේ දැනගත්තා. ඒක මුලින් බෙදෙන්නේ “දේශීය සංචාරක මිල ගණන්” සහ “විදේශ සංචාරක මිල ගණන්” කියලා. ඊට පස්සේ “විදේශ සංචාරක මිල ගණන්” තවදුරටත් උප කාණ්ඩවලට බෙදනවා. “යුරෝපීය සහ ඇමෙරිකානු මිල ගණන්” සහ “චීන මිල ගණන්” කියන බෙදීම ඒ විදිහට හදලා තියෙනවා. “චීන්නු අතේ සල්ලි තියෙනවා. මිල ගණන් ගැන දන්නේ නෑ. ලේසියෙන් මරාගන්න පුළුවන්” කියලා මේ අලිඛිත වට්ටෝරු හදන අය නිගමනය කරලා තියෙනවා.

ඉතින් ඔබ ආපු රටේ හැටියට සම්පූර්ණයෙන් ම වෙනස් මිල ගණන් ඔබට ලැබේවි. උදාහරණයක් විදිහට මෝටර් සයිකලයක් කුලියට ගන්නවා කියලා හිතන්න. දේශීය සංචාරකයෙක් දවසකට ගෙවන්න ඕන රුපියල් 800 ක් විතරයි. යුරෝපීය සහ ඇමෙරිකානු සංචාරකයෝ රුපියල් 1500 ක් ගෙවන්න ඕන. චීන සංචාරකයෙක් දැක්කාම ඒ කුලියට දෙන්නාගේ කටින් එළියට පනින්නේ “රුපියල් 2500 යි” කියන ගණනා.

සංචාරක ඉසව්වල මේ සංසිද්ධිය බොහොම බරපතලයි. ඔබ නවතින හෝටලය, ඔබ කෑම කන ආපනශාලාව, ඔබ ගමනක් යන ත්‍රී රෝද රථය මේ හැම එකක ම මිල ගණන් ඔබ පැමිණි රට අනුව වෙනස්වෙනවා. දේශීය සංචාරකයන්ට කියන ගණන් එක්ක සැළැකුවාම මේ මිල ගණන් කීප ගුණයක් වැඩියි. සමහර වෙලාවට දහ දොළොස් ගුණයක් වැඩියි.

මම මේ ගැන ගාලු කොටුවේ පුංචි ව්‍යාපාරයක් කරගෙන ඉන්න චීන ජාතිකයෙක්ගෙන් ඇහුවා. ඔහු මට මේ කාරණය ඉතාමත් සරලව පැහැදිළි කරලා දුන්නා. ඔහු කිව්වේ ...

(ඒ කාරණය මේ ලිපියේ ඊ ළඟ කොටසින් කියන්නම්)

පරිවර්තනය කළේ - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.